Monday, September 28, 2015

90. දමනය 4


පෙ.ලි. - මේ කතාව ලියෙවෙන්නේ බස්සී විසින් ලියූ දමනය කෙටි කතාව සහ ඉවාන් විසින් ලියූ දමනය 3 නම් දිගුවට තවත් එක් දිගුවක් ලෙස ජෝෂුවාගේ ඇසිනි. ඒ නිසා දමනය කතුවරිය වු බස්සිටත් මෙවැනි වු දිගුවක් ලියන්න අදහසක් දුන් ඉවාන්ටත් හද පිරි ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා ඉදිරියේ මා නවකයකු නිසාවෙන් කතාවට යම් හානියක් සිදුවන්නේ නම් ඊට සමාව ඉල්ලන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. 




******* 


මෙලීසා යතුරු පුවරුවේ පාලයන තමන් අතට අරගත්තට පස්සේ මට වුනේ එයාට ඕන ඕන විදිහට නැටවෙන ලී රූකඩයක් වෙන්න. හරියටම කියනව නම් අර ස්ටෙප්ස් කඳු කඳු මුදුනේ තියෙන හුදකලා පොප්ලර් ගහක් හුලඟ හමන හමන පැත්තට නැමි නැමි ඉන්නවා වගේ මෙලීසා කියන කියන දේ කරන්න. 

හ්ම්.... ඒක මට කොහොමටවත්ම දරා ගන්න පුළුවන් දෙයක් වුනේ නෑ.  ඊටත් අර ඕප දූප මල්ලක් වෙච්ච රිබේකා විලියම්ස් ලඟින් මාවත් වාඩි කරවලා මගේ රසායන විද්‍යා පොතේ අන්තිම පිටුවේ මගේම පොල් අකුරෙන් " මෙලීසටත් එයාගේ ආදරවන්ත ගිල්බට්ටත් මම මුළු හදවතින්ම සුබ පතනවා " කියලා ලියෙව්ව එකත්, ඊට පස්සේ රිබේකා ඒකත් මුළු ඉස්කෝලේ පුරාම කලින්ටත් වඩා ඉක්මනින් පතුරවලා මාව කට්ටිය ඉස්සරහ ලැජ්ජ කරපු හැටිත් මතක් වෙනකොට මගේ මූණ ආම්ලික මාධ්‍යකට දාපු ලිට්මස් කෑල්ලක් වගේ රතු පාට වෙන හැටි කණ්නාඩියකින් නොබැලුවත් මට දැනෙන පටන් ගත්තා. 

කොහොම වුනත්  ඒ කිසි දේකට මගේ හිතේ මෙලීසා ගැන තිබුනු ආදරේ මකලා දාන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඒක ඒ තරමටම හදවතේ කර්ණිකා කෝෂිකා වලට උරාගෙනයි තිබුනේ.

*******

"
හහ්.. හහ්.. හා...  ජෝෂුවා... ඔයා මාව පාලනය කරලා කරපු දේවල් හැම එකකටම දැන් ඔයාට වන්දි ගෙවන්න වෙයි....
 
මෙලීසා එයාගේ මූණට වැටුනු රන් වන් පාට කෙහෙරැල් දිගට වැවුණු රෝස පාට නියපොතු වල රෝල් කර කර කියද්දී මම හිටියේ තරහින් පුපුරන එයාගේ බීට් වයින් පාට ඇස් දෙක දිහා බලාගෙන.

