මේ එයාමද ? ( 1 වන කොටස ) මෙතනින්
" ම්.... කොහෙන්ද ඒ කට හඬ එන්නේ ? "
එක පිට එක නැගී එන මුහුදු රළ පෙළ ගැන හිතන්නේ වත් නැතුව දියඹට පීනන
කැස්බෑවෙක් වගේ, මේ අතොරක් නැති මුහුදු ඝෝෂාව අතරින් ඒ හඬ ආපු ඉසව්ව හොයන්න
රයන් උත්සාහ කලා.
" අහ්... කවුද අර දූපතේ වෙරලේ තියෙන ගල් තලාව උඩ වාඩි වෙලා ඉන්නේ ? මේක මේ
ඇස්බැන්දුමක්ද ? සමහර විට කවුරු හරි ඉන්නවා වෙන්න පුළුවන්ද ? එතකොට ඒ කට හඬ
එයාගේද ? දිය වැලකට අහුවෙච්ච මාළු රැලක් වගේ එක එක ප්‍රශ්ණ ගොඩක් රයන්ගේ
හිතට ඇදිලා එන්න පටන් ගත්තා.
කුඹ ගහ ලඟ නැව් තට්ටුවේ වැටට හේත්තු වෙලා හිටිය රයන්, නැවේ එහා කොනට ඇදිලා ගියේ ගොදුරක් පස්සේ යන මෝරෙකුගේ වේගෙන්.
කුඹ ගහ ලඟ නැව් තට්ටුවේ වැටට හේත්තු වෙලා හිටිය රයන්, නැවේ එහා කොනට ඇදිලා ගියේ ගොදුරක් පස්සේ යන මෝරෙකුගේ වේගෙන්.
ඒත් එක්කම රයන් පැහදිලිවම දැක්කා, ගල් තලාව උඩ ලස්සන ගෑණු ළමයෙක් රයන් දිහා ඇහිපිය නොහෙලා බලාගන ඉන්න වග.
මුතු ඇටයක පාට ගත්ත එයාගේ මූණ, හඳ එලියට දිලිසෙන තරු කැට දෙකක් වගේ එයාගේ ඇස්දෙක, බැහැගෙන යන ඉරේ පාටට රතුවුනු හීන් තොල් දෙක, වම් උරෙන් ඉස්සරහට වැටිලා දෙදණ වැහෙනතරමටම දිගට තිබුනු තඹ පාට කොන්ඩය දකිනකොට රයන්ට මතක් වුනේ මරියාව.

" ඔයා සුරංගනාවියක් වගේ ලස්සනයි මරියා... මට මේ ලෝකේ ලස්සනම කෙනා ඔයා... " කියලා ඉස්සර රයන් මරියා දිහා ඇහිපිය ගහන්නේ නැතුව විනාඩි දෙක තුනක් බලාගෙන ඉඳලා කියනකොට මරියා ලැජ්ජාවෙන් රතුපාට වෙන හැටි රයන්ට මතක් වුනා.
"මේ ... ඔය ඔතන කවුද ඉන්නේ ? කවුද ඔයා ?"
කියපු දේ නෑහුනා වගේ එයා හිටියේ රයන් දිහා බලාගන හිටිය විදිහටමයි.
අහපු එක ප්‍රශ්ණෙකටවත් පිලිතුරු නොලැබුන නිසා රයන් නැව් තට්ටුවේ ගැට ගහලා තිබ්බ පොඩි
බෝට්ටුව පහළට ගත්තේ දූපතට පැත්තට යන්න හිතාගෙන . ඒ වෙනකොටත් එයා හිටියේ රයන් දිහා බලා
ගත්ත ගමන්ම බව ඇස් කොනින් එයා දිහා බලනකොට රයන් දැක්කා.
පහළට ගත්ත බෝට්ටුව පදවගෙන රයන් දූපතට කිට්ටු වෙනවත් එක්කම වලාකුළු පුර හඳ අතරින් එහාට මෙහාට යමින්, මේ කේලම හඳට කියමිනුයි ඒ වෙනකොට හිටියේ.
" මෙයා නම් මරියා වගේමයි... ඒ මූණ, ඒ ඇස්, ඒ තොල්... " ටික ටික දූපතට ලං වෙනවත් එක්කම දැක්ක දේ රයන්ට අදහා ගන්නත් බැරුව ගියා.
" ඔයා කවුද ? කියන්න මට... මේ දූපතේ තනියමද ඉන්නේ ? තවත් කවුරුහරි ඉන්නවද ඔයත් එක්ක ? මේ මහ මුහුද මැද අතරමං වෙලාද ඔයාලා ඉන්නේ ? "

රයන් බෝට්ටුව ගල් තලාවට කිට්ටු කරන අතර තුරේ ඇහුවා.
