" අනේ බුදු සාදු ... අපේ කිටී පැටියව ඉක්මනටම සනීප කරලා දෙන්න ... එයාගේ උගුරේ කට්ටක් හිරවෙලා ... "
ඒ පුංචි පොඩිත්තො දෙන්නෙක්ගේ අහිංසක ඉල්ලීමක් වගේම ප්‍රාර්ථනාවක්.
හැමදාම වෙගේම එදත් පාසල් ගිහින් ගෙදර ආපු ගමන් මේ පොඩිත්තො කිටී පැටියව හොයාගෙන ගියේ එයාට බත් කන්න දෙන්න.
" කිටී ... කෝ ඔයා.. ඉක්මනට එන්න බයි කන්න ... "
ඒ පුංචි පොඩිත්තො දෙන්නෙක්ගේ අහිංසක ඉල්ලීමක් වගේම ප්‍රාර්ථනාවක්.
හැමදාම වෙගේම එදත් පාසල් ගිහින් ගෙදර ආපු ගමන් මේ පොඩිත්තො කිටී පැටියව හොයාගෙන ගියේ එයාට බත් කන්න දෙන්න.
" කිටී ... කෝ ඔයා.. ඉක්මනට එන්න බයි කන්න ... "
මේ සද්දෙට උදේ ඉදන් ගෙදරට වෙලා හරි පාළුවෙන් ඉන්න කිටී පැටියා ඔක්කෝම පෙරලගෙන හරි සන්තෝසෙන් දුවගෙන ආවා.
පොඩිත්තොත් එක්ක සෙල්ලම් කරන්න තියෙන ආසාවට හැමදාම වගේ ඉක්මනටම බත් පිඟාන හිස් කරන්න පටන්ගත්තත් එකපාරටම කෑම නවත්තලා අමාරුවෙන් කෑ ගහ හග කිටී පැටියා බිම පෙරලෙන්න පටන්ගත්තා..
" නංගි,, කිටීට කට්ටක් හිරවෙලා .. " අක්කා දුකෙන් කියද්දී නංගිගේ ඇස් දෙකෙන් කඳුළු බේරෙමින් තිබුනා ..
" නංගි බය වෙන්න එපා .. අපි ඉක්මනට වතුර ටිකක් දෙමු.. එතකොට හරියයි.. "
පුංචි හිතට ආපු එක එක අදහස් හරියයිද කියලා අත්හදා බලන ගමන් අක්කා නංගිව අස්වැසුවා.
ඒත් ඒ එක දේකින් වත් කිටී පැටියට සහනයක් ලැබුනේ නෑ. ඌ එහෙට මෙහෙට පෙරලි පෙරලි කෑ ගහ ගහ කට්ට ගිල ගන්න උත්සාහ කලා.
මේ දේ බලාගෙන ඉන්න බැරිම තැන අර පුංචි නංගියා හනි හනිකට ගෙට දුවලා හදුන්කූරු ටිකකුයි, ගිනි පෙට්ටියකුයි, මල් වට්ටියකුයි අරගෙන ආවා.
" අක්කා මේ හදුන්කූරු ටික පත්තුකරලා ගහන්න. මම ඉක්මනටම මල් ටිකක් කඩාගෙන එන්නම්.. අපි බුදු සාදුට කියමු අපේ කිටීව ඉක්මනටම සනීපකරලා දෙන්න කියලා .. "
හුරතල් හඬින් කියලා මල් කඩාගෙන ඇවිත් පූසාට ඉක්මනටම හොඳවෙන්න කියලා දෙන්නත් එක්කම දහම් පාසලේදි ඉගෙන ගත්ත ගාථා ටිකත් කිය කිය බුදු සාදුගෙන් අහිංසක ඉල්ලීමක් එක්ක ප්‍රාර්ථනාවක් කලා..
මල් සුවඳයි හදුන්කූරු සුවඳයි එක්ක පොඩිත්තන්ගේ මේ වැඩේ දිහා, දැඟලිල්ල නවත්තලා ආදරය පිරුනු ඇස් වලින් කිටී බලාගෙන හිටියා..