" මේ අහන්න මෙලීසා... මට ඔයාට වරදක් කරන්න ඕනේ වුනේ නෑ.. මේ විදිහට ඔයා මට සැලකුවා වුනත් ඇත්තටම මම ඔයාට තාමත් ගොඩක් ආදරෙයි..  "

" නවත්ත ගන්නවා ජෝෂුවා ඔය කතාව.. ආපහු ඔය දේවල් මට ඇහෙන්න කියන්න එපා. මට දැන් ඕවයි
න් වැඩක් නෑ. "

" හ්ම්..... මගේ දැන් එකම හීනේ... මිස්ටය් හන්ටර්ගේ හිත දිනාගෙන මේ පාර රසායන විද්‍යා ව්‍යාපෘතියට හම්බෙන බ්‍රයන් වොට්සන් සම්මනේ ගන්නේ කොහොමද කියලා බලන එක. "  

" ම්...... කොහෙද මේ මිස්ටර් හන්ටර් ඉන්නේ... "

"අහ්...  මේ ඉන්නේ මෙගා මාර්ට් එකේ ගොල්ඩන් බාර් එකට වෙලා ෂැම්පේන් වීදුරුවක් බිබී, දුම් දාන ගෙඹිමස් ඩෙවල් එකක රස බල බල...  "

මෙලීසා ෆයිනස් ලීයෙන් හදපු කකුල් තුනේ උස ස්ටූල් එකේ තනි කකුලකින් යතුරු පුවරුවට බර වෙලා මිස්ට හන්ටර් දිහාවටම ඇස් යොමු කරගෙනයි හිටියේ.

" ඔන්න මම දැන් හැපල් හේගන් විද්‍යාලයේ හන්ටර් ඇලිවියේටර් මහතා මගේ මේ යතුරු පුවරුවේ ග්‍රහනයට හසු කර ගන්නවා... හහ්. හහ්.. හා.....  "

මෙලීසා පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට පැද්දි පැද්දී මිස්ටර් හන්ටර්ව එයාට හිතෙන හිතෙන විදිහට පාලනය කරන්න පටන් ගත්තා. ඒ වෙනකොට එයාට තත්පර කාලෙන් දහයෙන් එකක තරම් කාලයක් වත් තිබුනේ නෑ එයා වාඩි වෙලා ඉන්න විදිහ ගැන ටික
ක් හිතලා බලන්න.

ගෙවිලා ගියේ වේලිච්ච ඔලිව් කොළයක් ගහෙන් බිමට වැටෙන්න යන තරම් කාලයකටත් අඩු කාලයක්.


" දඩ බඩාස් ඩොහ් ඩෝ... "

එකපාරට ඇහුනු මහ විසාල සද්දෙ නිසා වැහුනු ඇස් බාගෙට ඇරෙන්කොටයි මම දැක්කේ මෙලීසා දෙකට මැදින් කැඩුනු යතුරු පුවරුව උඩ වැටිලා ඉන්නවා.

"මෙලීසා.... ඔයා හොඳින් නේද ... මම එක පාරටම මෙලීසා ගාවට දුවගෙන ගියේ ආලෝකේ වේගෙ හා සමාන වේ
ගෙකින්."

ඒ වෙනකොටත් යතුරු පුවරුවේ නිල් පාට ලොකු බොත්තමක් මෙලීසගේ නලල පසාරු කරගෙන ගිහින් ලේ විදිමිනුයි තිබුනේ.  


මෙලීසාගේ සුදු පාට මූණ, රෝස පාට තොල්, රතු පාට පින්සලකින් ඕනවට එපාවට පාට කරලා වගේ ලේ වලින් නෑ විලා දුඹුරු පාට ඇස් පියවිලා තිබුනා.

වැටිලා හිටිය මෙලීසාව මම අත්දෙකට උස්සලා ගත්තේ දෙපාරක් හිතන්නේ නැතුවයි. ඊට පස්සේ ගේ ඉස්සරහ මිදුලේ නවත්තල තිබුන තාත්තගේ මොරිස් මයිනර් කාර් එකට මෙලීසාව දාගෙන පැයට කිලෝමීටර 80 කටත් වැඩි වේගෙකින් ලඟම තිබුනු හෙල්දි ලයිෆ් හොස්පිට්ල් එකට වාහනේ අරගෙන ගියේ  උඩට ගත්ත හුස්ම පහලට දාන්නේ වත් නැතුවයි.


