Monday, November 11, 2013

" කොන්දොස්තර මිසිං.. "


ගම්පහ නගරය කියන්නේ උපකාරක පන්ති කලාවටම වෙන්වුනු තවත් එක නගරයක්. උසස් පෙළ කරන කාලේ මමත් ඔය ගම්පහ නගරේ බොහොම ප්‍රසිද්ධ පන්තියකට සහභාගීවුනා. මම වගේම අපේ පන්තියේ ළමයි වැඩි දෙනෙක් පන්තියට ආවේ ගියේ බස් එකේ. බස් එක පොදු ප්‍රවාහන සේවයක් වුනත් බස් එක පිරෙන්නම වැඩි හරිය හිටියේ අපේ පන්තියෙම ළමයි. ඉතින් මේකත් එහෙම බස් එකේ පන්ති යද්දි සිද්ධවෙච්ච හරි රසවත් සිද්ධියක්.

වෙනදා වගේම එදත් ළමයි පන්තිය ඉවර වෙලා ගම්පහ හොස්පිට්ල් එක ගාව බස් එකක් එනකන් බලන් හිටියා. යන්නෙ එන්නේ එකම වෙලාවක නිසා ඒ වෙලාවට යන බස් ගැනත්, ඩ්‍රයිවර් මහත්තුරු, කොන්දොස්තර මහත්තුරු ගැනත් ටික දවසක් යනකොට ළමයින්ට හොඳ අවබෝධයක් තිබුනා. කොහොමහරි එදා බස් හෝල්ට් එකට ආපු බස් එකේ අපේ සුපුරුදු කොන්දොස්තර අන්කල් කෙනෙක් හිටියේ නෑ. ඒ වෙනුවට හිටියේ ටිකක හැඩකාර පෙනුමට ඇඳගත්ත, අපිට වඩා ඔනෙනම් ටිකක විතර වයස, හරිම කඩිසර කොන්දොස්තර අයිය කෙනෙක්. ගෑණු ළමයි එයා දිහා ටිකක් උනනදුවෙන් බැලුවත් පිරිමි ළමයින්ගෙ නම් වැඩි කැමැත්තක් එයාට තිබුනෙ නෑ.

කොහොමින් කොහොමහරි ගෑණු ළමයින්ට මුල් තැන දීලා පිරිමි ළමයි ටික ෆුට් බෝඩ් එකේ එල්ලුනා. පාන් පෙට්ටියක පාන් ඇහිරුව වගේ බස් එක පිරෙන්නම සෙනඟ. 

" එන්න එන්න නගින්න නගින්න කොළඹ කොළඹ... ඔතනින් ඉස්සරහට යන්න.ෆුට් බෝඩ් යන්න ඔනේ නම් බැහැල පයින් එන්න .." 


හරිම ගාල ගෝට්ටියක්. කොන්දොස්තර අයියා මුළු ගම්පහටම ඇහෙන්න කෑ ගහනවා.

" එක්කෙනෙකුටවත් තව බස් එකට නගින්න ඉඩ නෑ. මේ මනුස්සය තව මිනිස්සු නග්ගගන්න හදනවා" 

ගෑණු ළමයි රවලා කොන්දොස්තර අයියා දිහා බැලුවා. 

පාපුවරුවේ යන්න සහජ දක්ෂතාවයක් තිබ්බ අපේ පිරිමි ළමයි කට්ටියට කොන්දස්තර කොලුවගේ මේ කීම ගැන තිබුනෙ හරි තරහක්. ඊටත් ගෑණු ළමයි ඉස්සරහ බැනුම් අහන්න කොල්ලෝ කොහොමත් කැමති නෑනේ.

ඔක්කොමලම පෙරලගෙන ඉස්සරහටයි පිටිපස්සටයි යන එකටයි, බස් හෝල්ට් වල බැහැලම ගිහින් සෙනග තව එකතු කරන එකටයි, සර්ල වත් බනිනේ නැති විදියට බනින බැනුම් වලටයි අපේ කට්ටිය පන්තියේදි ඉගෙන ගත්ත විද්යාත්මක නම් වලින්ම කොන්දොස්තර අයියට දෙහි කප කප හිටියේ. 

