කළුවරේ පාළුවේ තනියම
දූවිල්ලේ කාමරේ මුල්ලක
දූවිල්ලේ කාමරේ මුල්ලක
හිටි කාලේ විරාමය ලැබ ගෙන
බෝම සැලකිලි අද මට
බෝම සැලකිලි අද මට
මකුළු දැල් පිස දාගෙන
අළුත් පැහැ තවරා ගෙන
දෝතින්ම තුරුළු කර මා ගත
ගෙන ගියා පුරුදු ගම්මානේට
අළුත් පැහැ තවරා ගෙන
දෝතින්ම තුරුළු කර මා ගත
ගෙන ගියා පුරුදු ගම්මානේට
පිරුවටය එළු මේසේ මත
තබා බෝ ගරු සරුව හැම දෙන
හතේ කණිසම වෙනකොට
වැඳ මනාපය දුන්නා මට
තබා බෝ ගරු සරුව හැම දෙන
හතේ කණිසම වෙනකොට
වැඳ මනාපය දුන්නා මට
පෝලිමේ පෙළ ගැහී හැම දෙන
මනාපය ම' වෙත දෙනවිට
ඇමති වරු මා අසල හිඳගෙන
ඡායා රූප හරි හරියට
මනාපය ම' වෙත දෙනවිට
ඇමති වරු මා අසල හිඳගෙන
ඡායා රූප හරි හරියට
මා දෙසම නෙත් යොමා අවසන
හතරේ කණිසම වන විට
යලිත් දෝතින්ම ගෙන මම
යයි පැතුම් පොදි බැඳගෙන
හතරේ කණිසම වන විට
යලිත් දෝතින්ම ගෙන මම
යයි පැතුම් පොදි බැඳගෙන
අයෙක් ජය පැන් බොන විට
කෙනෙකු පරදියි අද දින
කෙනෙකු පරදියි අද දින
රාජකාරිය නිම කර
මා නැවත යනවා අඳුරු කුටියට
මා නැවත යනවා අඳුරු කුටියට
අවුරුදු පහකට වරක් ජනතාව රට වෙන දිනය.......... හැබැයි කියන්නේ නම් අපි ජනතා පරමාධිපත්‍යය හිමි ජනතාව කියලා.... හෙට ඉදලා බලාගත්ත අැහැකි පරමාධිපත්‍යය......
ReplyDelete:) දේශපාලනේ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. ඒකයි වෙනස් දෙයක් ලියන්න හිතුවේ..
Deleteඅනේ පව්. ඔය මේ සැරේ එලියට ආවෙ මාස 8කට පස්සේ. හැබැයි ආයේ කලුවර කාඹරෙන් ලඟදිම එන්න හම්බෙනවනෙ.
ReplyDelete:) ඒකනේ.. ඡන්දයක් තියෙන්නම එපැයි ආපහු එලියට එන්න.
Deleteඒ වුනාට මේ එළියෙ වෙන ඒව ඇහෙනව නං ලොවෙත් එළියට එන්න හිතන්නෙ නෑ කෙලිංම වර්ජනය කරනව හිහික්
ReplyDeleteඒක ඇත්ත.. හි..හි...
Deleteපොලිස් රැකවරණ මැද
ReplyDeleteකොහොමද අද උඹේ උජාරුව.
හ්ම්... ඒත් හෙටින් පස්සේ අමතකයි ආපහු ඡන්දයක් එනකන්..
Deleteඅම්මප අද ඕකට හොඳ සැලකිලි තමයි. මං දැක්කා අද කිරි අම්ම කෙනෙක් ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දාලා අත්දෙක එකතු කරලා වඳිනවා. පිං පෙට්ටියට වගේ. කොහොම හරි අද මටත් සැලකිලි තමයි නිරීක්ෂණෙට ගිය හින්දා....
ReplyDeleteපංසල් වලට ආධාර කරපු පුරුද්ද බං. රතිංඤයක් අටෝපංකො කිරි අම්මගේ හුළු අත්තට.
Delete@ යශ්‍යන්ත - :) මමත් දැකලා තියෙනවා.
Deleteරණ්ඩුවක් දෙකක් තිබුනා නම් හොඳට සැලකිලි හම්බවෙයි නේද .. :D
@ මධු - යශ්‍යන්තට රතිංඤ අටෝන වැඩ පුරුදුයි නේ හි.. හි..
Deleteමධු,
Deleteඅසමජ්ජාතියා... පව් බං කිරි අම්මා.... :D
තුශානි,
රන්ඩුවක් ගියානම් මං තමයි මුලින්ම ඡන්ද පොළෙන් පැනලා දුවන එකා....
අයියෝ සංද පෙස්ටිය
ReplyDeleteආපහු කවදා දකින්න ලැබෙයිද :(
Deleteවෙනදා වගේ යහමින් ඔය පෙස්ටිය මේ පාර දූෂණය වෙලා නැතුව ඇති.
ReplyDeleteහ්ම්.. හ්ම්...
Deleteකඩදහි මනාපයෙන් මා අද
ReplyDeleteලැබූමුත් සැලකිලි ගරූ නෙක
එකදු කඩදහියකින් වත් ඔබ
ලබා දී නැත මනාපේ මට
එහෙත් කම් නැත තරහ නැහැ මම
හිතට දුක ඔබ මටත් නොකියම
හොරු ගොඩක් මැද මිනිස්කම ඇති
එකෙක් දෙන්නෙක් පත් කරන් ඇත
අපූරුයි තෙලිදිය.. ස්තූතියි..
Deleteහම්මේ පෙට්ටිය...
ReplyDeleteහ්ම්... ඡන්ද පෙට්ටිය..
Deleteආපහු ළඟදීම එලියට එයි ප්‍රාදේශීය සභා තියනවනේ
ReplyDeleteඅහ්.. ඔව්නේ ඔව්නේ... ෂැගී කාලේකින් මේ පැත්තේ..
Deleteඉන්න නරක පාලකයො වෙනුවට ඊට වඩා නරකින් අඩු අය තෝරගන්න එකට ඡන්දය කියන්නෙ. මොකද නරකක් නැති උන් අපේ දේශපාලන භූමිකාවෙ නැති නිසා.
ReplyDeleteඒක ඇත්ත... සාපේක්ෂව හොඳ අය තමයි තෝර ගන්න වෙන්නේ...
Delete