අපේ අම්මට මම නිතරම කරන කරදර වලින් එකක් තමයි ඒ. වැරදිලාවත් මල්ලිගෙන් හරි, නැත්තම් ඔෆිස් එකේ එක්කෙනෙක්ගෙන්, එහෙමත් නැත්තම් යාළුවෙක්ගෙන් හරි අහන්නේ නැතුව අම්මගෙන්ම එහෙම අහන්නේ හරිම හරි උත්තරේ මට ගන්න ඕනේ නිසයි. ලස්සන වුනත් මල්ලි කොහොමත් කියන්නේ කැතයි කියලා. එතකොට යාළුවෝ , ඔෆිස් එකේ අය, කැත වුනත් කියන්නේ ලස්සනයි කියලා. ඉතින් එහෙම බෑනේ... ඒ නිසා ඒ අයගෙන් අහලා වැඩක් නෑ. අම්ම තමයි හරියටම කියන්නේ ලස්සනයිද නැද්ද කියලා. කරන කියන දේක වුනත් අඩුපාඩු කියන්නෙත්, හොඳයි නම් හොඳයි කියන්නෙත් ඉතින් අම්මාම තමයි.
මම කලිනුත් කියලා තියෙනවනේ තුශානිට තොරොම්බල් ජාති ගොඩක් තියෙනවා කියලා. ඉතින් ඔය මාල, වලලු අතරේ කරාබුත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.
හෝව්... හෝව්... මම දන්නවා දැන් ඕගොල්ලෝ හිතන දේ. " තුශානි ඔය කරාබු ටික කොහේ තියලා තියෙනවා ඇතිද කියලා නේද ? "
හි..හි.. ඔයාලා තියෙන තැන දැනගත්තට වැඩක් නෑ. මොකද ඒවා හුඟක් වටින රත්තරන් ඒවා නෙවෙයි නිසා. රත්තරන් හරි එහෙමත් නැත්තම් වෙන වටින දේවල් වලින් හදපු කරාබු එහෙම තිබුනා නම් තියෙන තැන මම එහෙමත් කියනවද.
ඒවා ඔක්කොම සාරි වල , ඇඳුම් වල පාටට හරියන්න ගත්තු එක එක මෝස්තරයට තියෙන, ගල් අල්ලපු, ප්ලාස්ටික්, වීදුරු වගේ දේවල් වලින් හදපු ඒ තරම් ලොකු වටිනාකමක් නැති කරාබු.
දන්නවද... තුශානිට මුලින්ම කරාබු දෙකක් ගෙනැත් දීලා තියෙන්නේ තුශානිගේ සීයා. ඒ වෙනකොට තුශානිට කරාබු දාන්න කණ විදලා වත් තිබුනේ නෑලු. කණ විදිනකොට මට රිදිලා හුඟක් අඬයි කියලා අම්මා මාව ඩොක්ට ගාවට ගෙනියන්න බෑ කිය කියලු ඒ දවස් වල ඉඳලා තියෙන්නේ.
ඉතින් ඊට පස්සේ අම්මයි, තාත්තයි, ආච්චියි, සීයයි හතර දෙනාම ඩොක්ටර් ගාවට ගිහින් ආච්චි මාව උකුල උඩ තියාගෙන හිටිලු ඩොක්ටර් කණ විදලා කරාබු දානකන්. සීයා තමයි මාව අල්ලගෙන ඉඳලා තියෙන්නේ. මම අඬනකොට අම්මත් අඬන නිසා තාත්තා අම්ම ගාවට වෙලා ටිකක් එහායින් කරාබු දාන විදිහ බලාගෙන හිටියලු. මම අම්මගෙන් කරාබු වල ලස්සන අහනකොට ඕක ආච්චි නිතර කියන කතාවක්.
කොහොමත්
අදටත් මම අඬනවා බලාගෙන ඉන්න අම්මට හුඟක් අමාරුයි. අඩුම තරමේ මම මොනාහරි
දේකට ඇඬුවා කියලා කවුරුහරි කියනවා ඇහුනත් එයාගේ ඇස් වලට කඳුළු පිරෙනවා.
