විඩා බර නෙතු අස්වසාලන
සිතට සැනසුම දෝතින් රැගෙන එන
ගතට සුව දෙන විරාමය ගෙන
පැමිණි දෙව් දුවණිය ඔබයි...
රෑ කුසුම් සුවඳතරෙ සැගවී
තරු පන්ති වල රැගුම් මැද හිඳ
සිහිල් පවනැලි සලු මතින් බැස
පැමිණි දෙව් දුවණිය ඔබයි...
සඳ පහන් වන ඝන රැයේ සිට
ඉර පහන් වන තුරා සරමින්
සිහින පොදි නෙක අරන් විසිතුරු
පැමිණි දෙව් දුවණිය ඔබයි...
සිහින අතරේ වෙලී හිදිමින්
නෙතු පියන් යුග සිනා කැන්දන
දුක් තැවුල් මග හැරන් සතුටින්
පැමිණි දෙව් දුවණිය ඔබයි...
මෙලොව එලි දුටු දින පටන් හැමදා
නො එන ගමනක් යනතුරාවට
සෙවනැල්ල මෙන් පසු පසින් අප
පැමිණි දෙව් දුවණිය ඔබයි...
අපූරූ පින්තූරේ හා කවි සැට් එක...
ReplyDeleteමේ පැත්තට ගොඩවුනාට බොහොමත්ම ස්තූතියි...
Deleteපින්තූරේ වෙනුවෙන්ම ලියපු කවියක්ද කියලා හිතුනා.. කෝම වුනත් ලස්සනයි..
ReplyDeleteනින්ද කියල කියන්නෙ අපි හැම කෙනෙක්ම අත්විඳින සුන්දර අත්දැමීමක් කියයි මම හිතන්නේ... ඉතින් ඒ ගැන ලිවුවොත් හොඳයි කියලා මට හිතුනා..
Deleteඅගයන්න මේ පැත්තට ආවටත් බොහොම ස්තූතියි...
කවියත් ලස්සනයි පින්තූරෙත් ලස්සනයි,බොහොම සොඳුරු සටහනක් තුශානි
ReplyDeleteහැලපතුමා මගේ බ්ලොග් එකට අපහු පැමිණීම ගැන මට හරි සතුටුයි...
Deleteහොඳ නින්දකින් හිතට , ගතට දැනෙන සහනය වචන වලට පෙරලන එක ටිකක් අමාරුයි..
එත් ඔබතුමාගෙ අගය කිරීම මම වගෙ අලුත් කෙනෙකුට ගොඩාක් ලොකු දෙයක්. ඒකට හුඟක් ස්තූතියි..
බොහොම ලස්සනයි...මාත් කොච්චර නින්දට ආදරෙයිද කියනවනම් උදේ එලි වෙලා තියනවා දැක්කම මාර කෙන්තියක් තමා යන්නේ....හික්ස්..
ReplyDeleteඅදයි ආවේ තුශානිව බලන්න
මාව බලන්න ආවට ගොඩාක් ස්තූතියි... මගේ බ්ලොග් එකට ඔයාව සාදරයෙන් පිලිගන්නවා.....
Deleteඔයා වගේම මාත් නින්දට හුඟක් ආදරෙයි.. එක හින්දයි නින්ද ගැනත් මොනාහරි ලියන්න ඕනෙ කියලා හිතුවේ...
මට නං නින්ද තමා එකම සැපය.. !
ReplyDeleteහුඟක් දෙනෙක්ගේ පිලිතුරත් ඒකම තමයි...
Delete