දෑත දෙපයේ වාරු ගිලිහී
සැදෑ සමයේ කෙලවරේ හිඳ
ගිලන් වු ගත හිතින් තදකර
කෙනෙකු වේ පෙර මං බලා ...
සැදෑ සමයේ කෙලවරේ හිඳ
ගිලන් වු ගත හිතින් තදකර
කෙනෙකු වේ පෙර මං බලා ...
ගතේ සවි දිය කරන් මුදලට
සවිය නැහැ ජීවිකාවට අද
පොරෝගෙන හිස සිටන් පතුලට
තවත් සහනය සොයනා අයෙක්...
සවිය නැහැ ජීවිකාවට අද
පොරෝගෙන හිස සිටන් පතුලට
තවත් සහනය සොයනා අයෙක්...
දඟකාර සුරතල් සිනාවන්
හොරෙක් අරෙගෙන ගිහින් වත්දෝ
පුංචි පැටියෙක් ඇඬූ කඳුලින්
තුරුලේ නැලවෙයි වේදනාවෙන්...
හොරෙක් අරෙගෙන ගිහින් වත්දෝ
පුංචි පැටියෙක් ඇඬූ කඳුලින්
තුරුලේ නැලවෙයි වේදනාවෙන්...
ඇඟේ සායම් තවරලා දෝ
රක්ත වර්ණෙන් ගතම තෙත් වී
මිරිකෙමින් වේදනාවෙන් බෝ
තව කෙනෙක් කොනකට වෙලා ...
ඉසිඹුවක් නැති වුවත් හැමටම
ඉවසමින් එය විඳ දරා
පෙළට එක එක්කෙනා ලෙසකට
හිඳියි වාරය එන තුරා ...
රක්ත වර්ණෙන් ගතම තෙත් වී
මිරිකෙමින් වේදනාවෙන් බෝ
තව කෙනෙක් කොනකට වෙලා ...
ඉසිඹුවක් නැති වුවත් හැමටම
ඉවසමින් එය විඳ දරා
පෙළට එක එක්කෙනා ලෙසකට
හිඳියි වාරය එන තුරා ...
ප.ලි. - පහුගිය දවසක තුශානි හදිස්සියේම අසනීප වෙලා බෙහෙත් ගන්න ගිය වෙලේ හිතුනු දේවල් ටිකක් තමයි මේ. :-)
ඊට කලින් දවසක බෙහෙත් ගන්න ගිහින් වෙච්චි ඇබැද්දියක් මේ ... කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නව නම් මේකත් ගිහින් බලන්නකෝ...
පින්තූරය - අන්තර්ජාලයෙන් ...
අසනීපෙන් ඉන්නකොටත් කවි සිතුවිලි පහල වෙන්න ඔයාට උණද හැදිලා තිබුනේ ???
ReplyDeleteඋණ වැඩි කමටද කොහෙද කවි සිතුවිලි පහල වුනා හි... හි...
Deleteමම මගේ පියාගෙ සැත්කමකට රෝහලට බඩ ගාපු සති දෙකක විතර කාලය තුල ජීවිතය කියෙව්වා. ඒ කාරණා මගේ අඩවියේ ලියන්න බැරි තරමට සංවේදියි. ජීවිතය ගැන වටහා ගන්න, දුක කියන දේ හඳුනාගන්න හොඳම තැන තමයි රෝහල.
ReplyDeleteමටත් එහෙම මතකයක් තියෙනවා අකුරු කරගන්න බැරි තරමටම සංවේදී. ජීවමාන දෙවිවරු වගේ දොස්තරලා නිසා මගේ තාත්තත් දුක් නොවිඳ අද සතුටෙන් ඉන්නවා.
Deleteජීවිතේ අස්ථිර බව වැටහෙන තැනක් තුෂ්...
ReplyDeleteඔව්... ලෙඩක් දුකක් වුනාම මිනිස්සු කොයිතරම් නම් අසරණ වෙනවද කියලා හිතෙනවා.
Deleteහැබැයි කවියෙනම් උණ ගතියක් පෙනුනේ නැහැ.... දැන් හරිද????
ReplyDelete:-) එහෙමද කවියට උණ බෝවෙන්න නැතුව ඇති...
Deleteම්... කෝ බලන්න අහ්.. දැන් උණ නෑ වගේ ...
ඔක්කොමත් හරි අසනීප තද කරන් ඔහොම බලාගෙන ඉන්න වෙන එකනේ ඉවසන් ඉන්න බැරිම..
ReplyDeleteඒක ඇත්ත.. විනාඩියක් නිකන් කල්පයක් වගේ දැනෙන්නේ..
Deleteදැන් සනීප ඇතිනේද?ඔය අගේට කවිත් ලියන්නෙ.
ReplyDelete:-) දැන් හොඳයි... බලන්නකෝ කවි වලට උණ බෝ වෙලා නෑ නේ. :O
Deleteකොමෙන්ට් දෙකක්ම දාන්න උනානේ පරන එකටත් එක්ක.. පහුගිය ටිකේ නිස්සද්දව හිටියේ මේකයි එහෙනං.. සනීප බව පේනවා කවියෙංම.. අපූරුයි..
ReplyDeleteපහුගිය ටිකේ වැඩිහරියක්ම කලේ දොයියන එක තමයි... :-)
Deleteම්... පෝස්ට් දෙකම කියව්වට ඔන්න තැන්කූ 2ක් ...
තැන්කු.. තැන්කු...
දකින ඕනැම දෙයක් කව්‍යක් වෙනවා නේද? හොඳයි හොදයි.
ReplyDeleteඔව්.. දකින විදිහ අනුව ඕනම දෙයක් ටිකක් කල්පනා කලොත් කව්‍යක් කරගන්න පුළුවන්. ස්තූතියි ගිමන්...
