Tuesday, December 31, 2013

සුබ නව වසරක් වේවා !!!




2103 ගෙවෙන්න තව ඉතිරි වෙලා තියෙන්නේ හෝරා කීපයක් විතරයි.ජයග්‍රහණ, පරාජ, සතුට, දුක,  බාදක කම්කටොළු මැද්දෙන් 2013 ගෙවිල ගියත් 2013 අවසන් වෙන මේ අන්තිම මොහොතේ ඒ දිහා හැරිලා බැලුවහම හිතට දැනෙන්නේ හරි පුදුමාකාර සතුටක්.  ඒ ජීවිතේ අමරණීය සටහන් ඒ අතරේ බැබලෙමින් තියෙන නිසාවෙන් වෙන්න ඇති.

කොහොමවුනත් ඒ හැම දෙයක්ම අතීත අත්දැකීම් විදිහට මේ වෙනකොට අපේ මතක පොතට එකතුවෙලා හමාරයි. අතීත අත්දැකීම් වල ශක්තියෙන් ආරම්භවෙන 2014 වර්ශය සාර්ථකව ආරම්භ කිරීමයි මේ වෙලාවේ අපේ අරමුණ වෙන්න ඕනේ.. එතකොට තමයි 2014 අවසන් වන අද වගේ 31 වෙනිදාවකත් 2014 දිහා මේ විදිහට සතුටින බලලා සතු‍ටු වෙන්න පුලුවන් වෙන්නේ...

අහඹු ලෙස වුනත් බ්ලොග් පි‍ටු අතරට එන්න ලැබීම 2013 වසරේ මගේ ජීවිතේ හරිම සුන්දර සුවිශේෂි සන්දිස්ථානයක්..  බ්ලොග් එක ගොඩ නගා ගන්න  ලැබුනු දිරිගැන්වීම, සහයෝගය නොවෙන්න මෙවැනි මතකයක් 2013 වසරට එක් නොවෙන්න තිබුනා... නොදු‍ටු මිතුරු මිතුරියන් ලෙසින් වුනත් සහෝදර බ්ලොග් මිතුරු මිතුරියන්ගෙ අත්වැල තුශානිව ශක්තිමත් කලා.  ඉතින් ඒ හැම කෙනෙක්ම බොහොම ආදරයෙක් මතක් කරන මේ  වෙලේ තව සුළු මොහොතකින් උදාවෙන 2014 වර්ශය තෙරුවන් සරණේ ආශිර්වාදයෙන් , සතුට සෞභායය පිරුණු යහපත් ප්‍රාර්ථනාවන් ඉ‍ටු වෙන සුබම සුබ නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...

 සුබම සුබ නව වසරක් වේවා !!!

16 comments:

  1. තුශානිටත් සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  3. ඔයාටත් පවුලේ හැමෝටමත් සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  4. තුශානිටත් සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  5. සුබ ම සුබ නව වසරකට ආසිරි!

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා..!

    ReplyDelete
  7. දෙයියනේ කියලා මේ අවුරුද්දෙවත් මංගල කේක් කෑල්ලක් කන්ඩ වෙන විදිහට වැඩ සිද්ධ වෙන්නෙයි කියලා පතනවා...හික්ස් :)

    සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  8. සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  9. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා.. අද මම වැඩට ගියා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අලුත් අවුරුදු පාටිය ජයටම තිබ්බා. හැමෝම එක්ක සතුටු වුනා. මොනවද ඉතින් නේද තව ටික කාලයක් ඉඳලා මැරිලා යන එකනේ. එකයි මම හැම වෙලාවේදීම සැහැල්ලුවෙන් ඉන්නේ. මීට අවුරුදු 25 කට පළමුව ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියයේ විනයාරක්ෂක නිලධාරියෙකු ලෙස සේවයට බැඳී වැලිඔය, පළාලි, කයිට්ස්, අනුරාධපුර, පොළොන්නරුව ආදී වශයෙන් උතුරු නැඟෙනහිර ක්‍රියාන්විත ප්‍රදේශවල සිවිල් මිනිස්සු එක්ක සාමකාමීව රාජකාරි කළ හැකි සිහිපත් වුනා. මේජර් කර්නල් බ්‍රිගේඩියර් ආදී නිලතලවල සිට දැනට යුද හමුදා සේවයෙන් විශ්‍රාමිකව සිටින මගේ බැජ් එකේ මිතුරන් කීප දෙනෙකු සුබ පැතුවා.

    ReplyDelete
    Replies
    1. නගාටත් සුභ නව වසරක්ම වේවා...

      Delete
  10. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! සිතුම් පැතුම් ඉටු වේවා! blog ලෝකෙට සම්බන්ද වීම 2013 මගේ ජීවිතෙත් වැදගත්ම සිදුවීමක්.

    ReplyDelete
  11. එසේම වේවා තුශානි....!!!
    සියළු යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වේවා...!!!

    ReplyDelete
  12. තුශානි නගාටත් සුබ නව වසරක් වේවා

    ReplyDelete
  13. අය්යෝ තුශානි තවම මේ පොස්ට් එකනේ. මම හැමදාම බලනවා ඔයා අලුත් පොස්ට් එකක් ලියයි කියලා. ඔයාට වැඩ ඇති. නැතිනම් ඉන්ටනෙට් එන එකත් දැන් හය් එක්පෙන්සිව් නිසා වෙන්න ඇති. කොහොම වුනත් අලුත් අවුරුද්ද ගෙවිලා දින ගණනාවක් ඉකුත් වෙලා. වෙනත් විදිහකට කිව්වොත් එක්ස්ෆයර් වෙලා. එක්ෆයර් වෙච්ච යෝගට් එකක් කෑවොත් කොහොමද බඩ ලූස් මෝෂන් නේද? අන්න ඒ වගේ තමයි පරණ බ්ලොග් පොස්ට් එක කියෙව්වාමත් දැනුනේ. කමක් නැහැ. විහිලුවට කිව්වේ. මනුස්සයෝ වෙච්ච අපි සිරීයස් පිට ඉන්න ඕන නැහැනේ. ටිකක් විහිලු කරලා හිනා වෙන්න කවුරුත් ආසයිනේ. ඒකයි මෙහෙම කිව්වේ. ඔයාට අපහාස කරන්න කියලා වරදවා හිතන්න එපා. අනික මේ වගේ වයසක ඉන්න මම ( ඔයාගේ තාත්තගේ වයසේ) මගේ දුවෙක් වගේ ඉන්න ඔයාට එහෙම අපහාස කරන්නේ ඇයි? කොහොම වුනත් ලැබූ නව වසර සුබම සුබ නව වසරක් වෙන්න කියලා ආයිමත් සැරයක් ප්‍රාර්ථනා කරනවා.
    තෙරුවන් සරණයි !!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...