Saturday, August 20, 2016

111. ඉයන්ගේ අභියෝගට තුශානිගෙනුත් ගී 16 ක් ...

මේ දවස් වල කට්ටියම තරඟෙට තමන් කැමති ගීත  තෝරණ එකේ ඔන්න තුශානිත් හිතුවා ඉයන්ගේ ඒ සොඳුරු අභියෝගයට මුහුණදෙන්න.

ගීත 16ක් කිව්වට ගීත 16ක් තෝරගන්න එක තමයි තිබුනු ලොකුම අමාරුව. කොහොමින්කොහොමහරි අන්තිමට තුශානි ගීත 16ක් තෝර ගත්තා. 


ඔන්න බලන්නකෝ...

1) මිදුලේ වැලි මාලිගාවේ  -පේෂලා මෙන්ඩිස්
 
මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

පීනා සිප් සයුර එතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැදනොසෙල් වෙමී
මිනිස් මහිම දෝතින් ගෙනසිනාසෙමී

මිදුලේ වැලි මාලිගාවේ....

එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මගහිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ

මේක මම පුංචි කාලේ ඉඳලම ආස කරන ගීතයක්. පුංචි කාලේ මම මේ ගීතයට කොයිතරම් ආසයිද කියනවා නම් ඒ කෙලේ  කවුරුහරි සින්දුවක් කියන්න කිව්වහම මම මේ සින්දුව නට නට කියනව කියලා අපේ අම්ම නිතරම මේ ගීතය ඇහෙනකොට මතක් කරනවා. හි.. හි...
ඒ කාලේ වචන ගැන ඒ තරම් තේරුමක් නොතිබුනත් අද වෙනකොට මේ ගීතයෙ වචන වලටත් මම ගොඩක් ආස කරනවා. 


2) කිරි අම්මාවරු  - චන්ද්‍රලේඛා පෙරේරා -  


කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නො අසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා

නෙත නිදි වරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විඳලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇඟ ලේ කිරි කර නැත පොවලා

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහි කර කිරි මව වීලා


මේ සින්දුවෙ තේරුම මුලින්ම මට කියලා දුන්නේ අපේ අම්මා.. ඒත් මම හුඟක් පුංචි කාලේ. මේ සින්දුව අහන වාරයක් වාරයක් පාසා මේ සින්දුවේ කියවෙන ඒ අම්ම ගැන හිතට හරි පුදුමාකාර දුකක් ඇති වෙනවා. ඉතින් හිතට හුඟක් තදින් කාවැදිලා තියෙන ගීතයක් නිසා මම මේ ගීතයට හුඟක් කැමතියි. 


3) වක්කඩ ලග  පණ්ඩිත් අමරදේවයන් 

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා 
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව

හිනාවෙයන් කලු හිනාවෙයන්.....


මේ ගීතයේ වචන වලට වගේම සංගීතයටත් මම හූඟක් ආස කරනවා. පාසල් කාලේ මේ සින්දුව අපි එක එක උත්සව අවස්තාවලට නර්ථන නිර්මාණයන්ට යොදා ගන්න බොහොම ජනප්‍රිය සින්දුවක් විදිහටයි තිබුනේ. ඉතින් අදටත් මේ ගීතය ඇහෙනකොට සොඳුරු මතකයන් ගොඩක් හිතට ගලාගෙන එන නිසා තාමත් මේ ගීතයට හුඟක් කැමතියි. 


4) සිතින් මා නොසැලී   ටී.එම් . ජයරත්න

සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ‍ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සිහිනේ..
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..

සිතින් මා නොසැලී...

තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...

සිතින් මා නොසැලී...



හුඟක් දුක හිතුන වෙලාවක මම අහන්න ආසම ගීතයක් තමයි මේක. එතකොට හිතට හරි පුදුමාකාර ශක්තියක් එනවා දුක නැති කර ගන්න. 

කොයිතරම් කඳුළු හංගගෙන දරාගෙන ඉන්න උත්සාහ කරත් ඒ උත්සාහයන් පරාජය කරගෙන කඳුළු දිනන හැටි ගැන මටමද මේ කියනෙ කියලත් මේ ගීතය ඇහෙද්දී මට හිතිලා තියෙනවා.


