Tuesday, May 20, 2014

සම්බුදු සිරිත සිතුවමට නැගූ පුංචි සිත්තරාවිය ...

වෙසක් සතිය කෙමෙන් කෙමෙන් නිමා වුනත් වෙසක් සිරිය නම් තාමත් වට පිටාවෙන් නිමා වෙලා නෑ. ඉතින් වෙසක් හා බැඳුනු තවත් සුවිශේෂී දෙයක් ගැන පුංචි සටහනක් තියලම වෙසක් සතියට සමු දෙන්න තුශානි තීරණය කලා. ඒ හෙට දවසේ පිපෙන්නට වෙර දරණ පුංචි මල් කැකුළක් වෙනුවෙන් කැකුළු ගොමුවේ ඉඩක් වෙන් කරලා.

සරලව කියනවා නම්  පැන්සල් ඉරෙන්, පාට කූරෙන් ලොකු හපන් කමක් කළ පුංචි සිත්තරාවියකගේ අපූරු හැකියාවක් ගැන තොරතුරු ටිකක් කියන්න. ඇය නමින් ඉමාෂා නිමේන්දි. 7 වෙනි ශ්‍රේණියේ තමයි ඉගෙන ගන්නේ.. තුශානිගේ අසල්වැසි නිවසක ඉන්න ඇය අතින් සිතුවම් වූ චිත්‍ර වලින් නිර්මාණය වුනු වෙසක් තොරණ තමයි මේ පහලින් තියෙන්නේ..







සුදු කොළය පුරා ඇඳුනු පැන්සල් ඉරි එකින් එක එකතු වෙලා මිනිස් රූප ගොඩනැගෙන හැටිත් ඒ මිනිස් රූප එක එක පාට කූරු වලින් වර්ණවත් වෙන හැටිත් දවසින් දවස තුශානිට දකින්න ලැබුනා. ඒ දකින හැම වාරයක් පාසාම තුශානිගේ හිතට ලොකු සතුටක් දැනුනා වගේම මෙවැනි විශිෂ්ට නිර්මණයකින් එවා එළි දැක්වෙයි කියන ලොකු විශ්වාසයකුත් තුශානිගේ හිත ඇතුලේ තිබුනා. 

විශාල ප්‍රමාණයේ සුදු කඩදාසියේ නිර්මාණය වු සිතුවම් 10 ක එකතුවක් ලෙස මේ අපූරු තොරණ නිර්මාණය වුනේ ඒ බලා පොරොත්තුව මල් ඵල ගන්වමින්. සම්බුදු සිරිතේ විවිධ අවස්ථාවන් තමයි සිතුවම් වල තේමාවන් බවට පත්වෙලා තිබුනේ.ඉතින් මේ අපූරු තොරණ වෙසක් දින කීපය පුරාවටම ගමේ පන්සලේ පන්සල් භූමිය එළිය කරමින් ප්‍රදර්ශනය වුනා.

බ්ලොග් පි‍ටු අතරත් ඉන්නේ නිර්මාණයක් රසවිඳින්න පුළුවන්  නිර්මාණශීලී හදවතක් තියෙන පිරිසක් නිසාවෙන්ම මේ පුංචි සිත්තරාවියගේ හපන් කම් බ්ලොග් පි‍ටු අතරට  ගෙනැත් ඇයට ශක්තිය, ආශිර්වාදය ප්‍රාර්ථනා කරලා ඇගේ ඉදිරි ගමනට සුබ පතන් හිතාගෙනයි කෙටියෙන් වුනත් මේ සටහන තිබ්බේ.

36 comments:

  1. ඒ දුවට ලස්සනට සිත්තර අඳින්ඩ පුලුවන් හැකියාවක් තියෙනවා. සිත්තර ලස්සනයි කිව්වා කියන්ඩ.. ඒ දුවට තෙරුවන් සරණයි !!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි... ඔන්න පණිවිඩේ දුන්නා...

      එයාට හරිම සතු‍ටුයි.. ඒ ඇස්වල තිබුන සතුට තොරණේ එළියටත් වඩා වැඩියි කියලයි මට හිතුනේ..

      Delete
  2. අගේ අැති සිතුවම් පෙළක්.. අැයට දිගු ගමනක් යා හැකියි.. සුභපැතුම් එක් කල බව මතක් කරන්න...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පුංචි පැංචිගේ ගමනට සුබ පතන්න එක්වුනාට විදානේටත් හුඟක් ස්තූතියි...