අම්මලා මහමෙරක් තරමට දුක් කරදර ඉහිලුවත් ළමයින්ගේ සමහර පුංචි පුංචි දේවල්
දකිනකොට ඇස් වල කඳුළු පුරව ගන්නේ මුළු හදවතින්ම උතුරලා යන අසීමිත ආදරය නිසා
කියලයි මට හිතෙන්නේ. ඒ ආදරය හරිම පුදුමාකාරයි.
ඉතින් එදා දාපු ලස්සන පුංචි කරාබු දෙක අදටත් තුශානි අරන් තියලා තියෙනවා ඒ සොඳුරු මතක ටිකත් එක්කම බොහොම පරිස්සමින්.
මට රිදෙනවා කියලා දැන දැනත්, මම අඬන බව දැන දැනත් හිත හදාගෙන මගේ කණ විදලා කරාබු දාන්න දීලා තියෙන්නේ, කවදාහරි මම ලොකු වෙලා ලස්සන කරාබු දාලා මේ වගේ හැඩ බලයි කියලා අම්මට එදා හිතුන නිසා කියලා අම්ම සමහර වෙලාවට මට කියනවා.
ඒ වගේම මට රිදෙයි මම අඬයි කියලා එදා එහෙම නොකර හිටියා නම් මම අද දුක් වෙයි නේද කියලත් මගෙන් අහනවා මාව පුංචි කාලේ ලස්සන කලේ නෑ කියලා.
අම්ම කියන කතාව හරි.. ඔව්.. පුංචි කාලේ මට හිතෙන්න ඇති මෙයාලා මට ආදරේ නැති නිසාද මට මේ රිද්දලා කරාබු දාන්නේ කියලා. ඒත් ඉතින් එදා ඇඬුවට එහෙම නොකර කණ නොවිද තිබුනා නම් අද මට හුඟක් දුක හිතෙයි පුංචි කාලේ ලස්සන කරාබුදාලා නෑ නේද කියලා.
සමහර වෙලාවට ටිකක් කල්පනා කරනකොට හිතෙනවා එදා අම්මා හිතපු විදිහටම සමහර දේවල් ගැන අපිටත් හිතන්න අවස්ථා එනවා නේද කියලා.
ඒ කිව්වේ අපිටත් සමහර වෙලාවට තව කෙනෙක්ට හුඟක් දුක හිතෙන දෙයක්, හිත රිදෙන දෙයක් කරන්න වෙනවා පස්සේ කාලේක ඒ කෙනාටම වෙන යහපතක් ගැන හිතලා. හරියටම මේ කරාබු දාන සිද්ධිය වගේම.
ම්... ඇයි එහෙම කරන්නේ කියලා මුලින් දුක හිතුනත් ටික කාලේකට පස්සේ එහෙම කරපු එක හොඳයි නේද කියලා හිතෙන වෙලාවල්. ඔව්.. එහෙම අවස්ථාවල් අපි හැම කෙනෙක්ගේම ජීවිත වල තියෙනවා.
කියන්න බලන්න මොකද හිතන්නේ ? ඔයාලත් ඒවගේ අවස්ථා වලට මුහුණ දීලා ඇති නේද ?
ඉතින් එදා දාපු ලස්සන පුංචි කරාබු දෙක අදටත් තුශානි අරන් තියලා තියෙනවා ඒ සොඳුරු මතක ටිකත් එක්කම බොහොම පරිස්සමින්.
මට රිදෙනවා කියලා දැන දැනත්, මම අඬන බව දැන දැනත් හිත හදාගෙන මගේ කණ විදලා කරාබු දාන්න දීලා තියෙන්නේ, කවදාහරි මම ලොකු වෙලා ලස්සන කරාබු දාලා මේ වගේ හැඩ බලයි කියලා අම්මට එදා හිතුන නිසා කියලා අම්ම සමහර වෙලාවට මට කියනවා.
ඒ වගේම මට රිදෙයි මම අඬයි කියලා එදා එහෙම නොකර හිටියා නම් මම අද දුක් වෙයි නේද කියලත් මගෙන් අහනවා මාව පුංචි කාලේ ලස්සන කලේ නෑ කියලා.
අම්ම කියන කතාව හරි.. ඔව්.. පුංචි කාලේ මට හිතෙන්න ඇති මෙයාලා මට ආදරේ නැති නිසාද මට මේ රිද්දලා කරාබු දාන්නේ කියලා. ඒත් ඉතින් එදා ඇඬුවට එහෙම නොකර කණ නොවිද තිබුනා නම් අද මට හුඟක් දුක හිතෙයි පුංචි කාලේ ලස්සන කරාබුදාලා නෑ නේද කියලා.
