Wednesday, October 7, 2015

92. අවුරුදු දෙකයි... (2nd Blog anniversary)

බ්ලොග් කියවන එක හරිම ශෝක් වැඩක් නේද ?

හ්ම්.. ඔව්.. හැබැයි කියවන ඒවා ටිකක් තෝරලා බේරලා කියවන්න ඕනේ..

ඒ මොකද ?

ගොඩක් වෙලාවට බ්ලොග් වල ලියවෙන්නේ තමන් දකින විදිහ, එහෙමත් නැත්නම් තමන්ගේ අදහස්. ඉතින් ඒ  දේවල් හැම වෙලාවෙම හරි නොවෙන්නත් පුළුවන්නේ... ඒ වගේම තියෙන හොඳ නරක දේවල් තෝරා බේරගෙන කියවන්නත් ඕනේ. 

මට හිතෙනවා දවස් දෙක තුනක් නිවාඩු දාලා බ්ලොග් කියවන්න. ආර්ටිකල්ස් ගොඩක් තියෙනවා
කියවන්න ...

මුල් කාලේ මමත් ඔහොමයි.. හරියට ඇබ්බැහි වෙලා වගේ තමයි බ්ලොග් කියෙව්වේ. ඒ නිසා සමහර වෙලාවට මගේ වැඩත් පාඩු වෙලා තියෙනවා. ඔන්න වැඩ පාඩු කරගෙන නම් බ්ලොග් කියවන්න ලෑස්ති වෙන්න එපා හොඳද.

මේ...  මට පොඩි උදව්වක් කරනවද ? කට්ටිය ලියපු ඒවට කමෙන්ට් කරන්න පුළුවන් විදිහට මට බ්ලොග් ප්‍රොෆයිල් එකක් හදලා දෙන්න පුළුවන්ද ?

අයියෝ... ඒක සුළු දෙයක්නේ.. මම හදලා දෙන්නම්. අපි මොකද්ද දාන නම ?

ම්... කැමති නමක් කමක් නෑ..

හා.. හරි මම එහෙනම් එකක් හදලා දෙන්නම්. 


***
 
ඔන්න හරි.. ඔයා කැමති විදිහ ඕන වෙනස්කමක් කරගන්න පුළුවන්.

තැන්ක්යූ සෝ මච්... හැබයි මම බ්ලොග් ගැන නම් මුකුත් දන්නේ නෑ.

මොනාහරි ප්‍රශ්ණයක් තිබුනොත් මට කියන්න. දැන් ඔයාට  බ්ලොග් කියවන්න, කමෙන්ට් කරන්න විතරක් නෙවෙයි බ්ලොග් ලියන්නත් පුළුවන් මොනාහරි ලියමු හොදේ.

අපෝ... මට වැඩිය ලියන්න බෑනේ ....

හරි.. හරි.. පුළුවන් ටික ලියන්නකෝ...
 

***

අද තුශානි ලියන්නේ වෙනදා වගේ කතාවක් නෙවෙයි... මීට හරියටම අවුරුදු දෙකකට කලින් සිද්ද වෙච්ච සත්‍ය කතාවක්.  ඔව්.. ඔයාලා හිතුවා හරියටම හරි.. ඒ තුශානි බ්ලොග් ලියන්න පටන් ගත්ත විදිහ. ඇත්තම කියනවා නම් ඒක තුශානි කවමදාකවත් හීනෙකින් වත් නොහිතපු දෙයක්.



ඉතින් එහෙම හීනෙකින් වත් නොහිතපු දෙයක් අවුරුදු දෙකක් පුරාවට ඉබි ගමනකින් හරි ඉස්සරහට අරගෙන ඉන්න පුළුවන් වුන එක ගැන නම් තුශානිට තියෙන්නේ වචනයෙන් කියන්න බැරි සතුටක්. 
 
අපි සයිබර අවකාශයේ නොදුටු මිතුරු මිතුරියන් වුනත්, බොහොම ලෙන්ගතු ආදරණීය බැඳීමක් බ්ලොග් පිටු හරහා අපි අතර ඇතිවෙලා තියෙනවා කියලා මම කිව්වොත් මම හිතන්නේ හැම දෙනාම මාත් එක්ක එකඟ වෙයි.  