මෙච්චර වෙලා ඇහිපිය නොහෙලා රයන් දිහා බලාගෙන
හිටිය එයා, ඇස් ඉවතට ගත්තේ ඇස් වල කඳුළු බිංදුවක් හංගගන්න ගමන්. ඒත් ඒ කඳුලු
පිරුණු ඇස් දෙක හඳ එලියෙන් වහන් කරගන්න එයාට පුළුවන් කමක් කොහෙත්ම තිබුනේ නෑ.
" මම ඔයා එනකන් බලාගෙන හිටියා... ඔව් හුඟක් කල් බලාගෙන හිටියා... "
අතේ තිබුනු බෙල්ලන්ගෙන් හදපු රෝස පාට වලල්ල දිහා බලාගන එයා කිව්වා.
අතේ තිබුනු බෙල්ලන්ගෙන් හදපු රෝස පාට වලල්ල දිහා බලාගන එයා කිව්වා.
" එතකොට ඔයා මගේ... ඒත් නෑ.. නෑ.. ඒ ඔයා නෙවෙයි... එයා මාව දාලා ගියා... මාව දාලා යන්නම යන්න ගියා. "
"හ්ම්.... ඒක දිග කතාවක්... ඔයා මුහුදු ගිහින් එනකනුයි මම එදා බලාගෙන හිටියේ... ඒත් ඔයා එන්න කලින් මේ මුහුදු රළ පේලි ගොඩක් ඇවිත් මාව ඔයාගෙන් ඈතට ඈතට අරගෙන ගියා.. ඒත් මට ඕනේ වුනා ඔයා ලඟට එන්න... ඒ නිසාම මට මතක් වුනේ ඔයාම විතරයි... මම මෙහෙට ආපු දා ඉඳලම ඔයා කවදාහරි මේ මහ මුහුදෙදි දකින්න ආසාවෙන් බලාගෙන හිටියා. ඔව්... මේ ඇත්තමයි.. "
" ඔයා දන්නවද මම ඔයා නැතුව කොච්චර නම් දුක් වුනාද කියලා. මේ ගෙවුනු පහුගිය කාලය මම ගතකරපු වේදනාකාරිම කාලය."

" අපි යමු ... අපි දුක් විඳපු කාලේ දැන් ඉවරයි. රයන් ලංවෙලා එයාගේ අතින් තද කරලා අල්ලගත්තා. "
කියලා රයන් කොයි තරම් තදින් එයාව අල්ල ගත්තාද කියනවනම් අත්වල තිබුනු ශක්තියට එයා ව රයන් ඉන්න පැත්තව ඇදිලා ආවේ බූවල්ලෙකුගේ අඩුවකට අහුවුනු පුංචි මාළු පැටියෙක් වගේ.
පුර හඳ රාජ කාරි හමාර කරලා මුහුදු පතුලේ විසාල බෙලි කට්ටක් ඇතුලට ගිහින් ටිකක් නිදා ගන්න සැරසෙනකොට ඉර කම්මැලි කමින් ඉරු රැස් එක දෙක විහිදවලා හිරි අරින්න පටන් ගනිද්දියි රයන්ට දැනුනේ හෝරා හතර පහකට වැඩි කාලයක් නොදැනීම ගතවෙලා ගිහින් බව.
" මට දැන් යන්න වෙලාව හරි... "
" නගින්න බෝට්ටුවට.. අපි යමු නැවට.. මීට පස්සේ මම ඔයාව දාලා කොහේවත් යන්නේ නෑ. ම්... ? හා නේද ?
මට ඔයත් එක්ක යන්න එන්න විදිහක් නෑ. මම දැන් අයිති මෙහාට.බොහොම ඉක්මනින් මම හැදුනා වැඩුනා වගේම මට තව ඉතුරු වෙලා තියෙන්නේ බොහොම පොඩි කාලයක්. කොහොම වුනත් මට දැන් හුඟාක් සතුටුයි... මොකද මගේ එකම බලාපොරොත්තුව වුනේ ඔයාව දකින එකයි. ඒක දැන් ඉෂ්ට වුනානේ.. පරිස්සමින් ආපහු නැවට යන්න. මම දැන් යන්න ඕනේ..
රයන් ඇයට යන්න නොදී පපුවට තුරුළුකරගනිද්දී ඒ දිහාවට ඉර හොරෙන් එබිකම් කරන්න පටන් ගත්තා. ඒත් ඒක්කම ඇගේ මුතුපාට සියුමැලි දෙපා එකපාරටම කොළ පැහැ ගැන්විලා විසාල වරලක් බවට පත්වෙන හැටි රයන්ට අදහා ගන්නවත් බැරි වුනා.
