ආරම්භ
වුනේ නොවැම්බර් මාසය. ම්... එහෙමත් නැත්නම් තවත් විදියකින් කියනව නම් මේ
මලවුන්ගේ මාසය. මලවුන්ගේ මාසය නිසා අපේ කිතුනු යාළුවො නම් මේ මාසය පුරාවටම
එයාලගෙ මියගිය කට්ටිය සිහි කරලා එක එක පූජාවන් පවත් වනවා...
ඉතින් මේ දවස් ටිකේ හුඟක් ඒ වගේ දේවල් අහන්න ලැබුනු නිසා අපේ කිරි අම්මා කියපු ටිකක් අමුතු විදියේ කතාවක් ඔයාලටත් දැනගන්න ලියන්න ඕනේ කියලා හිතුවා. ඔන්න හොල්මන් කතාවක් කියලා කට්ටියව බය කරනව කියලා එහෙම හිතන්න එපා හොඳද ...
කිරි අම්ම කියලා කිව්වේ අපේ අත්තම්මගේ අක්කා. එයා හරිම සුදුයි. ම්.... පිං පාටයි කිව්වොත් හරියටම හරි. ඉතින් ආදරේ වැඩි කමට අපි එයාට කියන්නෙ කිරි අම්මා කියලා.
ආදරේ වැඩි වෙන්න හුඟක්ම හේතු වුනේ අපිව වටකරගෙන ආදරෙන් බත් කවන ගමන්ම ලස්සන කතා ගොඩකුත් අපිට කියලා දුන්න නිසා.
ඉතින් එදා කිරි අම්ම කිවුව කතාවේ හිටියෙ හුගක් වයස ආත්තා කෙනෙකුයි අත්තම්මා කෙනෙකුයි. මේ අත්තම්මයි ආත්තයි හුඟක් ආදරෙන් එයලාගේ පුතයි ලේලියි එක්ක සමගියෙන් ජීවත් වුනාලු. මේ අත්තම්මා හුඟක් පිනට දහමට ලැදි කෙනෙක්ලු. අත්තම්මා හතර පෝයටම සිල් ගන්න, වන්දනා ගමන්යන කෙනෙක් වුනාට ආත්තා නම් මේ දේවල් වලට සම්බන්ද වුනේ නෑලු. හැබැයි අත්තම්මව පන්සලට එක්කරගෙන යන්න, අපහු එක්කගෙන එන්න වගේම වන්දනා ගමන් ගිහින් රෑ වෙලා එනකොට එක්කරගෙන යන්න එන්න මේ ආත්තා ආවලු.
ඉතින් ඔහොම ඉන්නකොට හදිසියේම මේ ආත්තා අන්තරා වුනාලු . මලගමින් පස්සෙ දාන මාන කටයුතු එහෙම අහවර කරලා මේ අත්තම්මට හිතුනලු අනුරාධපුරේ පැත්තෙ ගිහිල්ලා ජය සිරිමහ බෝධි හාමුදුරුවො වැඳලා මහත්තය වෙනුවෙන් පින් දෙන්න ඕනේ කියලා. කොහොමහරි ඉතින් එයා වන්දනා නඩේකට එකතුවෙලා වන්දනාවේ ගිහින් හිතේ හැටියට පින් දීලා ඇවිත් තියෙනවා. හැබැයි ගමන ගිහින් අපහු එනකොට ටිකක් රෑ බෝ වෙලා තියෙනවා.

ඉතින් අත්තම්ම නඩේට සමුදීලා බස් එකෙන් බැහැලා පාර අයිනෙ තිබුනු අම්බලමකට
වෙලා හිටියලු පුතා එක්කගෙන යන්න එනකන්. අද වගේ ඒ කාලේ පාරවල් පුරාම ලයිට්
දාල නෑනෙ. හුළු අතු අරගෙනලු මිනිස්සු ගමන් ගියේ. ඉතින් ටික වෙලාවකින් අර
අත්තම්ම දැක්කලු හුළු අත්තක් අරගෙන කවුරුහරි එනවා.
" අනේ මගේ රත්තරන් පුතා .. තාත්ත වගේම මේ රෑ දෙගොඩහරියෙ මාව එක්කරගෙන යන්න ආවා නේද ? "
කියලා අර අත්තම්මා හුළු අතු එළිය පැත්තට ගිහින් ගුරු පාර දිගේ ගෙදර යන්න පිටත් වුනාලු.
අටමස්ථන වැඳපු හැටියි, තාත්තට පින් දීපු හැටියි, ගමනේ විස්තරයි කිය කිය අත්තම්මා හරි සතුටින් ගෙදර වැට කඩුල්ල ලගටම ආවලු.
