" රයන්... ඔයා ගියහම මට හරිම පාළුයි...
පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න... මම ඔයා එනකන් බලාගෙන ඉන්නවා... "
ගියපාර මුහුදු ගමන පිටත් වෙන්න නැවට නගින්න කලින් මරියා රයන්ගේ පපුවට තුරුළු වෙලා මුමුණනකොට රයන් හිටියේ, හඳ ගාවින්ම දීප්තිමත්ව අහසේ පායලා තිබුණු පහන් තරුව දිහා බලාගෙන. හුලඟේ දඟ කරන මරියාගේ තඹ පාට කෙහෙ රැළි විටින් විට රයන්ගේ මූණ පුරා දැවටෙමින් ඊට බාදා කලත් රයන් ඒ ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවේ නෑ.

එදත් අද වගේම කළු පාට රෙද්දකට පොරි ඉහලා
වගේ පුංචි පුංචි තරු කැට පිරිවරාගෙන පහන් තරුව හඳට විතරක් දෙවෙනිව
කළුවර අහස එළිය කලා. පුංචි පුංචි වතුර කැටිති බරටම උස්සගෙන, ඒ හුලඟම අදත් ඒ මේ අත හැමුවත් ඒ හුලඟ එක්ක දඟ කරන තඹපාට කෙහෙ රැලි අද රයන්ට දකින්න තිබුනේ නෑ. පපුවට තුරුළුවෙලා මුමුණපු ඒ ආදර වදන්, දෙසවනේ ගැටෙන්න අද රයන්ව හොයාගෙන ආවේ නෑ.
නැවේ කුඹ ගහ ලඟ නැව් තට්ටුවේ වැටට හේත්තුවෙලා ඈත අහස දිහා බලනකොට දැකපු පහන් තරුව
නිසා, රයන් මීට අවුරුදු ගානකට ඉස්සර අතීතෙ, ඒ ලස්සන දවසට ගියේ
නොදැනුවත්වමයි.
හ්ම්... ඒ මරියා ජීවතුන් අතර ඉන්දෙද්දී ආපු අන්තිම මුහුදු ගමන.
රයන් මුහුදු ගිහින් මහ රළ පෙල එක්ක හැප්පිලා දිනලා ආපහු ගොඩට එනකොට, රයන්ට පැරදුනු මහ රළ පෙල මරියා එක්ක රයන්ගේ පුංචි පැල් කෝටේ අරන් ගිහින් ඒකේ වාඩු ගනියි කියලා රයන් නිකමට වත් හිතාගෙන හිටියේ නෑ.
ඒත් එදා ඒ මහ රළ පෙල, රයන් මුළු ලෝකෙටම වඩා ආදරය කරපු මරියාව, ආපහු දකින්නවත් නොලැබෙන විදිහට පස් අතරේ හංගන්න සමත් වෙලා තිබුනා.
" සුනාමියට අහුවුනු හැමෝම රජයෙන් ආදාහනය කලා රයන්... මුහුදු ගිය ඔයාලා ගැනත් තොරතුරක් තිබ්බේ නෑනේ පණිවිඩයක් දෙන්නවත්.... ඔහොම තමයි ජීවිතේ කියන්නේ... අපි බලාපොරොත්තු නොවෙන දේවල් නේ වෙන්නේ. හිත හදා ගන්න බලන්න ... "
පල්ලියේ පූජක තුමා රයන්ව අස්වසපු විදිහ තාමත් රයන්ගේ කන් වල රැව පිලි රැව් දෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා.

***
අදත් වෙනදා වගේ වැඩ ටික හමාර කරලා බටනලාවත් අතට අරගෙන මුහුදු හුලං
වදින්න රයන් ටිකක් එලියට ආවේ, ගොඩබිමක සේයාවක් වත් පේන්න නැති මේ මහ
මුහුදත්, හඳත් එක්ක තරු කැට පිරි වරාගෙන ඉන්න ආකාසෙත් දිහා බලාගෙන
හෝරාවක් දෙකක් තනි වෙන්න ඕනේ වුන නිසයි.
