Tuesday, August 11, 2015

86. ඉරිදට කරන්න හොඳ වැඩක් ...


ඉරිදා දවස කියන්නේ හුඟ දෙනෙක්ට නිවාඩු දවසක්. ඒත් මම එහෙම කිව්වට, සමහර අය නම් කියයි  "අපොයි නෑ... ඉරිදට තමයි අපිට වැඩ වැඩිම කියලා".  රස්සාවට ගිහින් කරන වැඩ වගේ දෙතුන් ගුණයක වැඩ ප්‍රමාණයක් අපිට ඉරිදට කරන්න තියෙනවා කියලත් කියයි. ගෙදර දොර අස්පස් කරන්න, වත්තේ පිටියේ වැඩ, කඩේ/පොලේ ගිහින් ගෙදරට ඕනේ දේවල් ගේන්න, රෙදි සෝදන්න, වගේ වැඩ ගොඩක් ඉරිදට කරන්න තියෙනවා කියලා අනිවාර්යයෙන් කියයි... 

ඉතින් ඔන්න අද තුශානි හදන්නේ ඒ වැඩ ගොඩට තවත් එක වැඩක් එකතු කරන්න.  "මේ තියෙන වැඩ ටිකත් බොහොම අමාරුවෙන් කර ගන්න එකේ මෙයා මේ තවත් වැඩ කියනවා" කියලා දැන් මට බනි
න්න පට ගන්න එහෙම එපා ඔන්න.
 

නොඑන ගමනක දුක්බර මතකය .... පොස්ට් එකේදී මතකයි නේද තුශානි, තුශානිගේ සීයා ගැන කිව්වා.  සීයා, සීයාගේ කාලයෙන් වැඩි කොටසක්ම යෙදෙව්වේ ගහ කොලත් එක්ක ගතකරන්න . ඒ නිසාම ගෙවතු වගාවටත් සීයා ගොඩක් ආස කලා. වැටකොළු, පතෝල, බණ්ඩක්කා, වම්බටු, කරවිල, රාබු වගේ එළවළු වර්ගත් පලතුරු වර්ගත් වලින් මුළු වත්තම ඒ දවස්වල පිරිලයි තිබුනේ.

වත්ත විතරක් නෙවෙයි ඒ දවස් වල අපේ ගෙදර උඩ තට්ටුව හදලා නොතිබ්බ නිසා ඒ ඉඩ කඩත් සීයා සීයාගේ වගාවන් වලට යොදා ගත්තා. ස්ලැබ් එක උඩ පස් පුරවපු පෝර උර තියලා ඒ පොර උර වල තමයි සමහර එළවළු පැල හිටෙව්වේ. ඒ විතරක් නෙවෙයි සීයා තුශානිටත් පෝර උර හදලා දෙනවා පැල හිටවන්න. ඉතින් ඒවායේ පැල ලොකු වෙලා ඵලදාව ලැබෙනකොට
තුශානි අත්විඳපු සතුට අදටත් ජීවිතේ හරිම සුන්දර මතකයක්.

ඉතින් පහුගිය දවස් වල ඒ අතිත මතකයන් එක්ක ඉන්න වෙලාවක තුශානිට අයෙමත් හිතුනා පුංචි වගාවක් පටන් ගන්න.

වගාව පටන් අරගෙන ටිකෙන් ටික දවස් ගෙවිලා ඵලදාව නෙලා ගන්න කාලෙත් ඉක්මනම ලං වුනා. මේ තියෙන්නේ ඒ ඵලදාවේ පින්තුර ටිකක්. බලන්නකෝ කොහොමද කියලා.












කලින් පෝස්ට් එකක කියපු අමුත්තගේ වර්තමාන තත්වෙත් බලන්නකෝ.. මේ සැරේ අමුත්තෝ ගොඩයි... 









ඉතින් ඔයාලත් තියෙන වැඩ රාජකරිත් එක්ක පුංචි වෙලාවක් වෙන්කරගෙන පුළුවන් විදිහකට මේ වගේ එළවළු පැලයක් දෙකක් හිටවන්න. ඒකෙන් වස විසෙන් තොර කෑමක් කන්න පුළුවන් වෙනවා වගේම හිතටත් ලොකු සතුටක් ලබන්න පුළුවන්. එළවළු මිලදී ගන්න යන වියදමත් ඒකේන් අඩු වෙන නිසා ඒක සාක්කුවටත් වාසියක්නේ. 
 

