Sunday, October 20, 2013

‍යශෝධරා ...





















චන්ද්‍ර මඩලේ සුපුන් සඳ  මෙන්
එකලු කල මා හද           විමන් 
අමාවක බට සඳක්        විලසින්
නොකියා ගියෙ ඇයි හැර විමන්

කුමරු තුරුලේ හිදිනු දැක දැක
අතැර ලා රජ සිරි සුපන්
කෙලෙස නික්මී ගියේ දෝ සිඳ
බැඳුනු බැඳි සසරේ පටන්

වැඩෙන කුමරුන් අසාවී කෝ
කෝ කොහිද මාපිය රජතුමන්
කෙලෙස මා පවසම්ද ඔබේ ගුණ

නොහැක පුරවනු ඔබේ සෙනේ

මුදන්නට නම් ලෝ සතුන් හැම
සසර දුක් මහ සාගරෙන්
පෙරූ පෙරුමන් නිසා වෙන්දෝ 
තිරදිටනක් ගත්තේ මෙවන්

සිඳ දැමූවත් සසර බැඳි බැමි
සතන් වෙත මෙත් දයාවෙන්
අවැසි නැණ බල විරිය පතනෙමි
පසෙක ලා දුක් සෝ සුසුම්...

10 comments:

  1. යශෝධරාව..මම හුඟක්ම ගරු කරන කාන්තාව..

    ලස්සනයි කවි පෙල..

    ReplyDelete
    Replies
    1. අදහස් දක්වන්න මේ පැත්තට ගොඩ වුනාට ගොඩක් ස්තූතියි...

      Delete
  2. සුපැතුම්.....!!!

    දිගටම ලියන්න.....

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි... ලියන්න පුංචි උත්සාහයක් ගන්නම්කො..

      Delete
  3. කවි පේලි කීපය උනාට පද බැඳලා තියෙන විදිය හරි අපූරුයි!
    තව තවත් ලියන්න!

    ReplyDelete
    Replies
    1. ඇගයුමට බොහොමත්ම ස්තූතියි. අඩුපාඩුවක් තිබුනොත් පෙන්නල දෙන්න..

      Delete
  4. /////වැඩෙන කුමරුන් අසාවී කෝ
    කෝ කොහිද මාපිය රජතුමන්
    කෙලෙස මා පවසම්ද ඔබේ ගුණ
    නොහැක පුරවනු ඔබේ සෙනේ///////

    මම කවියෙක් නෙවේ....මට හිතුනා මේ කවියේ හතරවෙනි පදේත් අවසන් වචණය අල් කිරීමකින් ඉවර උනා නම් හොඳයි කියලා අනිත් කවි තුනේම වගේ.

    උඩ පද දෙක යටට අරන් යට පද දෙක උඩට දැම්මොත් අර්ථයට හානියක්ද?

    ReplyDelete
    Replies
    1. මමත් කිවිඳියක් නෙවෙයි... කවි පදවැල් බඳින්න ගත්තු පුංචි උත්සාහයක් තමයි මේක... කොහොම වුනත් මෙපැත්තට ගොඩවෙලා අදහස් දැක්වුවට ගොඩක් ස්තූතියි..

      Delete
  5. ලස්සන කවි සංකල්පනාවක් !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...