Thursday, October 1, 2015

91. ෂයිනී ... ( ලෝක ළමා දිනය වෙනුවෙන් )

ක්.. ටු.... ටක්.. ටු... ටක් ටු... ටක් ටු...




එලාම් ඔරලෝසුව ඇතුලට වෙලා නිදාගෙන හිටිය "Yellowhammer" වර්ගයේ කහ කුරුල්ලා උදේ හත වෙනකොටම නැගිටලා ෂයිනිව ඇහැරවන්න එක දිගට සද්ද කලත් එදා ෂයිනි ඒ සද්දේට කිසිම ප්‍රතිචාරයක් දක්වන්න ගියේ නෑ. 

" හරි.. හරි... බර්ඩී... ඔන්න බබා ඇහැරුනා... මේ බලන්න මම ගුඩ් බබෙක්... " 

වෙනදාට ෂයිනි එලාම් ඔරලෝසුවෙන් එලියට ඇවිත් කෑගහන කහ කුරුල්ලාට එහෙම කියලා, පොරවගෙන ඉන්න බාබි ඩෝල්ස්ලාගේ රෝස පාට පොරොනය පැත්තකට කරලා එයාගේ ලොකුම ලොකු ටෙඩීත් තුරුළු කරගෙන අම්ම ඉන්න දිහාවට යන්නේ අම්මගේ රසම රස කිරි එක බොන්න.


 
වෙනදාට ජනේලෙන් එන ලා කහ පාට ඉර එලියට දිලිසෙන ෂයිනිගේ සුදු පාට මූණ අද හරියට මැලවුනු ගාඩිනියා මලක් වගේ මැලවිලා ගිහින්. එතකොට ගේ පුරාම දෝංකාර දෙන ෂයිනිගේ කිංකිණි හිනාව, හුරතල් කතා පෙට්ටිය හරියට නපුරු මන්තර කාරියක් අරගෙන ගිහින් වගේ.

" අහ්... මගේ දූ පැටියා ඇහැරිලානේ.. කෝ එන්න අපි දැන් නැගිටලා,  ඔයාගේ කිරි එක බීලා, වොශ් දාලා, ලස්සන ඇඳූමක් අඳිමු. " 

"අම්මා... මට අද ඉස්කෝලේ යන්නම ඕනේ.. " ෂයිනි අම්මගේ බෙල්ල වටේ එක අතක් යවලා අනිත් අතින් අම්මගේ මූණ එයාගේ චූටි ඇඟිලි වලින්  තද කරන ගමන්  කිව්වා.   

 ***
 
" මිසිස් සිල්වියා.. බබා හොස්පිට්ල් එකේ ඉන්න බෑ කියලා අඬන නිසාමයි මේ ඩිස්චාජ් කරන්නේ. ගෙදර ගිහින් එයාව හුඟක් පරිස්සමින් බලාගන්නවෙයි...  එයාගේ හිත රිදෙන දේවල් සිද්ද වෙන්න නොදී සතුටින් තියන්න බලන්න  "


" තැන්ක් යූ වෙරි මච් ඩොක්ටර්... අපි බබාව හොඳට බලා ගන්නම්.  මාසෙක විතර ඉඳලානේ අපි දැන් හොස්පිට්ල් එකේ. ඒ නිසයි බබා තව ඉන්න බෑම කියන්නේ. "

" ඔකේ.. මට තේරෙනවා.. ට්‍රීට්මන්ට්ස් වලට වරද්දන්නේ නැතුව එන්න.

***

" ඇයි අම්මා මේ ඇස් වල කඳුළු.. මාව ඉස්කෝලේ යවන්න බෑ ද?  "  

හොස්පිට්ල් එකෙන් එද්දී ඩොක්ටර් කියපු දේවල් සිල්වියාට මතක් වෙලා ඇස් වලට කඳුළු ඇවිත් තිබුනේ ඉබේටමයි.

" බලමුකෝ තාත්තාගෙන් අහලා. අද ටිරීට්මන්ට්ස් වලටත් යන්න තියෙනවනේ.. " සිල්වියා එක පාර ඇහි පිය දෙක තුනක් ගහලා ඇස් වලින් පිටට පනින්න හදපු කඳුළු ආපහු ඇස් දෙක ඇතුලටම ගත්තා. 



