Tuesday, April 14, 2015

75. සුබ අලුත් අවුරුද්දක් වේවා !

එරබදු මල් සුවඳ යහ ගුණ සුවඳක් වේවා
රබන් හඬ සිනා හඬකට සම         වේවා
කැවුම් කොකිස් රස දිවියට එක්    වේවා
කිරි ඉතිරෙන ලෙසට සම්පත   ඉතිරේවා



අවුරුදු සිරිය ගව් සිය දුර      විහිදේවා
සාමය සතුට ලොව දස අත පැතිරේවා
ජය පැන් ලබන්නට බාදක දුරු  වේවා
යහපත් පැතුම් පැතු අයුරින් ඉ‍ටු වේවා




හැම සිත් සතන් තුල සැනසුම ඇති    වේවා
එකමුතු කමින් සැමදෙන එක් රොක් වේවා
ආයුෂ වර්ණ සැප බල බෝ අත්        වේවා
ලැබු අවුරුද්ද කිරි පැණියෙන්      ඉතිරේවා









10 comments:

  1. තුශානි ඇතුලු පවුලේ සැමටත් එසේම වේවා!

    ReplyDelete
  2. තුශානි ඔබටත් එලෙසම වේවා
    ආයු වර්ණ සැප බල අත් වේවා
    පිළිවෙලක් වෙන්නට වරම් ලැබේවා
    දූ දරුවන් ගෙන් අඩු නොම වේවා

    ReplyDelete
  3. තුශානිටත් සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  4. තුශානිටත් සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා//
    අර අපිට ආතල් දෙන ඔයාගේ ඔපීසියේ අයටත් එසේම වේවා

    ReplyDelete
  5. අලුත් අවුරුද්දට මෙන්න අපෙනුත් සුබපැතුම්...
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  6. ඔබටත් සුබ නව වසරක් වේවා

    ReplyDelete
  7. කිරි පැණි හොඳ හැටි ඉතිරේවා
    ඔෆිසියේ රස කතා වැඩියෙන් ලියවෙවා
    කරන කියන සැමදේමත් හරියවා
    මේ නව වසර සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  8. පතන සියලු පැතුමන් ඔබෙ ඉටුවේවා
    කරන කියන කටයුතු හැම සරු වේවා
    පුංචි කැකුලු මල් සැමදා සුපිපේවා
    ලැබු නව වසර තුශ් හට ජය ගෙන ඒවා!!!!! :) :) :)

    ReplyDelete
  9. ඔබට සහ පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  10. තුශානිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...