අටමස්ථන වැඳපු හැටියි, තාත්තට පින් දීපු හැටියි, ගමනේ විස්තරයි කිය කිය අත්තම්මා හරි සතුටින් ගෙදර වැට කඩුල්ල ලගටම ආවලු.
එච්චර
වෙලා අත්තම්මට ඉස්සරහින් මග පෙන්වමින් ආපු එලිය එතනදි නැතිවලා ගිහින්
තියෙනවා. මේ අත්තම්ම හිතල තියෙන්න පුතා වත්ත පහල ඉන්න හරක් මඩුව පැත්තට යන්න ඇති කියල.
අත්තම්මා ගේ පිලට ගොඩවලා දොරට තට්‍ටු කරලා ලේලිට කතා කලාලු.
" අම්මා මේ මහ රෑ තනියම ආවේ ඇයි ? මම මේ පාරට එන්න ලෑස්තිවුනා විතරයි "
කියමින් පුතා දොර ඇරියලු.
මේ අත්තම්මට වෙච්චිදේ අදහ ගන්න බැරිවුනාලු.
"උබලගේ තාත්තා ජීවතුන් අතර නැති වුනත් මන් ලඟ ඉඳන් මාව බලා ගන්නව පුතේ..... " කියල මේ අත්තම්ම වෙච්ච සිද්ධිය කියල තියෙනවා.
පස්සේ ගමේ අයටත් මේ සිදිධිය දැනගන්න හම්බවුනාලු.. එහෙම තමයි අපේ කිරි අම්මත් මේ කතාව අහලා තියෙන්නේ..
කිරි අම්ම කියපු කතා වලින් මේ කථාව මගේ හිතට හුඟක් තදින් දැනුන කතාවක්. එ නිසාමයි ඔයාලටත් දැනගන්න මේක කියන්න ඕනේ කියලා හිතුවේ.
ඔන්න බය කරන්න ලිවුව එහෙම නෙවෙයි හොඳද ...
මොකට බය වෙන්නද, ඔය වගේ කතා කීපයක්ම මමත් අහල තියෙනව
ReplyDeleteමේක මම ටිකක් කාලෙකට ඉස්සෙල්ල අහපු කතාවක්. මේ දවස් වල හුඟක් මලගිය ඇත්තො ගැන කතා බහ වෙන හින්දා ඒකත් ලියන්න ඕනේ කියලා හිතුනා..
Deleteමේ පැත්තට ගොඩ වුනාට ගොඩාක් ස්තූතියි.. හැලපතුමා අහුපු කතා ටිකත් ලියමු...
බය වෙන්න කාරණයක් නැහැ. මාත් ඔය වගේ කතා අහල තියෙනවා. අපේ හාමිනෙත් දවසක් අපේ අම්ම ගැන එහෙම කතාවක් කිව්වා.. පිස්සුද අහල මම නිකං හිටියා.. ඔන්න අදයි ආවේ මේ පැත්තේ..
ReplyDeleteදේශකතුමාව බොහොම ගෞරවයන් මගේ බ්ලොග් එකට පිලිගන්නවා... ඔබතුමාගෙ පැමිනීම මට ලොකු සතුටක් ...
Deleteහාමිනේ කියපු කතාවත් ලියමු නේද ? එකත් දැනගන්න අපි ආසාවෙන් ඉන්නවා. හැබැයි බය හිතෙන්නෙ නැති විදියට ලියන්න ඕනෙ හොඳද...
සෑබෑ ආදරවන්තයින් මිය ගියත් ඒ අයගෙ ආදරය මිය නොගියා නම් ඒ අය තම ආදරය රකිනවා. ආදරයට වයස් සීමාවක් නෑනෙ.
ReplyDeleteකතාව ලස්සනයි. මමත් අදයි මේ පැත්තට ආවෙ. දිගටම එන්න තමා බලාපොරොත්තුව.
ඔව්. ආදරය හරි පුදුම දෙයක්..
Deleteඔන්න තුශානි, ඔයාවත් සාදරයෙන් පිළිගත්තා ... දිගටම එන්න.
අපි බය වෙනවද ඉතින් මෙවුවට..
ReplyDeleteඒකත් ඇත්ත.. නංගිලා බය වුනාට අයියලා බය නෑනේ නේද .... ආවට ගොඩාක් ස්තූතියි.. දිගටම එන්න ....
Deleteපුලුවන් නං දිගටම හොල්මන් කතා කියන්ඩ.. මෙහෙම කතා කියවන්න බලන්නත් ආසයි. ජය වේවා !
ReplyDeleteලියන ස්ටැයිල් එකත් මරු. අදමයි මාත් මේ පැත්තට ආවේ දිගටම එන්නම්
කථාව කියවන්න මේ පැත්තට ආව එකට නම් මට හරිම සතුටුයි..
