Monday, May 11, 2015

77. කොළොම්පුර වෙසක් සිරි ...

බුදු පියාණන් වහන්සේගේ උතුම් වු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පොහෝ දියන උදා වෙලා දින කිහිපයක් ඒ වෙනකොට ගෙවී ගිහින් තිබුනත්, වෙසක් සඳේ නම් පුංචි වෙනසක්වත් දකින්න තිබුනේ නෑ. ඈත අහසේ කළු වලාකුළු අයින් කරලා ශ්වේත වර්ණ සඳ කිරණින් මුළු කොළොම්තොටම නැහැවෙමිනුයි තිබුනේ. 

කුණු දූවිලි වලින් පිරුණු ඝෝෂාකාරි කොළොම් පුරවරය හරියට සිල් අරගෙන වගේ සුදු පිරුවට ඇඳගෙන නිසොල්මනේ වෙසක් සිරිය විඳ ගනිමින් හිටියා. 

තැන තැන ඉදිවුනු වර්ණවත් පහන් කූඩු අතරේ ඉදිවුනු මහා තොරණ, බොහොම තේජස් බවකින් ෂඩ් වර්ණ රශ්මි ධාරා විහිදුවමින් හරි අපූරුවට ආලෝකමත් වෙලා තිබුනා. 

මුහුද පහුකරගෙන ගොඩ බිමට ඇදුනු සීතල සුලඟ ඇඟේ දැවටෙනකොට හිරිගඩු පිපෙන තරමට සීතල දැනුනත්, ඒ ගැන හිතන්නවත් නිනව්වක් ඒ වෙලාවේ කාටවත් තිබුනේ නෑ. 

ඕනේ වුනේ මනමාලියක් වගේ ලස්සනට සැරසිලා ඉන්න මේ කොළොම්පුරවටයම එක දසුනක් විදියට පියවි ඇහින්ම දකින්න තියෙන ආසාව සපුර ගන්න.

ඒ නිසාවෙන්මයි, කොළොම්තොටේ අඩි 250 ක් ඉහලින් කිරි පාටට බැබලෙන වරාය බුද්ධ ජයන්ති චෛත්‍ය පිහිටි උඩු මහලට ගිහින් මේ වෙසක් සිරිය නරඹන්න ඕනේ කියලා කල්පනා කලේ.




පඩිපෙල් ගොඩක් නැගලා උඩට යන එක ඒ තරම් ලේසි පහසු දෙයක් නොවුනත්, අන්තිම පඩියට අඩිය තියනවත් එක්කම ඒ තිබුනු මහන්සිය, මුහුදු හුලඟට එකපාරටම ගහගෙන ගියා වගේ අතුරුදහන් වුනා.

ඒත් එක්කම හුලං පාරට මූණට වැටුනු කෙහෙ රැලි එකින් එක අතින් අයින් කරන්න වත් මතකයක් නැති වෙන තරමටම, දැකපු මනස්කාන්ත දර්ශනය හිත වශී කරගත්තේ, ඇහිපිය ගහන්නත් පුංචි වෙලාවක් වත් ගන්නේ නැතුවයි. 

පාට පාට විදුලු බුබුළු වලින් අලංකාර වුනු ගොඩනැගිලි , මං මාවත් හරියට පාට පාට බ්ල්ඩින් බ්ලොක්ස් ටිකක් තැනින් තැන තියලා වගේ එක එක පාටින් බොහොම පුංචියට හරිම ලස්සනට පෙනුනා. 

හඳ එලිය එක්ක හිනාවෙන මුහුදු රළ පේලි, එකින් එක උඩට මතුවලා හඳට ස්තූති කරමිනුයි හිටියේ. ඒත් එක්කම ඈත දියඹට යන මහ විසාල නෞකා හරියට පාවෙන තොරණ වගේ ක්ෂිතිජ රේඛාවේ තැනින් තැන පාට පාටින් හැඩ කරලා තිබුනා හරිම අපූරුවට.

අහසත්, මුහූදත්, ගොඩබිමත් එක පාර, එක අහිපිල්ලමක් යටට ගන්න පුළුවන් වෙන්නේ බොහොම කලාතුරකින්. මධ්‍යම රාත්‍රිය එළඹෙන්න හෝරා කිහිපයකට මත්තෙන්, සීතල රෑක, මුහුදු හුලඟට මුළු ගතම දැවටුනු වෙලාවක ඇස් අදහන්න බැරි මේ වගේ දර්ශනයකින් හිතට ඇතිවෙන්නේ මොනවගේ හැඟීමක්ද කියන එක වචන වලින් විස්තර කරන්න බැරි සුන්දර අත්දැකීමක්. 

ඒ දර්ශනයම ඡායාරුපයකට ගන්න අවස්ථාවක් ඒ වෙලාවේ නොතිබිච්ච එක ගැන නම් හිතේ තියෙන්නේ ලොකු කනගාටුවක්.  පහල තියෙන්නේ ඊට ටිකක සමාන අන්තර් ජාලයෙන් හොයා ගත්ත ඡායා රූපයක්.


