උදේ පාන්දර පොළවටත් නොදැනෙන්න හිමීට අඩිය තියලා කාමරේ දොර රෙද්දෙන් එබිලා ඔයාව හොයද්දී ඔයා මම දිහා බලාගෙන හිනා වෙවී හිටියේ හරියට මම එන විත්තිය දැනිලා වගේ...
අත් දෙක පිටිපස්සට කරගෙන ඔයාට නොපෙනෙන්න හංගගෙන ගියපු කාඩ් එකයි පුංචි තෑග්ගයි ඔයාගේ අත් දෙක උඩින් තියනකොට ඇස් වල සතුටු කඳුළු පුරෝගෙන "තැන්ක්යු.. මගෙ දූ..." කියලා මගේ නලල ඉම්බේ, ලියලා තියෙන දේවල්, ඇතුලේ තියෙන දේවල් හරියටම ඔයා දැනගෙන හිටියා වගේ...
අසනීප වෙලා ඔයා
ඉස්පිරිතාලේ ඉන්නකොට අපි ආවේ වීදුරුවෙන් එබිලා ඔයාගේ කකුල් දෙක දිහා හරි
ටිකක් වෙලා බලාගෙන ඉඳලා යන්න උනත්, අමාරු කම් ඔක්කොම අමතක කරලා ඔයා ඇතුලේ
ඉඳලා ඔළුව උස්සලා අපි දිහා බලලා හිනා උනේ එහෙම නැති වුනොත් අපිට දුක හිතෙන බව හරියට දැනිලා වගේ...
දුවෙක්ට තාත්තා තමයි ඒයාගේ ලෝකේ පලවෙනිම වීරයා. ඉතින් ඒ වගේම ඔයා තමයි මගේ ලෝකෙත් පලවෙනිම වීරයා.. කවදාවත් මම එහෙම කියලා නැති වුනත් හැම දේම තෙරුම් ගන්න ඔයා ඒක කොහොමටවත්ම නොදැන ඉන්න විදිහක් නෑ කියලා කියලා මම හොඳටම දන්නවා...
හැමදාම අපි කරන හැමදේම දැනුන ඔයාට නොදැනෙන්න, ඔන්න අම්මයි, මල්ලියි, මායි අද හවසට ඔයා කැමතිම දෙයක් කරන්නයි හිතාගෙන ඉන්නේ.. අලුත්ම පහන් 60 ක් ඔයා වෙනුවෙන්ම අපි ලෑස්ති කලා ඔයාගේ අතින්ම පත්තු කරන්න. නීරෝගීව අපිත් එක්ක හැමදාම සතුටින් ඉන්න ඒ පහන් ආලෝකයේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම අපිට ලැබෙයි.
සුබම සුබ උපන්දියනක් වේවා තාත්තේ !
මටත් තාත්ත මතක් උනා....
ReplyDelete:) තාත්තා ගැන කියන්න දේවල් හුඟක් තියෙනවා.. හිමීට ලියන්නම්කෝ..
Deleteඒක ගොඩක් හොඳයි. තාත්ත ගැන මගෙ හිතේ තියෙන දේවල් ටික මට ලියන්න බෑ. ඒ නිසා හරි මං ඔයා ලියන එව්ව ආසාවෙං කියවන්නං...
Deleteඅපිත් සුභ පැතුවායි කියන්න..........
ReplyDeleteබොහොම ස්තූතියි ගී පවුරේ...
Deleteතුෂානිගෙ තාත්තට සුබ ම සුබ උපන් දිනයක්! නිරෝගී සුවයත්, ධීර්ගායුෂත් පැතුවා කියන්න.
ReplyDeleteබොහොම ස්තූතියි කසුන් ...
Deleteසුභ ජන්ම දිනයක් වේවා පියාණන්ට
ReplyDeleteබොහොම ස්තූතියි දේශ් ...
Deleteඔන්න මාත් උපන් දිනේ දවසෙම ආවා..
ReplyDeleteතාත්තා කියන්නේ හැමෝගෙම වීරයා.
ඔබගේ තාත්තට සුභම උපන්දිනයක් වේවා!
සාදරයෙන් පිලිගන්නවා ඔයාව කැකුළු ගොමුවට..
Deleteඔව් .. තාත්තා කියන්නේ හැමෝගෙම වීරයා.
බොහොම ස්තූතියි !
තාත්තාට සුබම සුබ උපන් දිනයක් වගේම නිරෝගී සුව දීර්ඝයුත් පතනවා.!!!
ReplyDeleteබොහොම ස්තූතියි මනෝජ්...
Deleteමමත් සුබ පැතුවා කියන්න.
ReplyDeleteසින්හල බ්ලොග්ගල.
බොහොම ස්තූතියි ලලිත් ...
Delete//දුවෙක්ට තාත්තා තමයි ඒයාගේ ලෝකේ පලවෙනිම වීරයා/// හුරේ වරේවා!!!!