උදේ ඉඳලා එකම යකඩ ගොඩක් වෙච්ච මේ නැවේ ඉහළ පහළ ගිහින් එක දිගට වැඩ කරලා ඒ වෙනකොට රයන් හිටියේ තැලිච්ච යකඩයක් තරමටම මහන්සියෙන් මිරිකෙමින්. ඒ මහන්සිය ටිකකට හරි නිවාගනිමින් දුකටත් සැපටත් මෙතුවක් කල් ලඟ හිටිය මහ මුහුදට තමන්ගේ දුක කියන්නයි, රයන් බටනලාවත් අරගෙන හැමදාම නැවේ කුඹ ගහ යටට ආවේ.
පෙඳ පාසි වල සුවඳත් තවරගෙන හමාගෙන ආව සීතල හුලඟට ඇඟ හිරිගඩු පිපිලා, ඇඟලි හිරි වැටුනත් පුරුද්දට වගේ බට නලාවට ඇඟිලි යනකොට මරියා ආසම කරපු ගීයක් මුහුදු හුලඟට එකතු වුනා.
" ඔව්... මරියා ඒ ගීතෙට හුඟක් ආස කලා. ... "
එක අතක් එයාගේ කම්මුලට තියාගෙන අනිත් අතේ ඇඟලි ගීතයේ තාලයට නටව නටව එයාගේ ලස්සන කට හඬින් ඒ ගීය මුමුණපු හැටි හරියට සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වර්ණ ගන්වපු චිත්‍රයක් වගේ මගේ ඉස්සරහ පේන්න තිබුනත් ඒ හැම දෙයක්ම එක ඇහිපිල්ලමක් ගහන පරක්කුවට බොඳ වෙලා ගියා.
" මොනවා.... මේ එයාගේ කට හඬ.. ඔව්.. මේ නම් එයාමයි... "
බට නලා සද්දෙත් එක්ක අහුනු ඒ හඬ නිසා රයන් ටිකක් නොසන්සුන් වුනා.
" මරියා ... මරියා... ඔයා කොහෙද .... එන්න මරියා.. ඉන්න තැනකින් ඉක්මනටම මගේ ලඟට එන්න... "
රයන් එක දිගට මුහුදු ඝෝසාව පරද්දවමින් පිස්සුවෙන් වගේ කෑ ගැහුවා...
" නෑ... ඒත් එහෙම වෙන්න බෑ... මරියා මාව දාලා ගියා... ඔව්... එයා මාව දාලා යනම යන්න ගියා..."
රයන් නැව් තට්ටුවේ වැටට පිට දීලා වාඩි වෙලා ආපහු බට නලාව අතට ගත්තා. හිතේ ඇතිවුනු කැලඹිල්ලත් එක්ක ඒ වෙලාවේ ගීයක් වයන්න කොහෙත්ම උවමනාව නොතිබ්බත් මරියගේ කටහඬ ආපහු ආපහු හීනයක් විදිහට හරි අහන්න ඕනේ කියලා රයන්ගේ හිත දිගින් දිගටම කියන්න පටන් ගත්තා.
ඒ නිසාම රයන් ආපහු මරියා ආසම කරපු ගීතයට හිතේ තිබුනු දුකත් මුසු කරලා මුහුදු හුලඟට එකතු කලා.
ගතවුනේ යෝධ තල්මහෙක් වතුරෙන් උඩට පැනලා ආපහු මුහුදු පතුලට යන්න ගතවෙන කාලයටත් වඩා අඩු කාලයක්. ආයෙමත් අර ගී මිමුනුම රයන්ගේ දෙසවන් අතරින් රිංගලා හිත ඇතුලට එබිකම් කරන්න පටන් ගත්තා.
" මේ නම් එයාමයි... "
රයන් එකපාරටම නැගිටලා ඒ හඬ එන ඉසව්ව විපරම් කරන්න ගත්තා.
