Tuesday, July 7, 2015

83. සල්ලියි සතුටයි... - Money Vs Happiness

කලින් පෝස්ට් එකකදී සල්ලි ගැන කිව්ව නිසා අද තුශානි හිතුවා සල්ලියි සතුටයි අතර තියෙන සම්බන්දය ගැන කියන්න. ඔන්න එහෙනම් අහගන්නකෝ... 

සල්ලියි සතුටයි අනුලෝමව සමානුපාතිකයිද ? එහෙමත් නැත්නම් ප්‍රතිලෝමව සමානුපාතිකයිද ?

හි..හි... ඒ වචන හර බර වැඩියි නේද ... අපි මෙහෙම කියමුකෝ. සල්ලි වැඩි වෙනකොට සතුට වැඩි වෙනවද ? එහෙමත් නැත්තම් සල්ලි වැඩි වෙනකොට සතුට අඩු වෙනවද ? ඒ ගැන මොනවද හිතෙන්නේ ?  

සල්ලි කියන්නේ ජීවිතේට අත්‍යාවශ්‍ය දෙයක් වුනත් ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි කියලා වැඩි දෙනෙක් උත්තර දෙයි.


ඔව්.. ඒ උත්තරය හරියටම හරි. ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි. සල්ලි ගැන ගොඩක් දේවල් කියන්න තිබුනත් මේ කියන්න යන්නේ තමන්ගේ අතට ලැබෙන මුදලයි සතුටයි අතර තියෙන එක සම්බන්දයක් ගැන. සරලව කිව්වොත් පඩියයි සතුටයි අතර එක සම්බන්දයක් ගැන.

ටිකක් හිතලා බලන්නකෝ අපේ වැටුප / පඩිය වැඩි වෙනකොට අපි ඒ වැඩි වෙන කොටස මොන වගේ දේකටද යොදවන්නේ කියලා. ඔව්.. අපේ අවශ්‍යතා, උවමනා ටික සපුර ගන්නම තමයි. සමහර විට කෙනෙක්ට පඩිය වැඩි වෙනකොට තවත් උවමනා ටිකක් වැඩි වෙන්න පුළුවන්. මතකනේ ඉස්කෝලේදී උගන්නනවා අවශ්‍යතා සීමිතයි උවමනා අසීමිතයි කියලා.  

ඉතින් උවමනා අසීමිත නිසා ඒ ගැන කතා කරන්න නම් එක පොස්ට් එකක් කොහොමටවත්ම ප්‍රමාණවත් වෙන්නේ නෑ. අද තුශානි කියන්නේ අවශ්‍යතා ගැන විතරයි. 

හැබැයි මේකත් මුලින්ම කියන්න වෙනවා. ඒ මම මේ කියන දේවල් හැම කෙනෙකුටම අදාල නොවෙන්නත් පුළුවන් කියන එක. සමස්ථයක් විදිහට මෙහෙම වෙනවා කියලයි මම කියන්න උත්සාහ කරන්නේ. 

අවශ්‍යතා සීමිතයි නේ. ඒ කියන්නේ මිනිසාට මූලික අවශ්‍යතා 3 ක් තියෙනවා. ඒ තමයි ආහාර, ඇඳුම්, නිවාස. මෙතනදී ආහාර කිව්වේ ජලයත් ඇතුළුව.  


අතට ලැබෙන මුදලත් ඒක්ක අහාර අවශ්‍යතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි මුලින්ම බලමු. මම ඒක උදාහරණයකින්ම විස්තර කරන්නම්. 

අපි කෑම එකක් කනවා කියලා හිතමු. වෙනදට පාර අයිනේ තියෙන ඕනම කඩේ කින් කෑම එකක් අරගෙන කෑවට අතේ සල්ලි තියෙනවා නම් ටිකක් හොඳ තෑනකින්, පිරිසිදුකම, ගුණාත්මක බව, ප්‍රමිතිය වගේ දේවල් ගැන කලින්ට වඩා වැඩිපුර හිතලා කෑම එකක් කන්න ඕනේ කියලා හිතෙනවානේ. එහෙම නේද ?