54 comments:

  1. ඔබේ මේ වගාවට කිසිම රසායනයක් නොයෙදූ බවට සහතිකද තුෂානි.

    ReplyDelete
    Replies
    1. නලීන් අයියා කාලේකින් නේද මේ පැත්තේ ?

      ඔව් ... කිසිම රසායනික දෙයක් දැම්මේ නෑ...

      Delete
    2. කෘමි උවදුරු හා ආවේණික රෝගවලින් ආරක්ෂා කරගත්තේ කොහොමද මේ වගාව

      Delete
    3. වගාව පටන් අරන් වැඩි කාලයක් නැති නිසාද මන්දා කෘමි උවදුරු , ආවේණික රෝග මේ වනතුරු ඇවිත් නෑ.

      ඒත් දාස් පෙතියා පැල ටිකක් නම් හිටවලා තියෙනවා ඒ මල් සුවඳට සත්තු එනවා අඩු නිසා.

      Delete
  2. මිනිපිරිත් සීයා වගේම ගොවිතැන් වලට දක්ෂයි වගේ.. එලවලුනම් ඔච්චර පැහෙන්න තියන්න නැතුව ටිකක් ලපටියට කඩා ගන්න වෙනවා..

    හැබෑට ඩ්‍රැගන් ෆෘට් රහද? මට කන්න හිතෙන්නෙම නෑනේ..

    හි හි.. ඉරිදා නම් බැරිවෙයි.. සතියේ දවස් වලට ඔෆිස් එකේ ඉඳන් වත් ට්‍රයි එකක් දෙන්නොනේ 'වගාවක්' වෙන දෙයක් කරන්න.. මේ කෙහෙල්මල් බ්ලොග් කෙරුවාව අතැරලා..

    ReplyDelete
    Replies
    1. සීයා නැති අඩුව ගොඩක් දැනෙනවා කළණ ...

      කඩන්න ලෝබ හිතුනා අන්තිමට දන්නේම නැතුව සමහර ඒවා මෝරලත් එක්ක.. හි.. හි...

      මම නම් ආස පලතුරක්. හරිම ගුණයිලු...

      හොඳයි හොඳයි පටන් ගන්නකෝ... අපිටත් විස්තර කියන්න හරිද ....

      එහෙමයි කියලා බ්ලොග් අතාරින්න ඔට්ටු නෑ...

      Delete
  3. මරු ඈ... ඵලදාව ලැබෙන කොට එන සතුට අපමණයි නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් දේශ්... ඵලදාව දකිනකොට පුදුම සතුටක් දැනෙනවා.

      Delete
  4. අන්න හොදයි.. අපිටත් හිතෙනවා ඔයවගේ එලවලු වගාවත් දාන්න ඒත් ඒ සිතුවිල්ල එහෙමම කෘමි උවදුරට ලක්වෙලා මියැදිලා යනවා... අනේ මන්දා...

    වගාවට සුභ පැතුම්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ... මට හිතෙන්නේ එක එක දේවල් මාරුවෙන් මාරුවට වගා කලාම කෘමි උවදුරු ටිකක් අඩු කරගන්න පුළුවන් කියලා. වගා කරන කොටස පිරිසිඳුවට පිලිවෙලට තියා ගන්න එකත් වැදගත්.

      ඔයා පටන් ගන්නකෝ... අපේ බ්ලොග් ලියන වගාව සම්බන්ද දේවල් වල එක්ස්පර්ට්ස්ලා ප්‍රශ්ණ වලට උපදෙස් දෙයි...

      Delete
  5. අනේ මන්දා මාත් ආසාවට වැව්වා කොළ කොඩවීම කූඹිත්තන් බෝවිම ගොලුබෙලි හා කටුසු උවදුර හන්දා ඒ වවන ආසාව නැත්තටම නැතිව ගියා.

    ReplyDelete
    Replies
    1. වගාව සම්බන්ද දේවල් ගැන ලොකු දැනුමක් මටත් නෑ. සීයා ඉස්සර වගා කරලා තියෙනකොට අපි පොඩි නිසා කරපු දේවල් ගැන තේරුමක් තිබුනේ නෑ.

      ආපහු පටන් ගන්න... වගාව ගැන අපේ දැනුම තියෙන උදවියගෙන් උපදෙස් ගන්න පුළුවන් වෙයි...

