සිප් කිරෙන් නැහැවෙමින්
නැණ පහස විඳගනිමින්
එකම විදු මව් තුරුලේ
එක් වුනෙමු මිතු දමින්
හිරු කිරණ සුමුදු මල්
පුබුදුවන හැම වරෙක
සඳ කැලුම් රැස් විලස
තුටින් එක් වුනෙමු නිති
වසත් ගී කොදෙව්වක
ගැයෙන සත්සර විලස
සිනා කිංකිණි අතරේ
එක්ව පියමං කලෙමු
පන්ති කාමර අතරේ
රුවන් සිහි වටන ලෙස
මතකයක් තෙලි තුඩින්
රූ රටා එක් කලෙමු
කඳුළු සිනහා අතරේ
එකට එක්වී බැදී
සොයුරු මිතු දම් මතින්
නොදැනීම කල් ගෙවිමු
දිනන ලොව ජය ගන්න
වැට කඩොළු පසු කරන්
නේක මං පෙත් අතර
කඳුළු මත නික්මුනෙමු
දිවි මගේ සොඳුරු කල්
එක්ව ගත කල විලස
මතු භවෙත් එක් වන්න
පතමු හැම මොහොතකම...
එක් වුනෙමු මිතු දමින්
හිරු කිරණ සුමුදු මල්
පුබුදුවන හැම වරෙක
සඳ කැලුම් රැස් විලස
තුටින් එක් වුනෙමු නිති
වසත් ගී කොදෙව්වක
ගැයෙන සත්සර විලස
සිනා කිංකිණි අතරේ
එක්ව පියමං කලෙමු
පන්ති කාමර අතරේ
රුවන් සිහි වටන ලෙස
මතකයක් තෙලි තුඩින්
රූ රටා එක් කලෙමු
කඳුළු සිනහා අතරේ
එකට එක්වී බැදී
සොයුරු මිතු දම් මතින්
නොදැනීම කල් ගෙවිමු
දිනන ලොව ජය ගන්න
වැට කඩොළු පසු කරන්
නේක මං පෙත් අතර
කඳුළු මත නික්මුනෙමු
දිවි මගේ සොඳුරු කල්
එක්ව ගත කල විලස
මතු භවෙත් එක් වන්න
පතමු හැම මොහොතකම...
ඉස්කෝලෙන් සමුගන්න එකද,දුකයි තමයි පස්සේදී මතකයක් පමණක්ම වේවි,ඉදිරියේදී තව තව අලුත් මිතුරු මිතුරියන් ලැබේවි.
ReplyDeleteකාලය කියන්නෙ මහා අරුම පුදුම දෙයක් තුශානි කාලය කරන වෙනසට මුහුණ දෙන්නම වෙනවා.
ඔව්.. ඉස්කෝලෙන් සමුගන්න එක හුඟක් දුකයි හැලපතුමා.. ඒ මතකයන් හැමදාමත් අපිත් එක්ක තියේවි.
Deleteඅලුත් මිතුරු මිතුරියන් හමුවුනත් ඒ අය පාසල් කාලේ අපිට හමුවුනු අය තරමටම අපිට සමීප වෙයි කියලා හිතන්න අමාරුයි..
ඒත් අපිට ඒ දේට මුහුණ දෙන්නම වෙනවා ...
ඉස්කෝලෙන් සමුගන්න එක තරම් වේදනාවක් දැනෙන එකක් වෙන තියෙනවද? අපූරුයි ඒ මතකය නම්..
ReplyDeleteඉස්කෝලේ යන අන්තිම දවස අදයි කියල හිතෙනකොට හිතට දැනෙන දුක වචන වලින් විස්තර කරන්න අමාරුයි...
Deleteමීට අවුරුදු කීපයකට කලින් ඒක අත්වින්දත් තාමත් ඒ දුක දැනෙනවා වෙගේ නේද ?
ඉස්කෝල කාලෙ කියන්නෙ ඉතින් .....ඇඩෙනවා කතා කරනකොටත්
ReplyDeleteහ්ම්.. ඔව්. කඳුළු අතරැඳි සොඳුරු මතකයන්..
Deleteආපහු යන්න බැරි මතක් කලත් හිතට සැහැල්ලුවක් වෙන පාසල් කාලය………
ReplyDeleteඋදේ පාන්දර නැගිටල ඉස්කෝලෙ යන එකත්, විභාග වලට පාඩම් කරන එකත් ටිකක් අමාරු වුනත්, පාසලේදි ගෙවුනු හැම තත්පරයක්ම හරිම සුන්දරයි.
Deleteමගෙ හිත ගියේ අන්තිමට ඉස්කෝලෙ ගිය දවසට.
ReplyDeleteඒක අපි හැම කෙනෙක්ගෙම අමතක නොවන දවසක්..
Deleteසාමලා අමරලා පොත් තුල තව ඇත
ReplyDeleteඑන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව විය
එදවස් අප හට නැත ආයේ.......
ඉස්කෝලේ යන කාලේ ඒ සින්දුව කොච්චර අහලා, කියලා තිබුනත් සින්දුවේ තේරුම හරියටම හිතට දැනෙන්නේ ඉස්කෝලෙන් අයින් වුනාට පස්සේ...
Deleteඅපි හැමෝගෙම ජීවිත වල බොහොම සුන්දර කාල පරිජේදය පාසල් සමය තමයි. ඒකෙ විවාදයක් නැ...ජීවිතය පිළිබද මහා ලොකු වගකීමක් තිබ්බෙ නැති...දෙමාපියන් දෙන දෙයක් කාලා ඇදලා සමනලයො වගේ සැහැල්ලුවෙන් හිටිය කාලයක්....මතක් කරනකොටත් හිතට අමුතුම සිහිලක් දැනෙනවා.
ReplyDeleteඔව්.. ඉස්කෝලෙ කාලේ ගැන මතක් කරන එකත් හරියට ලස්සනම ලස්සන හීනයක් දකිනව වගේ..
Deleteහිතට දැනෙන සැහැල්ලුව, සතුට, සිසිලස වචන වලට පෙරලන්න බැරි තරම් සුන්දරයි...
ඉස්කෝලේ කාලේ.. කොච්චර මතක් වුණත් එපා වෙන්නෙ නැහැ.. ඒත් ආයෙ කවදාවත් යන්නත් බැහැනේ...
ReplyDeleteආපහු යන්න බෑ කියල හිතෙනකොට හිතට හරි දුකයි..
Deleteතුශානිගෙ බ්ලොග් එකට සිතූව සාදරයෙන් පිළිගන්නවා...
කළ්‍යාණ මිතයොත් සම්පත්තියක් කියලා කියනවා නෙහ්. :)
ReplyDeleteඔව් ඔව්... කල්‍යාණ මිත්‍රයො ලබන්න පින් කරන්න ඕනේලු...
Delete