කොහොමින් කොහොමහරි මෙහෙම ටික වෙලාවකින් අහිංසක ප්‍රාර්ථනා ඉටු කරමින් කිටී පැටියට හොඳවුනා ..
ඒ වෙලාවේ පොඩිත්තන්ගේ ඇස් සතුටු කඳුලෙන් පිරෙද්දි .. කිටී පැටියා පුළුන් කොට්ට අත් බිම තියලා සුපුරුදු දඟකාරකම් කරන්න පටන් ගත්තා ..
මේක තුශානිට අත්විඳින්නට ලැබුණු හරිම සංවේදී අත්දැකීමක්.
තමන් එක්ක ඉන්න හුරතලුන් වෙනුවෙන් පවා සිඟිති හිත් වල ඇතිවෙනේ කොච්චර ආදරනීය ලෙන්ගතු කමක්ද ? පුංචි හිත් වල ඇතිවෙන මෙවැනි ප්‍රාර්ථනා වැඩිහිටියන්ට කොතෙක් දෑ කියා දෙනවද ? සැබවින්ම අපට හිතන්නට යමක් ඉතිරි කරනවා නොවේද ?
කිරි සුවඳින් පිරිච්ච, හුරතල් හිනා හඬ රැව් දෙන, කුරුළු පැටවුන් තරමටම නිදහස්, ආදරය කරුණාව දෝතින් රැගෙන එන සිඟිති හිත්, වචන වලින් කිව නොහැකි බොහෝ දෑ වැඩිහිටියන්ට කියල දෙනවද කියලා තුශානිට හිතුනා...
ප.ලි. - කතාව අහගෙන හිටිය කෙනෙක්ගේ හීතේ ඇදුනු රූපයක් තමයි පෙන්නලා තියෙන්නේ.. ඉතින් ඒකට ස්තූති කරන්නත් තුශානි අමතක කරන්නේ නෑ..
පුංචි පැටව් හරියට දේවදුතයෝ වගේ ඒ පැංචන්ගේ හිත් වල සිතුවිලි උනත් හරිම පිවිතුරුයි.මේ කතාවේ සමාජයට ලොකු පණිවිඩයක් තියෙනවා තුශා....... ඒ වගේම හරිම සංවේදි විදිහට ලියලා තියෙනවා.
ReplyDeleteඔව් ශානු ... ලොකු අයගේ හිත් වල තියෙන තරහව , ලෝබ කම වගේ නරක ගති එයාලගෙ හිත් අහලක වත් නෑ. කථාවෙන් ඒ පණිවිඩය කියන්නයි උත්සාහ කලේ..
Deleteඅපේ කිටිය කට්ටක් හිරකරගත්ත වෙලාවෙ නං දොස්තර ලඟට අරගෙන යන්න වුනා
ReplyDeleteහැලපතුමත් සත්තුන්ට හුඟක් ආදරෙයි වගේ ...
Deleteපොඩි එවුගේ හිත් මල් වගේ කියන්නේ නිකන්ද ඉතින්.. හරිම ලස්සනයි කතාව..
ReplyDeleteස්තූතියි දිනේෂ්...
Deleteපුංචි හිත හරියට මල් කැකුළු වගේ .. ඒවා අනාගතගෙදී පිපිලා මුළු ලෝකෙම සුවඳවත් කරයි...
කාලෙකට කලින් බ්ලොග් එකක පළ වුණ මේ වගේ ම කතාවක් මතක් වුණා. කෙටියෙන් කිව්වොත් අයියට වයස 7 යි නංගිට 3 ක් වගේ. රිය අනතුරකින් පස්සේ නංගිට ලේ දෙන්න වෙනවා. අයියා ළඟ තමයි ගැළපෙන ලේ තියෙන්නේ. ඉතින්, අයියා ගෙන් ඇහුව ම ලේ දෙන්න පුළුවන් ද කියලා ඒ ටික වෙලාවක් ඉල්ලනවා කල්පනා කරන්න. කල්පනා කරා අයියා කියනවා "මම ලේ දෙන්න කැමති යි. ඊට පස්සේ මට නංගී සනීප වෙනකං ඉඳලා මැරෙන්න පුළුවන් ද?" කියලා. මේ අයියා හිතලා තියෙන්නේ ලේ දුන්න ම තමන් මැරෙනවා කියලා. ඒ මම කියවපු සංවේදී ම කතාවලින් එකක්. කියවපු වෙලාවේ වගේ ම මේ ටයිප් කරන වෙලාවෙත් කතාව මතක් වෙලා කදුළු ආව ඇස් දෙකට. ලින්ක් එක හොයා ගන්න පුළුවන් වුණොත් ගෙනල්ලා දෙන්නං.