සාගෙරේ මැද තනිවුනු නව්කාවේ මුහුදු හුලඟට පෙම් බැන්ද එකම කෙනා වුනේ රයන් විතරමයි... ඒ නිසාම ඔහු හැර රෑ අහස යට නැව් තට්ටුවේ වෙන කෙනෙක් නොඉන්න බව රයන් හොඳාකාරවම දැනගෙන හිටියා. කැබින් ඇතුලට වෙලා සුව නින්දේ පසුවන තම සගයන් මේ වෙනකොටත් ඔවුන්ගේ බිරින්දෑවරු දරු මල්ලෝ ලඟට හීන පාර දිගේ ගිහින් ඉන්න වෙලාව.
නැව හැර, මේ නිම්වල්ලු නොපෙනෙන මහ සාගරය මැද පේන්න තිබුනු එකම දේ වුනේ නැවට ටිකක් එපිටින් තිබුනු එකම එක පුංචි දූපතක් විතරයි.

~ මතු සම්බන්ධයි ~
ඒයි එ්යි.මරු ඈ..
ReplyDelete//ගතවුනේ යෝධ තල්මහෙක් වතුරෙන් උඩට පැනලා ආපහු මුහුදු පතුලට යන්න ගතවෙන කාලයටත් වඩා අඩු කාලයක්. . // මේක නිකං කුයිලයි වගේ මට කියවන කොට
තැන්කූ දේශ්... හි..හි..
Deleteසුන්දරයි තුශානියෝ...................
ReplyDeleteතැන්කූ... තැන්කූ... ගී පවුරේ...
Deleteඑදත් අද වගේම කළු පාට රෙද්දකට පොරි ඉහලා වගේ පුංචි පුංචි තරු කැට///
ReplyDeleteඅපූරු උපමාව තුශානි...
හරි අපූරු කතාවක්... ජයවේවා
:) වෙනස්ම විදිහකට දකින්න හිතුනා..
Deleteබොහොම ස්තූතියි මහේෂ්...
නංගා..
ReplyDeleteගිය පාර පරක්කු වුනාට ඔන්න මේ පාර ඉක්මනට ආවා..
එල ද බ්‍රා කතාව
ඉංග්‍රිසි නම් වලට මම පොඩ්ඩක් විතර අකමැති
අහ්... තැන්කූ තැන්කූ මෙන්ඩා අයියා...
Delete:) කතාව ලියද්දි ඔළුවට ආපු නම් දෙකක්..
සුනාමිය ඇවිත් දවස් දෙකකට පස්සේ අපි ගියා කුඩා වැල්ල ප්‍රෙද්ශයට ආධාර අරගෙන.ඒ පැත්තේ වට පිටාවේ මිනිස් පුලුටක් තිබුනේ නැ.පැත්තම පාලු සොහෙනක් වගේ වෙලා තිබුනා.
ReplyDeleteඑදා සුනාමිය දවසේ එක තාත්තා කෙනෙක් වතුරේ ගහගෙන ගියා තමන් පුංචි දුවගේ අතින් අල්ලගත්තලු දුව බේරගන්න.දූගේ අතගැලවිලා තාත්තගේ අතට ඇවිත් ඒ පුංච් දූ වතුරේ ගිලිලා නොපෙනී ගියා කියලා කීවා ඒ ගමේ අපි හදුනන කෙනෙක්.මේ කතාව කියවනකොට මට ඒක මතක් වුනා.
.
අපිට ඒ සිදුවීම අහන්න තරම් වත් හිත ශක්තිමත් නැති එකේ ඒ තාත්තා ඒ සිදුවීම කොහොම නම් දරා ගන්න ඇත්ද...
Deleteලස්සන කතාව.සුනාමිය එද්දී මම ලංකාවෙ හිටියෙ නෑ.හිටිය නං ඒ පැත්තට ආධාර අරගෙන හරි යැවෙනවා.නොහිටපු එක හොඳයි කියල පස්සෙ හිතුනා.
ReplyDeleteබොහොම ස්තූතියි... ඉතුරු කොටසත් කියවන්න එන්නකෝ...
