Tuesday, March 8, 2016

99. ඈ ...



බිළිදියයි ඇය        ළදැරියයි
දෙව් ලොවින් බට සුරඟනයි
සතුට මතු කල     උල්පතයි
සිඟිති දූ කුමරිය         ඇයයි


කිංකිණි සිනා දුන්නී ඇයයි
පුන් සඳයි       හැඩකාරියයි
සිඟිති හුරතල්       කතාවයි
ආදරය මැව් රන්       රුවයි 




මල්වරව වැඩි       දෝණියයි
සොයුරියයි ඇය යෙහෙළියයි
පතිකුලයේ යන     පතිණියයි
ගෙදර සිරිකත දෙව්       දුවයි


දස මස් ගැබක් උසුලන්නියයි
හුරතලෙක්     කැන්දන්නියයි
කිරි සුවඳ ගෙන     එන්නියයි
උතුම් මව් පදවිය         ඇයයි





සෙනෙහෙබර බිරිඳත් ඇයයි
දරු කැලේ අම්මා       ඇයයි
වැඩ බිමේ දිරි ලිය      ඇයයි
ලොවක් තනවන  ශක්තියයි


සතුට දුක සම     ගන්නියයි
දිවි ගමනේ රන් ටැඹ ඇයයි
පරපුරට ජීවය    දෙන්නියයි
අවසනේ ඈ  මිත්තනියකුයි







~ අදට යෙදෙන ලෝක කාන්තා දින වෙනුවෙනි ~



27 comments:

  1. සුභ කාන්තා දිනයක් වේවා :P

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ! අහ්... සමාවෙන්න... ස්තූතියි...

      Delete
  2. සන්නාලියනේ සින්දුව වගේ.....

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි කුරුටු...

      Delete
  3. අ ඉඳන් අ: වෙනකන් ඔක්කොම අපූරුවට පෙලගස්සලා...
    තුශානිට කාන්තා දිනේ ජයයි වගේ.

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි... ඔයාවත් සාදරෙයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට

      Delete
  4. Replies
    1. :) ස්තූතියි... ඔයාවත් සාදරෙයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට

      Delete
  5. මෙ ගැන කලින් අහලත් ඇති සමර විට.

    මිනිස් ශරීරයකට වේදනාවක් ඉවසිය හැක්කේ 45 Del (Unit) ප්‍රමාණයක් පමණි.දරුවෙකුට උපත දීමේදී මවක් 57 Del (Unit) ප්‍රමනයක වේදනාවක් විද දරනවා.එය මිනිස් ශරීරය තුල අස්ථි 20 ක් බිද දමා විදවන වේදනාවකට සමාන වේ.

    ඇයි කාන්තාවන්ට එක දිනයක් විතරක් ?

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝ... මාත් ඒක අහලා තියෙනවා... දරුවෙන් වෙනුවෙන් ඒ තරම් වේදනාවක් දරන්න පුළුවන් අම්මෙක්ට දරුවෙන් වෙනුවෙන් වෙන කරන්න බැරි දෙයක් නෑ...

      එක දිනයක් සැමරුවට අනිත් දවස් ඔක්කොමත් අපේ තමයි :P

      Delete
  6. සුබ කාන්තා දිනයක් කියලා සුබ පතන්නද ?

    මම නම් හිතන්නේ කාන්තා දිනයත් තවත් එක දවසක් විතරයි කියලා.මේ විදියට එක දවසකට කාන්තාවන්ට සැලකීමට වඩා හැමදාමත් කාන්තාව දිහා ආදරයෙන්,ගව්රවයෙන් බලන්න සලකන්න පුළුවන් සමාජයක් ගොඩ නැංවීමයි කල යුත්තේ.

    කාන්තාවන්ට නිසි තැන දීමට අපේ සමාජය තවමත් සුදානම් නැහැ වගේම බහුතර කාන්තාවන්ද තමන්ගේ නිසි තැන රැකගැනීමට උත්සහා ගන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. :) හා... සුබ පතන්න...

      ඔව් ඔයාගේ කතාව හරි... කාන්තාවට නිසි තැන ලැබිය යුතුයි වගේම කාන්තාවත් ඒ තැන රැක ගත යුතුයි කියලයි මාත් හිතන්නේ..

      Delete
  7. ස්තූතියි තොරතුරු වලට..

    ReplyDelete
  8. ඒ කියන්නෙ ඉතිරි දවස් 364ම පිරිමන්ටද තුශානියෙ.

    කවි ටික ලස්සනයි
    මේ කවිය කියවපුවම මතක් වුණේ පොතක තිබ්බ කතාවක්. ඒක ඇවිත් ලෝකය මාතෘමූලික තත්වයෙන් තිබ්බ කාලෙ ගැහැණියට සලකපු විදිය ගැන කතාවක්

    මහා බ්‍රහ්මය කියනව නෙ ලෝකය මැවුවෙ( කතාවට වුණත්) ඉතිං මහා බ්‍රහ්මයට කරන්න පුලුවං දේ ගැහැණියට කරන්න පුලුවං නිසාලු ( ඒ කියන්නෙ ජීවය ඉපැද්දීම) ඇය මූලිකත්වයෙන් සැලකුවෙ.
    ඒක තව දිගට තිබබ ඒත් කොටන්න කම්මැලි හිංදත් ෆෝන් එකෙන් දුක් විදින්න බැරි හංදත් මේ ඇත් හිතෙනව

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ... ඒ දවස් ටිකත් අපේ තමයි... :P

      ඔව් මාත් අහලා තියෙනවා... නරකද වෙලාවක පෝස්ට් එකකින්ම ඔය විස්තර ටික කිව්වොත් ?

      බොහොම ස්තූතියි මහේෂ්...

      Delete
  9. තුශානිට සුබ කාන්තා දිනයක් වේවා කියල සුබ පතනවා.

    ReplyDelete
  10. සුබ කාන්තා දිනයක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගිමන් ...

      Delete
  11. සුබ කාන්තා දිනයක් වේවා. මේ දවස විතරනෙ තුෂානිල ට තියෙන්නෙ. අනිත් දවස් 364 ම අපේ. :P:P

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්... එක දවසක් විශේෂයෙන් සැමරුවට අනිත් දවස් 364ත් අපේ තමයි... :P

      Delete
  12. සුබ කාන්තා දිනයක් වේවා තුශා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා කිඹුලී... ( තාම නම ටිකක් මට හුරු නෑ වගේ ;) )

      Delete
  13. ඉස්සල්ල කවි දෙක කියවනකොට හිතුනේ අක්කගේ පොඩි එකාට ලියපුවා කියලා.පස්සේ තමා වැඩේ මීටර්වුනේ.
    සෑම ගැහැනියකම තමන්ගේ අම්මා, සොහොයුරිය යන හැඟීමෙන් සලකන ,පිළිගන්න සමජයක් උදාවේවා....

    ReplyDelete
    Replies
    1. :O මෙයාටත් හිතිලා තියෙන දේවල්...

      ඔව්... එහෙම සමාජයක් උදා වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...