කවුළුවට බර වෙලා
පුතා එයි දෝ කියා
අදත් උන්නා බලා
පාරේ යන අය දිහා
අදත් උන්නා බලා
පාරේ යන අය දිහා
තාම ඉස්සර වගේද
රාජකාරී වැඩිද
වෙලාවක් නැතිවාද
ඇවිත් මෙහි යන්න අද
රාජකාරී වැඩිද
වෙලාවක් නැතිවාද
ඇවිත් මෙහි යන්න අද
සැඳෑ සමයේ ගෙවන
මම වගේ අය හිඳින
තැන් සැප වුනත් ඉන්න
සුවඳ උඹේ නෑ ගන්න
මම වගේ අය හිඳින
තැන් සැප වුනත් ඉන්න
සුවඳ උඹේ නෑ ගන්න
උඹ වගේ පුතාලා
නිතර මෙහෙ ඇවිල්ලා
වඳින කොට වැටීලා
නිතර මෙහෙ ඇවිල්ලා
වඳින කොට වැටීලා
පුතා පෙනෙනවා මැවීලා
ඇහෙත් සුද වැඩි වෙලා
හමත් මයේ රැලි වෙලා
පුතේ මට වෙන් වෙලා
යන කාලේ ලං වෙලා
හමත් මයේ රැලි වෙලා
පුතේ මට වෙන් වෙලා
යන කාලේ ලං වෙලා
ආවොතින් මයේ පුතා
දැක ගන්න ලං වෙලා
කළු වලා නැති වෙලා
හඳ නැගෙයි හද පුරා
දැක ගන්න ලං වෙලා
කළු වලා නැති වෙලා
හඳ නැගෙයි හද පුරා
ෂඃ ..තුෂානිත් කවිකාරියෙක් වෙලානෙ... බර වැඩි කවි වලට වැඩිය මේ සිම්පල් කවි හොදයි..
ReplyDelete:) පහුගියදාක ඔපීසියේ කට්ටියත් එක්ක වැඩිහිටි නිවාසේකට ගියා. ඒ වෙලේ හිතට ආපු දේවල් ටිකක් තමයි ඔය.
Deleteසරලයි...සුගමයි...
ReplyDeleteතැන්කූ....
Deleteපුතා ආ දාට
ReplyDeleteනැගුනත් මුහුණේ සඳ
පුතා නා දාට
අඩන්න එපා අම්මේ හෙලා කඳුළු කැට.
ඔව් මනෝජ්... ඒත් ඉතින් කඳුළු කැට නොවැටුනත් හිතින් දහස් වාරයක් එයාලා ආඬනවා ඇති.
Deleteකාලෙකට කලින් මම ලියපු කතාවක් මතක් වුනා.. දැන් ලින්ක් හොයන්න කම්මැලි.
ReplyDeleteඅද හුඟක් තාත්තලා ඔය දුක උහුලන් බලාගෙන ඉන්නවා..
ලින්ක් එකත් දැම්මා නම් තමයි වටින්නේ...
Deleteඔව්... අම්මලා අඬලා හරි දුක පිට කලත් තාත්තලා ගොඩක් වෙලාවට කරන්න්නේ ඒ දුක කොහොමහරි දරාගෙන ඉන්න එක.
අගෙයි. අම්මා බලන්නට යන්නේ කවදාදැයි සිතමින් සිටින පුතුන්ට මේ කවිය හොඳින්ම දැනෙනවා
ReplyDeleteබොහොම ස්තූතියි.. මුලින්ම ඔයාව සාදරයෙන් කැකුළු ගොමුවට පිලිගන්නවා...
Delete:) මේක දැකලා එක්කෙනෙක්ට හරි ගිහින් අම්මව බලල එන්න ඕනේ කියලා හිතුනා නම් ඒක මටත් සතුටක්.
//පුතේ මට වෙන් වෙලා
ReplyDeleteයන කාලේ ලං වෙලා
ආවොතින් මයේ පුතා
දැක ගන්න ලං වෙලා // ඊයම් බරුවක් වගේ හිතට බැස්සා.. වාසනාවට මං එහෙම පුතෙක් නෙවෙයි. නැත්නම් පපුව හිරවෙනවා. මේ කවි ටික එවන් පුතාල හැමෝගෙම ඇස් ගැටේවා!
ඔව් කළණ... එක අම්මෙක් හරි සතුටු කරවන්න මේකෙන් පුළුවන් වුනොත් ඒකෙන් මටත් පිනක් සිද්දවෙයි...
Deleteමොන දුකක් හිතේ දරාගෙන ඉන්න දෙමව්පියොද.වාසනාවට මගෙ අතින් ඒ පව සිද්ද උනේ නෑ.
ReplyDelete:) ඒක නම් අපි හැමෝටම හොඳ ආදර්ශයක්. බොහොම හොඳයි.
Deleteලස්සන කවි පන්තියක්.
ReplyDeleteමව්පිය ගුණ ගැන මිනිස්සුන්ට අමුතුවෙන් කියා දෙන්න වෙන කාලයක් මේක...
ස්තූතියි ලොකු අයියා... මහළු නිවාස දවසින් දවස වැඩිවෙන යුගයක්නේ මේ.
Deleteටිකක් දුක හිතුනා. මේ වගේ අම්මලා තාත්තලා කොච්චර ඇතිද.
ReplyDeleteඔව් ගිමන්... අද කාලේ මේ වගේ අය ගොඩක් ඉන්නවා...
Delete