Tuesday, April 1, 2014

බක් මහේ සිරි ඉඟි කරයි...


කිණිති අග පිපි කැකුළු සුවඳින්
අම රසය දෙන ඵලද   සමඟින්
කොවුල් ගී නද දසත රැඳෙමින්
බක් මහේ සිරි ඉඟි කරයි...


ගොයම් කෙත්වතු සාර       කරමින්
නිවෙස් අටු කොටු සිනා ගෙනෙමින්
සොබා දම් මව් එකළු         කරමින්
බක් මහේ සිරි ඉඟි කරයි...


ජාති ආගම් බේද                 මකමින්
කිරෙන් පැණියෙන් තුටෙන් පිරෙමින්
නැවුම් පැතුමන් දෝත           දරමි
න්
බක් මහේ සිරි ඉඟි කරයි...


හෙළ සිරිත් යලි මතක් කරමින්
නෑ මිතුරු බැමි සවිය    අතරින්
වසත් කාලය උදා       කරමින්

බක් මහේ සිරි ඉඟි කරයි...


අප්‍රේල් පළවෙනිදාව ඇරඹුනේ භාග්‍යවන්ත මාසයක ඇරඹුමේ ඉඟි ලබාදෙමින්.. ඒ ඉතින් ඉඟි තුශානිට දැනුනේ මේ විදිහට ... 



28 comments:

  1. ඔක්කොමත් හරි කොවුල දැන් එනව ටිකක් විතර හොරයි නේද? ඉස්සරහට කාළගුණ වෙනස්කම් එක්ක කොවුල මොනව කරයිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.. දැනටත් නාගරීකරනය නිසා කොවුලෙක් දකින්න ලැබෙන්නෙ කලාතුරකින්..

      Delete
    2. යකා ගෙ කමෙන්ටුව දැකල කොහෙද තිබුණු ලස්සණ කවි පදයක් මතක් වුණා. ‘‘ හදපන් කුරුලු කූඩුව ඇන්ටෙනාවක“

      Delete
    3. මේ විදිහට ගස් කැපුවොත් නම් කුරුල්ලන්ට කූඩු හදන්න්න වෙන්නේ ඇන්ටෙනාවල තමයි...

      Delete
  2. කොච්චර දෙයක්ද සන්තෝසෙන් බාරගන්න එකම...

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකතුමා ... හැමදේම සතුටින් භාරගන්න උත්සාහ කරන්න ඕනේ..

      Delete
  3. බක්මහ කියන්නෙ භාග්‍යවන්ත මාසය කියන එකනෙ තුශානි.කොවුල නං ජුලි අගෝස්තු විතර වෙනකං අඬනවා නේද.

    ReplyDelete
    Replies
    1. මාස 12න් තුශානි වැඩිපුරම ආස මේ භාග්‍යවන්ත මාසෙට .. ඒ නිසාමයි කොහොමහරි පළවෙනිදා පෝස්ට් එකක් ලියන්න ඕනේ කියලා හිතුවේ...

      කිව්වත් වගේ කොවුලා නම් ජුලි අගෝස්තු විතර වෙනකං සින්දු කියනවා...

      Delete
  4. තුශානිට බක් මහා දැනුනු හැටි හරිම අපුරුයි...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ඇරඹුණු බක් මාසය සැබවින්ම භග්‍යවන්ත මාසක් වේවා කියන එකයි තුශානිගේ ප්‍රාර්ථනය..

      Delete
  5. හෙළ සිරිත් වල දෙපා ඔබමින්..
    කොවුල් නාදය නිතර වයමින්..
    වසත් කාලය අළෙවි කරමින්..
    රූප පෙට්ටිය අපව කයි..

    අලුත් අවුරුද්දක් එනවා කි යා මතක් කලාට තුති-
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. // වසත් කාලය අළෙවි කරමින්..
      රූප පෙට්ටිය අපව කයි.. // ඒක ඇත්ත.

      විදානේ මහත්තයටත් සුබ පැතුම්... ස්තූතියි..

      Delete
  6. ලස්සන කවි පද ටිකක්... :)

    ReplyDelete
  7. අපිටනම් ඉතින් මොන අවුරුදුද කිවුවලු.. අවුරුදු 6ක් තිස්සේ ඉදන් අවුරුදු අහිමියි අපිටනම්..

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අවුරුදු අහිමි ?

      Delete
  8. අවුරුදු ආවා එහෙනම් , දැන්නම් දවස් එකයි අවුරුදු ... ඉස්සර ඉස්කෝලේ යන කාලේ නම් මාසෙම අවුරුදු ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන්... දැන් අවුරුදු වැඩිම උනොත් දවස් දෙකයි...

      Delete
  9. බලන්ඩ යප්පා කොරල තියන කෙත වෙඩේ..
    අවුරුදු දවෂ් දෙකෙන් යෙකක් ඉරිදා.. යෙතකොට යෙක නිවාඩුවක් යඩු වෙනවා. මල වදේ පොයදාසත් යේ අෂ්සටම වෙටිල. යේකෙන් තා යෙකකට බඩු. යෙතකොට නිවාඩු දෙකයි යප්පා..
    බැයිද ෂිංගල ආ ඉංදු අලුත් අවුරුදු යෙක අගාරුවාදටයි බදාදටයි ගන්න..
    අනේ කෝමඅරි මේක මෙව්වා කොල්ල දෙන්ඩකෝ...
    පය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒක් නේන්නම්. සොල්ලු වේල ඉල්ලෙ.. ( කියලා වැඩක් නෑ ..)
      බලමුකො අවුරුද්ද අගාරුවාදටයි බදාදටයි ගන්න පුළුවන්ද කියලා ...

      Delete
  10. එරබදුත් නැහැ, කොහාත් නැහැ, ඔන්චිල්ලාත් නැහැ..අඩුම ගානේ අව්ව පොදක් ..ඒක තාමත් නැහැ හරි හමන් විදිහට. ඒත් අලුත් අවුරුද්ද ගැන ආදරණීය අතීත මතක සටහන් නම් හදවතින් ඈත් වෙන්නෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර තරම් නැතත් තාමත් මේ පැත්තේ නම් අවුරුදු ඉඟි තියෙනවා .. ඒත් තව ටික කාලෙකින් ඒවත් ආදරණීය අතීත මතක සටහන් බවට පත්වෙයිද කියන එක තමයි සැක.

      Delete
  11. එරබදු ගස් වල මලි පිපි නැත... හැබැයි ඇහැල ගහක් කහ පාටට මල් පුරවං ඉන්නවා අද දැක්කේය... කොහා නිවැඩු ගිහිල්ලද කොහෙදය... තාම ඇහුවේ තියා දැක්කේ වත් නැත...

    හනුමා නං කලිංම කඩේට ඇවිත් හිටියේටය...


    ලස්සනයි ඇත්තෙන්ම අපූරු කවි පංතියක්

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න එපා .. ඉක්මනින්ම කොහා අවුරුදු අරගෙන එවි...

      ස්තූතියි........

      Delete
  12. අවුරුද්දත් පරිණාමනය වෙලා වගේ!

    ReplyDelete
    Replies
    1. ඔව්.. අපි පුංචි කාලේ අවුරුදු සමරපු විදිහයි දැන් විදිහයි කොච්චර නම් වෙනස්ද ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...