Wednesday, February 4, 2015

නෙතු පියන් වල ඉඩක් හෙව්වා කඳුළු වෙන්නට ඉඩ නොදී..





හදේ ඉතිරෙන සෝ තැවුල් හැම පිටට එන්නට ඉඩ   නොදී 
නේක දොම්නස් සයුරේ ගිලුනා සුසුම් වෙන්නට ඉඩ  නොදී
හිතින් හැඬුවත් වතින් හිනැහී ඉකි බිඳින්නට ඉඩ       නොදී
නෙතු පියන් වල ඉඩක් හෙව්වා කඳුළු වෙන්නට ඉඩ නොදී

ජීවිතේ රඟමඩකලකි යි අපි නේක ‍රැඟුමන් රඟ             දෙනා
පිරිස් අභියස චරිත අතරේ එකින් එක පැන පැන             යනා
නිම්වලලු නොපෙනෙනා සසරක කර්ම කර පින්නා     ගෙනා
යන මගේ නැවතුමක් කොතැනද හිතට සැනසුම ගෙන  දෙනා

හැඟුම් දැනුමන් නොමැති ලෙසකට සිටිය හැකිවේ නම් ලොවේ
දුකක් නෑ නොලැබුනත් සතුටක් තැවෙන්නට හදවත්   කොනේ
සම සිතින් හැම විඳ දරන්නට ඇහැකි නම් දිවි               මාවතේ
එයයි විසඳුම ගෙවන්නට කල් දුකක් නොමැතිව            ජීවිතේ





22 comments:

  1. පෝය දවසට පස්සේ දවසේ තුශානිට පෝය සිතුවිල්ලක් පහල වෙලා .

    ජීවිතය රංග මඩලකි
    නැවත නැවතත් එකම රංගනය වේදිකා ගතවන

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. පෝයට කවි සිතුවිලි පහල වුනා .. :)

      ඔව් ඉවාන්... ජීවිතය රංග මඩලේ නැවත නැවතත් එකම රංගනය වේදිකා ගතවන කොට අපි ඒකේ එක එක චරිත රඟපානවා.

      Delete
  2. හොඳ නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කලාට ... :)

      Delete
  3. Replies
    1. තුන් තිස් පැයක් නිදිවරා ලියු.. :)

      Delete
  4. ගැලපීම ඉතාම ලස්සනයි.
    සම සිතට වඩා සතුටේදී උද්දාමයත් දුකේදී උපේක්ෂාවත් නරකද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධු..

      සතුටේදී උද්දාමයත් දුකේදී උපේක්ෂාවත් නරක නෑ. ඒත් මට හිතෙන්නේ සතුටෙදීත් උපේක්ෂාවෙන් සතුට සමරන්න පුළුවන්නම් හොඳයි කියලා

      Delete
  5. //සම සිතින් හැම විඳ දරන්නට ඇහැකි නම් දිවි මාවතේ
    එයයි විසඳුම ගෙවන්නට කල් දුකක් නොමැතිව ජීවිතේ//

    සහතික ඇත්ත... ලස්සන නිර්මාණයක්


    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්

      සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට.. :)

      Delete
  6. ලොවක් අම කරුණා දයාලූ.. හෙලූ මුණිඳුන් පෑ මගේ
    නොවක් දිවි දිනනා කාරණා.... ලියූ කවි පද හරි අගේ

    ReplyDelete
    Replies
    1. නැගුනු සිතුවිලි කවක් විලසට තබන්නට සිතුනා එදා
      කවක් පද බැඳ අගය කෙරුවට තුටින් තුති පුදනෙමි මෙමා

      Delete
  7. නෙතු ඇතුලේ කඳුළු බිංදු රදවාගෙන ඉන්න
    හිත ඇතුලේ දුක සඟවාගෙන ඉන්න
    හැඟුම්,දැනීම් නැති විදියට ඔහේ බලන් ඉන්න
    මට නම් බැහැ කවදාවත් ඒ විදියෙන් ඉන්න.

    ReplyDelete
    Replies
    1. මනෝජ් දැන් හොඳ කවි කාරයෙක් වෙලානේ.. (Y) මෙන්න කවියට කවියෙන්ම පිලිතුරක්

      හිතුවා මාත් ඔය ලෙසටම බෑ කියලා
      වැටහී ගියා කල් යනවිට පුළුවනි කියලා
      එනමුදු රොබෝ ජීවිතයක් ඵල නැති හන්දා
      යලි සිත මැදහත්ව ඉන්ට සකසා ගත්තා

      Delete
  8. කවියට කවියක් පඹදින්න නොදනිමි මම..
    එනමුත් ඔබේ කවිපෙල මිහිරකිය මට...

    ReplyDelete
    Replies
    1. ගීතයේ සොඳුරු තැන් ඉස්මතු කරන්නට
      හැකිබව නොරහසක් ඔබගේ තෙලි තුඩට
      ඒ තෙලි තුඩින් කවි පද වැල් ගොතන්නට
      බෑ කිව්වොත් මුසාවක් සොයුරේ අහගන්ට

      Delete
    2. සොයුරියෙ කවි ගී'රුත් විවරණ කලත් මම
      බැහැ නොවැ පබඳින්න ගී කවි මට ඔය ලෙසට
      සත්තයි බොරු නෙවේ ඇත්තයි මේ පවසන්නේ
      මේ පද හතර ගෙතුවෙත් වරුවකිනි මම..

      Delete
    3. සතුටුයි හිතට දුටුවම ඔබේ පද පේලී
      ගත් උත්සායටය තියෙනවා හිත පැහැදී
      හිතුවොත් පද බඳින්නට ඉඩ ඇති විටදී
      කල් යන විටදි හැකිවෙයි තත්පරයකදී

      Delete
  9. ඇත්තටම ලස්සනයි කවි ටික..

    ReplyDelete
    Replies
    1. :) හුඟක් ස්තූතියි දිනේෂ්..

      Delete
  10. ජීවිතයේ හරස් කඩක් බඳු පද පෙලක්.....

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔයා හිතපු විදිහ හරි ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...