      Delete
  6. නියම වගාවක්නෙ.
    සුලු ප්‍රමාණෙන් කරන නිසා පලිබෝධ වලින් ආරක්ෂා කරගන්න බෙහෙත් ගහන්න ඕන නෑනෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසන්න අයියා...
      ඔව්... සුළු ප්‍රමාණයෙන් කරන නිසා පලිබෝධ ගැටලු නෑ...

      නරකද ඔයත් වගාවක් පටන් ගත්තොත් ?

      Delete
    2. මෙයා වවනවා කඩේ පිටිපස්සේ පුංචි කාලේ බෝතල්

      Delete
    3. වගාව තියෙන්නෙ ඉස්සරහ නලින් අයියෙ. අයිය දැකල තියෙන්නෙ ගලෝල විසිකරපුව. :P

      Delete
  7. ලස්සනයි තුශානි.............. මේවා හිතට ලොකු සහනයක් දැනෙන වැඩ... අනේ කෝ මේවට වෙලාවක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගී පවුරේ.. ඒක ඇත්ත. හිතට ලොකු සහනයක් දැනෙනවා. වෙලාවක් නෑ කියලා හිතුනට වැඩේ පටන් ගත්තහම නිකම්ම වෙලාවක් හොයා ගන්න පුළුවන්... :)

      Delete
  8. තුශානිගේ ගොවිතැන දැක්කත් ඇහැට සනීපයි.මමත් ගොවිතැනට බොහොම ප්‍රියයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපතුමා...

      ගොවිතැන ගැන දන්න කියන කෙනෙක් අපි මේ හොය හොය හිටියේ...

      Delete
  9. අපූරුයි තුශානි! නිවාඩු දවසට කරන්න වටින වැඩක්!

    ReplyDelete
    Replies
    1. තැන්කූ බස්සී... බස්සාවත් අඬගහගෙන වගාවක් පටන් ගන්න...

      Delete
  10. මමත් ආසම දෙයක්. නමුත් ඉන්න තැන වැරදියි.
    එළවළු දැක්කම ආසාවේ බෑ.

    ආ කියන්න බැරිවුනා. මෙහෙ ඉරිදා සතියෙ පළවෙනි වැඩ කරන දවස. සහි අන්තය සිකුරාදා සෙනසුරාදා.

    ReplyDelete
    Replies
    1. :) පොඩි ඉඩක් තියෙන තැනක් හරි, මල් පෝච්චි දෙක තුනක් හරි හොයාගෙන සෙනසුරාදා දවසක වගාවක් පටන් ගන්න.

      Delete
  11. අපෙ දිහා නම් ඉරිදට නෙවෙයි ඔය වැඩේ හැමදාම වෙනවා. අම්මගෙ වැඩේ එක එක ඒවා පෝච්චි වල වවන එක. මන් ඉතින් දුක් විඳගෙන මදුරුවො තල තල වතුර දාන්න ඕනෙ. මොනා කරන්න්ද ඉතින්. ඒත් ඕවගෙ ගෙඩි හැදෙනකොට, මල් පිපෙනකොට නම් සතුටුයි. ලස්සනම වැඩේ මේ දවස් වල බෙල් පෙපර් හැදිලා නුවර එලියෙ එවා වගේම.

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම කසාදයක් කරගනින්.එතකොට වයිෆ් වතුර දායි.

      Delete
    2. @ Yashyantha - මම ඉතින් අනිත් දවස් වල නැති නිසා අපේ ගෙදර පැල වලට වතුර දාන ජොබ් එක කරන්නේ ගොඩක් වෙලාවට අම්මා. බෙල් පෙපර් ටික නම් ලස්සනට ඇති නේද ? මාත් පැල ටිකක් හිටවන්න ඕනේ..

      Delete
    3. @ කටුසු හදවත - එතකොට වයිෆ්ලාව ගන්න ඕනේ ගෙදර වැඩ ටික කරව ගන්නද :O

      Delete
    4. තුශානි,
      ඒ ටික ඇත්තටම ලස්සනයි. කොල පාට ඒවා විතරයි දැනට තියෙන්නෙ. අනික් පාට දෙකත් හිටවන්න ඕනෙ.

      කසුට්ටො,
      යකෝ එතකොට ගෑනිගෙ වැඩ කරන්න වෙන්නෙත් මටනෙ. වතුම දායි මේං කියලා.