ම්... මට යාන්තමට වගේ ඇහෙනවා. "නෑ... නෑ.. අපි නම් සල්ලි ටිකක් වැඩිපුර ලැබුනට ඉස්සර විදිහටමයි කන්නේ ... " කියලා කට්ටියක් කියනවා . තවත් කෙනෙක් කියයි සල්ලි තිබුනත් නැතත් අපි කන්නේ එහෙමයි කියලා.  හි..හි... කමක් නෑ.. කොහොම වුනත් බොහෝදෙනෙක් අතට කීයක් හරි වැඩිපුර ලැබෙනකොට තමන්ගේ ආහාර අවශ්‍යතාවයේ පුංචි හරි වෙනසක් ඇති කරගන්නවා. අතට සල්ලි ලැබෙනකොට වෙනස් වෙන්න ඕනේ කියන එක නෙවෙයි ඒකෙන් කියන්නේ. එදා බඩගින්නට කෑම කාලා සතුටු වුන අපි,  විශේෂ කෑමක් නිසා දැන් සතුටු වෙනවා. මුලික අවශ්‍යතාවය වුනත් අපි සපුරාගෙන සතුටු වෙන්නෙ කලින්ට වඩා ටික් වෙනස් විදිහකට.

ඇඳුම් ගැන කතා කලොත්, එදාට වඩා branded ඇඳුම් මිල  දී ගන්න යොමු වෙනවා. සුව පහසුව, සෞඛ්‍යාරක්ෂිත බව, කල් පැවත්ම වගේ දේවල් ගැන කලින්ට වඩා ටිකක් වැඩිපුර අවදානය යොමු කරනවා. ඔයාලම ටිකක් කල්පනා කරලා බලන්නකෝ රැකියාවට ගිය මුල් කාලේ ගත්ත දේවලුයි අද මිල දී ගන්න්න දේවලුයි අතර තියෙන වෙනස ගැන. එදා ඒ දේවල් වලින් සතුටු වුනත් අද වෙනකොට අපි සතුටු වෙන්නේ ඊට එහා ගිය දේකින්.

නිවාස ගැන කිව්වොත් නම්, ගෙයක් නැති කෙකෙන් අලුතෙන් ගෙයක් හදන්නත්, ගෙයක් තියෙන කෙනෙක් ගෙදරට තව පුංචි පුංචි දේවල් එකතු කරන්නත් උත්සාහකරනවා. ඒ වගේම ගෙදර හදන්න හොඳම දේවල් යොදා ගන්නත්, වැඩි ප්‍රමිතියක් ගැන සැලකිලිමත් වෙන්නත් අමතක කරන්නේ නෑ. හිසට වහලකට වඩා වැඩි යමක් කරන්න උත්සාහ ගන්නවා. 

ගොඩක් වෙලාවට මේ දේවල් අපි හිතලා කරන දේවල් නෙවෙයි. ඒත් අපි අපිට ලැබෙන මුදලත් ඒක්ක අපේ ජීවන තත්වයේ වැඩි දියුණු කරගන්න ක්‍රියා කරනවා. ටිකක් නැවතිලා හිතලා බැලුවොත් ඔයාලටත් පැහැදිලිවෙයි. 

හ්ම්... දැන් කියන්න බලන්න මේ ගැන ඔයාලට මොනවද හිතෙන්නේ කියලා.



තුශානි ලියපු හර බර කතා

* මේ වාහනේ පදින්න නම් අපි හැම කෙනෙක්ම ඉගෙන ගන්නම වෙනවා ...

* චුට්ටක් නැවතිලා බලමුද ? 

* මාලිගාවට යනවද ? ආපහු එනවද ? 

