Tuesday, April 12, 2016

103. සුබ අලුත් අවුරුද්දක් වේවා !


අලුත් අවුරුද්ද කියන්නේ පරණ වැරදි හදා ගන්න, අඩු පාඩු හරි ගස්ස ගන්න, ජීවිතේ අලුතින් පටන් ගන්න හොඳ දවසක්. 

සමහර අය කියන්න පුළුවන් අවුරුද්දක්ම එන්න ඕනේද එහෙම ජීවිතේ වැරදි හදාගෙන අලුතින් පටන් ගන්න කියලා. ඔව්... කෙනෙක්ට එහෙම ඕනම දවසක අලුතින් ජීවිතේ පටන් ගන්න පුළුවන්. එත් තුශානි විශ්වාස කරන විදිහට නම් අලුත් අවුරුදු දවස ඒකට අනිත් හැම දවසකටම වඩා හොඳම දවසක්.

ඒකට හේතුව, අවුරුද්ද එක්ක බැඳිලා තියෙන චාරිත්‍ර වාරිත්‍ර වලින් ගත වාගේම හිතටත් අලුත් බවක් ලබා ලබාදීමයි. ටිකක් හිතලා බලන්න, එකම වෙලාවක හැමෝම එකට එකම දෙයක් කරනකොට හිතට කොයි තරම් නම් සතුටක්, අලුත් උත්තේජනයක් ඇති වෙනවද. 

කට්ටියම එකට පන්සල් යනකොට,  කිරි ඉතිරෙනකන් කට්ටිය එක්ක වට වෙලා බලාගෙන ඉන්නකොට, අම්මගේ තාත්තගෙ අතින් කිරිබත් කෑල්ලක් කවා ගන්නකොට, බුලත් අතක් දීලා වඳිනකොට ඕනම කෙනෙක්ට ජීවිතේ ගැන හිතෙන එක අරුමයක් නෙවෙයි. එතකොට වැරදි අඩුපාඩු හදා ගන්න ඕනේ කියලා හිතෙන එකත් තුශානි විශ්වාස කරන විදිහට අරුමයක් නෙවෙයි.

ඉතින් ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වැරදි හදාගෙන අලුතින් පටන් ගන්න පුළුවන් වෙන සාමය, සතුට, සෞභාග්‍ය , වාසනාව සපිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා තුශානි හදවතින්ම ප්‍රර්ථනා කරනවා. 



10 comments:

  1. ඔබටත් සතුට සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  2. තුසානි අක්කාටත් සුභම සුභ නව වසරක් වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  3. තුශානිටත් සිනා සපිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  4. සුබ අලුත් අවුරුද්දක් තුෂානි අක්කේ.. සිනා බෝ වේවා..!!

    ReplyDelete
  5. ඔබටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.....

    ReplyDelete
  6. සුබ අලුත් අවුරුද්දක් වෙවා!!!!

    ReplyDelete
  7. සතුට ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  8. වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් !

    ReplyDelete
  9. තුශානිටත් එසේම වේවා....!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...