      Delete
  12. නියමයි,, මාත් ආසයි, කලින් දිගුකාලීනව කරපු ජොබ් එකකදී වගාකරපු ෆොටෝ තියෙනවා පස්සේ දාන්නම්,,, අපිට ඉතින් සිකුරාදා සෙනසුරාද තමයි නිමාඩු,, ඉරිදා පළවෙනි දවස

    ReplyDelete
    Replies
    1. ආ එහෙනම් කරන්න දෙයක් නෑ.. මේවා හැදෙන්නේ ඉරිදට හැදුවොත් විතරයි ... ඕ.. යේස්

      Delete
    2. @ ඔමා - විස්තරත් එක්කම ෆෝටෝ ටික දාන්න... පොඩි ඉඩක හරි ආපහු වගාවක් පටන් ගත්තා නම් අලුත් කැමරාවෙන්ම ෆොටෝ ටිකක් දාන්න පුළුවන් නේද ?

      Delete
  13. මරු ඈ... ඔය පලතුරු එහෙම කඩන දවසට පොඩ්ඩක් කියන්න .... වැරදිලා ආවා වගේ එන්නම් , එතකොට ඔයා ඕවා කන්න දෙන්න ... බෑ බෑ වගේ කියලා ඔක්කොම කාලා යන්නං ... හැක හැක

    ReplyDelete
    Replies
    1. තෑන්කු ඈ...

      හා හා... ( හා හා.. කියලා පහුවෙලා අමතක වුනා කියන්න ඕනේ .... :D )

      Delete
  14. තුෂානි නිතරම ලියන්නෙ එදිනෙදා ජීවිතයට වැදගත් දේවල් නේද? ඒක වටිනවා සෑහෙන්න.
    සමහරු ඔය වගාවන්ට ඉඩකඩ නෑ...වෙලාව නෑ කියන්නෙ බොරු.

    ReplyDelete
    Replies
    1. නිර්මාණාත්මක දෙයක් ලියන්න මේ දවස් වල ඔළුව නිදහස් නෑ... බ්ලොග් එක පාළුවට යන නිසයි වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් ලියන්නේ... බොහොම ස්තූතියි මේ පැත්තට ඇවිත් ශක්තියක් වෙනවට.

      :) වැඩේ පටන් ගත්තහම වෙලාව නිකම්ම හදා ගන්න පුළුවන්...

      Delete
  15. වගාව කියන දේ හිතට හරි නිදහසක් දෙන වැඩක්.මගෙත් තියන ලොකුම හීනේ තව අවුරුදු 15ක් ඇතුලත පූර්ණකාලීන ගොවියෙක් වෙන එක.වැවිල්ලේ තියන ජොලිම වැඩේ තමයි හැදෙන ඒවා කඩන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් කටුසු.. දවසින් දවස පැල ලොකු වෙන හැටි.. ඵලදාව හැදෙන හැටි දකිනකොට හිතට අමුතුම සතුටක් දැනෙනවා.

      ඔයාගේ හීනේ ගොඩක් හොඳ හීනයක්... ඔන්න මමත් හදවතින්ම සුබ පතනවා...

      Delete
  16. මමත් ඉතාම කැමතියි මවිසින් වවපු දෙයක්ම ආහාරයට ගන්න. බණ්ඩක්කා සහ වම්බටු...ඉතාම හොද ඵලදාවක් ලබාදෙන භෝග දෙකක්...වැටකොළු පතෝල දෙවර්ගයත් එහෙමයි...බණ්ඩක්කා නම් දවසක් ඇර දවසක් කඩන්න තරම් ඵලදාවක් හැදෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා අයියේ... ඒවායේ අමුතුම රසක් තියෙනවා.

      වැටකොළු පතෝල වැල් නිසා ටිකක් වැඩි ඉඩක් යනවා. බණ්ඩක්කා, වම්බටු හරිම පහසුයි වගා කරන්න.

      Delete
  17. ඔන්න ඔවුවා හොද වැඩ.. ඒත් හැමෝටම කරන්න හිතෙන්නේ නැති එක තමයි ඉතින් අවුල..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ඔව් හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.. :)

      Delete
  18. හෝම් ඩිලිවරි එහෙම කරන්නෙ නැද්ද ?