      Delete
  3. ඉතාම වටින්නේ ඒ අදහසයි ඒකෙන් මතු වන හැගීමයි තමා. අපි ඇයට සුභ පතමු..

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකතුමා ... චිත්‍රයක් විදිහට එළිදැක්වෙන්නේ හිතේ ඇතිවෙන අදහස්... ඒ අතින් ඇය හුඟක් ඉදිරියෙන් ඉන්නවා ...

      සුබ පතන්න එක් වුනාට බොහොමත්ම ස්තූතියි...

      Delete
  4. ඒ දෝණිට සුබ පැතුවා කියන්න ඇගේ හැකියාවන් තව තවත් දියුණු වේවා.

    ReplyDelete
    Replies
    1. අද තමයි එයාට මම පොස්ට් එක පෙන්නුවේ ... සුබ පැතුම් දැකලා හුඟක් සන්තෝසවුනා ...

      දෝණිට ඔයාලගේ සුබ පැතුම් ලොකූ ශක්තියක්..

      Delete
  5. ලස්සන සිතුවම් පෙලක්.. මේ වයසට මේ තරම් අපූරුවට සිතුවම් අදින ඈ අනාගතයේ අති දක්ෂ චිතු ශිල්පිනියක් වේවි...
    සැබැවින්ම සිත ඇදී යන නිමැවුමක්...
    කෙලි පැටික්කියගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

    ReplyDelete
    Replies
    1. ඔව්.. එයා පුංචි කාලේ ඉඳලම චිත්‍ර අදින්න හරිම දක්ෂයි..

      කෙලි පැටික්කියගේ අනාගතයට සුබ පතන්න එක් වුනාට ඔයටත් බොහොම ස්තූතියි...

      Delete
  6. ඇයට සුබපැතුම්, ඉතාම් දක්ෂ දරුවෙක්

    ReplyDelete
    Replies
    1. සුබ පතන්න එක් වුනාට බොහොමත්ම ස්තූතියි...

      Delete
  7. හරිම ලස්සනයිනෙ තුශානි. ඇයනම් සැබෑම දක්ෂයෙක්. අපි හැමෝම ඇයට සුබපැතුවා කියන්න. සිතුවම් ටික හරිම ලස්සනයි. විශ්වාසයි. ඇයට ඉතාම දීප්තිමත් අනාගතයක් උරුමයි.

    ReplyDelete
    Replies
    1. බ්ලෝග් පි‍ටු අතරේ මේ සිතුවම් වල වටිනාකම දන්න අය ඉන්නව කියන විශ්වාසය නිසාමයි මේ තොරතුරු ලියන්න හිතුවේ...

      සුබ පැතුම් ඇගේ ඉදිරි ගමනට ලොකු අත්වැලක් වෙයි.. හුඟක් ස්තූතියි...

      Delete
  8. ඇත්තෙන්ම දක්ෂ දැරිවියක්. හදවතින්ම සුබ පැතුවා කියන්න ඒ දරුවගෙ අනාගතේට.

    (පුළුවන්නම් අඬගහලා ඒ දුවටයි ඇගෙ පවුලෙ අයටයි මේක පෙන්වන්න. සතුටු හිතෙයි)

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ සුබ පැතුම දැකලා පුංචි පැංචි සතු‍ටු වුන විදිහ දැකපු අපි හැමෝගේම ඇසට කඳුලක් එකතුවුනා... සිතුවම් කරන්න බැරි වුනත් ඒ දර්ශනය මගේ හිතේ හැමදාටම ඇඳිලා තියෙයි..

      බොහොමත්ම ස්තූතියි...

      Delete
  9. විශිෂ්ඨයි. අපූරු සිතුවම් පෙළක්. මගෙන් උණුසුම් සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. කැකුළු ගොමුවට සාදරයෙන් පිළිගන්නවා ..

      පුංචි පැංචිට සුබ පතන්න එක් වුනාට බොහොමත්ම ස්තූතියි...

      Delete
  10. හරිම නිර්මාණශීලීයි... ලස්සනයි
    සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ඔව්.. මේ වගේ හැකියාවක් පිහිටන්නේ හරිම කලාතුරකින් කෙනෙකුට..