අකුරු කරන දේ එක්ක, හිතන පතන විදිහත් එක්ක අපි එක එක්කෙනා හඳුනා ගත්තා වගේම ඒ ඔස්සේ මිතුරු කමක් ගොඩ නගා ගත්තා. ඒ නිසාම අද තුශානි මේක අවස්ථාවක් කරගන්නවා තුශානිට මේ ගමන එන්න අත හිත දුන්නු හැමෝටම මුළු හදවතින්ම ස්තූති කරන්න.  

ඉතින් මේ අවුරුදු දෙක පුරාවටම තුශානි ලඟ ඉඳලා තුශානිට ශක්තියක් වුනු, හදා ගන්න ඕන තැන් පෙන්නලා දුන්නු, ලියන දේවල් වලට කමෙන්ට් කරපු, සුබ පතපු, ලියපු දේවල් කියවන්න ආපු හැම කෙනෙක්ටම  

බොහොමත්ම ස්තූතියි !

 


70 comments:

  1. අප්පේ අවුරුදුම දෙකක් නේ එළ එළ
    තුශානිය පටං ඇරං තියෙන්නෙ මං පටං ඇරං මාසෙකට විතර පස්සෙ එතකොට ඈ...
    මේ අවුරුදු දෙකේ මුල් කාලෙ හැර ඊට පස්සෙ ලියවුන පෝස්ට් හුගක් කියවලා ඇති මම .ුශානි ලස්සනට ලියනව නෙව..
    ඉදිරියටත් ඒ වගේ ලස්සන පෝස්ට් වැස්සක් වස්සන්න පුලුවං වෙන්ට ඕන ඕං...
    අවුරුදු දෙක හතර වෙලා හතර අට වෙලා තව තවත් සාර්තක වේවා
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්...

      ඔව් ඔයා දිගටම මම ලියපුව කියවන්න ආව කෙනෙක්.. ඉතින් ඉස්සරහටත් ඒ විදිහටම මාත් එක්ක ඉඳියි කියලා හිතනවා...
      ජයවේවා !

      Delete
  2. සුභ පැතුම් තුශානි... ඉදිරියටම යමං

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ දේශ්...

      Delete
  3. සුබ පැතුම් තුශානි... තව ඉස්සරහටත් මේ වගේම යන්න ලැබෙන්න කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යශ්‍යන්ත ...

      Delete
  4. අව්රුදු දෙකට මගෙත් උනුසුම් සුබපැතුම්. තව 0ක් දාලා අව්රුදු 20ක්ම බ්ලොග් ලියන්න හැකි වේවා.
    2ට 00ක් දැම්මොත් වැඩි වේවි නෙ හැක හැක.

    ReplyDelete
    Replies
    1. හි..හි... බලමුකෝ බලමුකෝ එච්චර කල් හිටියොත්...

      බොහොම ස්තූතියි කසුන්.

      Delete
  5. දෙවසරක බ්ලොග් කෙරුවාවට හදවතින්ම සුබ පතමි. යමු ඉදිරියට අපේ සිතැගි බ්ලොග් මත අතුරමින්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලීන් අයියා ...

      Delete
  6. .....අවුරැදු දෙකක බිලොග් ගමන් මගට සුභ පැතුම්....

    තුෂානි අවුරැදු දෙකක කිරි සප්පයෙක් නොවැ තවම.මට මාස හතරයිනේ.(2010 එකක් පටන්ගෙන ඒක නැවතුනා.)

    ..//අපි සයිබර අවකාශයේ නොදුටු මිතුරු මිතුරියන් වුනත්, බොහොම ලෙන්ගතු ආදරණීය බැඳීමක් බ්ලොග් පිටු හරහා අපි අතර ඇතිවෙලා තියෙනවා//..

    කුහක කිසිම බැදීමක් එකමුතුවක් නැති අය දෙතුන් දෙනෙක් නැතිවම නෙවෙයි.නමුත් බහුතරය අතරේ තියෙන්නේ පුදුම බැදීමක්.හරියටම කීවොත් නොදැක ඉන්න බැ වගේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ...

