Tuesday, February 9, 2016

96. මේ අවුරුද්ද කාගේද ?

2016 අවුරුද්ද උදා වෙලා සති 5කටත් වැඩිය වැඩි කාලයක් ගත වෙලා ගිහින් වුනත් බ්ලොග් එක පැත්තට එන්නවත්, මොනාහරි කුරුටු ගාන්නවත් පහුගිය දවස් වල තුශානිට පොඩි හරි වෙලාවක් හොයා ගන්න බැරි වුනා. 

ඉතින් එහෙම වැඩ ගොඩක් එක්ක කාලේ ගෙවිලා යන අතරතුරේ අපේ බ්ලොග් යාළුවෝ එක්කෙනා දෙන්නා තුශානි කෝ කියලා හොයලා බලනවා කියල දැනුනහම, තුශානිගෙ හිතට හරිම පුදුමාකාර සතුටක් දැනුනා.

ඒ නිසාම තුශානි හිතුවා චීන අවුරුද්දට පිං සිද්ද වෙන්න හුස්මක් ගන්න පුළුවන් වුනු මේ දවස් දෙක තුනේ ඊයේ උදාවුනු චීන අවුරුද්ද ගැන විස්තර ටිකක් කියන්න.



දන්නවද... මේ අවුරුද්ද වඳුරගේ අවුරුද්දලු.. ඔන්න මම නම් නෙවෙයි චීනේ උදවිය තමයි එහෙම කියන්නේ.  ඉතින් මේ දවස් වල චීනේ උදවිය බොහොම ජයටම, තමන්ගේ වැඩ රාජකාරිත් නවත්තලා මේ වඳුරගේ අවුරුද්ද සමරනවා කියලා තමයි ආරංචිය. වසන්තයේ උදාව සැමරීමයි මේ අවුරුදු සැමරීමෙන් සිද්ද කරන්නේ. ඒ නිසා, චීනයේ වසන්තෝත්සවය කියලත් මේක සැලකෙනවා.



චීන කැලැන්ඩරේ කියන්නේ අවුරුදු දොලහක නොනවතින චක්‍රයක්. හරියට අපි සූර්‍යයා වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන... රාශි වලට පිලිවෙලින් ගමන් කරනවා වගේ.

චීන කැලැන්ඩරේ හැම අවුරුද්දම හඳුන්වන්නේ ඒ අවුරුද්ද අයිති සතාගේ නමින්. අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, බල්ලා, ඌරා, මීයා, හරකා, කොටියා, හාවා, මකරා සහ සර්පයා කියන සත්තු මේ විදිහට අවුරුද්දෙන් අවුරුද්ද අවුරුදු සමරන්න යොදාගෙන තියෙනවා.



චීන දින දසුන සූර්යයා මත පමණක්‌ ම පදනම් වෙලා කාලය මනින්නක්‌ නෙවෙයි. එහි වඩාත් වැදගත් තැනක්‌ ලැබෙන්නේ හඳට. ඒ නිසා, චීනයේ භාවිත වෙන්නේ චන්ද්‍ර දින දර්ශනයක්‌ කියලා බොහෝ අය හඳුන්වනවා. ඍතු භේදය තදින් තියෙන රටකට සූර්යයා අමතක කරලා කටයුතු කරන්න බෑනේ . ඒ නිසා ම, චීන දින දසුනේ කාලය තීරණය කරද්දී සූර්යයාටත් වැදගත් තැනක්‌ හිමිවෙනවා.



එහෙමනම් ඉතින් ඊයේ උදාවුනු මේ චීන අවුරුද්ද චීනෙට විතරක් නෙවෙයි මුළු ලෝකයටම වසන්තය උදාවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරමු. 

සුබ අලුත් අවුරුද්දක් වේවා ! 

GONG XI FA CAI !