    ඇත්තටම මෑත ආසයි මේ වැඩේට. වෙලාව තමයි ප්‍රශ්නෙ. කොහොම හරි වැඩේ අතාරින්නෙ නැ. අපේ තාත්තත් නිවාඩු වෙලාවට කරන්නෙත් වවන එක තමයි. දැන් අපි වත්තෙන් කන්න ගන්න ගොඩක් දේවල් ඒවායේ ප්‍රතිපල තමයි..

    ReplyDelete
    Replies
    1. කරනවා කරනවා.. වත්තෙන් ගෙදරට... හි.. හි..

      ඔව්.. වැඩේ පටන් ගත්තහම වෙලාව හොයා ගන්න පුළුවන්. හොඳයි හොඳයි රසත් වැඩියි නේද කඩෙන් ගේන ඒවට වඩා..

      Delete
  19. අපි වවමු-රට නගමු.

    අපිට ඉඩ නැති නිසා මිස නැතිනම් අපිත් ආසයි කුබුරු කොටන්න වුනත්.

    ReplyDelete
    Replies
    1. හි.. හි...

      ඒ වුනාට පුංචි ඉඩක වුනත් ලොකු වගාවක් කරන්න පුළුවන් මනෝජ්..

      Delete
  20. තුශානි ... පිළිගන්න මගේ සුභපැතුම්... වැඩේ අගය කරනවා....

    ReplyDelete
    Replies
    1. තැන්කූ සජ්ජා... පුළුවන් කමක් තියෙනවා නම් ඔයත් පොඩියට හරි වගාවක් පටන්ගන්න.

      Delete
  21. නියමයි. නලින් උඩ අහල තියන ප්‍රශ්නෙමයි මගෙත් ඔලුවට ආවෙ. සමහර විට කෘමීන් පුරුදු නැති නිසා වෙන්න ඇති එයාල නාවෙ.
    ඩ්‍රැගන් නං උපරිමයි. පරෙස්සමින් තියාගන්න අවුරුදු දහයකට එහා තියාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්... ඔව් තාම එයාලට පාර හොයා ගන්න බැරි වෙන්න ඇති. :)

      ඊයේ මල් පහක් පිලිලා තිබුනා. හරිම ලස්සනයි.. තව පැල කීපයක් හිටවන්න ඕනේ.

      Delete
  22. මරු අප්පා. හක්ක පාත්වෙලා කන්දෙක ඇද උනා.

    මමත් හරි ආසයි වවන්න. නමුත් දැන් අවුරුදු 20 න් විතර මේ වගේ වගාවක් කරන්න බැරි උනා.
    දැන් කරන්නේ තුශානි වගේ අයට ඉරිසියා කරන එක තමයි.
    සයිට් එකේ බාස්කට් ටිකක් අරගෙන ගිහින් හාමිනේටවත් දෙන්න ඕනේ මොනව හරි ඉඳන්න කියලා.
    කුළියට ඉන්න නිසා පොළවේ වවනවට අයිතිකාරයෝ කැමති වෙයිද දන්නේ නැහැනේ.
    අනික ඉරිදාත් වැඩ නිසා මට වවන්න වෙලාවක් එන්නෙත් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. හි..හි.. තැන්කූ ලොකු අයියා...

      අයියෝ ඔයාට ඊරිසියා කරන්න තරම් ලොකු වගාවක් මට නෑ... :)

      බාස්කට් ටිකක් අරගෙන ගිහින් වැඩේ පටන් ගන්න. ඊට පස්සේ නිකම්ම වෙලාව හදා ගන්න පුළුවන්..

      Delete
  23. මං හිතන්නේ තුශානි කොලඹ කියලා. කොලඹ නම් මේ වැඩේ මල් මසුරං.

    ඒක නෙවෙයි ඔයා ලමා පිටියේ හිටියා කියලා මං පෝස්ට් එකකින් දැනගත්තා. පුලුවන්නම් අපිට පොඩි උදවුවක් කරන්න. ඔයාගේ මේල් එකකින් කැමති නම් ahasenenna@gmail.com sjpkasun@gmail.com කියන මේල් දෙකෙන් එකකට පිලිතුරක් එවන්න. සම්පූර්න විස්තර කියන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ඔයාව සාදරයෙන් කැකුළු ගොමුවට පිලිගන්නවා.
      ඔව්.. කොළඹ අවට.

      අනිවාර්යයෙන්ම පුළුවන් උදව්වක් කරන්නම්. මේල් එකක් එවන්නම්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...