      සුබ පතන්න එක් වුනාට හුඟක් ස්තූතියි...

      Delete
  11. අපුරු චිත්‍ර ටිකක්.. හොද මඟ පෙන්වීමක් ලැබුනොත් ඒ දරුවට සෑහෙන්න ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලයි මට නම් හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. පාසලේ චිත්‍ර ගුරුතුමියගෙන් ලොකු සහයෝගයක් ඇයට ලැබෙනවා

      ඔයාලා හැම කෙනෙක්ගෙම සුබ පැතුමුත් ඇගේ ඉදිරි ගමනට ලොකු අත්වැලක් වෙයි.. හුඟක් ස්තූතියි...

      Delete
  12. ඇයට මමත් සුබ පතනවා.ඇත්තටම මේ වයසට ඇගේ සිතුවම් මේ තරම් දියුණු නම් තවත් ඇගේ හැකියාව තව,තවත් ඉදිරියට දියුණු කර ගතහොත් ඇය නිසැකවම අගේ ඇති සිත්තරවියක් වනු නොඅනුමානයි තුශානි.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඇයට අවශ්‍ය හැම සහයක්ම පාසලෙන් සහ ගෙදරින් ලැබෙනවා..

      සුබ පතන්න එක් වුනාට බොහොමත්ම ස්තූතියි...

      Delete
  13. සිත්තම් ටික අපූරුයි කිව්ව කියන්න,ඒ දරුවාගේත් පිංතුරයක් දැම්ම නං නරකද.

    ReplyDelete
    Replies
    1. ඒ අදහස නම් හොඳයි හැලපතුමා... දැන් හුඟ දෙනෙක් පොස්ට් එක කියවලා ඉවර නිසා පින්තූරයක් දාන එකෙන් පලක් නැතිවෙයි. ඉදිරියෙදි ඇගේ තවත් දක්ෂතාවයන් ගැන කියද්දි අනිවාර්යයෙන්ම පින්තූරයක් දාන්නම්...

      සුබ පතන්න එක් වුනාට බොහොමත්ම ස්තූතියි...

      Delete
  14. piන්තුඋර ටික දැක්කම කියන්න පුළුවන් ඒ ළමයට හොඳ අනාගතයක් තියෙනවා අර මොකාද එකා කියන සුබ අනාගතය ඇතුලේ, අඑස් වහක් කටවහක් වදින්න එපා, ඇත්තටම ඒ චිත්‍ර බාව පුර්නකයි, ඒ වගේම යටම ආවේනික වර්ණ රටාවන්, අයව මේ විධියට අගය කිරීම නම් සෑහෙන්න වටිනවා, පුළුවන් නම් ඇයට මේක පෙන්වන්න, මොකද කුඩා කල සිටම ලැබෙන අගය කිරීම ඇයට සහ්ක්තියක් වෙනවා නිසැකයි, මොකද මට මගේ අම්ම කියන හොඳයි පුතේ කියන එක මහා මෙරටත් වඩා වැඩී. ජය වේවා, ඇයට සුබ පැතූ වග කියන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්.. වර්ණ ගලපන විදි.. රූප රටාවන් එයාගෙම අදහස්...

      මේ හැම සුබ පැතුමක්ම මම එයාට පෙන්නුවා.. ඒවා බලනකොට එයාගේ ඇස් වල තිබුන සතුට විස්තර කරන්න මට වචන නැති තරම්..

      තොරණ බලන්න ආපු අයගෙන් වගේම බ්ලොග් එක හරහා චිත්‍ර බලලා රසවින්ඳ අයගේ සුබ පැතුම් ඇගේ ඉදිරි ගමනට අනිවාර්යයෙන්ම ලොකු ශක්තියක් වෙයි.. බොහොමත්ම ස්තූතියි සුබ පතන්න එක් වුනාට...