44 comments:

  1. මේ අවුරුද්ද වඳුරාගේ අවුරුද්ද ද ? ඈ එක තමයි ඔයා පේන්න හිටියේ නැත්තේ , බිසී වෙලා :P

    ReplyDelete
    Replies
    1. @ ඉවාන් - අහ්... ඉවානුත් මේ ටිකේ පේන්න නැත්තේ බිසී නිසා වෙන්න ඇති නේද ;)

      Delete
    2. @ හැරී - හැරී මේ පැත්තට ආවමයි මගේ හිතේ... සාදරයෙන් පිලිගන්න්නවා කැකුළු ගොමුවට..

      Delete
    3. ඊ ලඟට එන්නේ ඉවානයාගේ අවුරුද්ද.ඒ කියන්නේ කුකුලගේ වාරේ.

      Delete
    4. හලෝ ලමයි මම මනෝමන්දිර මට අනිත් ප්‍රොෆයිල් එකෙන් ලොග් වෙන්න කම්මැලි.

      Delete
    5. නොදකින් මේ ප්‍රොෆයිල් එකේ කැත....

      Delete
    6. නොදකින් මේ ප්‍රොෆයිල් එකේ කැත....

      Delete
    7. @ ආලෝක - හි..හි.. මනෝ මන්දිරයට එලිය වැටිලා

      Delete
    8. කසුට්ටෝ

      දැන් බලහං ආයෙත් හැංඩියා වගේ ආවා

      Delete
  2. උෟරගෙන් පටං ඇරං බල්ලටම ගිහිං චීන
    හැක්
    GONG XI FA CAI !
    :P :P :P :P :P :P

    ReplyDelete
  3. ගිය පාරත් චීන අවුරුද්ද ගැන ලිව්වේ තුෂානි නේද??

    ReplyDelete
    Replies
    1. ම්හු... චීන අවුරුද්ද ගැන මම මේ ලිව්වමයි.

      Delete
  4. තුශානි කොහෙද ගිහිං හිටියෙ?

    ReplyDelete
    Replies
    1. දුර ඈතකට ගියේ නෑ හැලපතුමා.. වැඩ ගොඩකට යට වෙලා හිටියේ.. ඒකයි පේන්න හිටියේ නැත්තේ :)

      Delete
  5. හම්මේ.. ගොන්ග් සි ෆා කායි.. ඔන්න එහෙනම් අපිත් සුභ පැතුවා තුෂානි ලගේ අවුරුද්දට :)

    බ්ලොග් වල හොයාගන්න නැති පාර මූණු පොතෙන් හොයාගෙන රික්වෙස්ට් එකක් එව්වා.. දැක්කේ නැතෙයි. කොහොමද හොයා ගත්තේ කියලා අහන්නෙපා.. බුද්දි තොරතුරු හොයා ගන්න විදිය කියන්නේ නෑනේ.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. හි..හි.. තැන්කූ තැන්කූ... අපේ අවුරුද්දනේ... :P

      හොයලා බැලුවට ගොඩක් ස්තූතියි.. සමාවෙන්න. පහුගිය ටිකේ මූණු පොතත් එක්කත් ලොකු ගනුදෙනුවක් තිබුනෙ නෑ... බලන්නම්කෝ..

      මේ... රහසින් වත් කියනවද කොහොමද ඔය බුද්ධි අංශ තොරතුරු හොයා ගත්තේ කියලා .. හි.. හි...

      Delete
  6. අදමයි මේ වගේ විස්තරයක් ඇහැව්වේ...සුබ අලුත් අවුරැද්දක්!!! දිගටම ලියමු තුශෝ

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා !

      ඔව් ශානු.. කමෙන්ට්ස් දකිනකොට ලියන්න ආස හිතෙනවා..

      Delete
  7. එහෙමනම් ඉතින් සුභ වදුරු අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. හි..හි... ඔයාටත් එසේම වේවා !

      Delete
  8. චීන්නුන්ටත් ඕනෙ නැති දෙයක් නෑ... නැද්ද මං අහන්නෙ..

    ReplyDelete
    Replies
    1. ෂ්... කෑගහන්න එපා... ඇහුනොත් ඉතින් ඉස්පිරිතාලේක දවස් ගානක නිවාඩුවක් ගතකරන්න පුළුවන්

      Delete
    2. ෂ්... කවුද දැන් චීනට බැන්නේ...? කොච්චර හොඳ අයද නේද..?