Deleteහොල්මන් කථා ගොඩක් නම් දන්නෙ නෑ.. පුලුවන් වුනොත් තව එකක් ලියන්නම්කෝ..
අගය කිරීමටත් ගොඩාක් ස්තූතියි.. ඔයාවත් සාදරයෙන් පිලිගන්න ගමන් දිගටම එන්න කියලත් ආරාධනා කරනවා ....
suba anagathayak
ReplyDeleteසේරම කියෙව්වා.. කමෙන්ට් ටික අනුමත කිරීම හෝ නොකිරීම ඔබට බාරයි !
ReplyDeleteජය පතමි
පොස්ටු සේරම කියෙව්ව කිව්වහම හිතට ලොකු සතුටක් දැනුනා... බොහොමත්ම ස්තූතියි..
Deleteමොඩරේෂන් නිසා සිදුවෙන අපහසුතාවයන්ට යාළුවො හැම කෙනෙක්ගෙන්ම සමාවෙන්න ඉල්ලන්න්න මේක අවස්ථාවක් කරගන්නවා. සමහර අයගේ වැඩ නිසා බ්ලොග් එකට මොඩරේෂන් දාන එක අකමැත්තෙන් වුනත් කරන්න වෙලා තියෙනවා.
මලවුන් හැමෝම කරදරකාරයෝ වෙන්නෙ නෑ!!!
ReplyDeleteබය වෙන්න ඕනි එහෙම කරදරකාරයින්ට විතරයි!! (ඒකත්, බේරෙන්න බැරිම තරදරයක් නං විතරයි)
මේ වගේ සිද්ධි ඒතරම් දුරලභ නැතත්, ගොඩක් අය මේවා මිත්‍යා අදහස් කියලා බැහැර කරන තත්වයක් නෙ තියෙන්නෙ!! ඒත් එහෙමම කියන්න බෑ!!
මීට අවුරුදු 8කට විතර උඩදි දවසක් මං පත්තරේක කියෙව්ව කතාවක්!
කෙනෙක් මාර්ග අනතුරකින් මැරිලා, තමුන් මැරුණු බව නොදැන, රෑ ගෙදරත් ගිහින්, රෑට කාලා, ගෙදර කට්ටියත් එක්ක කතාබහ කරලා නින්දටත් ගිහින්ලු.
උදේ ගෙදර කට්ටිය නැගිටලා බලනකොට මේ මනුස්සයා අාගිය අතක් නෑ ලු.
රෑ අාපු බවට අදාල සාක්ෂි එහෙමම තිබිලා.
කොටින්ම, කෑම කාපු පිඟාන හෝදලත් නෑ!!
උදේ පණිවිඩේ අාවලු, රෑ ගෙදර එන්න පැයකට දෙකකට විතර කලිං මනුස්සයා අැක්සිඩන්ට් වෙලා මැරිලා, මිනිය මෝචරියෙන් ගන්න එන්න කියලා!!
බය කරන්න හිතාගෙන අාපු ගමනක් නෙවෙයි, මැරුණු බව නොදැන අාපු ගමනක් කියලයි මට නං හිතුණේ!!!
(මේ පැත්තෙ අාවා ගියා වුණාට අදයි මුලිං ම අදහසක් කොටන්න අැහැකි වුණේ ඈ!! අැහැකි වෙලාවක අපේ පැත්තෙත් ගොඩ වුණා නං අච්චාරු ටිකක් රහ බලලා යන්න පු්‍ළුවං!! )
ගයාන්ව සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට....
Deleteඔයා කියපු දේවල් වලට මාත් එකඟයි.. හිත තමයි හැමදේටම බලපාන්නේ..
ඔන්න අපිත් ඒ පැත්තට ගොඩ වුනා... අච්චාරු නම් හරිම රසවත්.
follower ගැජට්ටුවක් දාන්නකෝ අපිට ඒ පැත්තේ දිගටම එන්න.
ඒකනෙ බුදු බණේ ත් කියවෙන්නෙ,
Delete"මනෝ පුබ්බංගමා ධම්මා, මනෝ සෙට්ඨා මනෝමයා" කියලා!!!
ෆලෝවර් ගැජට්ටුව වැටෙන්නෙ නෑ අක්කේ!! මොකක් හරි අවුලක්!!
මැනුවලි ඕක දාගන්න පුළුවං. බ්ලොගර් ඩෑශ්බෝඩ් එකේ වම්පැත්තෙ තියෙන්නෙ Add කරගන්න බොත්තමක්!! ;)
(අනික ඉතිං, ෆලෝ කරන්න තරං දෙයකුත් නෑ, මං නිතර ලියන්නෙ නෑ නෙ අක්කෙ. ඉඳලා හිටලා ඒපැත්තෙ ගොඩවුණත් තියෙන දේවල් හොයාගත්තැකි වෙයි ඔයාලාට!!)