Thursday, December 26, 2013

රුදුරු රළ පෙල බිලි පිදුම් ගෙන නව වසක් නොදැනී ගොසින්...

Add caption


















රිවි කිරණ එක ලෙසින් වූවත්
අඳුරු දිනයක් ඉඟි කලා
අසුබ ලකුණක් දෝත දරමින්
නිමිති එක දෙක මතු වුනා

සුසුඳු පෙන පිඬු විසිරුවා නැගි
සුනිල රළ පෙළ කැලඹුනා
පෙර දිනක් දු‍ටු නොවු විරු ලෙස
රුදුරු වී ඝෝශා කලා

මිල කරන්නට නොහැකි ජීවිත
මිල මුදල් සමගින් අරන්
පෙර දිනක මුහුදට නොගිය රළ පෙල
එදා ගියේ පොදි බැඳ අරන්

අඳුරු සෙවනැලි සෝ සුසුම් මැද
දුක් අඳෝනා මතු වුනා
වාව ගන්නට බැරි දුකක්  දී
නැගුනු රළ මුහුදට ගියා

කාලයේ වැලි තලාවන් ගෙන් 

වැසුනු මුත් දුක් සෝ තැවුල්
රුදුරු රළ පෙළ බිලි පිදුම් ගෙන
නව වසක් නොදැනී ගොසින්

හද රිදුම් දෙන එවැනි විපතක්
යලි කිසිදු දින නොවේවා
සියළු දෙවි ‍රැක වරණ සමගින්
ලක් මවුන් නිති ‍රැකේවා ...

28 comments:

  1. අපි හැමෝගෙම අඳුරු මතකයක්... ආයේ කවදාවත් මෙවන් විපතක් නොවේවා!

    ReplyDelete
    Replies
    1. ඔව්... මේ වගේ විපතක් නම් ආපහු කවදාවත්ම අහන්න නොලැබේවා ...

      Delete
  2. //සියළු දෙවි ‍රැක වරණ සමගින්
    ලක් මවුන් නිති ‍රැකේවා ...//
    එසේම වේවා,සුනාමිය නිසා රටට ලැබුණු මුදල් සහ ආධාර කන්දරාව නැති නාස්ති කල උන් බංග වේවා.

    ReplyDelete
    Replies
    1. කොහොමත් අයුතු විදිහට හොයන සල්ලි ඵල දීමක් නෑලුනේ ... ඒ නිසා අපි ඒ ගැන කතා කරන එක තේරුමක් නෑ කියලයි මම හිතන්නේ..

      ජීවිත සිය දහස් ගනනක් බිලිගත්ත මේ වගේ විපත් ආපහු අහන්න දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ හැලපතුමා ..

      Delete
  3. මගෙත් ප්‍රාර්ථනාව එයයි තුශා ;)

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි.. අපි හැමෝගෙම ප්‍රාර්ථනය ඒකයි...

      Delete
  4. අපි හැමෝගෙ ම ප්‍රාර්ථනාව මේක නේ. ලස්සණ යි කවි සිත්තම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි.. හැමෝම එකම දෙයක් ප්‍රාර්ථනා කලොත් ඒ දේ ඉෂ්ට වෙනව නේ ... ඒ නිසා අපි හැමෝම එකම ප්‍රාර්ථනාව කරමු....

      Delete
  5. මතක් වෙත්දිත් පපුවට මොනවදෝ වෙනවා දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් චතුරංග .... අපිට ඒක මේ තරමට දැනෙනව නම් සුනාමියට මුහුණදීපු අයට ඒ දුක කොයිතරම් වෙන්න ඇතිද...

      Delete
  6. නැවත නොවේවා එක තමයි හැමෝගෙම පැතුම වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ...

      Delete
  7. ඔන්න ඉවාන්ගේ බ්ලොග පැත්තේ ඇවිත් තිබුණු නිසා මාත් මෙතැන්ට පාර හොයාගත්තා. එන්නම් දිගටම

    ReplyDelete
    Replies
    1. නලීන් අයියා වගේ කෙනෙක් තුශානි වගේ අලුත් කෙනෙක්ගේ බ්ලොග් එකකට පැමිණීම ගැන හුඟක් සතු‍ටු හිතුනා ...

      බොහොම ගෞරවයෙන් වගේම සාදරයෙන් පිලිගන්න ගමන්ම දිගටම එන්න කියලත් ආරාධනා කරනවා ...

      Delete
  8. මෙවන් විපත් නැවත සිදු නොවේවා !!!

    ReplyDelete
    Replies
    1. අපි හැමෝමත් කරන්නේ ඒ ප්‍රාර්ථනාව... ඔන්න ඔයාවත් ඒකට එකතු කරගත්තා ...

      Delete
  9. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය අඳුරු බිහිසුණු මතකයක්.....හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. එවැනි අඳුරු බිහිසුණු මතකයක් මතුවට ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු...