හදිස්සියෙම බස් එක නතර කරපු ඩ්‍රයිවර මහත්තයා බස් එක ඇතුල ටිකක් ඕනෑ කමින් විපරම් කලා. එතකොට තමයි අපිටත් මතක් උනේ මෙච්චර වෙලා කෑ ගහ ගහ හිටිය අපේ කොන්දොස්තර අයියා නෑ කියලා. හැමෝටම ඉක්මනටම එයාව එපා වුන නිසා ටිකවෙලාවක් ගියාට පස්සේ එයාගි වැඩ ගැන අවදනයක් කාටවත් තිබුනේ නෑ.

" කොන්දොස්තර මිසිං.. " ළමයි අතරේ කසු කුසුව ටිකටික වැඩි වෙනවත් එක්කම වේගයෙන් අවිත් බස් එක ඉස්සරහ නවත්තපු බයිසිකලයකින් බැහැගත්ත කොන්දොස්තර අයිය හතිදාගෙන බස් එකට ගොඩවුනා. 

" මුන්ගේ කීමට අයිය බස් එක ඇද්දුවා නේද ?  තරහ දෙගුන තෙගුන කරගෙන කොන්දොස්තර අයිය කෑ ගැහුවා "

එතකොට තමයි වෙච්ච සිද්දිය කට්ටියට තේරුනේ.

කොන්දොස්තර අයියා සෙනඟ එකතු කරන්න බස් එකෙන් බැහැපු වෙලාවක අපේ එක්කෙනේ කොන්දොස්තර වැඩේ කරලා..  අලුත් කොන්දොස්තරගේ කටහඬ එච්චර පුරුදු නැති නිසා ඩ්‍රයිවර් මහත්තයත් බස් එක ඇදලා.

අඬනවද හිනාවෙනවද කියලා හොයාගන්න බැරි තරමටම ළමයි හැමෝම ඇස්වල කඳුලු පුරෝගෙන හිනාවුනා.

ලැජ්ජාවෙන් මූණ රතුකරගත්ත කොන්දොස්තර අයියාගෙන් ඊට පස්සෙනම් වැඩි සද්දයක් තිබුනෙ නෑ.

තැනින් තැනින් බැහැගත්ත අපේ කට්ටිය ගෙවල් වලට ගියේ බස් එක් දිහා තව දෙතුන් වතාවක් බල බල හිනා වෙවී. 

කොහොමවුනත් එදයින් පස්සේ උසස් පෙළ පන්ති ගියපු අවුරුදු 2 පුරාවටම අපිට ආපහු අපේ කොන්දොස්තර අයියව නම් හම්බ වුනේ නෑ. හැබැයි බස් වල යන එන වෙලාවටත්, කට්ටිය එකට එකතු වෙච්ච වෙලාවටත් කොන්දොස්තර අයියව අමතක නොකර ඉන්න අපේ කට්ටිය වගබලා ගත්තා. 

29 comments:

  1. හැක් හැක්.. කොන්දයියා හති දාගෙන දුවන හැටි මතක් වෙනවා සල්ලි ටික ඇගිලි වල ඔතාගෙන...

    ReplyDelete
    Replies
    1. ඔව්.. එක ඇස්දෙකෙන් දැක්කහම කොච්චර හිනා යනවද කියලා හිතා ගන්න පුලුවන් නේද?

      ඇවිත් ගියාට ගොඩක් ස්තූතියි....

      Delete
  2. ඉතින් තුෂානිත් අර අහින්සක කොන්දොස්තර කොල්ලට රැව්වද?

    ReplyDelete
    Replies
    1. බස් එකේ හිටිය ගෑණු ළමයි විතරක් නෙවෙයි.. පිරිමි ළමයිනුත් හුඟදෙනෙක් කලේ ඒක තමයි..