ReplyDeleteඔබේ පියාට සුභ 60 වෙනි උපන්දිනයක් වේවා කිව්වා කියන්න. :)
:) පුංචි පැංචි ලොකු වුනාම බලන්නකෝ මම කියන්නේ බොරුද කියලා...
Deleteබොහොම ස්තූතියි කළණ...
//දුවෙක්ට තාත්තා තමයි ඒයාගේ ලෝකේ පලවෙනිම වීරයා//
ReplyDeleteමගේ දූගෙන් මම එක දකිනවා.දූලා තාත්තලට මහ මෙරක් වගේ ආදරේ කරනවා.දූලට ඒ වගේ සෙනෙහස දක්වන්න බැරි,දූලගේ සෙනෙහස තේරුම් ගන්න බැරි තාත්තාලට තමන්ගේ දූ ගොදුරක් වගේ පේනවා.විරයම දුෂ්ඨයා වෙනවා.
60 වන උපන් දිනය යෙදෙන ඔබේ පියාට නිදුක් නිරෝගි සුවයම සැලසේවා...!!!
ඔව් මනෝ... ඔයාගේ කතාවට මාත් එකඟයි...
Deleteබොහොම ස්තූතියි...
අපිත් සුබ පැතුවා කියන්න...
ReplyDeleteඅප්පච්චි නැති අඩුව මේ වෙලාවට හොඳට දැනෙනවා..
බොහොම ස්තූතියි යශ්‍යන්ත...
Deleteඔව් අනිවාර්යයෙන්ම ඒ අඩුව දැනෙනවා ඇති...
ඔබේ පියාට සුබ උපන් දිනයක් වේවා!!
ReplyDeleteබොහොම ස්තූතියි හැලපතුමා...
Deleteතුශානි ගෙ තාත්තට සුභම සුභ උපන් දිනයක් වේවා
ReplyDeleteබොහොම ස්තූතියි මහේෂ් ...
Deleteසුබ උපන්දිනයක් වේවා ඔබේ පියාණන්ට! දීර්ඝායූ වේවා!
ReplyDeleteබොහොම ස්තූතියි සිතූ...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමට මතක් වුනේ මම මගේ තාත්තා ගැන ලියපු ඒත් ඔයා ගුරුවරයෙක් නෙවෙයි කියන පෝස්ට් එක.
ReplyDeleteතුශානිගේ පියතුමාට නිදුක් නිරෝගී අනාගතයක් පැතුවා කියන්න.
මමත් ඒ පොස්ට් එක කියවලා තියෙනවා...
Deleteබොහොම ස්තූතියි ඩුඩ්..
ඔබෙග් පියතුමාට දීර්ඝායු වේවා! කියල මමත් පතනවා. තෙලිදියත් පටන් ගත්තෙ තාත්තගෙ අත්දැකීම් ලෝකෙටම කියන්න තමා. කතා සාගරයක් මෙන්ම අත්දැකීම් අාකරයක් වූ අපේ තාත්තගෙ කතා වල සාරාංශය පමණයි මට මතක. තෙලිදිය ලියද්දි ඒකින් ඒක විස්තර කරල දුන්න තාත්ත අායෙ කවදාවත් ඒවැනි විස්තරයක් කියල දෙන ඒකක් නෑ.
ReplyDeleteබොහොම ස්තූතියි තෙලිදිය...
Deleteපුළුවන් විදිහට තාත්තගේ විස්තර ඉස්සරහටත් අකුරු කරන්න. තාත්තා වෙනුවෙන් ඔයා එහෙම කරන එක තාත්තට උපහාරයක් වෙයි...
තුෂාගේ අප්පච්චිට සුබ උපන් දිනන් දීර්ඝායු!!!
ReplyDeleteබොහොම ස්තූතියි ශානු...
Deleteතාත්තා කෙනෙක් දුවකට ආදරය කරන ප්‍රමාණය මෙතෙකැයි කියන්න බැහැ.ඒක ඒ තරම් මහා පුදුමාකාර ගැඹුරු ස්නේහයක්.තාත්තාට අපිත් දීර්ඝායුත්,සුපැතුමුත් එක් කළ බව කියන්න..
ReplyDeleteඔව්... දුවෙක් නිසා ඔයත් ඒ ගැන හොඳින්ම දන්නවා ඇති..
Deleteබොහොම ස්තූතියි...
මගේ පියාගෙ උපන් දිනේ හරියටම අද...අද දවස ආරම්භ කලේ තාත්තට සුභ පැතීමෙන්..ඔබේ පියාටත් සුභ උපන් දිනයක් සහ නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරන්න කැමතියි..
ReplyDeleteබොහොම ස්තූතියි ! සිරා අයියාගේ පියානන්ටත් නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Deleteස්තූතියි ඔබට...
Delete