 


40 comments:

  1. කාලෙකට කලිං මං මෙහෙම කීව නං මං වගේ එකෙක් මහ අපතයෙක් කියල කියයි... ඒත් දැං නං මේක ඇත්ත කතාවක් වෙලා...
    සල්ලි තියේ නං ඕන දෙයක් ගන්න පුලුවං තත්වෙට අද සමාජය පත් වෙලා තියෙයි... 10% විතර සුළුතරයක් ඉන්නව තවම මුදල මගින් පාලනය නොවෙන ඒත් බහුතරය එහෙමයි..
    අද වෙද්දි මුදල කියන්නෙ පාලකයක් කොටින්ම කියනව නං දුරස්ථ පාලකයක්.. සල්ලි මිනිසාව පාලනය කරනව.. හැමදේම කොටින්ම කියනව නං රටක් පාලනය කරන්නෙත් සල්ලි...
    ඒ හන්ද අද හැම දේටම සමාන වචනයක් විදියට සල්ලි නැත්තං මුදල් කියන වචනය පාවිච්චි වෙනව

    ඒ මට හිතෙන හැටි කෙටියෙන් හිහි

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ්... ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් අදහස් කිව්වට. :)

      Delete
  2. ජීවිතේට තියෙන අවශ්‍යතා සේරම තීරණය වෙන්නෙ මුදල් මත. කොයි තරම් ආසාවන් තිබුනත් ඒවා සේරටම සීමාවන් දාගෙන ඉන්න වෙනවා තමන්ගෙ අතේ ප්‍රමාණවත් තරම් මුදලක් නැත්නම්. මේ යන විදිහට ඉදිරියේදී හුස්ම ගන්නත් මුදල කියන දේ උවමනා වේවි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. අපිට ලැබෙන මුදලත් එක්ක අපි අවශ්‍යතා සපුරා ගන්නේ එක එක විදිහට. උදාහරණයක් විදිහට බඩගින්න කියන අවශ්‍යතාවය කිව්වොත්, අපිට බඩගින්න සපුරා ගන්න වෙන්නේ අතේ තියෙන මුදලේ හැටියට.

      ගොඩක් දේවල් වලට මිල නියම වෙන අද කලේ ඉස්සරහට හුස්ම ගන්නත් මුදලක් ඕනේ වෙයිද කියලා කියන්න බෑ තමයි.

      Delete
  3. මට හිතෙන්නෙ සල්ලි වැඩිවෙද්දි අපි සංකීර්ණ වෙනවා. ඔය කියනවා වගේ ඉස්සර ජොබ් එකට ආපු කාලේ කාපු බීපු, ඇදපු හැටි අද වෙද්දි වෙනස් වෙලා නම් තමයි. සැප පහසුවට ඇදල හොද වාහන පාවිච්චි කරාට, තියන විදිහට කාල ඇදල බස් එකේ ගිය කාලේ තරම් සැනසීමක් නම් නෑ හිතේ..

    ReplyDelete
    Replies
    1. මුලින්ම නදිනිව බොහොම ආදරයෙන් තුශානි පිලිගන්නවා කැකුළු ගොමුවට. :)

      ඔව් නදිනි , කිව්වත් වගේ හිතේ සැනසීම නම් සල්ලි කොළ වලින් වැහිලා යනවද කොහෙද..

      Delete
  4. සතුට යනු මුදල් නොවුනද සතුට ලබාගැනීමට අවශ්‍ය බොහෝදේ ලබාගැනීමට මුදල් අවශ්‍යය. මුදලත් සතුටත් කෙතරම් එකිනෙකට සම්බන්ධදැයි දැනගැනීමට එක මාසයක් වැ‍ටුප් පත නොලැබුනහොත් උද්ගතවිය හැකි තත්වය සිතාගැනීමෙන් පුලුවන.

    ReplyDelete
    Replies
    1. ඒත ඇත්ත ඩුඩ්.. සල්ලි තියෙනකොට ලඟ හිටිය අය පවා සල්ලි නැතිකොට හොයා ගන්නවත් බැරි වෙනවා.