ReplyDeleteමේ මම කියවපු ඒ වගේ ම සංවේදී කතාවක්. ලස්සණ යි, තුශානි අක්කේ :)
මේ ටික කියවපුහම මගේ ඇස් වලටත් කඳුළු ආවා .. හරිම සංවේදී කථාවක්.. ලින්ක් එකත් පුලුවන්නම් හොයලා දෙන්න...
Deleteඅගය කලාට ස්තූතියි .. ඔයත් දැන් මගේ හොඳ නංගෙක්....
දෙයියන්ගේ පිහිටෙං අපේ "ඉඳා" නං කටු හිර කරගෙන නෑ... මේ ලියලා තියෙන විදිහ නං මරු.. පොඩි කාලේ කියවපු ලස්සන කතන්දරයක් වාගේ. ඒක නෙමේ ඔයාලෑ පූසගේ නම මොකද්ද තුශානි ?
ReplyDeleteස්තූතියි මධුරංග...කිටී පැටියගෙ නම සුදූ... සුදූ කිව්වට සුදුම සුදු නෑ.. කළුයි සුදුයි..
Deleteහැබැයි කිටී පැටියයි පුංචි යාළුවො දෙන්නයි ඉන්නේ අපේ ගෙදර නම් නෙවෙයි...
අන්තිමේටම මං ගාව හිටපු චූටි තැඹිලි පාට පූස් පැටිය ත්‍රීවීල් එකකට යට වෙලා මැරුනට පස්සෙ මං නං පූසො හදන එක අත ඇරිය. මායි අපේ තාත්තයි දෙන්නම ඇඩුව. දැං ගෙදර පූස් තඩියෙක් නං ඉන්නව. ඌට ආදරේ නැතුව නෙමෙයි. ඒ වුනාට අර පූස් පැටියට වෙච්ච දේ ඇස් දෙකෙන්ම දැක්කට පස්සෙ පූස් පැටියෙක්ව ලං කර ගන්න හිතට බයයි.
ReplyDeleteඔව්.. හුඟක් ආදරෙන් හිටියහම නැතිවුනාම දුක වැඩියි තමයි සිඟිති..
Deleteඇත්තටම ළමයි ගෙ ලෝකය කොයි තරම් නම් සුන්දරද? තරහවෙන් වෛරයෙන් ඉරිසියාවෙන් දූශණය නොවූ මල් වගේ පුංචි සිත් කොයි තරම් ලස්සනද?
ReplyDeleteඔයා කතාව ලස්සනට ලියලා තියෙනවා තුශානි.
ස්තූතියි චතුරංග... පොඩිත්තන්ගේ හිත් වචන වලින් විස්තර කරන්න බැරි තරමටම ලස්සනයි , සුන්දරයි..
Deleteආනේ ඔයාටත් කිටී කෙනෙක් ඉන්නව ද? මතක ඇති මමත් අපේ පූස් ආච්චි ගැන ලියපු කතාව.
ReplyDeleteකිටී පැටිය ඉන්නේ අපේ ගෙදර නෙවෙයි දිලිනි..
Deleteඔයා ලියපු කතාවත් මම කියෙව්වා .. මාත් සත්තුන්ට හරිම ආසයි..
මට මෙතැනදි මතක් වුනේ අපේ මියගිය සේනකව...සේනක කියන්නෙ කලු වර්ණය පමණක් ඇගේ තිබුන විශාල බලල් තඩියෙක් අපේ නිවසෙ හුරතලා වෙලා හිටිය. එයාගෙ නැට්ට හරිම ලස්සනයි...අපේ අහල පහල අය කිව්වා මේ පූසාව ගෙට දාලා වහලා යන්න ඔයාලා කොහෙ හරි යද්දි නැත්තං කවුරු හරි හොරකං කරගෙන යයි කියලා.
