Add caption |
රිවි කිරණ එක ලෙසින් වූවත්
අඳුරු දිනයක් ඉඟි කලා
අසුබ ලකුණක් දෝත දරමින්
නිමිති එක දෙක මතු වුනා
සුසුඳු පෙන පිඬු විසිරුවා නැගි
සුනිල රළ පෙළ කැලඹුනා
පෙර දිනක් දුටු නොවු විරු ලෙස
රුදුරු වී ඝෝශා කලා
මිල කරන්නට නොහැකි ජීවිත
මිල මුදල් සමගින් අරන්
පෙර දිනක මුහුදට නොගිය රළ පෙල
එදා ගියේ පොදි බැඳ අරන්
අඳුරු සෙවනැලි සෝ සුසුම් මැද
දුක් අඳෝනා මතු වුනා
වාව ගන්නට බැරි දුකක් දී
නැගුනු රළ මුහුදට ගියා
කාලයේ වැලි තලාවන් ගෙන්
වැසුනු මුත් දුක් සෝ තැවුල්
රුදුරු රළ පෙළ බිලි පිදුම් ගෙන
නව වසක් නොදැනී ගොසින්
හද රිදුම් දෙන එවැනි විපතක්
යලි කිසිදු දින නොවේවා
සියළු දෙවි රැක වරණ සමගින්
ලක් මවුන් නිති රැකේවා ...
අපි හැමෝගෙම අඳුරු මතකයක්... ආයේ කවදාවත් මෙවන් විපතක් නොවේවා!
ReplyDeleteඔව්... මේ වගේ විපතක් නම් ආපහු කවදාවත්ම අහන්න නොලැබේවා ...
Delete//සියළු දෙවි රැක වරණ සමගින්
ReplyDeleteලක් මවුන් නිති රැකේවා ...//
එසේම වේවා,සුනාමිය නිසා රටට ලැබුණු මුදල් සහ ආධාර කන්දරාව නැති නාස්ති කල උන් බංග වේවා.
කොහොමත් අයුතු විදිහට හොයන සල්ලි ඵල දීමක් නෑලුනේ ... ඒ නිසා අපි ඒ ගැන කතා කරන එක තේරුමක් නෑ කියලයි මම හිතන්නේ..
Deleteජීවිත සිය දහස් ගනනක් බිලිගත්ත මේ වගේ විපත් ආපහු අහන්න දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ හැලපතුමා ..
මගෙත් ප්‍රාර්ථනාව එයයි තුශා ;)
ReplyDeleteඔව් රෙහානි.. අපි හැමෝගෙම ප්‍රාර්ථනය ඒකයි...
Deleteඅපි හැමෝගෙ ම ප්‍රාර්ථනාව මේක නේ. ලස්සණ යි කවි සිත්තම.
ReplyDeleteස්තූතියි දිලිනි.. හැමෝම එකම දෙයක් ප්‍රාර්ථනා කලොත් ඒ දේ ඉෂ්ට වෙනව නේ ... ඒ නිසා අපි හැමෝම එකම ප්‍රාර්ථනාව කරමු....
Deleteමතක් වෙත්දිත් පපුවට මොනවදෝ වෙනවා දැනෙනවා.
ReplyDeleteඔව් චතුරංග .... අපිට ඒක මේ තරමට දැනෙනව නම් සුනාමියට මුහුණදීපු අයට ඒ දුක කොයිතරම් වෙන්න ඇතිද...
Deleteනැවත නොවේවා එක තමයි හැමෝගෙම පැතුම වෙන්නේ
ReplyDeleteඅපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ...
Deleteඔන්න ඉවාන්ගේ බ්ලොග පැත්තේ ඇවිත් තිබුණු නිසා මාත් මෙතැන්ට පාර හොයාගත්තා. එන්නම් දිගටම
ReplyDeleteනලීන් අයියා වගේ කෙනෙක් තුශානි වගේ අලුත් කෙනෙක්ගේ බ්ලොග් එකකට පැමිණීම ගැන හුඟක් සතුටු හිතුනා ...
Deleteබොහොම ගෞරවයෙන් වගේම සාදරයෙන් පිලිගන්න ගමන්ම දිගටම එන්න කියලත් ආරාධනා කරනවා ...
මෙවන් විපත් නැවත සිදු නොවේවා !!!
ReplyDeleteඅපි හැමෝමත් කරන්නේ ඒ ප්‍රාර්ථනාව... ඔන්න ඔයාවත් ඒකට එකතු කරගත්තා ...
Deleteකාලයේ වැලිතලාවෙන් වැසී ගිය අඳුරු බිහිසුණු මතකයක්.....හ්ම්ම්ම්
ReplyDeleteඑවැනි අඳුරු බිහිසුණු මතකයක් මතුවට ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු...