*******

" තැන්ක්ස් ජෝෂුවා... මට සමාවෙන්න මම ඔයාට හුඟක් වැරදි විදිහට සැලකුවේ.. ඒත් ඔයා මාව බේර ගත්තනේ....  ඔයා මට උදව් නොකරන්න මම මේ වෙනකොට මේ ලෝකේ නොහිටින්නත් ඉඩ තිබුනා. "

" ඔයාට සිහිය ආව එක ගැන මට හුඟක් සතුටුයි.. ගෙවුනු දවස් දෙකේ ඔයා හෙලවෙන්නේ වත් නැතුව මේ ඇඳ උඩ ඉන්නවා මම බලාගෙන හිටියේ කොයි තරම අමාරුවෙන් ද කියලා මට විස්තර කරන්න බෑ
මෙලීසා... ඒ දවස් දෙක මට කල්පයක් වගේ. " 

මෙලීසා එයාගේ නලල බැන්ඩේජ් කරලා තිබුනු තැන ඇඟිලි වලින් පිරිමැද්දේ මොකක්දෝ දෙයක් ගැන විමසිල්ලෙන් බව මම කාමරේ ජනේලෙන් එලීයේ තිබුනු පයින් ගහ දිහා බලනකොට ඇස් කොනින් දැක්කා.

" ජෝෂුවා.. මොනාද ඔයා ඔය අත්දෙකෙන් පිටිපස්සට කරගෙන හංගගෙන ඉන්නේ ? කෝ පෙන්නන්න මට ? ම්...... මට දෙන්න ගෙනාපු තැඹිලි පාටයි සුදු පාටයි ජුලියට් රෝස් මල් පොකුරක් වත්ද ?  " මෙලීසා පුංචි ළමයෙක් වගේ ඇහුවේ හරිම හුරතල් විදිහකට.

" මෙලීසා මට පොරොන්දු වෙන්න ඔයා දුක හිතන්නේ නෑ කියලා.. " 

" හ්ම් okay ... කෝ බලමු " 

දෙකට කැඩුනු යතුරු පුවරුවේ කෑලි දෙකත් අටට කපපු පීට්සා එකක් වගේ පේන කණ්නාඩි කුට්ටමත් ජෝෂුවා මෙලීසගේ අත උඩ තියෙද්දී ඒ සුදු පාට අතේ රස්නේ ටික ටික වැඩි වෙන්න පටන් ගත්තා. 

ඒ දුඹුරු පාට ඇස් වලින් ඇතුලට ගියේ දුකක්ද ? නැත්නම් සිද්ද වෙච්ච දේවල් ගැන කලකිරීමක්ද ? එහෙමත් නැත්නම් ?

ගතවුනේ විනාඩියක්ද, දෙකක්ද, පැයක්ද කියලා නොතේරුනේ මම මෙලීසගේ හිත කියවන්න උත්සාහ කරමින් හිටිය නිසයි.  

සිවිලිමේ ඈත කෙළවරක් දිහා ඇහිපිය නොහෙලා බලාගෙන හිටිය මෙලිසා එකපාරටම මගේ දිහාට හැරුනේ මොකක් හරි අහන්න කියලා මට දැනුනේ තරු කැට දෙකක් වගේ දිලිසෙමින් එයාගේ ඇස් වල තිබුනු කුතුහලයත් එක්ක.

 " මිස්ටර් හන්ටර් ? "

" හ්ම්... එයා ICU එකේ.. "


***




37 comments:

  1. පිස්සු වගේ... තුන්දෙනෙක් එක කතාවක් ඒත් කතා තුනක් තුන් දැක්මක්
    මේ ටික එකට එක් කලා නං හොදටම ඇති
    අගෙයි
    මට නං ඔය කීව වගේ අවුලක් පෙනුනෙ ැති තරං

    ReplyDelete
    Replies
    1. ඉවාන් තමයි අදහස දුන්නේ.. ඒ නිසා පොඩි උත්සාහයක් අරගෙන බැලුවා.