5) සිහින ලොවක්  - ක්ලැරන්ස් විජේවර්ධන 

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

සොඳුරු මිහිර සුව පහස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
ඉර සඳු තරු කැට
පායන මිහිපිට
ආදරයෙන් බැඳුණා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන දැනෙන සුව
ගතට දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි //



ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයගේ හැම ගීතයකටම තුශානි ගොඩක් කැමතියි ඒ අතරින් මේ ගීතය මුල් තැන ගන්නවා. 

ආදරයේ සුන්දරත්වය ඒ ගීතයෙන් අපූරුවට කියවෙනවා වගේම ගීතයට යොදලා තියෙන සංගීතයටත් තුශානි ගොඩක් ආස කරනවා. 


6) ගහක මල් පිපිලා - කරුණාරත්න දිවුල්ගනේ  

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි...

කතරෙ වැලි කැට හිරුට පෙම්
බැඳ ඇතත් ලෝ දහමෙන්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගේ මනරම්
කරනු බැරි තහනම්..

ගහක මල් පිපිලා …
සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැ‍‍‍ඟෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්
ගහක මල් පිපිලා …


අපි සමාජයේ බොහෝ දෙනෙක් දැන හඳුනගෙන හිටියට සමහර පුද්ගලයින් ඒ අතරින් විශේෂ වෙනවා.  ඒ සමහර හැඟීම ඇයි එහෙම ඇති වුනේ කියලා ආපහු හිතලා බලන වෙලාවල් අපි හැම කෙනෙක්ගෙන ජීවිත වල තියෙනවා. ඉතින් ඒ ගැන හරි අපූරුවට කියවුනු ගීයක් නිසා මේ ගීතයත්මම කැමතිම ගීත අතරින් එකක්.    

7) සුවඳ මල් රේණු පිස එන ඉමාන් පෙරේරා 
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා...

සීත පිනි වදුල සඟවා
මෝදුවී නිශා නුබ ගැබ
අඳුර මකාවා...
නීල විල් දියේ උපදින
කොද මලක සුමුදු රල පෙති
කොපුල් තලාවා...

සුවඳ මල්...//

අරුණ දොරකඩින් නැග‍ එන
උදා හිරු කිරණ සඳවත
පුබුදු කරාවා...
නොඹා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා...

සුවඳ මල්...//


ඉමාන්ට තියෙන කටහඬ හරි විශේෂයි. සරළ පද වැල් ටිකක් වුනත් මියුරු හඬකටත්, සංගීතයකටත්, මුසු වුනු ලස්සන ආදර ගීයක්. ඒ නිසා මේ ගීතයටත් මම හුඟක් කැමතියි.


8) දියවෙන්නට පෙර  - අප්සරා ද සිල්වා


දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//
ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් ම දෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...


නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා..
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා..
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට..
මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා...//
ඉවාන් පවුළුෂා....ඉවාන් පවුළුෂා....


හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද..

කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද..
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද..
සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද...//


ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් මදෙස බලන්නේ..
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ..

දියවෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ...
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...


මේ ගීතය "යාත්‍රා" වැඩසටහන ඔස්සේ හුඟක් මිනිස්සු අතරට ගිය ගීතයක්.  මේ ගීතය ආපු මුල් කාලයේ ඒක රූපවාහිනියේ විකාශය වෙනකොට ඒ රූප පෙළ දකින්න හරිම ආසාවෙන් තමයි හිටියේ. ඒ කියන්නේ මේකෙ රූප රචනාවට තමයි මම හුඟක්ම කැමති. ඒ රූප රචනාව ඔස්සේ තමයි ගීතයට ආස කරන්න පටන්ගත්තේ.  

 9) අසුරු සැණින්  - යමුනා විනෝදනී


අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට //
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී...

සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට //
එක සෙවණකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී...


යමුනා විනෝදනී මහත්මිය යටතේ තුශානිටත් සංගීතය හදාරන්න හැකියාව ලැබුන නිසා මේ ගීතය සජීවීව කිහිපවරක්ම තුශානි අහලාතියෙනවා. ඉතින් ඒ සජීවී රස වින්දනයත් එක්කයි මේ ගීතයට මම ආස කරන්නේ. 

