Thursday, February 11, 2016

97. අද පෙබරවාරි 11 ...


උදේ පාන්දර පොළවටත් නොදැනෙන්න හිමීට අඩිය තියලා කාමරේ දොර රෙද්දෙන් එබිලා ඔයාව හොයද්දී ඔයා මම දිහා බලාගෙන හිනා වෙවී හිටියේ හරියට මම එන විත්තිය දැනිලා වගේ...

අත් දෙක පිටිපස්සට කරගෙන ඔයාට නොපෙනෙන්න හංගගෙන ගියපු කාඩ් එකයි පුංචි තෑග්ගයි ඔයාගේ අත් දෙක උඩින් තියනකොට ඇස් වල සතුටු කඳුළු පුරෝගෙන "තැන්ක්යු.. මගෙ දූ..." කියලා මගේ නලල ඉම්බේ, ලියලා තියෙන දේවල්, ඇතුලේ තියෙන දේවල් හරියටම ඔයා දැනගෙන හිටියා වගේ... 


අසනීප වෙලා ඔයා ඉස්පිරිතාලේ ඉන්නකොට අපි ආවේ වීදුරුවෙන් එබිලා ඔයාගේ කකුල් දෙක දිහා හරි ටිකක් වෙලා බලාගෙන ඉඳලා යන්න උනත්, අමාරු කම් ඔක්කොම අමතක කරලා ඔයා ඇතුලේ ඉඳලා ඔළුව උස්සලා අපි දිහා බලලා හිනා උනේ එහෙම නැති වුනොත් අපිට දුක හිතෙ බව  හරියට දැනිලා වගේ... 

දුවෙක්ට තාත්තා තමයි ඒයාගේ ලෝකේ පලවෙනිම වීරයා. ඉතින් ඒ වගේම ඔයා තමයි මගේ ලෝකෙත් පලවෙනිම වීරයා.. කවදාවත් මම එහෙම කියලා නැති වුනත් හැම දේම තෙරුම් ගන්න ඔයා ඒක කොහොමටවත්ම නොදැන ඉන්න  විදිහක් නෑ කියලා කියලා මම හොඳටම දන්නවා...  


හැමදාම අපි කරන හැමදේම දැනුන ඔයාට නොදැනෙන්න, ඔන්න අම්මයි, මල්ලියි, මායි අද හවසට ඔයා කැමතිම දෙයක් කරන්නයි හිතාගෙන ඉන්නේ.. අලුත්ම පහන් 60 ක් ඔයා වෙනුවෙන්ම අපි ලෑස්ති කලා ඔයාගේ අතින්ම පත්තු කරන්න. නීරෝගීව අපිත් එක්ක හැමදාම සතුටින් ඉන්න ඒ පහන් ආලෝකයේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම අපිට ලැබෙයි.





සුබම සුබ උපන්දියනක් වේවා තාත්තේ !




39 comments:

  1. මටත් තාත්ත මතක් උනා....















    ReplyDelete
    Replies
    1. :) තාත්තා ගැන කියන්න දේවල් හුඟක් තියෙනවා.. හිමීට ලියන්නම්කෝ..

      Delete
    2. ඒක ‍ගොඩක් හොඳයි. තාත්ත ගැන මගෙ හිතේ තියෙන දේවල් ටික මට ලියන්න බෑ. ඒ නිසා හරි මං ඔයා ලියන එව්ව ආසාවෙං කියවන්නං...

      Delete
  2. අපිත් සුභ පැතුවායි කියන්න..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගී පවුරේ...

      Delete
  3. තුෂානිගෙ තාත්තට සුබ ම සුබ උපන් දිනයක්! නිරෝගී සුවයත්, ධීර්ගායුෂත් පැතුවා කියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කසුන් ...

      Delete
  4. සුභ ජන්ම දිනයක් වේවා පියාණන්ට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශ් ...

      Delete
  5. ඔන්න මාත් උපන් දිනේ දවසෙම ආවා..
    තාත්තා කියන්නේ හැමෝගෙම වීරයා.
    ඔබගේ තාත්තට සුභම උපන්දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඔයාව කැකුළු ගොමුවට..
      ඔව් .. තාත්තා කියන්නේ හැමෝගෙම වීරයා.

      බොහොම ස්තූතියි !

      Delete
  6. තාත්තාට සුබම සුබ උපන් දිනයක් වගේම නිරෝගී සුව දීර්ඝයුත් පතනවා.!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්...

      Delete
  7. මමත් සුබ පැතුවා කියන්න.
    සින්හල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලලිත් ...

