නේක තරු වැල් පිරිවරන්
වලා පට තිර පිස දමන්
සුපිපි සේපාලිකා සුවඳින්
චන්ද්‍ර මණ්ඩල රැස් අරන්
සිනහ පිරි මුව මඩල මෙන්
ශ්වේත වර්ණෙන් බබලමින්
සිල් සුවඳ සත වෙත් අරන්
අමා කරුණා ගුණ දරන්
සීත රැයේ දැල්වුනු පහන්
පරදමින් රැස් විහිදමින්
කිරි දියර නැහැවු ලෙසින්
බබලමින් සිත් සන්තොසින්
අමාවක ඝනඳුරු මකන්
ගුවන් ගැබ කල එළි කරන්
පොහෝ දින පිලිගන්න හරසරින්
සුපුන් සඳ සූදානමින්
වලා පට තිර පිස දමන්
සුපිපි සේපාලිකා සුවඳින්
චන්ද්‍ර මණ්ඩල රැස් අරන්
සිනහ පිරි මුව මඩල මෙන්
ශ්වේත වර්ණෙන් බබලමින්
සිල් සුවඳ සත වෙත් අරන්
අමා කරුණා ගුණ දරන්
සීත රැයේ දැල්වුනු පහන්
පරදමින් රැස් විහිදමින්
කිරි දියර නැහැවු ලෙසින්
බබලමින් සිත් සන්තොසින්
අමාවක ඝනඳුරු මකන්
ගුවන් ගැබ කල එළි කරන්
පොහෝ දින පිලිගන්න හරසරින්
සුපුන් සඳ සූදානමින්
පද පේළි ටික ලස්සනයි .......
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට ...
Deleteඇත්තටම අපූරුයි මේක නම්..
ReplyDeleteහඳ පායල තියෙන අපූරුව දැක්කහම ඒ ගැන ලියන්න ඕනේ කියලා හිතුනා..
Deleteඇගයීමට ස්තූතියි..
ඉතින් අදවත් පන්සලකට ගොඩවුනොත් නරකද?හි හි
ReplyDeleteඔන්න කියපු නිසාම පන්සල් ගියා ...
Deleteසරල රසවත් මුදු මොළොක් කවි පෙළක්!!!!!!!!!!!
ReplyDeleteහදිස්සියෙම හිතට ආපු සිතුවිලි ටිකක්... කවි පද පේලි ටිකකට පෙරලුවොත් හොඳයි කියලා හිතුනා ...
Deleteඅගය කලාට හුඟක් ස්තුතියි... ඒක තුශානිට ලොකු ශක්තියක් ...
ලස්සනයි තුශානි. සිල් ගන්න යනවද?
ReplyDeleteස්තුතියි චතුරංග ..
Deleteසිල් ගත්තෙ නම් නෑ... එත් අපි අද සිල් ඇත්තන්ට දානයක් දුන්නා ...
බුද්ධාලම්භන ප්‍රීතිය...
ReplyDeleteජය...!
ම්... ඔව් ඔව් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඉන්නේ ...
Deleteහුඟක් වටින පිංකමක් කරගන්න අද පුලුවන් වුනා..
ලස්සනයි තුශානි,පෝයට මොකද කළේ
ReplyDeleteඅපේ සීයා නැතිවලා අදට හරියටම අවුරුදු 9 ක් වෙනවා ...සීයා තුශානිගේ ජීවිතේ හුඟක් ලගින් හිටිය කෙනෙක්. ඉඩකඩක් ලැබුනොත් ඒ ගැන විස්තර ඉදිරියේදි ලියන්නම්..
Deleteඉතින් ඒ නිසා අද අපි පන්සලටයි , සිල් ඇත්තන්ටයි දානයක් දුන්නා ...
බොලේ....නගාට ලස්සනට කයි ගොතන්නත් පුලුවන් නොවැ...හද පායනකම්ම හිටියා නේද කයියක් කියන්න...
ReplyDeleteඅනේ නෑ.. කලින් ගොතපු කයි කීපයකුත් ඇති... ඉඩකඩක් තියෙනව නම් ගිහින් බලන්න ...
Deleteඇයි අනේ කවි මට පත්තියම් වෙන්නෙම නැත්තෙ ??? මට අර රසවින්දනේන මොකක්ද එක නැද්ද කොහෙද :(
ReplyDeleteම්.. ඒකට තියෙන හොඳම බෙහෙත දන්න විදිහට කවියක් ගොතන්න උත්සාහකරන එක..
Deleteඋත්සාහ කරලා බලමු නේද? අනිවාර්යයෙන්ම එනවා කියවන්න ...
සොඳුරු කවි පෙළක්. කියෙව්වෙ නම් පෝය පහු වෙලා.
ReplyDeleteස්තූතියි... ඒකට කමක් නෑ කොහොමහරි මේ පැත්තේ ඇවිත් ගියානේ ...
Deleteසඳ අමාවකයි කිව්වලු !
ReplyDeleteලස්සන කවි පද ටිකක් !
හඳත් හරියට අපේ ජීවිත වගේ නේද .... අමාවක, පස්ලොස්වක වගේ දුක, සතුට දෙකම තියෙනවා...
Deleteඔවු... ඒක හරි.. අපේ ජීවිත වගේ !
Deleteඅපිත් ලෑසිතියි පෝය දින පිළිගන්න
ReplyDeleteබිත්තර හංගන්න
මස් මාළු නොගෙනෙන්න
හොරෙන් හරි මල් කඩා
පන්සලට ගෙනියන්න
ඔන්න ඔය වගේ
පෝයට අපි.. හද පායන කොට
පුන් සද වගේ
දේශකතුමාගේ පොහොය පිලිගැනීමත් හරි අපූරුයිනේ...
Deleteකොහොම හරි වෙන්න යන වෙනසට සුභ පැතුම්. හැමදාම අමාවක තියෙන්නේ නෑ නෙව
ReplyDeleteසුබ පැතුමට ස්තූතියි... ලිව්වේ නම් ජීවිතේ වෙනසක් ගැන නෙවෙයි..
Deleteආ ....................පෝය පහු වෙලා නෙව දැන්...
ReplyDeleteඅගනා කවි ටිකක් තුශා...
ස්තූතියි රෙහානි... ආපහු ඉතින් දුරුතු පෝය තමයි...
Delete