 

" අම්මා බලන්න අර කැලෙන්ඩර් එක දිහා අද ඔක්ටෝබර් ෆස්ට්... චිල්රන්ස් ඩේ.. ඒ නිසා මට අද ඉස්කෝලේ යන්න ඕනෙමයි.. " නිල් පාට ඇස්වල පුංචි තරහක් මවාගන ෂයිනි අම්මගේ මූණට ඇඟිලි වලින් තට්ටු කරන ගමන් කිව්වා.

චිල්රන්ස් ඩේ එකට හැම අවුරුද්දකදීම මොන්ටිසෝරියෙන් හොඳම් ළමයාට දුන්නු විශේෂ තෑග්ග මේ අවුරුදු දෙකේදීම ෂයිනි ගෙදර අරගෙන ආවේ කොයි තරම් සතුටින්ද කියලා සිල්වියාට මතක් වුනේ ෂයිනි කැලැන්ඩරේ දිහා බලාගෙන ගිරවියෙක් වගේ කියවද්දියි.  

ෂයිනි තෑග්ග අරගෙන ගෙට දුවගෙන එනකොට එයාගේ බලු පැටියා ස්කිපීත් ෂයිනි පිටිපස්සෙන්ම දුවගෙන එන්නේ හරියට එයත් තෑග්ග බලන්න වගේ. ඊට පස්සේ ෂයිනි තෑගි පෙට්ටිය ඔතලා තියෙන කොළ ටික සිරුවට ගලවලා තෑග්ග අතට ගන්නකොට එයාගේ හිනාවෙන ඇස් තරු කැට දෙකක් වගේ දිලිසෙනවා. ගිය අවුරුද්දේ එයාට මොන්ටිසෝරියෙන් තෑගි ලැබුනේ තම්බලීනාගේ මූණ තියෙන ඇපල් කොළ පාට ගවුමක් ඇඳ ගත්ත කතා කරන බෝනික්කෙක්.
 
  
***

" ආයම්මා.. ඉක්මනට මහත්තයට කතා කරන්න බබාගේ නහයෙන් එක දිගට ලේ එනවා... " බාත් රූම් එකේ ඉඳලා සිල්වියා කෑ ගහපු විදිහ තාමත් දෝංකාර දිදී ඇහෙන එක නැවතුනේ තියටර් එකේ රතු කුරුස ලකුණ ගහපු වීදුරු දොර ඇරෙන ඇරෙනවත් එක්කයි.

සුදු පාට ඇඳුමක් අන්දලා සුදු පාට තොප්පියක් දාලා අත්වලට කකුල් වලට මේස් දාලා ට්‍රොලියේ තියාගන එලියට ගෙනාව ෂයිනිගේ මූණ හරියට නපුරු හීනයක් දකිනවා වගේ. වේලිලා ගියපු කඳුළු බේරුණු පාරවල්  මූණෙන් මතුවෙලා පැහැදිලිවම පේන්න තිබුනා. 

පල්ලියේ ඝාන්ටාර සද්දේ දහවල් දොළහේ කණිසමට එළඹුනා කියලා හඬ ගාලා කිව්වත් ගෙවුනු පැය දෙක පුරාවටම පුංචි හරි හෙලවීමක් වත් නැතුව නිදාගෙන හිටිය ෂයිනි ඊට කන් දුන්න බවක් නම් පේන්න තිබුනේ නෑ.  

ටක්.. ටක් .. ටක් ... 

දොරට තට්ටු කරන සද්දෙත් එක්ක  ෂයිනිගේ තාත්තා කාමරේ දොර අරින්න ගියේ ඩොක්ටර් ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්.

ඒත් ඩොක්ටර් වෙනුවට දොර ගාව හිටියේ ලස්සනම ලස්සන ඇඳුම් ඇඳ ගත්ත බෝනික්කෝ ගොඩක්..

" අංකල්... මේ අවුරුද්දේ
ත් ෂයිනි තමයි අපේ ස්කූල් එකේ හොඳම ළමයා. අපි එයාගේ තෑග්ග අරගෙන ආවා... "
 

ෂයිනිගේ හොඳම යාළුවා වුන සින්නි කතා කරන බෝනික්කෙක් වගේ කියනකොට ෂයිනිගේ අම්මගෙයි තාත්තගෙයි ඇස් වල කඳුළු පිරිලා එක දෙක පහලට එන්න පටන් ගත්තා. 