නිතර දෙවේලේ මේ ගීතය ප්‍රචාරණය නොවුනත් වෙනස් තේමාවක් ඔස්සේ නිර්මාණය වුනු හරිම ලස්සන ගීතයක්. 

පසු කාලේ මම මේ ගීතයේ වචන වලටත් , ඒ වචන වලින් තුශානිගෙම ජීවිතයට බැඳුනු සිදුවීම් නිසාත් මේ ගීතය මම කැමති ගීත ගොන්නේ විශේෂ තැනක තියෙනවා. 

10) හන්තානට පායන් සඳ - අමරසිරි පීරිස්
 
හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හෑකිය දකින්න //

අඳුරු වලා වහිනා කල
සරසවි බිම තෙමන්න //
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දෑනෙන්න

ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න //
මා ගෑන මතකය ගුලි කර
මහවෑලියට දමන්න

හන්තානට පායන...//
 


මේ ගීතයට තුශානි ආස කරන්නේ ඒ වටා ගෙතුනු කතාව නිසයි. ගීතය අහන හැම වාරයක් පාසාම ඒ කතාව තුශානිගේ හිතේ රූප පෙලක් විදිහට මැවෙනවා. 

අමරසිරි පීරිස් මහත්මයගේ හඬින් හැඩවුනු ගීත ගොන්නේ මගේ මුල් තැන හිමිවෙන්නේ මේ ගීතයට.. 


 11) සිනා පොදක් වී - දීපිකා ප්‍රියදර්ශනී

සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි..//

සෙවනැල්ලක් සේ ඔබ දිවිගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා..//
මිරිඟුව දක්වා - නෙතු යුග රවටා..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..

මල් කැකුලක්සේ ඔබ හද උයනේ..
විකසිත වන්නට සැරසී උන් මා..//
සිතගිණි අවුලා - පියවර අහුරා..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..

සිනාපොදක් වී...


මේ ගීතයේ එන සිදුවීම තුශානිගෙ හිතට හුඟක් සංවේදීව දැනෙන සිදුවීමක්. මේ විදිහම නොවුනත් මීට සමාන අද්දැකීමක් තුශානිටත් තියෙන නිසා මේ ගීතය හිතට තදින්ම ගීතයක්. 

12) බිම්බරක් සෙනග - ගුණදාස කපුගේ 


බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම්
මාළිගාව කෝ..

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇළලුණ
වෘක්ෂ දේවතාවුන් බිම වැටී
පණ ගසයි
මිනී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
සතර රියන් කඩ අහිමිව
විලාපය නඟයි..විලාපය නඟයි..!

බිම්බරක් සෙනග...
කැලෑ මල් පිපී රතු තොල්වලින්
කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය
රන් රුවන් කරඩු කොයි..
වෑකන්ද කඩා බිම් කටු
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමවු...කඩුව බිම දමවු...!

බිම්බරක් සෙනග...


මේ ගීතයට කැමති මේ ගීතයේ තියෙන උත්තේජනාත්මක පද වැල් හා සංගීත රටාවත් එක්කයි.  ඒකට ගුණදාක කපුගේ මහත්තයාගේ හඬ හොඳ සාදාරයක් කරලා තියෙනවා කියලයි මම විශ්වාස කරන්නේ. 

හුඟක්ම මේ ගීතය මගේ හිතට දැනුනේ මනෝෂ් සඳරුවන් කියන අපේ බ්ලොග් සගයා ලියලා තිබුනු මෙන්න මේ පොස්ටුව නිසා.  


13) වස්සානයට අත වනලා - උමාරා සිංහවංශ 


වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී //


හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී


වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගේම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
මං ආවොත්ද නුඹ මට හිමි


වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නෙ ඇයි රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී


ආදරේ එක් පැතිකඩක් ගැන කියවෙන ලස්සන ගීතයක්. ගීතය සඳහා යොදාගෙන තියෙන වචන හරිම සරල වුනත් හිතට දැනෙන වචන ටිකක්. සංගීතයත් හරියට ආදරය මුසු වෙච්ච සංගීතයක් වගේ. උමාරියාගේ කට හඬටත් තුශානි ගොඩක් ආස කරන නිසා මේ ගීතයට හුඟක් ආසයි. 