      Delete
    2. When money talks
      Ideology walks

      Delete
    3. සල්ලි ඇති දාට ගොළුවොත් කතා කරයි
      නැති දාට කතා කරන උන් ගොළු වෙයි.

      Delete
    4. ඔව්.. ඔව්... සහතික ඇත්ත.. :)

      Delete
  5. වෙලාවකට හිතෙනවා සල්ලි තියෙනවා නම තව වෙන මොනවද කියලා. ඒත් සමාජයේ සිදුවෙන දේවල් දැක්කාම හිතෙනවා ජීවිතේ කියන්නේ සල්ලි විතරක් නෙවෙයි කියලා. ඒක ඊට එහාට ගිය එකක්. ඒ එහාට ගිය ටික ළගා කරගන්න සල්ලි විතරක් තිබිලා මදි. ඒ නිසා සල්ලි තියෙන්නේ සතුට කියන මායිමට යටින් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මුලින්ම නිරංජනවත් සාදරයෙන් තුශානි කැකුළු ගොමුවට පිලිගන්නවා. :)

      මාත් හිතන්නේ එහෙම තමයි. සල්ලි තියෙන්නේ සතුටේ මායිමට යටින්.

      Delete
  6. ආදායම අනුව වියදම හැඩගැහෙනවාමයි.
    අර අවශ්‍යතා ලැයිස්තුවට දාගංට මං ගානෙ ලයිට් බිල සහ රී ලෝඩ්.

    ReplyDelete
    Replies
    1. ඔහෝ... මූලික අවශ්‍යතා තුනටද ඒ ටික දාගන්න කියන්නේ ? :O

      " දරුවා... අවශ්‍යතා සීමිතයි උවමනා අසීමිතයි... " එහෙමලු අපේ ටීච් කියලා දුන්නේ හි... හි...

      Delete
  7. සල්ලි කියන්නේ මහ අවුලක්.
    ඔය මගුල නිසා අපි ජීවිතේ මොන තරමක් කැප කරනවද.
    අපි ජීවිත කාලෙන් කොච්චර ප්‍රමාණයක් වැය කරනවද සල්ලි හොයන්න.
    නමුත් ඒ සල්ලි වලින් සතුට හොයන්න අපිට කාලයක් ඉතුරු වෙනවද.
    අන්තිමට නිකම්ම මැරිලා යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ලොකු අයියා... ගොඩක් අය උදේ ඉඳලා රෑ වෙනකන් සල්ලි හම්බකරලා සල්ලි කඳු ගොඩ ගහන්න ගිහින්, දන්නේම නැතුව ඒ කඳු වලට සතුට යට වෙලා.

      Delete
    2. //සල්ලි කියන්නේ මහ අවුලක්.//
      එකෙන්ම+++++++++++++

      සල්ලි කියන දේ වැදගත් නෑ,හිතේ සතුට තමයි වැදගත් කියලා හිතන කාලෙකුත් තියනවා.ඒත් හම්බ කරන්න පටන් ගත්තට පස්සේ ,සමාජෙත් එක්ක ගැටෙන්න පටන් ගත්තට පස්සේ සල්ලි වලට මේ සමාජේ තියන තැන ඇස්දෙකට පේන්න පටගන්නවා.සල්ලි තියනකම් මේ ලෝකේම අපිත් එක්ක ඉදියි.ඒත් නැතිවුනාට පස්සේ ගෙදර ගෑනිවත් ලඟ නෑ.කවුරු මොන විදිහට කිවුවත් ඇත්ත ඒකයි මැඩම්.මැදුම්පිලිවෙතේ ඉන්න පුළුවන්නම් ඒකතමයි වැදගත්.ඒත් වැඩිවන උවමනා එක්ක මැදුම්පිලිවෙත තියෙන්නේ කොතනද කියන එක තමයි ගැටළුව.ප්‍රායෝගිකව කරන්න බැරිකම මිසක හම්බකරගන කාලා තනියම ඉන්න තියනවනම් අන්න එතන තමයි ජීවිතයේ නියම සතුට තියෙන්නේ කියල තමා දැන්නම් මට හිතෙන්නේ.