      ඔව් මනෝ.. බ්ලොග් ලෝකෙට මම තාමත් හරි පුංචියි. ඔයා 2010 බ්ලොග් ලියන්න පටන් ගත්ත කෙනෙක් නම් බොහොම පරණ කෙනෙක්.. අපහු නවත්තන්නේ නැතුව දිගටම ලියන්න.

      මමත් ඔයා කියන කතාව පිලිගන්නවා. ඒත් නිර්ව්‍යාජ බැඳීම් සදාකාලික, බොහොම ලෙන්ගතු, ආදරණීය බැඳීම්...

      Delete
  7. අවුරුදු දෙකට සුභ පැතුම්! කවුද අර ඩයලොග් එකේ අනිත් පැත්තේ ඉන්න ඔයාට බ්ලොග් එක හදන්න උදවු කරපු ප්‍රවීණ බ්ලොග් කරු/ කාරිය? මතක් කරොත් නරකද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කලණ..

      ඔව්... ඒ කෙනා අමතක කරන්න බැරි නිසයි මේ විදිහට හරි කිව්වේ. ඊට වඩා කියන්න මට පර්මිෂන් නෑ.. :)

      Delete
  8. සුබ පැතුම්!
    ආ මග කෙටියි-යා යුතු මග දුරයි.

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූතියි මනෝජ්..

      Delete
  9. ඔයාගෙ ගමන ගැන බොහොම සතුටින් බලාගෙන ඉන්නෙ.
    සුබ පැතුම්!

    - D S H

    ReplyDelete
  10. අවුරුදු දෙකට සුබ පැතුම් තුශානි. මගේ බ්ලොග් එකේ නිතර දකින්ට ලැබෙන කෙනෙක් ඔයා. ඔයා දැක්කාම අහිංසක මල් පොහොට්ටුවක් මතක් වෙන්නේ.

    තවත් ගොඩක් ඉදිරියට යන්ට සුබ ප්‍රාර්තනා....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොඩි අක්කා...

      ඔයා ලියන විදිහට තුශානි ගොඩක් කැමතියි. ඒ නිසාම තුශානි නොවැරදීම ඒ පැත්තට එන කෙනෙක්. ඉතින් ගොඩක් සතුටුයි සුබ පතන්න මේ පැත්තට ආපු එකට.

      Delete
  11. සුබ පැතුම් අක්කට! මං නං තාම මාස 7ක කිරි සප්පයෙක්..ඇවිත් යන්න අපේ දිහාත් පුලුවන් උනොත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලී.. අනිවාර්යයෙන්ම ඇවිත් යන්න එන්නම්.

      Delete
  12. සුබ පැතුම් තුශානි .... අවුරුදු දෙකක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි , හැබැයි ලොකූ කාලෙකුත් නෙවෙයි. මේ කාලය ඇතුලත් ඔයා පෙන්නපු හැකියාවන් එක්ක අවබෝධයෙන් දුරගමනක් යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා .

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූතියි ඉවාන් !

      Delete
  13. තුශානියෝ..................... අපේ උණුසුම් සුභපැතුම්..... අපේ ඉල්ලීම තවත් අවුරුදු ගාණකට මේ විදිහට ම සක්‍රීය ව බ්ලොග් කරණයේ නියැලෙන්නට ලැබේවා කියලයි........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගී පවුරේ කට්ටියටම.. බලමුකෝ බලමුකෝ... :)

      Delete
  14. උණුසුම් සුභ පැතුම් තුශානි.. කලාතුරකින් කමෙන්ට් කළාට මේ බ්ලොග් එකත් මම නිතරම යන එන බ්ලොග් අඩවිවලින් එකක්. දිගටම ලියමු.

    මේක කියවනකොටයි මතක් වුණේ මමත් මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් එක පටන් ගත්තේ 2013 ඔක්තෝබර් මාසේ. දවස මතක නෑ දැන් බලන්න ඕන. බලන් යද්දි තුශානිල, මහේෂ් අයියල, අපි එකම කාලෙනෙ වැඩ පටන් අරන් තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රවිඳු. කමෙන්ට් නොකරට නිතර යන එන කෙනෙක් කියලා දැන ගන්න ලැබීම සතුටක්.