      ඒ වගේම රන්දුව තුශානිගේ බ්ලොග් එකට බොහොම සාදරයෙන් පිලිගන්නවා ... දිගටම එන්න...

      Delete
  10. මමත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවය කරන්නේ පරිපාලන නිලධාරි විදිහට. මම මගේ රැකියාවත් එක්ක නිතරම ආපදා තත්වයන් එක්ක සේවය කරන්නේ. ඒ නිසා ජීිවිතය හා මරණය පිළිබදව නිරතුරුව සටන් කරන පිරිසකගේ දුක් වේදනාව මට හොදටම වැටහෙනවා.

    ReplyDelete
    Replies
    1. මනුස්සයෙකුගේ දුකක්, වේදනාවක්, පීඩනයක් දැනෙන්නේ තවත් මනුස්සයෙකුට .. ඉන්න ටික කාලය හොඳින් ජීවත් වීමයි වටින්නේ..

      Delete
  11. කවදාවත් මේ වගෙ විපතක් සිදු නොවේවා. හිතක් පපුවක් ඇති හැමදෙනාගෙම එකම පැතුම එයම වේවා.

    ReplyDelete
    Replies
    1. අපි හැමදෙනාගෙම පැතුම ඒකමයි...

      මේ පැත්තට ඇවිත් යන්න ආවටත් හුඟක් ස්තූතියි... ඔන්න තුශානි ඔයාවත් සාදරයෙන් පිලිගත්තා ... දිගටම එන්න ...

      Delete
  12. මෙවැනි දෙයක් යලිත් කිසිදිනක කිසිතැනක නොවේවා...

    ReplyDelete
    Replies
    1. ඔව්... යලිත් කිසිදිනක කිසිතැනක නොවේවා...

      Delete
  13. // හද රිදුම් දෙන එවැනි විපතක්
    යලි කිසිදු දින නොවේවා
    සියළු දෙවි ‍රැක වරණ සමගින්
    ලක් මවුන් නිති ‍රැකේවා ...//

    මේ ප්‍රාර්ථනාවට මමත් එකතු වෙන්නම්...සුනාමිය අහවර වෙච්ච ගමන්ම වගේ අපේ පැත්තෙ නඩයක අතුරුදහන් වූ 6 දෙනෙකු හොයන්න මමත් දකුණට ආවා. ඒ නිසා මේ සුනාමියෙන් පස්සෙ තත්වය ගැන මට හොද මතක සටහන් රාශියක් එකතු වුනා....ඒ අතරින් මගේ හදවත බොහෝ රිද්දපුවා කීපයක් තිබුනා....තමන්ගෙ පවුලෙ සියලුම අය මියගොස් සිටි සුන්දර ගෑණු දරුවෙකු හිටියා අරමුණක් නැතිව මුහුද දිහා බලාගෙන....එයා අවට සිටි කෙනෙක් තමයි මට එයාගෙ කථාව කිව්වෙ....මේවා තවම මම බ්ලොග් එකේ ලියලා නෑ. නිසි කාලය ආවම ලියවේවි...

    ඔපීසියෙ මා ලග ඉන්න සුදු නංගිට මම අපේ සංවේදී සුනාමි මතකයන් අඩංගු වීඩියෝ පෙන්නුවා ගිය සිකුරාදා...ඇය ඇස් ලොකු කරගෙන බලා සිටියා අපට වෙච්ච විපත පිළිබද....ගාල්ල බස් නැවතුමේදි තරුණියන් පිරිසක් ජලයට ගසා යන සිදුවීමට නම් ඇය වඩාත් සංවේදී උනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රාර්ථනාවට එකතුවුනාට ...

      අර ගෑණු ළමයගේ කතාවත් ඉක්මනින්ම බ්ලොග් පි‍ටු අතරේ ලියවෙයි කියලා බලාපොරොත්තු වෙනවා ..

      ගාල්ල බස් නැවතුම්පලේ සිදුවීම පහුගිය දින වල රූපවාහිනියෙන් නැවත දකිද්දි අපි හැම කෙනෙක්මත් ඒ අතීතෙට ගියා.. වසර නමයක් ගතවෙලා වුනත් ඒ සිදුවීම් අපේ හිත් වලට දරාගන්න බැරි දුකක් අරන් එනවා..

      Delete
  14. සුනාමිය ගැන සටහන් කියවද්දි මන් හිතින් ඒ වෙලාවට මගේ ගමට යනවා,ඒ ඇයි කියලා දවසක ලියන්නම්.......ජිවිතේ වටිනා කම කොච්චරද කියලා මන් ඉගෙන ගත්තේ 2004.12.26 වෙනිදායින් පස්සේ....ආයේ කවදාවමහ් එවන් විපතක් නොවේවා කියලා පතමි පැතුමක්!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ශානු .. අපේ පැතුමත් ඒකයි... සුනාමිය ගැන සටහනත් ඉක්මනින්ම ලියන්න හොඳේ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...