      Delete
    3. ඔව් කටුසු... ඔයා කිව්ව දේවල් වලට මාත් එකඟයි.

      Delete
  8. අපි කුඩා කාලෙ මුදල් හරිම දුර්ලභයි.අවශ්‍යතා සීමිතයි.ජීවිතය සරලයි.මිනිස්සුන්ට එකතුවෙන්න කතාකරන්න ඕනෑ තරම් වෙලාව තිබුනා.නමුත් අද තියෙන අධිවේගී ඉන්ස්ටන්ට් සමාජයේ මුදලට හැමදේම වැහිලා ගිහිං.මිනිස්සු එකිනෙකා පරදා නොනවතින ධාවනයක යෙදිලා.ඒත් සැනසීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... පවුලේ කට්ටයට එකට එකතුවෙලා කෑම වේලක් කන්න , ටිකක් වෙලා කතා බහ කරකර ඉන්න අද කාලේ ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද. සල්ලි හොයන්න දුවන්න ගිහින් සතුට, සැනසීම, ආදරය, කරුණාව වගේ දේවල් ගොඩක් අයට අද අමතක වෙලා ගිහින්.

      Delete
  9. හැම දෙයක්ම සමබර් වෙන්න ඕන, ඒ තුලට මුදල් තියෙන්නත් ඕන, එතකොට තමයි සතුට ලඟාවෙන්නේ , සමබර නැති ජීවිතයකට සතුට දුරයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... හරියට අර මැදුම් පිලිවෙත වගේ... වැඩිත් නැති අඩුත් නැති වෙන්න ඕනේ... :)

      Delete
  10. ආර්ථික විද්‍යා පාඩමක් කියන්නත් පුලුවන් මෙකට නම් ,ජිවිතේ තම තම්න් ගේ දැනුම හැටියට තමා දකින්නෙ සල්ලි අඩු වැඩි බවත් එහෙමයි හැමදෙම සාපෙක්ශයි ....සල්ලි නැති ඇති කියලා වෙනසක් නෑ සතුට කියන එක රදව ගන්න ..හැමදෙම සාපේක්ෂව හිතලා බලන්නත් පුලුවන් ....................
    කියපු දේ තෙරුනා ද මන්දා ............හැ හෑ

    ReplyDelete
    Replies
    1. ආර්ථික විද්‍යාව ගැඹුරටම ඉගෙන ගත්තනේ ඒ නිසා වෙන්න ඇති... හි..හි...

      ම්... ඔය කිව්වේ සාපේක්ෂතාවාදය ගැනනේ... ඔව් ඒ විදිහට මේ ගැන හිතන්නත් පුළුවන්...

      Delete
  11. ඇත්ත තමයි. සල්ලි අතට එද්දී අපේ ජිවන මට්ටම ඉහලට දාගන්න තමයි බලන්නෙ. දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙන්නෙත් එකයි.. එහෙම ගිහින් සමහර මාස වලනම් මම හොම්බෙන් රන් කරන වෙලාවල් එනවා.. හැබැයි ඒවත් නොහිතපු වෙලාවක වෙන සිදුවීම් නිසා වෙන්නත් පුළුවන්. ඒවට ඉතින් ඉතුරු කරලා තියාගන්න එක වැදගත්නෙ හිටං .
    මාත් හොම්බෙන් යන මාසයක් තමයි මේ .. .. තව දවස් දෙකක් ඉන්න එපැයි හිටං .. :(

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔව්... හදිස්සියකදී ගන්න කීයක් හරි ඉතුරු කරන එක නම් හරි වැදගත්.