සමහර වෙලාවට ටිකක් කල්පනා කරනකොට හිතෙනවා එදා අම්මා හිතපු විදිහටම සමහර දේවල් ගැන අපිටත් හිතන්න අවස්ථා එනවා නේද කියලා.
ඒ කිව්වේ අපිටත් සමහර වෙලාවට තව කෙනෙක්ට හුඟක් දුක හිතෙන දෙයක්, හිත රිදෙන දෙයක් කරන්න වෙනවා පස්සේ කාලේක ඒ කෙනාටම වෙන යහපතක් ගැන හිතලා. හරියටම මේ කරාබු දාන සිද්ධිය වගේම.
ම්... ඇයි එහෙම කරන්නේ කියලා මුලින් දුක හිතුනත් ටික කාලේකට පස්සේ එහෙම කරපු එක හොඳයි නේද කියලා හිතෙන වෙලාවල්. ඔව්.. එහෙම අවස්ථාවල් අපි හැම කෙනෙක්ගේම ජීවිත වල තියෙනවා.
කියන්න බලන්න මොකද හිතන්නේ ? ඔයාලත් ඒවගේ අවස්ථා වලට මුහුණ දීලා ඇති නේද ?
කණ විදින වෙලේ කදුලු ගගේ පතුල බැලූ දූ
ReplyDeleteඅද සතුටු ගගේ හිනැහෙනවා දානා කරාඹු..............
:-) සිංදුවට මූල බීජය වෙන්න ඇත්තෙත් මේ වගේම අවස්තාවක්.
Deleteස්තූතියි ගී පවුරේ..
පොඩි කාලේ ගුටි කාපු හින්දනෙ දැන් මොලේ ඇතුව වැඩ කරන්නෙ. . .
ReplyDeleteඉල්ලන හැම දේටම වියදම් නොකර අවශ්‍ය දේ විතරක් දුන්න හින්ද දැන් අරපිරිමැස්මෙන් ජිවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා
පොඩි කාලේ ටොපි චොකලට් දෙන එක අඩු කරපු හින්ද දැන් දත් සෙට් එක පරිස්සම් වෙලා තියෙනවා.
ඇතිද මදිද ..........
අහ්... මේ තියෙන්නේ..
Deleteම්... මදි මදි තව තියෙනවා නම් කියන්න ... :-)
පොටෝ එක දැක්කම මතක් උනේ ගිය මාසේ මගේ දුවටත් කරාබු දාන්න ඔය විදිහට මාර්ක් කරපු හැටි.. සමහරු ජෙල් ගානවා කිව්වත් එදා නම් මොනවත් ම ගෑවේ නැ. නිකන්ම විද්ද.විදලා ඉවර වෙනකන් ඇඩුව.ඊට පස්සේ ඩොකාගේ මූණ බලලා හිනත් උනා... :)
Deleteපව්... කණ විදිනකොට එයාට රිදෙන්න ඇති. :)
Deleteතෙරුවන් සරණයි දූ පැටියට... කරාබු දාලා ලස්සනට ඉන්නවා ඇති නේද ...
කවද හරි කෝම හරි විදින්න එපායැ බං.. මෙන්න පිලිගන්න අපේ සිංදු ඇනෝ ගෙන එන ගීතය..
ReplyDeleteකන විදින වෙලේ...
හ්ම්.. හ්ම්... ඒකනම් එහෙම තමයි.
Deleteසින්දු ඇනෝ ගෙන එන ගීතය අන්න කලින්ම කුරුටු පවුලේ කට්ටිය අරගෙන ඇවිල්ලා...
පොඩි කාලේ දෙන දඬුවමුත් එහෙම තමා. ඒවා එහෙම නොවුනානම් අපි අද කොහේද දන්නෙ නෑ.
ReplyDeleteඔය රත්තරං බඩුනං දැක්කහම බැංකුවෙ මැනේජර් ඉල්ලගන්නවා.
ඔව්... එදා අපිට එයාලා ගැන වැරදියට හිතුවට එහෙම කරපු එක ගැන අද අපි සතුටු වෙනවා.