      බලන්න බලන්න.... කට්ටියටම උපන්දින සමරන්න පුළුවන් එතකොට. :)

      Delete
    2. අැයි අපි.....................?????

      Delete
    3. //කමෙන්ට් නොකරට//
      මම හත් අටවතාවක්ම කමෙන්ට් කරල තියෙනව. :D

      මම ඔක්තෝබර් 30 පළවෙනි ලිපිය දාල තියෙන්නේ.

      කු.ගෑ.ගී.ප. අප්පා 2013 ඔක්තෝබර් කියන්නෙ සෑහෙන්න වැදගත් මාසයක් නේ? ඔක්තෝබර් 'ජාතික සිංහල බ්ලොග් බිහිවීමේ මාසය' කියල නම් කරන්න ඕන. :D

      Delete
    4. @ කුරුටු ගෑ ගී පවුර - ෂා... ශෝක් නේ... කට්ටිය ගොඩයි..

      Delete
    5. @ රවිඳු. - නෑ.. නෑ.. මම කිව්වේ හැමදාම කමෙන්ට් නොකරට ඇවිත් යන එක ගැන සතුටුයි කියලා.. :)

      ඔන්න හරි 30 වෙනිදාට උපන්දිනේ සමරමු එහෙනම්..

      අහ්... අපේ පොඩ්ඩි අක්කත් ඉන්නවා.. සෑහෙන්න වැදගත් මාසයක්. ගොඩක් අය ඉන්නව නම් ජාතික සිංහල බ්ලොග් බිහිවීමේ මාසය කියලා නම් කරන්න බැරි කමකුත් නැතුව ඇති හි.. හි...

      Delete
  15. අවුරුදු දෙකකුත් උනා නේද.උණුසුම් සුබ පැතුම් තුශානි.තවත් කාලයක් ලියන්න සහ බ්ලොග් කලාවේ තරුවක් වෙන්න ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ හැලපතුමා... අවුරුදු දෙකක් ගෙවුනද කියලා හිතා ගන්න බෑ...

      බොහොම ස්තූතියි... :)

      Delete
  16. බ්ලොග් මාවතේ දිග ගමනක් යන්නට ආසිරි පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඔයාලා හැම කෙනෙක්ම මට ලොකු ශක්තියක්.

      Delete
  17. කියෝ කියෝ ලියන්නත් ඕනෑ ඈ..........

    ReplyDelete
    Replies
    1. හි..හි... හාකො හාකො ... බොහොම ස්තූතියි බණ්ඩා... :)

      Delete
  18. Replies
    1. හප්පේ... කාලෙකින් නේද ... තැන්කූ.. තැන්කූ... ජයවේවා !

      Delete
    2. අද උදේ තමයි විදානේට සිහිය අාවේ.....................

      Delete
  19. ජය වේවා...
    මේකට ආපු මුල්ම දවස තමයි අද...
    ඇවිත් කියවපු එක අමතක වෙන්නේ නැති වෙයි මට...
    පටන් ගන්නම් දැන් මුල ඉඳන් කියවන්ට...
    දිගටම ලියන්ට මමත් එන්නම් බලන්ට...

    ReplyDelete
    Replies
    1. චතුරංගව සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට...

      බොහොම ස්තූතියි.
      සතුටුයි අලුත් යාළුවෙක් අඳුනගන්න ලැබීම. දිගටම එන්නකෝ..
      ජය වේවා !

      Delete
  20. තුශාට තව ඉදිරියට ලස්සනට ලියන්න...දිගු ගමනක් යන්න ශක්තිය ‍ධෛර්ය්‍ය ලැබෙන්න පතනවා බුදු සරණයි!!!

    ReplyDelete
    Replies
    1. කාලේකින් නේද මේ පැත්තේ... බොහොම ස්තූතියි ශානු...
      බුදු සරණයි!!!

      Delete
  21. අවුරුදු දෙකක් ලිව්වට ගොඩක් ස්තූතියි තුෂානි. දිගටම ලියමු එහෙනං ඈ...

    ReplyDelete
    Replies
    1. 92 වෙනි පෝස්ට් එකේ 92 වෙනි follower විදිහට ඩ්‍රැකීව මේ පැත්තට සාදරෙයෙන් පිලිගන්නවා...

