රෑ අහසෙන් තරු කැටයක්
අරන් ඇවිත් සීරුවකට
හදේ කොනක එල්ලාලා
මතකද ඔබ එලිය කලා
මුහුදු පතුලේ සැඟවී ඇති
මුතු අහුරක් අරන් ඇවිත්
අමිල මුතු පොටක් බැන්දා
මතකද ඔබ ආදරයේ
මුතු අහුරක් අරන් ඇවිත්
අමිල මුතු පොටක් බැන්දා
මතකද ඔබ ආදරයේ
මල් ගොමුවක සුවඳ අරන්
කැටි කරලා හරි පදමට
ජීවිතයට මිහිරි සුවඳ
මතකද ඔබ එක්කල හැටි
කැටි කරලා හරි පදමට
ජීවිතයට මිහිරි සුවඳ
මතකද ඔබ එක්කල හැටි
වැහි බිඳු පිරි වලාකුලක්
විලස ඇවිත් මා අසලට
දහසක් පැතුමන් පොදිකර
මතකද ඔබ දුන්නා මට
විලස ඇවිත් මා අසලට
දහසක් පැතුමන් පොදිකර
මතකද ඔබ දුන්නා මට
හිරු එලියට බයේ දුවන
අඳුර වගේ මගේ ලොවට
එලිය වෙලා අඳුර මකා
මතකද ඔබ එකලු කලා
අඳුර වගේ මගේ ලොවට
එලිය වෙලා අඳුර මකා
මතකද ඔබ එකලු කලා
හඳේ තියෙන සොමි ගුණයට
නොදෙවෙනි ඔබෙ කරුණා ගුණ
නොඅඩුව මා වෙතට දීලා
මතකද හිටියා නිහඬව
නොදෙවෙනි ඔබෙ කරුණා ගුණ
නොඅඩුව මා වෙතට දීලා
මතකද හිටියා නිහඬව
මුවෙන් නැගෙන සිනා අහුරු
නෙතින් ගලා හැලෙනායුරු
මා දුටුවේ ඔබෙන්ම බව
මතකද කී හැටි ලඟ හිඳ
නෙතින් ගලා හැලෙනායුරු
මා දුටුවේ ඔබෙන්ම බව
මතකද කී හැටි ලඟ හිඳ
~~ *** ~~
ඒ ස්න්දර අතීතයේ
ReplyDeleteදුවමින් ඔබ මොබ තැන තැන
මතකද අපි මිමිණුවා
තුරුළුවෙමින් එක පොදියට
ආයෙත් ඒ් අතීතයට
පණ දෙන්නට හැකිනම් මම
පියඹා ගුවනේ එන්නම්
ඔබ සිටිනා තැන සොයාන
ලස්සනයි තුශානි.
අහ්... මේ ලියලා තියෙන්නේ පිලිතුරු පද පේලි ටිකක්... අපූරුයි.
Deleteස්තූතියි තෙලිදිය..
ඒක නං ලස්සනයි... කවියක් කොටන්න කියල බැලුව වැඩේ හරියන්නෙ නෑ අතෑරල දැම්ම.. මංද කවි වේලිල දැං
ReplyDeleteජයවේවා
ස්තූතියි මහේෂ්..
Delete:) කොහොමහරි කවි පිලිතුරක්ම ලිව්වා නම් තමයි හොඳ.
සිංදුවට හරියන පද පේලි ටිකක්..
ReplyDelete:) ස්තූතියි දේශ්...
Deleteමුහුදු පතුළ යට ඉඳලා.....
ReplyDeleteමුහුද පේන මානයක ඉඳලාලු ලිව්වේ.. :)
Deleteකවි ටික කියවගෙන යද්දි අම්මගෙ ආදරේ මතක් උනා.
ReplyDelete:) මටත් දැන් එහෙම හිතෙනවා.. ස්තූතියි..
Deleteකාටද තුශානි අම්මටද ලිව්වෙ.
ReplyDeleteYashyantha ට දැනුනු විදිහටම හැලපතුමාටත් දැනිලා වගේ... :)
Deleteකොහොමද අමතක වෙන්නේ? :)
ReplyDelete:) හ්ම්.. වෙන්න බැරි වුනත් එහෙම වෙනවා..
Deleteඅමතක කරන්න බැරි තරමට මතකය රිදවනවා
ReplyDeleteඅමතක කරන්න නොහැකිව සිත ලත වෙනවා
හ්ම්... " මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ... " කියලා අර සින්දුවකිනුත් කියන්නේ. :)
Deleteමමත් මේ කවියක් අමුනන්නයි බැලුවෙ. කෝ මේ වෙලාව හොඳ නෑ. කවි හැදෙන්නෙම නෑ අප්පා.
ReplyDeleteතුශානි, ලස්සන කවියක්.
ජයවේවා!
ස්තූතියි... උත්සාහ කරලා බලන්න කවි අමුනන්න බැරි වෙන එකක් නෑ..
Deleteකියට වඩා මම බැලුවේ පින්තුරේ දිහා , ඔය කාටුන් පින්තුරේ දැක්කම මට මතක් වුනේ මේ සින්දුව බලන්න එකේ වීඩියෝ එක දිහා
ReplyDeletehttps://www.youtube.com/watch?v=ImzEAe3Mlks
පට්ට විෂුවල් එක ඉවාන්. එවගේම ගති සිංදුව.
Deleteඉන්න ඉන්න මාත් බලන්න..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතුෂානි,
Deleteමාතෘතාව දැක්කේ 88 මතකද කියලා කියන්න,
කියලා..
ඔව් 88-89 හොදට මතකයි. මැරුණත් අමතක වෙන් නෑ..
හැබැයි අමතක කරමු ඒ දේවල් හෙට වෙනුවෙන්....
ජ ය වේ වා !!!
:) අපි ඉතින් මෙහෙට ආවේ ඒ කාලේලු...
Deleteඅප්පට සිරි දන්නෙම නැතිව අපේ පොහොට්ටි පොහොට්ටුවක් දාලා. ඉතිං දැං තත්වෙත් අන්තිම කවිය විදිහට ලියන්න තිබුණනෙ තුෂානි.
ReplyDelete(අන්න බොලාටත් කට ඇරලා යමක් ලියන්න හැකි දෙයක් ලීවා - මෙය මුදල නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.)
:O පොහොට්ටී ??? මෙන්න මෙයා මට අලුත් නමකුත් දාලා.. හි..හි..
Deleteපහුගිය ටිකේ ටිකක් බිසී වුනා... එන්නම්කෝ ඒ පැත්තේ..
ලස්සනයි තුශානී................
ReplyDeleteතැන්කූ කුරුටු .....
Deleteලස්සනයි තුශානි...
ReplyDeleteතැන්කූ ලොකු පුතා... :)
Delete