      ම්... ඔයත් එතන හිටිය නම් සමහරවිට ඔයත් එහෙම රවයි.

      Delete
  3. //කොහොමවුනත් එදයින් පස්සේ උසස් පෙළ පන්ති ගියපු අවුරුදු 2 පුරාවටම අපිට ආපහු අපේ කොන්දොස්තර අයියව නම් හම්බ වුනේ නෑ.// හම්බ වෙයියෑ ඔයාල කරල තියන වැඩේ හැටියට :D

    ReplyDelete
    Replies
    1. ඔව්නේ.. ඒකත් ඇත්ත තමයි.. කොහොම වුනත් රස්සාව නම් එදයින් පස්සේ එපාම වෙන්න ඇති...

      මේ පැත්තට ආවට ස්තූතියි... දිගටම එන්න හොඳේ..

      Delete
  4. එක පාරක් මම ට්‍රේනින් කාලේ ඔහොම සීන් එකක් උනා. මොරටු බස් එකේ.. බස් එක කොල්ලොපිටිය හන්දියේ නැවැත්තුවා.. කොන්දා සුපුරුදු විදිහට කෑගගහා ඉදලා එකපාර නිස්සද්ද උනා. ඩ්‍රැයිවර් හිතුවේ කොන්දා නැග්ගාය කියලා.

    ඉතිං බස්සෙක ඇද්දා. කොන්දා හති දම දමා දුවගෙන ඇවිදිනුයි බස්සෙකේ එල්ලුනේ :)

    ReplyDelete
    Replies
    1. බස් කතා හරි රසවත් නේද ?

      කොන්දොස්තරත් පව් තමයි.. මොකද හුඟක් සෙනග එකතු කරගන්න එක එයගේ ජොබ් එකනේ..

      Delete
    2. රසවත්ද කියලත් අහනවා... නියමයි නියමයි !

      Delete
    3. හ්ම්...... පොතෙන් මැද පිටුවක් හොයාගෙන අපි මේ රුවල් බෝට්ටු හදන්න බලන් ඉන්නවා.. අමතක වුනාද ?

      Delete
    4. ඕ..හෝ... ඒකත් අමතක උනා.. හිටිං හිටිං මං කියා දෙන්නම්..

      Delete
  5. අපිත් ඔයවගේ කොන්දොස්තර වැඩ කරලා තියෙනව කොන්දොස්තර ඉද්දිත්,ඒ වෙලාවට නං කොන්දගෙන් බලු බැණුම්.

    ReplyDelete
    Replies
    1. අපේ පන්ති වල කට්ටියත් එහෙම තමයි..

      එක දවසක් ඇත්ත කොන්දොස්තර හොයාගන්න බැරුව බස් එකට නැගපු සීයා කෙනෙක් සල්ලිත් දුන්නා.

      අපේ පන්තියේ ළමයි එදා ඉදන් බස් එකෙ සල්ලි දෙන වලාවට එයාව මතක් කරනවා..

      Delete
  6. පවු වැඩේ. මට අර 138 සිංදුව මතක් උනා සෙන්ටිග්‍රේට්ස්ලගෙ. පවු අහිංසකයා. ;-)

    ReplyDelete
    Replies
    1. එතකොට බස් එකේ ගියපු අපි පවු නෑ එහෙනම්...

      Delete
  7. කොන්දයියට රස්සාව එපා වෙන්නැති

    ReplyDelete
    Replies
    1. ඔව්.. ආපහු අපි එයාව දැක්කෙ නෑ..

      තුශානිගේ බ්ලොග් එකට ඔන්න ඔයාවත් සාදරයෙන් පිළිගත්තා ... දිගටම එන්න කියලත් ආරාධනා කරනවා...