Deleteඒ වගේම රන්දුව තුශානිගේ බ්ලොග් එකට බොහොම සාදරයෙන් පිලිගන්නවා ... දිගටම එන්න...
මමත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවය කරන්නේ පරිපාලන නිලධාරි විදිහට. මම මගේ රැකියාවත් එක්ක නිතරම ආපදා තත්වයන් එක්ක සේවය කරන්නේ. ඒ නිසා ජීිවිතය හා මරණය පිළිබදව නිරතුරුව සටන් කරන පිරිසකගේ දුක් වේදනාව මට හොදටම වැටහෙනවා.
ReplyDeleteමනුස්සයෙකුගේ දුකක්, වේදනාවක්, පීඩනයක් දැනෙන්නේ තවත් මනුස්සයෙකුට .. ඉන්න ටික කාලය හොඳින් ජීවත් වීමයි වටින්නේ..
Deleteකවදාවත් මේ වගෙ විපතක් සිදු නොවේවා. හිතක් පපුවක් ඇති හැමදෙනාගෙම එකම පැතුම එයම වේවා.
ReplyDeleteඅපි හැමදෙනාගෙම පැතුම ඒකමයි...
Deleteමේ පැත්තට ඇවිත් යන්න ආවටත් හුඟක් ස්තූතියි... ඔන්න තුශානි ඔයාවත් සාදරයෙන් පිලිගත්තා ... දිගටම එන්න ...
මෙවැනි දෙයක් යලිත් කිසිදිනක කිසිතැනක නොවේවා...
ReplyDeleteඔව්... යලිත් කිසිදිනක කිසිතැනක නොවේවා...
Delete// හද රිදුම් දෙන එවැනි විපතක්
ReplyDeleteයලි කිසිදු දින නොවේවා
සියළු දෙවි රැක වරණ සමගින්
ලක් මවුන් නිති රැකේවා ...//
මේ ප්‍රාර්ථනාවට මමත් එකතු වෙන්නම්...සුනාමිය අහවර වෙච්ච ගමන්ම වගේ අපේ පැත්තෙ නඩයක අතුරුදහන් වූ 6 දෙනෙකු හොයන්න මමත් දකුණට ආවා. ඒ නිසා මේ සුනාමියෙන් පස්සෙ තත්වය ගැන මට හොද මතක සටහන් රාශියක් එකතු වුනා....ඒ අතරින් මගේ හදවත බොහෝ රිද්දපුවා කීපයක් තිබුනා....තමන්ගෙ පවුලෙ සියලුම අය මියගොස් සිටි සුන්දර ගෑණු දරුවෙකු හිටියා අරමුණක් නැතිව මුහුද දිහා බලාගෙන....එයා අවට සිටි කෙනෙක් තමයි මට එයාගෙ කථාව කිව්වෙ....මේවා තවම මම බ්ලොග් එකේ ලියලා නෑ. නිසි කාලය ආවම ලියවේවි...
ඔපීසියෙ මා ලග ඉන්න සුදු නංගිට මම අපේ සංවේදී සුනාමි මතකයන් අඩංගු වීඩියෝ පෙන්නුවා ගිය සිකුරාදා...ඇය ඇස් ලොකු කරගෙන බලා සිටියා අපට වෙච්ච විපත පිළිබද....ගාල්ල බස් නැවතුමේදි තරුණියන් පිරිසක් ජලයට ගසා යන සිදුවීමට නම් ඇය වඩාත් සංවේදී උනා...
ස්තූතියි ප්‍රාර්ථනාවට එකතුවුනාට ...
Deleteඅර ගෑණු ළමයගේ කතාවත් ඉක්මනින්ම බ්ලොග් පිටු අතරේ ලියවෙයි කියලා බලාපොරොත්තු වෙනවා ..
ගාල්ල බස් නැවතුම්පලේ සිදුවීම පහුගිය දින වල රූපවාහිනියෙන් නැවත දකිද්දි අපි හැම කෙනෙක්මත් ඒ අතීතෙට ගියා.. වසර නමයක් ගතවෙලා වුනත් ඒ සිදුවීම් අපේ හිත් වලට දරාගන්න බැරි දුකක් අරන් එනවා..
සුනාමිය ගැන සටහන් කියවද්දි මන් හිතින් ඒ වෙලාවට මගේ ගමට යනවා,ඒ ඇයි කියලා දවසක ලියන්නම්.......ජිවිතේ වටිනා කම කොච්චරද කියලා මන් ඉගෙන ගත්තේ 2004.12.26 වෙනිදායින් පස්සේ....ආයේ කවදාවමහ් එවන් විපතක් නොවේවා කියලා පතමි පැතුමක්!!!
ReplyDeleteඔව් ශානු .. අපේ පැතුමත් ඒකයි... සුනාමිය ගැන සටහනත් ඉක්මනින්ම ලියන්න හොඳේ..
Delete