Wednesday, June 24, 2015

81. වෙන මොනවද කියන්න පුළුවන් ?



මොන්ටිසෝරි යනකොට, ඉස්කෝලේ යනකොට, පන්ති යනකොට අම්මයි තාත්තයි ඒවට ගෙව්වේ 
ගාස්තු ...  

එතකොට ඒ හැම ඒකකටම යනවට  ළමයින්ට හම්බවෙන්නේ
පොකට් මනී...

ඉගෙන ගෙන ඉවර වුනාම රස්සාවක් කරන්න වුනාම ඔෆිස් එකෙන් ලැබුනේ 
වේතන... 

ලොක්කෙක් වුනාම සේවකයෝ ගන්න වුනාම එයාලට ගෙවන්න වෙන්නේ 
පඩි... 

ලොකු පඩි හම්බවුනාම ආදායම වැඩි වුනාම පඩියෙන් රජයට ගෙවන්න වෙන්නේ 
බදු ...

වාහනයක් ගන්න වුනාම ගෙයක් හදන්න ඕනේ වුනාම බැංකුවෙන් ගන්නේ  
ලෝන්...

වියදම් වැඩි වුනාම අතේ සතේ නැති වුනාම කීයක් හරි ඕනේ වුනාම අතමාරුවකට ගන්න වෙන්නේ 
ණය...

කඩේකට ගියාම, කාටහරි කියලා දෙයක් කරව ගත්තාම එයාට දෙන්න වෙන්නේ 
සන්තෝසමක්... 

එතකොට නීති කැඩුවහම, පොලීසියෙන් අල්ලගත්තහම පොලීසියට ගෙවන්න වෙන්නේ 
දඩ... 

කසාදයක් බඳිනකොට, මනමාලියෙක් යනකොට අරගෙන යන්නේ 
දෑවැද්ද...

කසාදයක් කරගත්තහම ළමා ළපටි හම්බවුනාම හම්බවුනාම ගෙදර දොරේ වැඩ වලට දෙන්නේ
වියදම්... 

එතකොට මංකොල්ලකාරයෙක්ට හරි, හොරෙක්ට හරි අහු වුනොත් නම් ඉතින් ගෙවන්න වෙන්නේ 
කප්පම්...

හැබැයි හොර වැඩක් කරවගන්න හරි, හොරකමක් කරන්න හරි හිතුවොත් නම් ගෙවන්න වෙන්නේ 
අල්ලස්... 

වයසට ගියාම, රස්සාවෙන් අස්වෙන්න වුනාම  ලැබෙන්නේ 
පැන්ෂන්...

මේ ඔක්කොම කරලා  පිනක් දහමක් කරන්න හිතෙනකොට පන්සලකට, පල්ලියකට කෝවිලකට දෙන්න තියෙන්නේ  
පඬුරු...


කොහොමින් කොහොමහරි අන්තිමේදී මේ ඔක්කොටම අපි කියන්න්නේ  
මොනවද දන්නවද 

'
'
'
'
'
'
වෙන මුකුත් නෙවෙයි 

සල්ලි කියලා හි..හි...

 



32 comments:

  1. අපිනම් ඉතිං වැඩිපුර ගන්නේ 'ඇඩ්වාන්ස්' තමයි..

    ReplyDelete
  2. හයර් එකක් දිව්වම හම්බු වෙන්නෙ-ගතමන්ට්
    ගිණුමකට දැම්මම සල්ලි-තැන්පතු
    බැංකු පොතෙං/ඒ ටී එම් එකෙන් ගන්නෙ-කෑෂ්
    පිටරට සල්ලි අතේ තියේනං ඒවා සල්ලි නෙමේ-කරන්සි
    අපි සතු සල්ලි - ධනය
    ව්‍යාපාරයක්/සමාගමක් සතු සල්ලි- ප්‍රාග්ධනය
    එකතුවෙන සල්ලි - අරමුදල්
    වැඩවල හැටියට ගෙවනකොට-වේතන
    ස්ථිර ගානක් ගෙවනකොට-වැටුප්
    රස්තියාදු තාලෙට කියනකොට-බක්ස්


    ReplyDelete
    Replies
    1. ඔහෝ... මේ තියෙන්නේ ගොඩක්...