" දැන් ඔයාට තේරෙනවදා මට ඔයත් එක්ක එන්න බැරි ඇයි කියලා ? " රයන්ගේ විශාල වුනු ඇස් දෙක දිහා බලාගෙන එයා කිව්වා.
" තවත් වෙලා මෙහෙම ගොඩබිම ඉන්න බෑ මට... මම ගිහින් එන්නම්... " ආපහු කවදම හරි දවසක අපි හම්බවෙයි."
කියලා මුහුදු පතුලේ තිබුනු කිඳුරු විමානේට එයා යන්න යන හැටි රයන් බොඳ වුනු ඇස් වලින් බලාගෙන හිටියා.

" බෑ.. බෑ.. ඔයා නැතුව මට යන්න බෑ.... "
" මාව අතාරින්න දැන් ඉර එළිය වැටෙන්නයි යන්නේ.."
" නැහැ ඔයා මාත් එක්ක යන්න එන්නම ඕනේ... මට තේරෙන් නෑ මේ ඔයා කියන දේවල්. ඔයාට මෙහෙන් යන්න බැරි කිසිම හේතුවක් නෑ..." " මාව අතාරින්න දැන් ඉර එළිය වැටෙන්නයි යන්නේ.."
රයන් ඇයට යන්න නොදී පපුවට තුරුළුකරගනිද්දී ඒ දිහාවට ඉර හොරෙන් එබිකම් කරන්න පටන් ගත්තා. ඒත් ඒක්කම ඇගේ මුතුපාට සියුමැලි දෙපා එකපාරටම කොළ පැහැ ගැන්විලා විසාල වරලක් බවට පත්වෙන හැටි රයන්ට අදහා ගන්නවත් බැරි වුනා.
" දැන් ඔයාට තේරෙනවදා මට ඔයත් එක්ක එන්න බැරි ඇයි කියලා ? " රයන්ගේ විශාල වුනු ඇස් දෙක දිහා බලාගෙන එයා කිව්වා.
" තවත් වෙලා මෙහෙම ගොඩබිම ඉන්න බෑ මට... මම ගිහින් එන්නම්... " ආපහු කවදම හරි දවසක අපි හම්බවෙයි."
කියලා මුහුදු පතුලේ තිබුනු කිඳුරු විමානේට එයා යන්න යන හැටි රයන් බොඳ වුනු ඇස් වලින් බලාගෙන හිටියා.
ලස්සනයි.. මම මේ වගේ කතාවක් කොහේදි හරි කියෙව්වා. ඒකෙදි වෙන්නෙ දියකිඳුරියක් දැකල පොර පිස්සු වැටෙනවා. මතක් උනොත් කියන්නං..
ReplyDeleteබොහොම ස්තූතියි දේශ්...
Deleteමතක් වුනොත් ඔයා කියවපු කතාවත් කියන්නකෝ...
හැක් ඔය දේශා මුහුදු ගිය.... කලින් අාත්ම කතාවක මතකයක් :)
Deleteදියකිඳුරිය සේ සාගරේ ..
ReplyDeleteනියමයි .. මම බැලුවා මොකෝ දෙවැනි කොටස පරක්කු කියලා .
ඔයා බෙල්ලන්ගෙන් වළලු හදනවා ,හැලප අයියා බෙල්ලන්ව කනවා ,..අද බෙල්ලෝ දවසක්.
කොහොම අවුනත් තුශානිට ප්‍රබන්ධ කරණයේදී තියෙන හැකියාව විශිෂ්ටයි
බොහොම ස්තූතියි ඉවාන්...
Deleteපහුගිය ටිකේ තිබුනු වැඩත් එක්ක දෙවැනි කොටස ලියන්න ටිකක් පරක්කු වුනා...
අහ්.. එහෙමද යන්න ඕනේ බෙල්ලො කන කතාවත් බලන්න...
හි..හි... අනේ මන්දා.. ඔය ඉතින් හිතෙන අමුතු අමුතු ඒවා තමයි. ;)
එල ද බ්‍රා
ReplyDeleteසමහර තැන් පොඩ්ඩක් තේරැම් ගන්න අමාරැයි..ආය කියවන්නම්
ඔව්.. සමහර තැන් තිබ්බා ටිකක් හිතලා බලන්න.... ඒ නිසා කැමති විදිහකට ගලප ගන්න පුළුවන්... :)
Deleteඔන්න ඇවිත් .... මම ගිය සතියෙම බලන් හිටියා....ඒක හරි අපුරැයි...