14) එක මොහොතක් ඔබ සෙවණේ- මර්වින් පෙරේරා, අමිතා වැදිසිංහ

එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්//

කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි
අහසයි පොළොවයි එක්වෙන දවසක් දනිමි//
මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි//
එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි


එක මොහොතක්...//


පිළිවෙලක‍ට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා//
මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා//
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා


එක මොහොතක්...//


බොහොම සරල ගීතයක් විදිහට පෙනුනත් ගැඹුරු අර්ථයක් තියෙන ලස්සන ගීතයක්..  ප්‍රවීන ගායන චරිත ද්විත්වයත් එක්ක ගීතයට හොඳ සාදාරයනක් ඉෂ්ට වෙලා තියෙනවා.


15) ඔබේ සිනා ලඟ - ජගත් වික්‍රමසිංහ 

ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කතා ලග සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි //
මේ ලෝ තලයේ //

කුමටද උපමා ඉතිහාසයේ උන්
ප්‍රේමවන්තයින්ගෙන් ..
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ ..
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා ..
ඉමකා නිමක් නැත පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා

ඔබේ සිනා ලග ...

 
මේ ගීතයත් තුශානිගේ ජීවිතයට බොහොම සමීප ගීතයක්. හිනාවක් ලඟ, කතාවක් ලඟ අපි හැම කෙනෙකුගෙම හිත් එක පාරක් හරි නැවතිලා ඇති. සමහර විට කෙනෙක් ආදරයක් හඳුන ගන්නේ ඒ හිනාවෙන් හරි කතාවෙන් හරි වෙන්නත් පුළුවන්. හිනාවෙන් හරි, කතාවෙන් හරි මිනිස්සු මනින්න බැරි වුනත්, කෙනෙකුගෙ හිනාවකට, කතාවකට තමයි අපි ආදරය මුලින්ම ආදරය කරන්නේ. 


16) දුරු ඈත රටක තනිවී.  -  රොෂාන් ප්‍රනාන්දු

දුරු ඈත රටක තනිවී.
සිහිවෙන හැම මොහොතක් ගානේ
නෙතගට කඳුළු පිරේ

එන්න හිතයි පියඹා ඔබෙ කුටියට
මාගේ කිරිල්ලියේ... //


සෙනේහයක් දැනුනා මට ඔබ ගැන
දුරස්ව ඉන්නා ටික කාලේදී ... //

නිවාඩුවක් ලද විගසම එන්නම්
ඔබ හා දොඩ මළු වන්න්නට රහසින්  


සිහිවෙන හැම ...

දුරකථනෙන් ඔබ අමතන විටදී
හිතට දැනුනෙ අපමන සතුටක් ... //

ඉවසිල්ලක් නෑ ඔබ වෙත එන්නට
දිවිය පුරාවට මගෙ කර ගන්නට ...
 


සිහිවෙන හැම ...

මේ ගීතය මේ තරම් දැනන ගීයක් බවට පත් වෙයි කියලා ගීතය මුලින්ම අහනකොට නම් හිතුනෙ නෑ. 

ඒත් මේ අත්දැකීමම තුශානිට ජීවිතේ මුහුණ දෙන්න සිදුවීම හරිම පුදුමාකාරයි. මීට මාස කීපයකට කලින් පෙම්වතියක් විදිහටත් අද වෙනකොට බිරිඳ විදිහටත් මේ ගීය ඔහුගේ හඬින් අහන්න ලැබීම නිසා මේ ගීය තුශානිට බොහොම විශේෂ ගීතයක්.

***  

මට හිතෙන්නේ මේ පොස්ට් එක තමයි තුශානි වැඩිම කාලයක් ගත කරලා ලියපු පොස්ට් එක. ගීත අතරේ අතරමං වෙලා ඒ ගතකරපු කාලය ඇත්තටම හරිම සුන්දරයි. 