      Delete
  3. යකෝ බලං ගියාම සල්ලි වලට මාර අර්තකතන නෙවතියෙන්නෙ
    ගමකට නම් දෙන්නත් පුලුවං
    හිහි

    ReplyDelete
    Replies
    1. ඒකෙනේ මහේෂ්.. ඔය කොයි විදිහට කියන්නෙත් අතේ තියන පනම් හතරට තමයි.. හි..හි..

      Delete
  4. ජිවිතේ නම් සල්ලි , සල්ලි නම් ජිවිතේ

    ඕකනේ දැන් කාලේ වෙලා තියෙන්නෙ හිටං


    ReplyDelete
    Replies
    1. ජීවත් වෙන්න සල්ලි ඕනේ වුනත් ජීවත් වෙන්නේ සල්ලි හොයන්න නෙවෙයිලු ඉඳං .. :D

      Delete
  5. දැන් තුශානි මේවා අතරින් කීයකට සම්බන්ධද

    ReplyDelete
    Replies
    1. ම්.... හොඳ වෙලාවට මම මේ ඔක්කොටම නම් සම්බන්ද නෑ... ඒත් ඉතින් ටිකක් තියෙනවා.

      Delete
  6. මරු.. දෙයියන්ට දෙන පුජාවත් සල්ලි නේ.. හැක්

    ReplyDelete
  7. සල්ලි,සල්ලි ලොකු,ලොකු සල්ලි
    කවුරු කොහොම මැව්වද සල්ලි

    ReplyDelete
    Replies
    1. ඒකනේ කෙනාව හොයා ගන්නම වටිනවා... :)

      Delete
  8. හැමතැනම සල්ලි සල්ලි සල්ලි....

    ReplyDelete
    Replies
    1. :) ඒකනේ... ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි..

      Delete
  9. දෙයියන්ගෙ මල්ලිලු.. ඒත් බල්ලොවත් කන්නෙ නෑලු.

    ReplyDelete
    Replies
    1. හි..හි... ඇත්තනේන්නම්...

      Delete
  10. කොච්චර තිබුනත් මදි කියල හිතෙන ෂල්ලි...
    අපේ පොඩි එකා ඔව්වයේ ලෝහ වලින් හදපු රවුම් එව්වට කියන්නේ "තුට්ටු" කියලා...
    අපි දෙන්න සමහර වෙලාවට ඔව්වට "කාශි" කියලත් කියනවා...
    හොඳ පෝස්ට් එකක් තුශානි...

    ReplyDelete
    Replies
    1. මාත් පොඩි කාලේ කාසි කියාගන්න බැරුව කාශි කියලලු කිව්වේ.. හි..හි...

      තැන්කූ ලොකු අයියා...

      Delete
  11. යාලුවෙක් එක්ක හොටලෙකට ගියාම නම් ගලවන්නේ උගේ දත

    ReplyDelete
    Replies
    1. හි..හි.. ඩෙන්ටිස් තියරි...

      Delete
  12. සල්ලිත් හරි ජරාවක් එක වෙලාවකට....

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒක නම් ඇත්ත කටුස්...

      Delete
  13. එල ද බ්‍රා
    මට වැදුනා මේ කයිය බොක්කට..
    තුශි..එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. හි..හි... මෙන්ඩා අයියා මේ පැත්තට ආවමයි මගේ හිතේ.

      ඔන්න අපි සාදරයෙන් පිලිගත්තා ....

      Delete
  14. ඇයි සමහරු පට් පට් ගාලා හම්බ කරන සම්තින් සහ මොණරු

    ReplyDelete
    Replies
    1. අහ්... ඔව් ඔව් එහෙමත් කියනවනේ...

      Delete
  15. වෙන මොකුත් කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඔක්කොම කියලනේ. මාරයි.

    ReplyDelete
    Replies
    1. :) මට මගහැරුන ඒවා අනිත් කට්ටිය කිව්ව නිසා ඔක්කෝම වගේ දැන් කියවිලා නේද ... ස්තූතියි ඩූඩ්...

      Delete
  16. මෙච්චර විස්තර ඇතුව සල්ලි ගැන හිතුවමයි. නියමයි තුශානි,

    ReplyDelete
    Replies
    1. ඒකනේ සල්ලි වලට කොයි තරම් නම් දේවල් කියනවද ... ස්තූතියි ගිමන්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...