නිදාගෙන හිටිය ෂයිනිගේ ඇඳ වටේට වට වෙලා කට්ටියම එයා දිහා බලාගෙන ඉන්න අතරේ ෂයිනිව බලන්න ආපු ඩොක්ටර් දඹර ඇඟල්ල තොල් දෙකට තියලා අනිත් අයට සංඥාවක් දීලා බලාගෙන හිටියේ පොඩිත්තො කරන්න යන දේ මොකද්ද කියලා එයාටත් බලන්න තිබුනු ඕනකම නිසයි.

" අපි දැන් යමු... ෂයිනි නැගිටහම එයාගේ තෑග්ග දෙන්න කියලා අපි ආන්ටිට දීලා යමු.. " විනාඩි පහලවක් විතර ගෙවුනට පස්සේ ෂයිනිගේ ටීච ළමයින්ගේ ඔළුව අතගාලා කරුණාවන්ත හඬකින් කිව්වා.

" ඉන්න ටීචර්.. මේ තෑග්ග බලනන්න ෂයිනි දැන් නැගිටියි.. අපේ මේ ඔතලා තියෙන කොලේ අයින් කරලා ඒක එයාගේ අතේ තියමු.. "

සින්නි තෑග්ග ඔතලා තිබුනු කොලේ අයින් කරලා ඇතුලේ තිබුණු ලස්සනම ලස්සන දෙව් දුවකගේ පිලිමය ෂයිනිගේ අත් දෙක උඩින් තිබ්බා. 

එහෙම කරලා පුංචි සින්නි වගේම එයාගේ යාළුවෝ ඔක්කෝමත් අත් එකට එකතු කරලා මුළු හදවතින්ම  දෙව් දුවගෙන් ඉල්ලුවේ එයාලගේ ෂයිනිව ඉක්මනට සනීප කරලා දෙන්න කියලා විතරයි.  

ඊට පස්සේ ගතවුන විනාඩි කීපය ගෙවිලා ගියේ හැමදෙනාම දෙනෙත් පියාගෙන දෙව් දුව දිහා බලාගෙන කරපු ප්‍රාර්ථනාවත් එක්කයි. 

" අම්මා... මේ බලන් ඒන්ජල් කෙනෙක්... "
 


29 comments:

  1. තුශානි නැන්දා එහෙනම් අපිව අමතක කරලා නෑ.
    (පුන්චි ලමයි පිරිසක්)

    ReplyDelete
    Replies
    1. :) ඒකනේ .. ඔන්න ඔයාලා වෙනුවෙන්මයි ලිව්වේ.

      Delete
  2. ශා මරුනේ , මේතියෙන්නේ තුෂානිගේ ටැලන්ට්ස්.... keep it up sis..........

    ළමා දිනයටම ගැලපෙන කතාව ...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් පුළුවන් වෙයි ජානකී සූරියආරච්චි වගේ ළමා කතා රචිකාවියක් වෙන්න. දිගටම ලියන්න.

      Delete
    2. බොහොම ස්තූතියි ඉවාන්... :)

      Delete
  3. පුංචි උන් ගොඩක් මැද්දට අතඇරලා දැම්මනේ... ලස්සනයි තුශානි..

    ReplyDelete
    Replies
    1. :) පුංචි අය ගැන කියද්දී අපිත් නිකම්ම එයාලගේ ලෝකෙට යනවා.. බොහොම ස්තූතියි යශ්‍යන්ත...

      Delete
  4. ඒ කතාවට ටිකක් දුක හිතෙනවා වගේ නේද?

    ReplyDelete
    Replies
    1. මුලින්ම වරා මලීව සාදරයෙන් තුශානි කැකුළු ගොමුවට පිලිගන්නවා.