      බොහොම ස්තූතියි.. ලියන ඒවා කියවන්න දිගටම එන්න ඈ... :)

      Delete
    2. 92, 92 නේද? මේක නං කුමන්ත්‍රණයක්!

      Delete
    3. ඒකනේ.. විදේශීය බලවේග ඩ්‍රැකී කුමන්ත්‍රණයක්... හි..හි...

      Delete
    4. ආතර් සී. කියල ක්ලාක් කෙනෙක් කියල තිබුණ, 2010 පොතේ,
      “එකපාරක් නම් අහම්බයක්,
      දෙපාරක් නම් සහසිද්ධියක්,
      තුන් පාරක් නම් කුමන්ත්‍රණයක්“
      කියලා.

      Delete
    5. ම්... එතකොට එකම පෝස්ට් එකට තුන් පාරක් කමෙන්ට් කිරීම කුමන්ත්‍රණයක්ද ඈ.... හි..හි...

      තැන්කූ ඩ්‍රැකී.. වැඩ ගොඩක හිර වෙලා ඉන්නකොට කෙමෙන්ට් එකක් දැක්කහම පුදුමාකාර සතුටක් හිතෙනවා ...

      Delete
  22. මෙන්න එහෙනම් මගේ සුබ පැතුම්.... පාටිය කවද්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... පාටි ඉවරයි ඔයා පරක්කු වෙලානේ ආවේ... :)

      Delete
    2. හරි හරි ඉතින් පොඩ්ඩක් පරක්කු උනා.. . අනික කලින් කිව්වෙත් නැ... වැරැද්ද ඔයාගෙ...

      Delete
    3. ම්..... හරි හරි අපි ලබන අවුරුද්දේ පාටියක් දාමුකෝ... ඔන්න කලින්ම කිව්වා අමතක වුනෝත් වැරැද්ද ඔයාගේ :D

      Delete
    4. මල් කොබා ඔරලෝසුවකුත් තියාගෙන පරක්කු වෙලා.

      Delete
    5. ඒක දහයයි දහයට නැවතිලා සුපුරුදු පරිදි.

      Delete
    6. මේකනෙ වැඩේ...ඔපීසියේ වැඩිය නෙට් යන්න බැ.. ගිය මාසේ වැඩියෙන් ඉන්ටර්නෙට් ගිය ලිස්ට් එකෙත් හිටිය නොවැ.. හික් හික් .. තව පොඩ්ඩෙන් කප් එකත් ගහනවා....

      Delete
    7. උඹ කප් එක ගැහුවහම අපිට පාටියක් දියං...!

      Delete
    8. @ ඩ්‍රැකී - අන්න හොඳ අදහස... :P

      Delete
  23. අවුරුදු දෙකක් කියන්නේ ලොකු කාලයක්........ ඕ යේස්...... අප්පෙනුත් අවංක සුබ පැතුම් කිව්වා එහෙනං ඈ...... අවුරුදු 200ක් ම ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා............

    ReplyDelete
    Replies
    1. තරහ වෙන්න එපා හොදේ........... මොබිටෙල් එකට පිං සිද්ධ වෙන්න එන්න පොඩ්ඩක් පරක්කු උනා..........!

      Delete
    2. බොහොම ස්තූතියි අර්යන්...

      අයියෝ චුට්ටක් වත් තරහ නෑ.. පරක්කු වෙලා හරි සුබ පතන්න ආව එක ගැන හුඟක් සතුටුයි. :)

      Delete
  24. එල ද බ්‍රා
    පාටියක් දාමු..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. ඔහෝ... මෙන්ඩයියා පරක්කුයිනේ... බලමුකෝ ලබන සැරේ... :)

      තැන්කූ මේ පැත්තට ආවට....

      Delete
  25. අවුරුදු දෙකට මගෙන් සුභ පැතුම්...
    දිගටම ලියන්න ශක්තිය දෛර්යය ලැබේවා කියල හදවතින්ම සුභ පතනවා!

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූතියි නිදහසේ නවාතැන .....

      Delete
  26. Replies
    1. බොහොම ස්තූතියි ! සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට. දිගටම එන්න...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...