මේ තියෙන්නේ තුශානි ගත්ත කොළොම්තොට වෙසක් කලාපයේ පහන් කූඩු වල ඡායාරූප ටිකක්.













මහා තොරණ රාජයා තමයි මේ.


කොළොම්තොට වෙසක් අසිරිය සියසින් නොවිඳි අයට ඒ අසිරිය මේ විදිහට හරි අරගෙන එන්නයි මේ පින්තූර ටික එකතු කලේ.

28 comments:

  1. මාත් බැලුව කොටුවේ තිබුණ තොරන් දෙකම දවල් වැඩකට කොලබ ආපු ගමන් .හික්ස්.. තැන්කියු අපිටත් කොලබ වෙසක් පෙන්නුවට..ගම්පහ , කඩවත වෙසක් කලාප නම් බැලුවතව ටික කාලෙකින් නෙලුම් කුලුනේ ඉදන්ම වෙසක් බලන්න පුළුවන් වෙයි. ආයි මොකටද කොහෙවත් යන්නෙ. තෝරන් එහෙම නෙලුම් කුලුනට ඈන්ගල් කරලා හෙදුවම වැඩේ ලේසියි.

    ReplyDelete
    Replies
    1. ගම්පහයි, කඩවතයිත් වෙසක් බොහොම හොඳින් සැමරුවා කියලා ආරංචියි...

      හි..හි... බලමුකෝ බලමුකෝ...

      Delete
  2. කොළඹ වෙසක් අගෙයි වගේ.....

    ReplyDelete
    Replies
    1. :-) මේ පාර කැලණිපුර වෙසක් ගේන්න බැරි වුන නිසා කොළොම්පුර වෙසක් අරගෙන ආවා...

      Delete
  3. අප්පට සිලි, නැවකුත් ඇවිත්!

    ReplyDelete
    Replies
    1. ඔව්... ලාංකිකයන් අතින් නිර්මාණය වුනු මගී ප්‍රවාහන නෞකාවක ආකෘතියක්...

      Delete
  4. වෙසක් නැති අපට මෙහෙමවත් වෙසක් සිරිය පෙන්නන එකට තුශානිට පිං.

    ReplyDelete
    Replies
    1. ටිකක් ප්‍රමාද වුන නිසා මේ පොස්ට් එක නොලියා ඉන්න හැදුවේ.

      ඒත් පිටරටවල් වල සහ කොළඹින් බැහැරව ඉන්න අය ගැන හිතලමයි අපහු මේ පින්තූර ටික දැම්මේ.

      Delete
  5. ලස්සන පින්තුර කිහිපයක්ම තිබුනා.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. පින්තූර රස වින්දා නම් සතුටක්. ස්තූතියි..

      Delete
  6. වෙසක් අසිරිය නැවත ඇවිස්සුවාට ස්තුතියි තුෂානි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාටත් වෙසක් සිරි බලන්න මේ පැත්තට ගොඩ වුනාට...

      Delete
  7. තුෂානියා පෙන්වපු වෙසක් අපිත් දැහින්ම බලා ගත්තා ගිය පස්වෙනිදා.
    අර චෛත්‍ය උඩටත් නැග්ගා.අපි නැග්ගේ රෑ 9.30 ට 10 ට වගේ.බොරු කියන්නේ මොකටද එක උඩට නගින කොට මගේ යටිපතුල් සිතල වෙලා කිචි කැවෙන්න ගත්තා.අර පාලමේ එහෙම ගියෙත් වටපිට නොබලා කෙලින් බලාගෙන.රෑ නැග්ගත් දවාලක නම් මම ඔය උඩ නගින්නෙත් නැති වේවි.

    ඔතන තියෙන තොරණට මාත් එක්ක ගිය මගේ යාළුවෝ දෙන්නෙක් ආධාරයක් දීලා මගේ නමත් එක්ක.තොරණේ කවි කියන මනුස්සයා කිව්වා "ගල්කිස්සේ සිට පැමිණි ඇඩම් විසින් මනෝජ් චතුරංගට පින් පිණිස රුපියල් 100 ආධාර කරනු ලැබුවා "ඒ විතරක් නම් මදැයි පස්සේ කවියකුත් කිව්වානේ මගේ නමට පින් දීලා.

    මම ඇහුවා උන් දෙන්නාගෙන් මට රුපියල් 100 පින් මක් කරන්නද කියලා හිටං.

    ReplyDelete
    Replies
    1. අපරාදේ දවසක් පහු වෙලා ගියා නම් හරිනේ. අපි ගියේ 6 වෙනිදා. අපි නැගෙත් 10.00 ට විතර. යටි පතුල් දෙක නම් රතුම රතු වෙලා තිබුනා අපහු බහිනකොට ඒත් උඩට නැග්ගහම මට නම් චුට්ටක් වත් බය හිතුනේ නෑ. හරිම ලස්සනයි නේද...