      Delete
    3. අහ්.. බැන්නේ නැද්ද... හි..හි..

      Delete
  9. හප්පේ...වඳුරගෙ අවුරුද්ද නිසා කිසිම වැඩකට අත ගහන්න බැරිද දන්නෙ නෑ.. උත්සහ කලොත් මේක වඳුරගේ බල්ලගෙ ඌරගෙ අවුරුද්ද නෙමේ ඔයාගෙ අවුරුද්ද කර ගත්තෑකි. මේ අවුරුද්දට මුල්ම පෝස්ටු දෙකම අවුරුදු සුභ පැතුම්.. ජයවේ!

    ReplyDelete
    Replies
    1. තෙලිදියට විශේෂ ස්තූතියක් කරන්න ඕනේ.. මොකද පරක්කු වුනා කියලා පහුගිය දවසක තෙලිදිය අවුරුද්දට සුබ පතලා දාපු කමෙන්ට් එකත් ආයෙත් ලියන්න්න පටන් ගන්න එක හේතුවක් වුනා... :) බොහොම ස්තූතියි...

      කිව්වත් වගේ උත්සාහයෙන් වැඩ කරලා අවුරුද්ද තමන්ගේම අවුරුද්දක් කරගන්න පුළුවන් නම් හැම අවුරුද්දක්ම සාර්ථක අවුරුද්දක් වේවි.

      Delete
    2. ස්තූතියි විශේෂ ස්තූතියට. මටත් සෑහෙන කාලයක් බ්ලොග් ලියනව තියා බලන්න එන්න වත් බැරිව ගියා. ඒපැත්තෙත් ඇවිත් යන්න එන්න.

      Delete
    3. අනිවාර්යයෙන්ම එන්නම්...

      පහුගිය ටිකේ ගොඩක් පොස්ට් කියවන්න ලැබුනේ නෑ. ටික ටික ඒවත් කියවන්න ඕනේ..

      Delete
  10. සුබ වඳුරු අවුරුද්දක් වේවා එහෙනම්.

    ReplyDelete
  11. කොයි අවුරුද්ද ආවත් අපේ එකෙක් ඉන්න එක ගැන බොක්කෙන්ම සතු‍ටුයි තුශානි. එහෙනම් අපිටත් අවුරුද්දක් තියෙනවා ඈ?

    ReplyDelete
    Replies
    1. හි..හි.. ඒකෙනේ..

      කෝ කියන්න බලන්න ඉපදුණු අවුරුද්ද හරියටම මම කියන්න අදාල කෙනා :P

      Delete
    2. වැඩක් නෑ තුශානි. පොඩිකාලෙ අම්ම බනිනවා ගොනා බූරුවා බල්ලා හරකා වගේ නම් කියලා. පස්සෙ අනිත් උන් නරියා කුකුලා බල්ලා සෙවලයා උකුණා මකුණා කැරපොත්තා වේයා වගේ නම් කියලත් බැනලා තියෙනවා. තව එක එක වෙලාවට හැසිරීම අනුව කඟවේනා, හිපොපොටේමස්, වල් ඌරා වගේ නම් වලින් ආමන්ත්‍රණය වෙලා තියෙනවා. හබැයි කවුරුවත් මට සීබ්‍රා, ජිරාෆ්, ප්ලැටිපස්, කැන්ගරූ වගේ නම් කිහිපයක් කවදාවත් කියලා නෑ.

      Delete
    3. හි..හි.. එහෙමද ...

      Delete
  12. චීන අවුරුද්ද නෙමේ අපි දැන් සමරන්නේ ඇමරිකානු අවුරුද්ද...:D

    ReplyDelete
    Replies
    1. හි..හි.. ඒකත් ඇත්ත තමයි...

      Delete
  13. සුබ වඳුරු අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  14. වඳුරට පිංසිද්දවෙන්න හරි ආපහු ලියපු එකම මදෑ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කටුසු..

      කට්ටියට මාව අමතක වෙලා නෑ නේ... :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...