      ගොඩක් ස්තූතියි මහේෂ්...

      Delete
  2. මටත් ලියන්න හිතයි මේකට extension එකක්......

    ReplyDelete
    Replies
    1. බස්සිගෙන් පර්මිෂන් ලැබිලානේ.. ලියන්න ලියන්න...

      Delete
  3. හරිම ලස්සනයි තුශානි! ඔයාගෙ කතාවෙදි මම මුලින් හිතාගෙන හිටපු රිද්මය සහ පරිසරය දශමයක්වත් වෙනස් නොවී ගලාගෙන යනවා. මේකට මම බොහොම කැමතියි.

    තව දෙයක් මතක්වුනා. පහුගිය දවසක මම ෆේස්බුකියේ මේ වගේ එක්කෙනෙක් ලිව්ව කවියකට පිලිතුරක් ලිව්වා කියල මරු දහ අට වන්නමක් ගියා මම අනුභූති මංකොල්ලකෑවා කියල. බුක්කවියෝ දෙතුන් දෙනෙක් මල අතේ අරන් හිටියෙ. (කිරි කලේට වැටුන ගොම බිංදුවක් වගේ ඒකට සම්බන්ධ වුනේ බොහොම සුලු පිරිසක් උනාට ඉතින් ඒකෙන් වෙන්නෙ කිරි කලේම අප්‍රසන්න වෙන එකනෙ.) අන්න එයාලව ඇදන් ඇවිත් පෙන්නන්න වටිනවා බ්ලොග් අවකාශයේ ලියවෙන මේ සමූහ ලියැවිලි.

    බණ්ඩා :

    ලියමු ලියමු. "සමූහ නවකතා" කියල ජාතියක් තියෙනව අහල තියේද? ලංකාවෙ මුල්ම සමූහ නවකතාව ලිවීමේ වැඩෙත් කෙරුනා දැනට මාස කීපෙකට කලින්. බ්ලොග් අවකාශෙනුත් ඒ වගේ දෙයක් කරන්න පුලුවනි ඔයාල මේක ඉස්සරහට ඇදගෙන ගියොත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බස්සී... කතාවට චූටි හරි හානියක් වෙයි කියන බයයි මට තිබුනේ.. කමෙන්ට් එක දැක්කහම නම් දැන් ගොඩක් සතුටුයි..

      ෆේස් බුක් සිද්ධිය ගැන දැනගෙන හිටියේ නෑ. අහම්බෙන් හරි මේ බ්ලොග් අවකාශයේ ලියවෙන සමූහ ලියවිල්ලකට පුංචි හරි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වුන එක ගැන හරි සතුටුයි.

      Delete
  4. පොඩි තැනක් හදමුද තුශ්? මෙගා මාර්කට් නෙමෙයි ඒක මෙගා මාර්ට්. අයිස්කිරිං පාලර් එකක්.

    ReplyDelete
    Replies
    1. මම කියල නෑ නේ ඒක අයිස්කිරිං කඩයක් කියල මගෙ කතාවෙ. එල. නම පෝඩ්ඩක් හැදුවනම් හරි.

      Delete
    2. රායිට්.... ඔන්න දැන් හරි... තැන්කූ බස්සී..

