හදේ ඉතිරෙන සෝ තැවුල් හැම පිටට එන්නට ඉඩ නොදී
නේක දොම්නස් සයුරේ ගිලුනා සුසුම් වෙන්නට ඉඩ නොදී
හිතින් හැඬුවත් වතින් හිනැහී ඉකි බිඳින්නට ඉඩ නොදී
නෙතු පියන් වල ඉඩක් හෙව්වා කඳුළු වෙන්නට ඉඩ නොදී
ජීවිතේ රඟමඩකලකි යි අපි නේක රැඟුමන් රඟ දෙනා
පිරිස් අභියස චරිත අතරේ එකින් එක පැන පැන යනා
නිම්වලලු නොපෙනෙනා සසරක කර්ම කර පින්නා ගෙනා
යන මගේ නැවතුමක් කොතැනද හිතට සැනසුම ගෙන දෙනා
හැඟුම් දැනුමන් නොමැති ලෙසකට සිටිය හැකිවේ නම් ලොවේ
දුකක් නෑ නොලැබුනත් සතුටක් තැවෙන්නට හදවත් කොනේ
සම සිතින් හැම විඳ දරන්නට ඇහැකි නම් දිවි මාවතේ
එයයි විසඳුම ගෙවන්නට කල් දුකක් නොමැතිව ජීවිතේ
පෝය දවසට පස්සේ දවසේ තුශානිට පෝය සිතුවිල්ලක් පහල වෙලා .
ReplyDeleteජීවිතය රංග මඩලකි
නැවත නැවතත් එකම රංගනය වේදිකා ගතවන
ඒකනේ.. පෝයට කවි සිතුවිලි පහල වුනා .. :)
Deleteඔව් ඉවාන්... ජීවිතය රංග මඩලේ නැවත නැවතත් එකම රංගනය වේදිකා ගතවන කොට අපි ඒකේ එක එක චරිත රඟපානවා.
හොඳ නිර්මාණයක්
ReplyDeleteස්තූතියි අගය කලාට ... :)
Deleteකවිය ඔබ ???? !!!!!
ReplyDeleteතුන් තිස් පැයක් නිදිවරා ලියු.. :)
Deleteගැලපීම ඉතාම ලස්සනයි.
ReplyDeleteසම සිතට වඩා සතුටේදී උද්දාමයත් දුකේදී උපේක්ෂාවත් නරකද?
ස්තූතියි මධු..
Deleteසතුටේදී උද්දාමයත් දුකේදී උපේක්ෂාවත් නරක නෑ. ඒත් මට හිතෙන්නේ සතුටෙදීත් උපේක්ෂාවෙන් සතුට සමරන්න පුළුවන්නම් හොඳයි කියලා
//සම සිතින් හැම විඳ දරන්නට ඇහැකි නම් දිවි මාවතේ
ReplyDeleteඑයයි විසඳුම ගෙවන්නට කල් දුකක් නොමැතිව ජීවිතේ//
සහතික ඇත්ත... ලස්සන නිර්මාණයක්
ස්තූතියි මහේෂ්
Deleteසාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට.. :)
ලොවක් අම කරුණා දයාලූ.. හෙලූ මුණිඳුන් පෑ මගේ
ReplyDeleteනොවක් දිවි දිනනා කාරණා.... ලියූ කවි පද හරි අගේ
නැගුනු සිතුවිලි කවක් විලසට තබන්නට සිතුනා එදා
Deleteකවක් පද බැඳ අගය කෙරුවට තුටින් තුති පුදනෙමි මෙමා
නෙතු ඇතුලේ කඳුළු බිංදු රදවාගෙන ඉන්න
ReplyDeleteහිත ඇතුලේ දුක සඟවාගෙන ඉන්න
හැඟුම්,දැනීම් නැති විදියට ඔහේ බලන් ඉන්න
මට නම් බැහැ කවදාවත් ඒ විදියෙන් ඉන්න.
මනෝජ් දැන් හොඳ කවි කාරයෙක් වෙලානේ.. (Y) මෙන්න කවියට කවියෙන්ම පිලිතුරක්
Deleteහිතුවා මාත් ඔය ලෙසටම බෑ කියලා
වැටහී ගියා කල් යනවිට පුළුවනි කියලා
එනමුදු රොබෝ ජීවිතයක් ඵල නැති හන්දා
යලි සිත මැදහත්ව ඉන්ට සකසා ගත්තා
කවියට කවියක් පඹදින්න නොදනිමි මම..
ReplyDeleteඑනමුත් ඔබේ කවිපෙල මිහිරකිය මට...
ගීතයේ සොඳුරු තැන් ඉස්මතු කරන්නට
Deleteහැකිබව නොරහසක් ඔබගේ තෙලි තුඩට
ඒ තෙලි තුඩින් කවි පද වැල් ගොතන්නට
බෑ කිව්වොත් මුසාවක් සොයුරේ අහගන්ට
සොයුරියෙ කවි ගී'රුත් විවරණ කලත් මම
Deleteබැහැ නොවැ පබඳින්න ගී කවි මට ඔය ලෙසට
සත්තයි බොරු නෙවේ ඇත්තයි මේ පවසන්නේ
මේ පද හතර ගෙතුවෙත් වරුවකිනි මම..
සතුටුයි හිතට දුටුවම ඔබේ පද පේලී
Deleteගත් උත්සායටය තියෙනවා හිත පැහැදී
හිතුවොත් පද බඳින්නට ඉඩ ඇති විටදී
කල් යන විටදි හැකිවෙයි තත්පරයකදී
ඇත්තටම ලස්සනයි කවි ටික..
ReplyDelete:) හුඟක් ස්තූතියි දිනේෂ්..
Deleteජීවිතයේ හරස් කඩක් බඳු පද පෙලක්.....
ReplyDeleteඔව්.. ඔයා හිතපු විදිහ හරි ..
Delete