      Delete
  15. ඇයට උපතින්ම හොද කලා හැකියාවක් පිහිටා ඇති බව මේ චිත්‍ර දැක්කම මොනවට පැහැදිලි වෙනවා. ඇය ඇමරිකාවෙ ජීවත් වුනා නම් අනිවාර්යෙන්ම චිත්‍ර ශිල්පිනියක් වෙනවා. නමුත් ලංකාවෙ චිත්‍ර ශිල්පිනියක් වෙලා මොනවා කරන්නද කියලා මේ කලා හැකියාවන් ඉංජිනේරු / දොස්තර හීන ඉදිරියේ මරලා දාන්නයි ගොඩාක් දෙමාපියො කටයුතු කරන්නෙ....ඇයට ඒ ඉරණම අත් නොවේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. වාසනාවකට පුංචි පැංචිගේ දෙමව්පියන්ගෙන් නම් මේ සඳහා හොඳ සහයක් ලැබෙනවා. ඒත් ලංකාවේ සමාජ පසුමේ හැටියට ඒ පැත්තෙන් විතරක් ඉදිරියට අමාරුයි කියන එක මමත් විශ්වාස කරනවා.

      චිත්‍ර අඳින වගේම අධ්‍යාපන කටයුතු වලටත් එයා දක්ෂ නිසා හැමදේම සමබරව කරගෙන යන්න පුළුවන් වේවා කියලා පතන එක තමයි අපිට කරන්න තියෙන්නේ..

      සුබ පතන්න එක් වුනාට සිරා අයියටත් හුඟක් ස්තූතියි..

      Delete
  16. සිතුවමි රූ ඇඳි ඒ දුවටත් තොරණේ වරුන සයිබරයට එසවූ ඔබටත් බොහෝම පිං. ඇයට මගේ සුභාශිංෂන පිරිනමන්න. කලාවෙන් හික්මෙන නැමෙන හිත් සුලිසුලං වලටවත් උදුරා දමන්නට බැරි බව ඇයට පසක් කරදෙන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සුබ පැතුම් එක් කලාට.

      ඔව්.. කලාව කියනදේ හැම කෙනෙක්ටම පිහිටන්නේ නෑ. කලාව රසවිඳීමේ හැකියාවත් හැම කෙනෙක්ටම නෑ. බ්ලොග් පි‍ටු අතරේ ඉන්නේ කලාවත්, රසවිඳීමේ හැකියාවත් යන දෙකම පිහිටි අය නිසාවෙන්මයි මේ තොරණේ වරුන සයිබරයට ගෙන එන්න ඕනේ කියලා හිතුවේ...

      Delete
  17. ඉමාශාට අපි සුබ පැතුවා කියන්න. දක්ෂ දරුවෙක්!!!!!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් දැකලා ඉමාෂා හුඟක් සන්තෝස වුනා... ඇගේ මහන්සිය වෙනුවෙන් ඒක ඇයට ලොකු ශක්තියක්...

      ඔබටත් බොහොම ස්තූතියි සුබ පතන්න මේ පැත්තට ගොඩ වුනාට ...

      Delete
  18. තුෂානි,

    මේ නිකන්ම නිකන් තොරණක් නෙමෙයි. මේක පොඩි දරුවෙකුගේ උත්සාහයක් මල්පල ගැන්වීමකුත් නෙමෙයි. මේක ඊට එහා ගිය මහා ගමනක එක අවස්ථාවක් විතරයි. මෙවැනි වයසක දී ඇය කළ දේ ඉතා විශිෂ්ටයි. ඒ ගමනට ඔබ මේ දැක්වූ සහයෝගය ඉතා වැදගත්. මෙය ඇයට පෙන්නන්න. ඇයට මේක ලොකු සතුටක් වේවි. ඒ සතුට ම ඇයව අනාගතයේ මහා තැනකට ගෙනයාවි. ඔබට ඒ දැක සතුටු වෙන්න පුළුවන්...

    ඉමාෂා නිමේන්දි දුවට අපිත් සුභ පැතුවාය කියන්න. ඇයගේ දක්ෂතාවයන් ඉදිරියටත් බලන්න අපි බලන් ඉන්නවා කියන්න...

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔයාව සාදරයෙන් පිළිගන්නවා තුශානිගේ කැකුළු ගොමුවට...

      සුබ පැතුම් වලටත් බොහෝමත්ම ස්තූතියි... මේ හැම සුබ පැතුමක්ම මම ඉමාෂාට පෙන්නුවා.. එයාට ඒක ලොකු සතුටක් වගේම ලොකු ශක්තියක්.. ඉදිරියෙදිත් ඇගේ දක්ෂතා සයිබර් අවකාශයට ගේන්න තුශානි බොහොම අසාවෙන් ඉන්නවා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...