      Delete
  5. එන්න පරක්කු වුනා , කොහොම වුනත් මේ කතාව ගැන මටනම් කියන්න කිසිම අඩුපාඩුවක් නෑ. මොකද මම ලිව්වට වඩා හොඳින් බස්සිගේ රටාව තුලම මේ කතාව ලියවිලා තියෙන නිසා.
    තුශානි ගේ පරිකල්පන හැකියාව බොහොම අගෙයි. මේ විදිහට බිහිහ්වෙන නිර්මාණ සාර්ථකයි මම හිතන්නේ , කොහොම වුනත් මෙතනින් නවතින්නේ නැතුව තුශානි තව තව නැව නිර්මාණ වලට පෙළඹුනානම් හොඳයි , මොකද ඒ ශක්‍යතාව ඔයාට තියෙනවා ,ජයෙන් ජය එහෙනං

    ReplyDelete
    Replies
    1. මේ වගේ දිගුවක් ලියන්න අදහසක් දුන්නේ ඉවාන් නිසා විශේෂ ස්තූතියක් කරන්නම ඕනේ. එදා ඉවාන් ලියන්න කියලා කිව්වහම හා කියලා ලියන්න ගත්තට ලියනකොට තමයි තේරුනේ ලියන එකත් ලේසි පහසු නෑ නේද කියලා. ඉතින් බොහොම ස්තූතියි ලියන්න උනන්දු කෙරෙව්වට.

      :) හැමදාමත් මගේ තිබුනේ බොහොම හෙමින් ගමනක්නේ.. තියෙන වැඩත් එක්ක බලමුකෝ ඉස්සරහට.

      Delete
  6. මමත් මේ කතා තුනම පෝස්ට් කරනකොටම කියෙව්වා. මේකට එන්න පරක්කු වුනා.

    හතරම එක වගේම ලියවිලා. නියමයි තුෂානි.

    ReplyDelete
    Replies
    1. :) කමක් නෑ.. පරක්කු වෙලා හරි ආවනේ..

      පුංචි උත්සාහයක් ගත්තේ. බොහොම ස්තූතියි කසුන්.

      Delete
  7. අද තමයි මුලින්ම ආවෙ.
    ඉවාන්ගෙයි බස්සිගෙයි නවාතැනට නමි නිතර යන නිසා මුල් කොටස් තුන කියවන්න ලැබුනා.ඔබත් ඒ වගේම සාර්ථකව කතාව පෙලගස්වලා තිබෙනවා.
    ආයෙත් මෙ පැත්තට එන්නමි.එහෙනමි අපි යනවා.ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. මුලින්ම මනෝව සාදරයෙන් කැකුළු ගොමුවට පිලිගනවා.

      :) බොහොම ස්තූතියි.. දිගටම එන්නකෝ..

      Delete
  8. තුශානි......................

    අලුත් ම අාරක්.... වෙනස් ම රචනයක්.... අගෙයි බොහොම අගෙයි....

    ඒත් තුශානියෝ ටිකක් පරිස්සමෙන් ඔය ඉවානයා කියන ඒවා වැඩිය අහන්න යන්න ඒපා.... ඔ්කා ෂුවර් නැහැ........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගී පවුරේ...

      හි..හි... එහෙමද ... හාකො හාකො...

      Delete
    2. මොකක් .... අඩෝ කුරුට්ටා

      Delete
  9. දැන් එක්කෝ මාත් ලියන්නද මේකට තව කොටසක්..

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න. අර බස්සී උඩ කියලා තියෙනවා වගේ "සමූහ නවකතා" වක් කරන්න පුළුවන් වෙයි මේක.

      Delete
  10. වැඩේ යනවා නේද අල්ලලාම. තුෂානිත් හරියට ගිනිකන්දක් වගේ. ශක්තිය හංගගෙන ඉන්නව දුම් දදා.

    ReplyDelete
    Replies
    1. :) ඔයාලා නිතර මේ පැත්තට ඇවිත් යන එක තමයි මට තියෙන ලොකුම ශක්තිය. දිගටම ලියන්න පුළුවන් වෙන්නේ ඒ ශක්තියෙන්.

      බොහොම ස්තූතියි මධූ...