      Delete
  8. //දුවෙක්ට තාත්තා තමයි ඒයාගේ ලෝකේ පලවෙනිම වීරයා/// හුරේ වරේවා!!!!

    ඔබේ පියාට සුභ 60 වෙනි උපන්දිනයක් වේවා කිව්වා කියන්න. :)

    ReplyDelete
    Replies
    1. :) පුංචි පැංචි ලොකු වුනාම බලන්නකෝ මම කියන්නේ බොරුද කියලා...

      බොහොම ස්තූතියි කළණ...

      Delete
  9. //දුවෙක්ට තාත්තා තමයි ඒයාගේ ලෝකේ පලවෙනිම වීරයා//

    මගේ දූගෙන් මම එක දකිනවා.දූලා තාත්තලට මහ මෙරක් වගේ ආදරේ කරනවා.දූලට ඒ වගේ සෙනෙහස දක්වන්න බැරි,දූලගේ සෙනෙහස තේරුම් ගන්න බැරි තාත්තාලට තමන්ගේ දූ ගොදුරක් වගේ පේනවා.විරයම දුෂ්ඨයා වෙනවා.

    60 වන උපන් දිනය යෙදෙන ඔබේ පියාට නිදුක් නිරෝගි සුවයම සැලසේවා...!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝ... ඔයාගේ කතාවට මාත් එකඟයි...

      බොහොම ස්තූතියි...

      Delete
  10. අපිත් සුබ පැතුවා කියන්න...

    අප්පච්චි නැති අඩුව මේ වෙලාවට හොඳට දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යශ්‍යන්ත...

      ඔව් අනිවාර්යයෙන්ම ඒ අඩුව දැනෙනවා ඇති...

      Delete
  11. ඔබේ පියාට සුබ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලපතුමා...

      Delete
  12. තුශානි ගෙ තාත්තට සුභම සුභ උපන් දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ් ...

      Delete
  13. සුබ උපන්දිනයක් වේවා ඔබේ පියාණන්ට! දීර්ඝායූ වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතූ...

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මට මතක් වුනේ මම මගේ තාත්තා ගැන ලියපු ඒත් ඔයා ගුරුවරයෙක් නෙවෙයි කියන පෝස්ට් එක.

    තුශානිගේ පියතුමාට නිදුක් නිරෝගී අනාගතයක් පැතුවා කියන්න.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ පොස්ට් එක කියවලා තියෙනවා...

      බොහොම ස්තූතියි ඩුඩ්..

      Delete
  16. ඔබෙග් පියතුමාට දීර්ඝායු වේවා! කියල මමත් පතනවා. තෙලිදියත් පටන් ගත්තෙ තාත්තගෙ අත්දැකීම් ලෝකෙටම කියන්න තමා. කතා සාගරයක් මෙන්ම අත්දැකීම් අාකරයක් වූ අපේ තාත්තගෙ කතා වල සාරාංශය පමණයි මට මතක. තෙලිදිය ලියද්දි ඒකින් ඒක විස්තර කරල දුන්න තාත්ත අායෙ කවදාවත් ඒවැනි විස්තරයක් කියල දෙන ඒකක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තෙලිදිය...

      පුළුවන් විදිහට තාත්තගේ විස්තර ඉස්සරහටත් අකුරු කරන්න. තාත්තා වෙනුවෙන් ඔයා එහෙම කරන එක තාත්තට උපහාරයක් වෙයි...

      Delete
  17. තුෂාගේ අප්පච්චිට සුබ උපන් දිනන් දීර්ඝායු!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශානු...

      Delete
  18. තාත්තා කෙනෙක් දුවකට ආදරය කරන ප්‍රමාණය මෙතෙකැයි කියන්න බැහැ.ඒක ඒ තරම් මහා පුදුමාකාර ගැඹුරු ස්නේහයක්.තාත්තාට අපිත් දීර්ඝායුත්,සුපැතුමුත් එක් කළ බව කියන්න..

    ReplyDelete
    Replies
    1. ඔව්... දුවෙක් නිසා ඔයත් ඒ ගැන හොඳින්ම දන්නවා ඇති..

      බොහොම ස්තූතියි...

      Delete
  19. මගේ පියාගෙ උපන් දිනේ හරියටම අද...අද දවස ආරම්භ කලේ තාත්තට සුභ පැතීමෙන්..ඔබේ පියාටත් සුභ උපන් දිනයක් සහ නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරන්න කැමතියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ! සිරා අයියාගේ පියානන්ටත් නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...