Wednesday, May 27, 2015

79. කේතකී...


බෝ පතේ සිහිල රැඳි
අමාවක දා රෑක
පින් පිරුණු දෝතකින්
ආමි බුදු පුදට මම...

නැගෙන විට පිය ගැටේ
සාදු නද පැතිරුණේ
පැන් පොදේ සිසිල විඳ  
පෙති විදා හිනැහුණේ...

වෙහෙර පැදකුනු කරන්
බෝ රජුන් නමදිමින්
 නාදරණ පතක් මත
පුද වුනෙමි දෝතින්ම...

නේක මල් සුවඳ මැද
මලසුනේ කෙලවරක
බුදුන් පිදුවා මමත්
සුවඳ දී පින් ගන්න...
 
අපල හැම දුරු වෙන්න
තුටුව සහනය ගන්න
පිපිණු කේතකිය මම
කැලණි වෙහෙරට පිදෙන...





27 comments:

  1. කේතකී කියන්නේ වැටකෙයියා මලටද?කැළනිය විහාරය අවටනම් ඕවා විකුණනවා මාත් දැකලා තියනවා.
    සුළු සිද්දියක් ලොකු කතාවක් විදිහට ලස්සනට ලියලා.ඒත් එතන දකින්නේනැති පැත්ත(මල් විකුණන ,මල් කඩන මිනිස්සු) ගැනත් මෙතන ලියවුනානම් මම කැමතියි.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. වැටකේ, දුනුකේ දෙවර්ගයම කේතකී කියලා හඳුන්වනවා.

      Delete
    2. :) ප්‍රශ්ණෙට උත්තරේ ඔය හම්බවෙලා තියෙන්නේ...

      බොහොම ස්තූතියි කටුසු.. ඔව් ඒ දේවලුත් එකතු වුනා නම් හොඳයි.

      Delete
  2. මේ කේතකී මල් පූජාවේ බල මහිමයෙන් තුශානි නම් මේ ප්‍රාණකාරියට ලබා ඇති සෙනසුරු අපල සියල්ල දූර්ංබූත වේවා!!!

    ReplyDelete
    Replies
    1. වැටකේ මල් පූජා කරන්නේ රාහු අපල වලට නේද ? කොහොමහරි කමක් නෑ ප්‍රාර්ථනාවට ස්තූතියි... :)

      Delete
  3. //කේතකී කියන්නේ වැටකෙයියා මලටද?//
    කටුසු ප්‍රශ්නයම මටත් තියේ.

    කේතකි,කෙල්ලෙක්ගේ නමක් වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔව්.. වැටකෙයියා මල් වලට තමයි...

      ගෑණු ළමයි ඉතින් කොහොමත් මල් වගේ නේ.. ඒ නිසා ගැලපෙනවා නේද හි..හි...

      Delete
    2. හෙහේ මල් අස්සේ කටුත් තියෙනවානේ තුශානියෝ.

      Delete
    3. නැත්තම් බෑනේ ඉතින්.. හි..හි...

      Delete
    4. කේතකී කියන්නේ කෙල්ලෙක්ගේ නමක් තමා.....
      මලක් වගේ කෙල්ලෙක්ට තමා...

      Delete
  4. උයනේ පීදී සුවඳින් නෑවී
    කැකුළක් ලෙසේ කේතකී
    මා වෙත එයි ඈ පෙර මග සරසා
    සඳුනේ නැගෙන් රාත්‍රියේ ..
    කේතකීලගෙන් මං ආසම මේ සිංදුවට බංඩාර ආතාවුදගේ.. ඔය කැළණියට වැටකේ මල් පූජා කරන එකේනම් මට පේන එකම හොඳේ නිකම්ම පඬුරු විදියට විසි කරන සල්ලි කවුරු හරි දුප්පතෙකුට මහන්සියෙන් උපයා ගන්න පුලුවන් එක විතරයි.. හැබැයි වැටකේ මල් වලට නම් මං ආසයි.. වෙනස් සිදුවීමක් තුශානී වෙනස්ම ඇහැකින් දැකල.. බොහෝම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ලස්සන සිංදූවක්...

      මේක අහම්බෙන් ලියවුනු පද පේලි ටිකක්. පින් වන්ත දෝතකින් කැලණි විහාරේට පූජා වෙන වැටකේ මලක් වෙන්න තිබුනා නම් කියලා හිතුනා..

      බොහොමත්ම ස්තූතියි...

      Delete
  5. මල අදුරන්නෙ නැති හින්ද කට්ටිය චොමෙන්ට් දානකම් ඉදලම ආව.. හික් හික් ... තුෂානිටත් රාහු ලබලද :P හදිස්සියේ Kතකි මල් මතක් වෙලා තියෙන්නෙ.. රාහු නෙමේ සිකුර ලබන්න ඕනේ කාලේ මන් හිතන්නෙ :D

    ReplyDelete
    Replies
    1. හපොයි හපොයි.. රාහු ලබන්නම ඕනේද මේවා ලියන්න ? සිකුරු ලබන්න තව කල් තියෙනවෝ.... :D

      Delete
  6. දැන් එතකොට කාටද අපල?

    ReplyDelete
    Replies
    1. හපොයි... කේතකී මල් ගැන ලියන්න ගිහින් වෙච්චි දෙයක්.. :O

      Delete
  7. කාලයක් රාහුගෙ අපලෙ කියල මටත් වැටකෙයිය පඳුරක් වැඩකරන තැන තියාගන්න කියල තිබුනා.දැන් තුශානිටත් රාහුගෙ අපලෙද?

    ReplyDelete
    Replies
    1. :) ඉතින් එහෙම කලාම හැලපතුමාගේ අපල නැති වුනාද ?

      Delete
  8. කේතකී කියන්නෙ මේ මලට කියලා අදමයි නගෝ දැනගත්තෙ...ස්තූතියි බොට..කැලණිය වදින්න ගියාම එතැන මල්කඩ වල මේවා තියෙනවා මම දැකලා තියෙනවා..මොකක්ද විශේෂ අපලයකටලු නේද මේවා පූජා කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමද ... මමත් දැන ගත්තේ මේ ලඟදී. ඔව්.. වැටකේ මල් පූජ කලාම රාහු අපල දුරු වෙනවා කියලා කියනවා.

      Delete
  9. ඔහොම මලක් දැක්කමයි. පද ගෙතුම නම් අපූරුයි!

    ReplyDelete
    Replies
    1. හොයා ගන්න ටිකක් අමාරුයි. ඒත් කැලණි පන්සලේ නම් තියෙනවා.

      ස්තූතියි ගිමන්... :)

      Delete
  10. මගේ නමත් කේතකී චන්දිමා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...