      Delete
  11. දරුවෝ. අරක පොප්ලර් (poplar) ගහක්. ප්‍රොපෙලර් කියන එක මකන්න. මට එහෙමට භූගෝල විද්‍යාත්මක දැනීමක් නැති වුනත් මම හිතනවා ස්ටෙප්ස් (Steppes) කියන්නෙ තෘණභූමියක් කියලා. කඳුවැටියක් නෙවෙයි.

    මේ ටික කිව්වේ තුශානිගෙ මේ ලස්සන නිර්මාණයේ තියෙන සුලූ අඩුපාඩුවත් නැතිකරගන්න උදව්වක් වෙයි කියන බලාපොරොත්තුවෙන්.

    ඇයි කාර් එක මොරිස් මයිනර් එකක්ම වුනේ? :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩුඩ් අංකල්... පොප්ලර් කියන වචනේ තමයි ඔලුවේ තිබුනේ ලියවිලා තියෙන්නේ වැරදියට. මමත් ඒක දැක්කේ නෑ... ස්ටෙප්ස් කියන්නෙ තෘණභූමියක් තමයි.. ඒත් පොප්ලර් ගස් ගැන කියනකොට මට ස්ටෙප්ස් කියන නම ලියන්නම හිතුනා.. :)

      ඔයාලා වගේ ප්‍රවීන අය අපේ අඩු පාඩු පෙන්වලා දෙන එක අඩුපාඩු නැති කර ගන්න ලොකු උදව්ක් වගේම ශක්තියක්...

      කාර් එක මොරිස් මයිනර් එකක්ම වුනේ නම් ඉතින් ටිකක් පරණ තාලේ කතාවක් කියලා අඟවන්න. ඊටත් වෙන එකක් මැච් වෙන්නෑ වගේ හිතුනා :D

      Delete
    2. මම ප්‍රවීනත් නෑ. පොරත්වයකුත් නෑ. මං, නිකං ඉන්න වෙලාවට බ්ලොග් කොටන තුෂානිලා වගේම නිකම්ම නිකං බ්ලොග් කරුවෙක්.

      Delete
    3. මම අදහස් කලේ මෙහෙම දෙයක්..

      මගේ මිණුම් දඩු වලට අනුව බ්ලොග් ලෝකේ මම කැමති , මම කියවන්න ආස බ්ලොග් ලියන අය අතරේ ඔබ මට සුවිශේෂ කෙනෙක් කියන එකයි.

      Delete
    4. ස්තුතියි තුෂානි. :)

      Delete
  12. කාලෙකින් ආවේ මේ පැත්තේ ... ඒ ටිකට මෙයත් වෙනස් වෙලානෙ. . :P

    ReplyDelete
    Replies
    1. අහ්... මේ කොබෝ අයියත් ඇවිත් ඉන්නේ. වෙනස් වෙලාද ? හි..හි..

      Delete
  13. දිස් ඊස් එක්සලන්ට් ටීම් වරක් ළමයි.. කතා තුනේදීම (කොටස් හතරේදීම) කථවේ රිද්මය නොකඩවා ගලාගෙන යන හැටි අපුරුයි.. මේක තමයි අපි බලාපොරොත්තුවන බ්ලොගර්'ස් ලගේ ටැලන්ට් එක.. මේක වෙනත් මාධ්‍යයක නක ලොවෙත් වෙන්නේ නෑ කියලා කැට කඩන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... මට හිතෙන්නේ තවත් කතා කීපයක්ම කියවන්න පුළුවන් වෙයි ඉක්මනින්ම. :)

      Delete
  14. අර මෙලිසගේ මැරුණු අම්ම තාත්ත ගැන මුකුත් ලියන්නේ නැත්ද? අතීතයට ගිහිල්ල වගේ
    http://nelumyaya.com/?p=4662

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් අයියා....

      ඔව්... එයාලා ගැනත් මොනාහරි ලියන්න පුළුවන්...

      :) කතාවත් එක්ක සුන්දර මතකයන් ගොඩකට ගියා.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...