  

32 comments:

  1. මොකද මේ එකම පොස්ට් එක දෙසැරයක් දාලා ,

    මගේ සින්දුවට මම කොහොමත් ආසයිනේ , පුංචි කාලේ ආසවෙච්ච සිංදුවකුත් තියෙනවා,

    ඔයා වෙදහාමිනේ එකේ සින්දුවලට කැමති නැද්ද? ;)

    ReplyDelete
    Replies
    1. අහ් ඔව්නේ. හරි... ඔන්න හැදුවා.තැන්කූ...

      ඔයාගෙ සින්දුව නෙවෙයි ඔයා ඒ සින්දුව කොපි කරලා එහෙම නේද ;)

      මොකද්ද පොඩි කාලේ ආස සින්දුව?

      ඇයි නැත්තේ.. ඒකේ දූවිල්ලෙන් සැදුන ලියේ ගීතයට මම හරිම ආසයි... කොච්චර ආසයිද කියනව නම් ඒ රූප රාමු තාමත් මතකයේ තියෙනවා.

      Delete
  2. 11, 12, 13, 14, 15 මමත් ආස ඒවා. බොහොම ස්තූතියි තුශානි.

    ReplyDelete
    Replies
    1. කැමතිම ගීත ගොඩක් එක තැනකදී රසවිඳින්න මේ වගේ අපූරු ගීත චාරිකාවක් එක්කගෙන ගිය ඔයාටත් බොහොම ස්තූතියි...

      හැබැයි ඉතින් ගීත 16කට සීමා කරන්න කියලා නීති දාලා අපිව අපහසුතාවයට පත් කිරීම සම්බන්දව නම් බලවත් විරෝදය.. ;) හි.. හි...

      Delete
  3. තුෂානි අක්කේ මෙතන තියනව හන්තානෙට පායන සඳ සිංදුවේ පසුබිම් කතාව. සමහර විට කලින් ඔයා අහලත් ඇති :)

    තුෂානි අක්කට කියන්න ඉස්සර සිංදුවක් කියන්න කිව්වම නුලින්ම මතක් වෙන්නෙ ඔය මිදුලේ වැලි මාලිගාවේ සිංදුව තමා :D

    ReplyDelete
    Replies
    1. ඔව් හංසි මම කතාව අහලා තියෙනවා... ඒත් මේක අහලා නෑ.. බොහොම ස්තූතියි...

      අහ් එහෙනම් ඔයත් මම වගේ වෙන්න ඇති.. :)

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මිදුලේ වැලි මාලිගාව, සිහින් ලොවක්, සුවන්ද්ද මල් රේණු පිස එන , ඉවාන් පවුලුෂා, බිම්බරක් සෙනග,ඔබේ සිනාළඟ,

    --ඔන්න තුෂානි ගේ ලිස්ට් එකේ තියෙන මට ආසම හිතෙන සින්දු ටික..

    අනිත් ටිකත් ලස්සනයි.

    කොහොම වුනත් ලිස්ට් එක නම සුපිරියි..

    ReplyDelete
    Replies
    1. :) හරිම අමාරුවෙන් තමයි සින්දු ටික තේරුවේ...

      බොහොම ස්තූතියි...

      Delete
  6. ෂෝක් නේ තුශානී. ඔයා දන්නවද, 'වක්කඩ ළඟ දිය වැටෙන තාලයට' ගීතයේ, 'තිත්ත පැටව් උඩ පැන නැටුවා' කියන කොටස, 1960 දශකයේ පොතක මුද්‍රණය කර තිබුනේ, අකුරු උඩ ගිහින් යටට එන විදිහට.

    ReplyDelete
    Replies
    1. අහ්.. එහෙමද ...

      බොහොම ස්තූතියි විචාරකතුමා...

      Delete
  7. තවත් ලස්සන සිංදු ටිකක් තුශානි.. මට නම් අපි හැමෝම තෝරපු සිංදු වලින් අකමැතියි කියන්න සිංදුවක් නැ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ...

      ඔව්.. හැමෝගෙම තේරීම වල තියෙන්නෙ හරිම ලස්සන සිංදු ...

      Delete
  8. මිදුලේ වැලි මාලිගාවේ සිංදුවට පුංචි කාලෙ මාත් ආසයි... අදටත් වෙනසක් නෑ... ඒ වගේම අනිත් සිංදුත් ටොප් ලිස්ට් එකේ තියනවා...

    ඔයාගෙ සිංදු ලයිස්තුවත් මරු...