      ලියලා තියෙන විදිහෙන් දුක හිතෙන අවසානයක් හිතෙන්න ඇති නේද ? ඒත් මට කියන්න ඕනේ වුනේ දෙව් දුව ෂයිනිගේ අතේ තියලා හැමෝම කරපු ප්‍රාර්ථනාව නිසා ෂයිනිට ආපහු සිහිය ආවා කියන එකයි. ඒ දේ හිතන්න ඉතුරු කරලයි කතාව ඒ විදිහට අවසන් කලේ :)

      Delete
  5. මේක කියවන්න දීල මගේ කෙල්ලත් බ්ලොග් වලට වහ වැටෙයිද මන්දා.. ඒත් අදනම් කියවන්න දෙන්නම වෙනවා.. නරකද පොඩි උන්ට පොත් ටිකක් එහෙම ලියුවොත් :)

    ReplyDelete
    Replies
    1. අහ්.. මම එයාව දැකලා තියෙනවනේ... කතාව කියවලා දූ පැටියා මොනාද කිව්වේ කියලත් මට කියන්න... බොහොම ස්තූතියි කලණ. බලමුකෝ. :)

      Delete
  6. හොඳයි,තුශානිට කතා ලියන්න පුළුවනි.තව තව ලස්සන කතා ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලපතුමා ...

      Delete
  7. ළමා දිනේට තුශානියාගෙන් ඉහලම තෑග්ගක්.

    ලෝකෙ හැම ලමයටම මේ දිනේ ලස්සන දවසක් වෙනවනම්..

    ReplyDelete
    Replies
    1. :) ඔව් මනෝෂ්... ළමා දිනේ දවස විතරක් නෙවෙයි හැම දවසක්ම ලස්සන දවසක් වෙනවා නම් කොච්චර හොඳද...

      Delete
  8. තුෂානි මේ පෝස්ට් එක මරු

    ReplyDelete
    Replies
    1. තැන්කූ නලීන් අයියා...

      Delete
  9. ඒක දුකයි.. ළමයි අඩවන්න හොදනෑ කියල දන්නැද්ද
    ලස්සනය් තුශානි... හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. :) දන්නවා දන්නවා... දුක හිතුනා නම් සමාවෙන්න. දුක හිතෙන අවසානයක් නෙවෙයි හිතේ තිබුනේ..

      බොහොම ස්තූතියි මහේෂ් ...

      Delete
  10. ළමා දිනයට තුශානිගෙන් ලස්සන තෑග්ගක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගී පවුරේ...

      Delete
  11. පුංචි අයගේ ලෝකයට මොහොතකට අපිව අරගෙන ගියා.කතාව ලස්සනයි තුසානි.

    මගේ දූත් අද ඒයාලගේ දවස කියලා ඉස්කෝලෙට ගිහින් දෙකක් වෙන්න සෙල්ලමි කරලා ආවෙ.අද වෙනදට වඩා මහන්සි කියලා හොදටම නිදි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ..

      :) දවසෙම සෙල්ලම් කරලා මහන්සි ඇති. ඔහොම කියනකොට මටත් ඉස්කෝලේ ගිය කාලේ මතක් වෙනවා. අපිත් දවසෙම කරන්නේ සෙල්ලම් කරන එක තමයි. ඒ වගේම හැමෝටම තෑගිත් හම්බවෙනවා.. ඉතින් ආසම දවසක් තමයි ළමා දිනේ කියන්නේ.

      Delete
  12. මේක කියවන්න දෙනවා පොඩ්ඩන්ට.
    මමත් කියන්නෙ තුශානිට මේ වගේ පෝස්ට් මාසෙකට එකක්වත් දාන්න කියලා. අර රෝහලට ඇතුලත් කරන වගේ සිද්ධි තව පොඩ්ඩක් සරල ළමා භාෂාවට හැරෙව්වනම් තවත් හොඳයි ළමයින්ට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධූ...

      ඔව්... ප්‍රතිචාර වලින් මටත් දැනුනු දෙයක් තමයි සමහර තැන් මීට වඩා සරල භාෂාවෙන් ලියවෙන ඕනේ කියන එක. ඒ අඩු පාඩුත් ඉස්සරහට හදාගන්නම්කෝ.. ඔන්න පොඩ්ඩෝ මොනාද කිව්වේ කියලත් මට කියන්න... :)

      Delete
  13. පොඩි උන් කියන්නේ "ඒන්ජල්ලා" තමයි.
    ලස්සන කතාව නැන්දේ ,හැබැයි ටිකක් දුකයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ පුතා ...

      ඒත් දුක හිතෙන අවසානයක් නෙවෙයි තියෙන්නේ. :)

      Delete
  14. පොඩි ළමයි ගැන පොඩි ළමයෙක් ලියු ලිපියක්.. :D

    ReplyDelete
    Replies
    1. හි..හි.. එහෙමද පේන්නේ... :P

      Delete

Related Posts Plugin for WordPress, Blogger...