      Delete
  8. නියම සීන් එක......ඔය වගේ වැඩක් උනා බොහෝම ඉස්සර සිටිබී බස් එකක. කොන්දා බිම.. බස් එක ගියා. ඊලඟ හෝල්ට් එකත් පහුවුනාම තමයි වැඩේ පත්තු උනේ. ඩ්‍රයිවර් බස් එක නවත්වලා බලන් හිටියා හිටියා මෑන් නැහැ. ආපහු හරෝගන පාර බල බල යනකොට මෑන් ඉන්නවා දාලා ගිය තැනම පෙට්ටියක් උඩ වාඩිවෙලා බුලත් විටක් කකා. ඒ දවස්වල සිටිබි අය හරි රැස්පොට්...කොල්ලනට අම්බානක බැනුම් වැඩිහිටි මගීන්ගෙන්.....කොන්දා එක වචණයක් කිව්වේ නැහැ. සුපුරුදු ලෙස වැඩ.

    ReplyDelete
    Replies
    1. හොඳවෙලාවට මෙයා නම් පාරේ ගියපු බයිසිකල් එකක නැගලා ආවා... නැත්තම් අපිටත් ගෙදර යන්න වෙන්නේ තරු ගැන ගැන මහ රෑ තමයි...

      බස් කතාවකුත් අරන් මේ පැත්තට ආවට ස්තූතියි හොදේ..

      Delete
  9. මරු වැඩේ.. කොණ්දට වෙන බස් එකක එන්න වෙන වැඩක් මේක..

    ReplyDelete
    Replies
    1. ඩ්‍රයිවර් මහත්තයාට මතක් නොවුනම් කොන්දයියට එන්න වෙන්නේ ඊලඟ බස් එකේ තමයි..

      දිගටම එමු හොඳේ...

      Delete
  10. ඔන්න ඉතිං හාපුරා කියලා මමත් මෙහෙට්ට ගෑටුවා...හප්පේ හරිම සන්තෝෂයි තවත් ගම්පහ කෙනෙකු දැන හදුනාගන්නට ලැබීම ගැන...නගා පන්ති ගිහිල්ලා තියෙන්නෙ සමාධියට වගෙයි...ආයෙත් එන්නම්....ඔහොම ලියාගෙන යමු එහෙනං...ජය !

    ReplyDelete
    Replies
    1. සිරා අයියව සාදරයෙන් පිළිගන්නවා.... සිරා අයියගේ පැමිණීම ගැනත්, සිරා අයියව හඳුනගන්න ලැබීම ගැනත් තුශානිට හුඟක් සතුටුයි...

      සිරා අයියගෙ බස් කතා කියවලා තමයි තුශානිටත් බස් කතාවක් ලියන්න ඕනේ කියලා හිතුනේ. මතකයි නේද මටත් බස් කතාවක් ලියන්න කියලා කිව්වා ?

      ගත්තේ පුංචි උත්සාහයක්.. අගය කිරීමට බොහොමත්ම ස්තූතියි.. දිගටම එන්න....

      Delete
    2. අනිවාර්යෙන්ම එමි. නගා රතු ටයි පටියක්ද ? කොළ ටයි පටියක්ද ?

      Delete
    3. අනේ නෑ. ගම්පහ පන්ති ගියාට ඉස්කෝලේ ගියේ කොළඹ..

      Delete
  11. බුහා.... සිද්ධිදාමය ලක්ෂණට ලියල.

    නියමයි...

    ReplyDelete
  12. වෙච්ච දේවල් වල තියෙන රස අඩුවක් නොකරම් අකුරු කරල...

    නියමයි...

    ජය...!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි... දිගටම එන්න...

      Delete
  13. මිනිස්සුන්ට කොන්දොස්තරලව එපා කරපු ජාතියක් වෙලා තියෙන්නෙ කොන්දොස්තරල නිසාමයි. හැබැයි ඔය අතරෙ ඉතාම අල්පයක් ඉන්නවා හොඳ කොන්දොස්තරලත්... මං දැකලා තියෙනව එහෙම අයත් කොල්ලන්ගෙං බයිට් වෙනවා... එයාලට නං පව් ගෙවන්න වෙලා තියෙන්නෙ අනිත් උංගෙ වැරදි වලට..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...