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි... බොහොමයක් ළමයින්ගේ විශේෂයෙන් ගෑණු ළමයින් අතර ඒ දවස්වල හරි ජනප්‍රිය ගීතයක් තමයි ඕක...

      බොහොම ස්තූතියි ...

      Delete
  9. ඔන්න මාත් දැම්මා බොහොම අමාරුවෙන් සින්දු ටිකක් තෝරලා..

    ReplyDelete
    Replies
    1. අපිත් මේ ඒ පැත්තට ගිහින් එන ගමන් ඔන්න ..

      Delete
  10. ඔක්කොම එකම තැන නියමයි...

    ReplyDelete
  11. ඔයාගේ එකතුවේ ගොඩක් ගීත මමත් හරිම ආසාවෙන් අහන ගීත. විශේෂයෙන්ම 'දිය වෙන්නට පෙර', 'සුවඳ මල්', 'වක්කඩ ලඟ', 'සිතින් මා නොසැලී', 'අසුරු සැණින්' (ඒක මගේ කැමතිම 16 අතරටත් ආවා), 'හන්තානට පායන හඳ', 'වස්සානයට අත වනලා'. හරිම ලස්සන ගීත. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තටත් ගොඩ වුනාට..

      ඔව් ... හැමෝගෙම ගීත එකතුවල තියෙන්නෙ හරිම ලස්සන ගීත...

      Delete
  12. නියමයි.. මගේ ලිස්ට් එකේ සිංදුවකුත් තුෂානිගේ ලිස්ට් එකේ තියෙනවා.. :) මිදුලේ වැලි මාලිගාව කැමති උනේ පොඩි දවස්වලමයි.. ඒ මුතුහර ළමා සමාජ වල ක්‍රියාකාරී උණු කාලේ.. දැන් ඒ සිංදුව මගේ දුව කියනවා අහගෙන ඉන්න කොට දැනෙන හැඟීම වචනයෙන් කියන්න බෑ.. ඉමාන් පෙරේරා ගේ සුවඳ මල්, ජගත් ගේ ඔබේ සිනා ළඟ, දීපිකා ගේ සිනා පොදක් වී වගේම වෙල්ලස්සේ ගීතයත් අමතක කරන්නේ කොහොමද? ස්තුතියි මේ මතක් කිරීම් වලට..

    ReplyDelete
    Replies
    1. අහ්.. මුතුහර කිව්වහමයි මතක් වුනේ.. තුශානිත් ඒ කාලේ ක්‍රියාකාරී මුතුහර සාමාජිකාවක්...

      ඔව් කළණ.. ඒ හැඟීම හිතා ගන්න පුළුවන්... ඒ කාලේ ඒ හැටි තේරුමක් නැතත් අද මතක් කරලා බලනකොට අපේ තාත්තත් කොයි තරම් නම් ආසාවෙන් මම එ සිංදුව කියනවා අහගෙ හිටියද කියලා හිතෙනවා...

      ඔයාටත් බොහොම ස්තූතියි අපිටත් ලෙඩේ බෝ කලාට...

      Delete
  13. හොඳ තේරීමක් !

    ReplyDelete
  14. දැන් බලාගෙන යනකොට ගොඩක් අය කැමති සින්දු තෝරන්න පුළුවන් මේ විධිහට. තුෂානිගේ තේරීමේ 3, 4, 10, 12 මාත් ඇතුළු බොහෝ අය කැමති ඒවා කියල තේරුණා. සමහර සින්දු අහලා නැහැ. ඒවා අද හවස අහන්න දාගත්තා . අංක එක හුඟක් කැමති සින්දුවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් අයියා...

      ඔව්.. කට්ටියගෙම පොස්ට් ටික එකට අරගෙන බැලුවොත් ගොඩක් අය කැමති සිංදු ටිකක් තෝර ගන්න පුළුවන්..

      අහ් .. අහපු නැති ඒවත් අහලා කියන්නකෝ හොඳයිද කියලා... :)

      Delete
  15. වක්කඩ ලඟ.....මගේ අංක එක...:)

    ReplyDelete
    Replies
    1. පණ්ඩිත් අමරදේවයන්ගෙ ගීත වලින් මගෙත් අංක 01... :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...