Wednesday, October 9, 2013

පිපෙන්නට අවසරයි ...

වියතුන් රසවතුන් බෝ සුරු විරු ඇත්තන්
පානා හරඹ දැක බ්ලොග් අවකාශයන් තුල
සුපිපි කුසුම් අත‍රැති කැකුලක් ලෙසට
තු‍ටු සිත් වීය එහි පෑ සිරි නරඹන්න...

වේ නම් කුසුම් පිරි තුරු මල් ගොමු උයනක්
බ්ලොග් අවකාශයද ඒ මැයි වැටහෙයි මනරම්
කුසුමක් නොවෙමි කැකුලකි එහි තව නූපන්
අවසර ලදිමි දැකුමට එහි රසබරකම්...

ලද අත් වැලට තුති මල් දම් පලදවමී
දිරියෙන් ඔවදනින් පන්නරයක් ලදිමී
නොවුවද හපනියක බස් හරඹට මල් මී
උත්සාහයක් ගත්තෙමි සහයද පතමී...




4 comments:

  1. දිගු ගමනකට මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකට කතන්දරතුමාගේ පැමිණීම මට ලොකු ආශිර්වාදයක් වගේ...

      ඔබතුමාගෙ අගය කිරීම මම වගෙ අලුත් කෙනෙකුට ගොඩක් වටිනවා. ඒකට හුඟක් ස්තූතියි..

      Delete
  2. බ්ලොග් අවකාශයේ දිගු කමනකට ආසිරි පතමි

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට හුඟක් ස්තූතියි !

      Delete

Related Posts Plugin for WordPress, Blogger...