ReplyDeleteඉතිං එයාට මාලු කටු කන්න බෑ...පොඩි දෙයක් උනත් උගුරෙ හිර කර ගන්නවාම තමයි...කටින් කෙළ වැක්කෙරෙද්දි තමයි අපි දන්නෙ...එහෙම වෙන්න දවස් දෙකක් විතර යන නිසා ඒ දවස් දෙකම සේනක ඉදලා තියෙන්නෙ බඩ ගින්නෙ...ඒ වෙලාවට සිරා කොලුවා වන මම කට ඇතුලට අත දාලා තමයි ඒවා අයින් කලේ...මම රට පැටවෙන්න සති දෙකකට කලියෙන් වස වර්ගයක් කැවිලා එයා නොඑන ගමන් ගියා...මම සාමාන්‍යයෙන් බල්ලන්ට තරම් පූසන්ට කැමති නෑ...ඒත් මම ගොඩාක් ආදරය කරපු පූසා තමයි සේනක...නම දැම්මෙ අපේ අම්මා...ලස්සනයි නේද...
http://i1269.photobucket.com/albums/jj593/sjeewa82/1001625_10201276120850890_1599410173_n_zpse87ead9c.jpg
Deleteමේ ඉන්නෙ එයා...
සේනක .. ම්... නමත් ලස්සනයි.. හැබැයි දැක්කහම ටිකක් බය හිතෙනවා...
Deleteපූසගෙ කටට අතදාලා කටු අයින් කරපු වැඩේට නම් සිරා අයියට හුඟක් පින්... පූසට කොච්චර ආදරේද කියලත් හිතාගන්න පුලුවන් ... මොකද කොච්චර ආදරේ කෙනෙක් වුනත් කටට අත දාලා කටු අයින් කරන්න තරම් හිත හදාගන්න පුළුවන් කීපදෙනාටයිනේ ...
බැළු බැල්මට ඔහොම දේවල් කරද්දි විකාර කියල හිතුනට මම නම් ඕව විස්වාස කරනවා.. මටත් මොකක් හරි උන ගමන් දුවන් යන්නෙ මාතර බෝධියට තමයි :)
ReplyDeleteපූසන් නම් අරහං.. මහ ආත්මාර්ථකාමී සතෙක්.. ඈක්කා...
විශ්වාසෙන් යමක් කරනවනම් ඒ දේ අනිවාර්යයෙන්ම හරියනවා ...
Deleteඒත් පූසා ආත්මාර්ථකාමී සතෙක් කිව්ව එකට නම් මම එකඟ නෑ හොඳේ...
පොඩි පැටවුන්ගේ හිත් වලට එන මේ වගේ දේවල් කොච්චරනම් සොදුරුද..දෙමව්පියන්ගෙන් එන දේවල් තමයි දරුවන්ටත් උරුම වෙන්නෙ.
ReplyDeleteඔව් .. පොඩි පැටවුන්ගේ හිත් වලට නරක දේවල් ඇතුළුවෙන්න ඉඩ නොදී බලාගන්න එක වැඩිහිටි කාගෙත් වගකීමක් ...
Deleteඅපේ කිකී (පුසිගේ නම ) කටුවක් හිර වෙලා ළඟදීදූලා දෙන්නම කෑ ගහනවා. වයිපරේ එතනට ඇවිල්ලා එයත් කෑ ගහනවා. මම කලේ අර ළමයින්ට කරනවා වගේ පොද්ද්දක් උගේ ඔළුවට තට්ටු කරපු එක. ඌ ඇඹරිලා කැරකිලා යන්තන් කට්ට ගිල ගත්ත. ඊට පස්සේ මාළු දෙන්නේ නැහැ. පූස් කෑම විතරයි. පුංචි ළමයි සත්තුන්ට කොච්චර ආදරේද?
ReplyDeleteඔව් අජිත් අයියා...
Deleteපුංචි ළමයි විතරක් නෙවෙයි ලොකු ළමයිනුත් එහෙම තමයි. :)