Deleteඅහ්... එහෙනම් අනිත් දවසේ බැංකුවට යනකොට මතක ඇතුව රත්තරන් බඩු ටික ගලවලා ගෙදර තියලා යන්න එතකොට හරි.. හි..හි...
ලෝකය කොතරම් නවීන වුවත් ගෝත්‍රික කියාකාරකම්(කරාබු දැමීම වැනි) තවම පවතී.
ReplyDeleteහැබැයි සමහර ගෝත්‍රික ක්‍රියාකාරකම් වල වුනත් හියෙනවා ජීවිතයට එක එක පාඩම් වගේම අපි නොදකින වටිනාකම්.
Deleteඑදා අම්මට තාත්තට හිතුන දේවල් හරියටම දැනගන්න පුළුවනි තුශානිගේ දුවගෙ කණ විදින්න ගිය වෙලාවට.
ReplyDelete:-) බලන්නකෝ හැලපතුමාටත් හිතිලා තියෙන දේවල්...
Delete\\කියන්න බලන්න මොකද හිතන්නේ ? ඔයාලත් ඒවගේ අවස්ථා වලට මුහුණ දීලා ඇති නේද \\
ReplyDeleteඅනේ නෑ.......!!! මං මේ කියන්නේ ඇත්තමයි.......!!!
ඔන්න බොරු කියලා අපායේ ගියොත් අපි නෑ.. හරිද ...
Deleteමේ ... ඇත්තටම අම්මයි තාත්තයි ඔයාට කරන්න එපා කියලා කිසිම දෙයක් කියලම නැද්ද ? අඩු තරමේ... අර කොබො අයියා කියලා තියෙන දේවල් වත්, පස්සේ කාලේක එහෙම කියපු එක හොඳයි කියලා ඔයාට හිතුන ?
මල් කොබාට මතක් වුනාට මට එහෙම සිද්ධි විදියට මෙව්වා මතක නැහැනේ තුශානියෝ.කොහොම වෙතත් කවියකත් තියෙන්නේ
ReplyDelete"කලකදී වහලු කලකදී රස වෙනවාලු" කියලාත්.
හැබැයි ඔය කන් විදීම ගැන මටත් තියෙන්නේ "මකලා"ට තියෙන අදහස වගේ එකක්.
හ්ම්.... යන්තම ඇති කවියක් හරි මතක් වුනා.. හි..හි...
Deleteඒ අදහසෙත් වැරැද්දක් නෑ. ඒත් ඉතින් කාලයක් තිස්සේ පැවතගෙන එන දේවල් එකපාරටම අයින් කරලා දාන්න බෑනේ.
මගේ දුවගේ කණ විදින වෙලාවේ මං හිටියේ නෑ.. ඒත් දවසකට පස්සේ උණ ගත්තලු.. දවස් දෙක තුනකින් ඇරිලා ගිහිල්ලා.. දැන්නම් අම්මත් එක්ක වලි.. අර කරාඹුව හරි නෑ මේක ඕනේ වගේ.. ඒත් ලොකු තේරුමකින් නොවෙයි දකින දකින එකට ආසාවට.. එයත් කවද හරි ලොකු වෙලා මෙහෙම ලියුවොත් ලියයි.. 'අපේ අප්පච්චිනම් මට කණක් තිබ්බද කියලවත් දන්නේ නැතුව ඇති' කියල..හ්ම්ම්
ReplyDeleteඅහ්... එයාව මම දැකලා තියෙනවනේ...
Deleteඑහෙම කියන්න එපා... ගෙදර යනකොට එයාට ලස්සන කරාබු දෙකක් ගෙනිහින් දීලාම බලන්නකො දූ පැටියා අප්පච්චිට කොච්චර ආදරේද කියලා...
අම්මලා කියන්නේ අම්මලාටම තමයි.සාමාන්‍ය පංතියේද,සුපිරි පැලන්තියේද,මුඩුක්කුවේද ජීවත්වෙන්නේ කියන එක ගැටළුවක් නෙමෙයි ඒ අයට.දරුවෝ තරම් වටිනා අය ඒ අයට නෑ මේ ලෝකේම.ඒ අය කවදහරි තමන්ගේම දරුවන්ට දඬුවම් කරනවානම් ඒ කරන්නේ ළමුන්ගේ අනාගතේ හරිගස්සන්න මිස වෙන කිසිම දේකටනම් නෙමෙයි.මමයි අක්කයි තාම අපේ ගෙදර හැඳිමිට දැක්කහම හිනාවෙනවා.ඒත් පොඩි කාලෙනම් ඕක දැක්කහම චූ යන සයිස් එකට බය වෙනවා.අපේ අම්මාගේ ප්‍රධානම අවිය තමයි හැදිමිට.ඕක අතට ගත්තා ඉතින් බඩුම තමයි.