      ඒකනේ... අපිත් තව දවස් දෙකක් ඉන්න එපැයි හිටන්... හි..හි..

      Delete
  12. ikmanin amathanna indunil.slbc@gmail.com ekata obawa sambanda kara gatha heki kramayak danwanna.. indunil

    ReplyDelete
  13. මෙහෙමයි තුශානියෝ ඉස්සරට වඩා අද ලෝකයේ ජිවත් වෙන අයට අවශ්‍යතා වැඩියි.අවශ්‍යතා වැඩි වෙන්න වැඩි වෙන්න වියදම් වැඩි වෙනවා.මුදලේ අවශ්‍යතාව එතකොට වැඩියෙන්ම දැනෙනවා.

    මුදල් වැඩියෙන් ලැබෙනකොට එක කළමනාකරණය කරගැනීමේ ගැටළුත් එනවා.ඕන දේටයි,එපා දේටයි වියදම් කරන්න පෙලබෙනවා.

    මට නම් වැඩිත් නැතුව,අඩුත් නැතුව මගේ අවශ්‍යතා අනුව සැහෙන්න පුළුවන් විදියට ලැබුනොත් ඒ ඇති.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනෝජ්... ඉවානුත් කිව්වා වගේ සල්ලි වැඩිත් නැතුව, අඩුත් නැතුව තිබුනා නම් ඒ ඇති.

      Delete
  14. අවශ්‍යතාවයට වඩා පහළින් හැකියාව පිහිටන එක නොවැ අවුල කියන්නේ ! හැබැයි ඒක තනිකරම පුද්ගලික කේස් එකකුත් නෙවෙයි වගේ නේද ටිකක් කල්පනා කර ගෙන යන කොට දැනෙන විදියටhttp://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. Cyber Heart ව මුලින්ම සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට.

      හැකියාව කිව්වේ මූල්‍යමය හැකියාව වෙන්න ඇති නේද ? කොහොම වුනත් පුද්ගලායා අනුව සාපේක්ෂයි කියලා තමයි මට නම් හිතෙන්නේ.

      Delete
  15. කතාව සහතික ඇත්ත තුශානි. ඔය කරුණු බොහොමයක් මටත් අදාලයි.

    ReplyDelete
    Replies
    1. :) මනෝශ් අයියා කාලේකින් නේද මේ පැත්තේ...

      අපි ඒ තරම් නොහිතුවට හැමෝටම වගේ මේ දේවල් අදාලයි..

      Delete
  16. ආර්ථික විද්‍යාවෙ තියෙනවා බාල භාණ්ඩ කියලා සංකල්පයක්...තමන්‍ගෙ ආදායම වැඩි වෙද්දි එතෙක් පාවිච්චි කරපු භාණ්ඩ වර්ගය / සන්නාමය තත්වයෙන් බාලයි කියලා හිතිලා ඊට වඩා වටින...මිළ වැඩි දේකට යනවා...උදාහරණ..ගල් අරක්කු බීපු මනුස්සයගෙ ආදායම වැඩි උනාම හිතෙනවා මේ මොන ජරාවක්ද කියලා විස්කි වලට මාරු වෙනවා...ඔය හේතුව නිසා සමහරුන්ට ආදායම වැඩි උනාට ඉතිරියක් කරන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සිරා අයියේ... ඒ දේ තමයි මමත් කියන්න උත්සාහ කලේ.

      Delete
  17. තණ්හාවයි ආශාවයි කියන්නෙ ලේසියෙන් මිනිස් හිත දාල යන අය නෙවෙයිනෙ. ඉවරයක් නැති අශාවනි නිසා කොච්චර සල්ලි තිබ්බත් මදි. ඒ නිසා කවදත් පිරිපුන් සතුටක් විඳින්න වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ගිමන් .. ලැබෙන සල්ලි ප්‍රමාණයෙන් සතුටින් ඉන්න පුළුවන් නම් ඒකයි වටින්නේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...