Deleteසනීපයි ඈ..
ReplyDelete:O දොස්තර කෙනෙක් වත් වෙලාද ?
Deleteඔය දෙවිවරු වගේ දොස්තරලා ඉන්නවා වගේම,
ReplyDeleteමහා කාලකන්නි දොස්තරලත් ඉන්නවා, අත්දැකීමෙන් කියන්නේ.
කොහොමනමුත් දැන් තුෂානිට හොදයි වගේ.
ඒක නම් එහෙම තමයි නිමෝ..
Deleteඔව්.. දැන් හොඳයි.. ස්තූතියි හොයලා බලන්න මේ පැත්තට ආවට..
අසනීපවී මා බෙහෙත් ගන්නට ගොස් සිටිනවිට රෝහල් බංකුවේ
ReplyDeleteමට එහා පැත්තෙන් වාඩි වී හුන් සුරූපි ලලනා ඔබදෝ නගේ :D ?
අහ්... ගුටි බැට කාලා අත පය ලේ පෙරාගෙන
Deleteහිටි අයියන්ඩි ඔයා එහෙනම් එදා එහේ... :D
සුරූපී කීවෙ මනෝජ් අයියා ඇස් වාට්‍ටුවටද ගියේ?? :p
Deleteෂමින්ට දත් වාට්ටු එහෙම යන්න ඕනේ නෑ නේද ? ;)
Deleteහොස්පිට්ල් කීවම නම් ඉතින් කතා කරල වැඩක් නෑ තුශානි අක්කෙ...
ReplyDeleteසංසාරෙ කලකිරෙනවා...
කවිය ලස්සනයි... ජය!!
ලෙඩ වෙන් නැතුව පරිස්සමට ඉන්ඩ හොඳේ....
:-) තැන්කු....
Deleteහාකෝ හාකෝ.. පරිස්සමින් ඉන්නම්කෝ.. නැත්තම් උණ වැඩි වුනොත් තව මොනවා ලියයිද දන්නේ නෑ..
ඇති යන්තම් මොලේ උණට බේත් ගන්න ගියා.. . අපේ පැත්තෙත් ඉන්නවා ඩොකෙක් බෙත්ගන්න ගියාම රටේ තොටේ විස්තර කතාකරනවා එළියේ මිනිස්සු පිරිලා හිටියත් ඩොකාට නෙමෙයි වගේ වගක්.
ReplyDeleteප.ලි: කලින් කිව්වනම් එනවනේ ඔයාවත් බලලා දවල්ට කෑම ටිකකුත් කාල යන්න..
ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට ඩොක්ටත් හැඩ ගැහිලා වෙන්න් ඇති.. හි.. හි..
Deleteම්... ලෙඩ වෙච්ච කට්ටිය බලන්න එන කොට ගේන දේවල් ලිස්ට් එක දැම්ම කිව්වා නම් සලකා බලන්න තිබුනා ලෙඩ වුනාම කියනවද කියලා. :D
ටොපියක් චොකලට් එකක් ඉස්සෝ වඩයක් කඩල පැකට් එකක් ,හුලන් විස්කෝත්තක් සීනි බෝල දෙක තුනක් තමයි මගේ ලිස්ට් එක. මොකද කියන්නෙ ?
Deleteහි.. හි.. ගේන දේවල් ටික නම් නරකම නෑ.. කෝච්චියක එහෙම නෙවෙයි නේද වැඩ කරන්නේ
Deleteලෙඩ වුනාම අපේ අම්මා කන්න හදලා දෙන තැම්බුම් හොදියි බත් ටිකකුයිත් කාලම යන්න බැරුවෑ ආවහම :D
අපූරු යි. අපූරු යි. ඉතින් දැන් ලෙඩ සුව ද?
ReplyDeleteතැන්කූ කුරුටු... දැන් හොඳයි.. :-)
Deleteසීය අසනීප වෙලා ඉස්පිරිතාලෙ ලගින්න උනා පහුගිය සුමානෙ. අප්පා කියල වැඩක් නෑ හිතෙන දේවල් නං...
ReplyDeleteමුලින්ම ඔයාවත් සාදරයෙන් පිළිගනවා කැකුළු ගොමුවට.
Deleteඔව්.. ඒ අත්දැකීම මටත් තියෙන නිසා හිතාගන්න පුළුවන් කොයි වගේද කියලා ...
ජීවිතේ ම කවියෙන් දකින, විඳින කෙල්ලෙක්. ඒක තමයි වෙන්න්ස් ඕනි. බොහොම සංතෝසයි..
ReplyDeleteකවි කාරයෙක්ගෙන් මෙහෙම අහන්න ලැබීම ගැන සතුටුයි.
Deleteබොහොම ස්තූතියි !
අසනිපෙකට බෙහෙතක් ගන්න ඉස්පිරිතාලෙකට යන්න මම මාර කම්මැලියි.
ReplyDeleteගොඩින් ගොඩ දාගන්න බැරිම උනොත් තමයි යන්නේ
මහ කරුම වැඩක්, පහුගිය දවස්වල අතේ ටිෂු එකක් ඉරිලද කොහෙද සති දෙක තුනක් ආයුර්වේදෙට ගිහින් තෙල් බෙහෙත් පත්තු එක්ක ගැටුනා.
ඒක ඊට හපන්...
ඔයත් එහෙනම් මම වගේම තමයි..
Deleteආයුර්වේදෙට ගිහින් කසාය, බෙහෙත් ගුලි බොන්න වුනේ නැද්ද ?
හිරේ හරි යන්නං . ඉස්පිරිතාලේ බැ
ReplyDeleteහපොයි එච්චරටම අකමැතිද ?
Delete