ReplyDeleteඔව් අනේ... ඉතුරු ටික ලියාගන්න වෙලාවත් තිබුනේ නෑ... :)
Deleteබොහොම ස්තූතියි....
තුෂානි... මිස් වෙච්ච දේවල් බෝමයි.. මුල ඉඳල කියොල එන්නම්...
ReplyDeleteඒකනේ කාලේකින් දැක්කේ නෑ තමයි... හාකෝ හාකෝ... :)
Deleteදිය කිදුරු කිදුරියන් ගැවසෙන වෙරල දිහාවේ..
ReplyDeleteසද පාන තියෙන රැක නොයන්නේ
දිය කිදුරු කොදෙව්වට කැන්දන් යාවි තුෂානි..
ඔබත් තිදරු මවක් කියාලා....
හපොයි හපොයි මෙයා කියන කතා...
Deleteසින්දුව ලියපු කෙනා නඩු දායි දැන්... ;)
හා දෙවනි කොටස දැම්ම නේද? නියමයි තුශානියෙ. මං මේ මතක්කරන්න හැදුවෙ කෝ දෙවනි කොටස කියල.
ReplyDelete:) දෙවනි කොටස ලියන්න ටිකක් පරක්කු වුනා.. බොහොම ස්තූතියි කසුන්.....
Deleteකින්නර ආලේ... ඕයේ...
ReplyDeleteකතාව ඉවර වෙච්ච හැටි නං ටිකක් දුකයි ඒත් කතාව ලස්සනයි..
ආයෙත් මේ වගේ කතාවක් ලියනට
ජයවේවා
හි.. හි... බොහොම ස්තූතියි... ජය වේවා !
Deleteපහුගිය ටිකේම පේන්න හිටියේ නෑ නොව..අපි හිතුවේ දිය කිඳුරෙක් මුනගැහිලා කියලා....
ReplyDeleteකතාව ලස්සනයි....
චන්ද කින්නර ජාතක කතා පුවත වගේ....
ඔව්... පහුගිය ටිකේ වැඩ ගොඩකට හිර වෙලා හිටියේ තාමත් වෙනසක් නෑ...
Deleteබොහොම ස්තූතියි මනෝ...
කීප සැරයක් කියෙව්වත් කමෙන්ට් කරන්න බැරි උනා.සුලභ තේමාවක් උනත් තුශානි ඔබේ නිර්මාණ හැකියාව හරිම ඉහළයි.රසවින්දා.
ReplyDelete:) එක වචනෙකින් හරි කමෙන්ට් එකක් දාලා යන්න. ඒක ලොකු සතුටක් මට...
Deleteබොහොම ස්තූතියි හැලපතුමා...
කිඳුරු ප්‍රේමයක්.
ReplyDeleteහැබැයි රයන්ට තවත් කඳුලක් විතරයි වගේ අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ.ලස්සනයි තුෂානියෝ කතාව.
:) බොහොම ස්තූතියි මනෝජ් !
Deleteපළවෙනි කොටසට පස්සෙ දෙවනි කොටස එන්න අවුරුදු තුනහතරක් ගියා මං හිතන්නෙ. :D
ReplyDeleteඅපූරු කතාවක් තුශානි..
ඒක නම් එහෙම තමයි... බිසී වුනානේ ගොඩක්... හි..හි...
Delete:) බොහොම ස්තූතියි අශාන් !
දිය කිඳුරු කිඳිරියන් ගැවසෙන වෙරල දිහාවේ
ReplyDeleteසඳ පාන තියෙන රෑක නොයන්නේ....
අපූරුයි.
:) බොහොම ස්තූතියි තෙලිදිය...
Deleteලස්සනම ලස්සනයි.......... ඒත් ආයෙමත් අහිමිඋනා නේද.............. මොනා කරන්නද ඉතිං එකපාරක්වත් හම්බුන එක මදැයි............... පෝඩ්ඩක් විතර පරක්කු උනා මොකක් හරි හින්දා මට මේක මගෑරිලා.......... කමක් නෑ දැං ආවනේ..............
ReplyDeleteබොහොම ස්තූතියි ආර්යන්....
Delete:) පරක්කු වෙලා හරි ආපු එක සතුටක්...
මම උනානම් දිගටම යනවා කිදුරිව මුණ ගැහෙන්න.
ReplyDeleteමං අලුත් එකෙක් මුල්ම වතාවට කොහෙද මේ පැත්තට ආවේ. කොටස් දෙකම කියෙව්වා සංවේදී ආදර කතාවක්....
සුබ නත්තලක් කිව්වා...එහෙනං
:) මහේෂ්ව සාදරෙයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට... බොහොම ස්තූතියි... ඔයාටත් සුබ නත්තලක් !
Delete