ReplyDeleteඔය කරාඹු ගැනනම් කිසිම හැඟීමක් නෑ තුශානි.ගෙදර ආභරන පැලදීම නිල්.ඒ පුරුද්දටම පොඩි එකීටත් ගිහින්ද කොහේද,ඒකා කරාඹු දාන්නෙත් නෑ.
ඔව් කටුසු.. ඒකයි මම කිව්වේ අම්මලගේ ආදරේ හරි පුදුමාකාරයි කියලා. හොඳ වෙලාවට අපේ අම්මට ඔය ආයුධ භාවිතා කරන පුරුද්දක් තිබුනේ නෑ. හි..හි..
Deleteතාම පොඩියිනේ... තව ටිකක් ලොකු වුනාම බලන්නකෝ.. දන්නවද... ගෑණු ළමයින්ට කරාබු මතක් වෙන්නේ O/L පහු වුනාමලු.
පොඩි කාලේ කොයිදේත් පස්සේ ලොකුවෙලා හිතලා බලද්දීනේ එදාට වැඩිය වෙනස් විදිහට පේන්නේ..
ReplyDeleteඔව් දිනේශ්... සමහර විට අද දකින දේ වුනත් තව ටික කාලේකින් වෙනස් විදිහට පේන්න පුළුවන්.
Deleteමම මේ කල්පනා කරන්නෙ හම්බෙන්න ඉන්න පුංචි කෙල්ලගෙ කණ කොහොම විදින්නද කියල.... හ්ම්ම්..
ReplyDeleteදැම්මම දුක හිතුනද ?
Deleteතෙරුවන් සරණින් ලස්සන දූ පැටියෙක් හම්බවෙයි. කරාබු දාන කොට දුක හිතෙයි තමයි. ඒත් ඉතින් එයාට පස්සේ කාලෙක දුක හිතෙයි කරාබු නොදා හිටියොත්.
ලස්සන ලිපියක් නංගා!
ReplyDeleteමටත් මතක්කුනා කරාබු කතාවක්. ලියල දාන්න ඕනෙ.
ස්තූතියි... සාදරයෙන් පිලිගන්නවා ඔයාව කැකුළු ගොමුවට... අදමයි නේද මේ පැත්තට ආවේ..
Deleteමම හිතන්නේ අපි එක වයසේ වගේ...
ශෝක් ශෝක් ... එහෙනම් ඉක්මනටම ලස්සන කරාබු කතාවක් බලන්න පුළුවන්.
අපි කවුරුත් මේ තත්වෙ ඉන්නෙ පොඩි කාලෙ ලැබුනු අත්දැකීම් නිසා තමයි. සමහර ඒවා කටුක වුනත් වටිනවා.
ReplyDeleteඔව් ගිමන්... කටුක අත්දැකීම් වුනත් ජීවිතයට හුඟක් වටිනවා. :)
Deleteමම ඉස්සෙල්ලාම දෙවැනි මනමාලයට හිටියෙ මගේ ඥාති සහෝදරයෙක්ගෙ වෙඩිමක. ඒකෙ දෙවැනි මනමාලියට හිටිය කෙල්ල කන්දෙක විඳලා තියෙන්නෙ මේ වෙඩිමට කරාබු දාන්නලු. එයාගෙ කන විදපු දවසෙ පළාතටම ඇහෙන්න හූ කිව්වා කියලා මනමාලි අක්කා අපට කිව්වා මතකයි.
ReplyDeleteපව්... මටත් හිතෙන්නේ පොඩි කාලේ රිදෙන එක අඩු ඇති.
Deleteඒත් ඉතින් අද කාලේ කට්ටිය කරාබු දාන තරමේ හැටියට, රිදෙනවා නම් ඔච්චර කරාබු දායිද කියලත් හිතෙනවා. :)