      අපිත් බලාගෙන හිටියා කට්ටිය කවි කියව ගන්න හැටි. ඒකනේ රුපියල් 100 ක පින් මොනාකරන්නද ... හි..හි...

      Delete
  8. තුශානි පොසොන් වලට වෙසක් පෙන්නනවා...හැක්...
    කොහොමකලත් වෙසක් තියා ඒ කාල සීමවේදී රූපවාහිණියවත් බලන්න බැරිවුන මටනම් මේක ගොඩක් වටිනවා.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. අයියෝ තාම මේ වෙසක් මාසේනේ. පොසොන් වලට තව කල් තියෙනවෝ.... හි..හි...

      ස්තූතියි... වෙසක් බලන්න බැරිවෙච්ච අය වෙනුවෙන්මයි මේ පින්තූර ටික දැම්මේ.

      Delete
  9. යුද්ධෙට පස්සෙ ඉස්සරෝම ඔය චෛත්‍ය විවෘත කරද්දි අපි යස්ස කට්ටක් කෑවෙ තින්ත එහෙම ගාන්න ඒ පාර වෙසක් එකක් මට මතක විදියට වෙසක් කූඩු හදන්ටත් වුණා ඒ මදිවට ඒකත් හොදම ඒව වෙන්නත් ඕන...
    එහෙං තින්ත මෙහෙං කූඩු...
    පස්ස නැතිව හිටියෙ....
    උඩට නැග්ගම මාර ලස්සනයි නේහ්

    ReplyDelete
    Replies
    1. කූඩු කොහොමහරි හැදුවත් තීන්ත ගාන්න නම් ලේසි වෙන්න නැතුව ඇති නේ...

      ඔව් හරිම ලස්සනයි. පලවෙනි වතාවටයි මම චෛත්‍ය උඩට ගියේ. වෙසක් එකට හැමතැනම සරසලා තිබුන නිසා හැම පැත්තම හරිම ලස්සනට පෙනුනා.

      Delete
  10. හයියූ තව සුට්ටක් පහලට ආවනම් මුළු කොළඹම වෙසක් වන් ශොට් පෙන්නනවා අඩි හය හත්සීයක් උඩට එක්ක ගිහින්.. හැක්. :) තුශානී අර ආමි එකේ කඩල දන්සලෙන් කඩල කෑවේ නැද්ද? සෑහෙන කාලෙකින් දැක්ක හොඳට ඕගනයිස් කරලා දුන්න හොඳ දන්සලක් ඒක.. මමනම් කෑවා කඩල කෝප්ප දෙකක්ම..
    ඔය ගංගාරාම වෙසක් කලාපේ කූඩු වැඩියි කියල තුශානීට හිතුනේ නැද්ද? හොඳ කූඩු දහයක් දොලහක් විතරක් තිබ්බනම් නිදහසේ බලන්න තිබ්බා.. මේකෙ යකෝ බලන බලන තැන කූඩු. මටනම් අන්තිමට කූඩු බලලම එපා උනා.. මොනව උනත් මහජන සේවය පිණිස මේ වගේ පෝස්ට් එකක් දාපු එක පින් අතේ වැඩක්. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. :O කලින් කියන්න එපැයි. අනේ නෑ.. කිරි කෝපි දන්සලක් නම් වැන්දා.

      ඔව් ඔව්.. ගංගාරාමේත් සෑහෙන කූඩු තිබුනා නේ..

      මටනම් ඉතින් කොච්චර බැලුවත් එපා වුනේ නෑ. :-)

      Delete
  11. කොළඹ වෙසක් පෙන්නුවට තුශානිට පිං :).
    ජය වේවා!!!

    ReplyDelete
  12. මේ මොනා පෙන්නුවත් මට මතක්වෙන්නෙම ජරා කොළඹ කුණු ගඳයි, පිළීගඳයි.

    ReplyDelete
    Replies
    1. මනෝශ්ට විතරක් නෙවෙයි ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ එහෙම තමයි. ඒත් අද වෙනකොට තත්වය ටිකන් වෙනස්. :-)

      Delete
  13. තුශානි ජයටම වෙසක් බලල වගේ, දන්සැල් කීයක් හම්බුනාද?

    ReplyDelete
    Replies
    1. ම්... ගොඩාක් හම්බුනා. ඒත් දන්සල් වඳින්න ගියේ නෑ. :(

      Delete
  14. පරක්කු වෙලා හරි නගාගෙන් තමයි කොළඹ වෙසක් දැක්කෙ...මෙදා පාර වෙසක් කූඩුවක තොරණක පින්තූරයක් ෆේස් බුක් එකේවත් දැම්මෙ නෑ අප්පා කවුරුවත්...

    ReplyDelete
    Replies
    1. :-) කිව්වත් වගේ මේ සැරේ වෙසක් කූඩුවක, තොරණක පින්තූර වැඩිය දකින්න ලැබුනේ නෑ තමයි.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...