Deleteඔව්...මමත් හිතනවා නොහිටපු එක හොඳයි කියල...
අපුරුයි නොවැ
ReplyDelete:) බොහොම ස්තූතියි බණ්ඩා...
Deleteසංවේදී කතාවක්. ඉතුරු ටිකත් කියවලම වැඩිපුර මොනවහරි කියන්නම්කෝ.. සුනාමි කතානම් කොයිතරම් කනගාටුදායකද? මරියා අර දූපතේ ඉඳලවත් හම්බුනොත්?
ReplyDeleteඔව් කසුන්, සුනාමි කතා නම් හරිම කණගාටුදායකයි...
Deleteවැඩ ගොඩක ඉන්න නිසා ඉතුරු කොටස ඉක්මනින් ලියන එක තමයි ප්‍රශ්නේ.. බලමුකෝ... :)
ඉතුරු ටික ඉක්මනට දාන්නෙ නැතුව වෙන එකක් පටන් ගත්තොත් ඔන්න....
ReplyDeleteලස්සනයි හොදේ...
:O හපොයි ... තර්ජනය කරනවද... බලමුකො බලමුකො...
Deleteතැන්කු.... :)
ෂා...නියමයි...තුෂෝ චිත්ත රෑප මැවුනා....ඉතිරි කොටස ඉක්මන් කරමු හොදේ
ReplyDeleteතැන්කු ශානු ...
Deleteහරි... පුළුවන් ඉක්මනින් ලියන්නම් ...
ලස්සනම ලස්සනයි...... අරයා අර දූපතේ ඉදියි නේද?
ReplyDeleteබොහොම ස්තූතියි... බලමුකො... :)
Deleteමේක මරු... තුශානි ඔෆිස් එකේදී හීන දකිනවා කිව්වට මම හිතුවේ නෑ මෙච්චර හීන දකිනවා කියලා .. ඉතිරි කොටස ලින්කන් ක්මනෙට් කරන්නේ නෑ. ඕ... යේස්
ReplyDeleteතැන්කූ ඉවාන්...ඒකනේ කිව්වේ ඒකට ඩිස්ටර්බ් කරගන්න බෑ කියලා හි..හි...
Deleteහපොයි... කමෙන්ට් එකක් ගන්න නම් ඊලඟ කොටස ඉක්මනින්ම ලියන්නම වෙනවා නේද එහෙනම්... :O
බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා...
ReplyDelete:) ඔව් ඔව් බලමුකෝ... තැන්කූ ලොකු අයියා..
Deleteමැක්සා තුශානි......
ReplyDeleteජයවේව...!
මුලින්ම ඔයාව සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට... follower කෙනෙක් වෙලා ඉන්නවා දැක්කා කලින්.. සතුටුයි අඳුන ගන්න ලැබීම.
Deleteබොහොම ස්තූතියි.. ඊලඟ කොටසත් ඉක්මනින්ම ලියන්නම්කෝ...
පරණ චිත්‍රකතා පත්තර වල ඉට්ටැයිල් එකට කුතුහලය එක්ක විරාමයක්! ඔහොම යං තුශා...
ReplyDelete:) බොහොම ස්තූතියි මධූ...
Deleteඇත්තටම ඔපිස් ඒකෙ වැඩ එහෙම නැද්ද ? ... .
ReplyDeleteහි.. හි... හෝ ගාලා වැඩ අනේ... ඒකනේ මේ ඉතුරු කොටස ලියාගන්න බැරුව ඉන්නේ ...
Deleteමතු සම්බන්ධයි කියල ලියලා දවස් පහක් දැනට. ඕකනෙ බැරි.. D:
ReplyDeleteසමාවෙන්න පරක්කු වෙනවට. මේ දවස් වල වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ... ඉක්මනින්ම ඉතුරු කොටස ලියන්නම්. :)
Deleteපළමු කොටස හරි..:)
ReplyDeleteදෙවෙනි කොටසත් කියවන්නකෝ එහෙනම්... :)
Delete