Sunday, November 17, 2013

සිපිරි ගෙවල්...

හුඟක් කාලෙකට පස්සේ නිවාඩු දවසක, දවස පුරාම ගෙදර හිටියා. ඔන්න දවස පුරාම ගෙදර හිටිය නිසා සිපිරි ගෙවල් මතක් වුනා කියල හිතන්න නම් ඔට්‍ටු නෑ හරිද ...

සිපිරි ගෙවල් කිව්වට සිපිරි ගෙයක් කියන්නේ මොකකටද කියලා අපේ සමහර යාළුවො නම් දන්නේ නැතුව ඇති. මොකද මේ වචනේ මීට කලින් මමත් දැනගෙන හිටියේ නෑ.




සිපිරි ගෙවල් කියලා කියන්නේ හිර ගෙවල් කියන එක.  ම්.... ගෙදරක් කිව්වට ගෙදරකින් අපි බලාපොරොත්තුවෙන සතුට, සැනසුම, නිදහස මෙහේ නෑ. ජීවිතයේ එක් මොහොතකදි සිදුවෙච්චි යම් සිදුවීමක් නිසා ඒකට වැරදිකාරයෙක් විදිහට නියමවීමෙන් දඬුවමක් විදිහට තමයි මිනිස්සු සිපිරි ගෙවල් වලට එන්නේ.

ඉතින් හදිස්සියෙම සිපිරි ගෙවල් මතක් වුනේ පහුගිය දවසක මගේ මිතුරෙකුගෙන්, චාල්ස් දයානන්ද මහත්තයගේ " සිපිරි ගෙයක වසර හයක් " කියන පොත මට ලැබුනා. පොත ලැබිලා දින කීපයක් වුනත් රාජකාරි කටයුතු නිසාත් , අධ්‍යාපන කටයුතු නිසාත් පොත කියවන්න වෙලාවක් වෙන් කරගන්න පුලුවන් වුනේ අද දවසේ.  

සිපිරි ගෙයක සත්‍ය ජීවන අද්දැකීම් ලබමින් දයානන්ද මහත්තය ලියපු මේ පොජීවිතය ගැන අපි නොදන්න, නොහිතන ගැඹුරු පැත්තක් ගැන කියලා දෙනව කියලා පොත ටිකක් කියවගෙන යනකොට මට හිතුනා.

පුංචි කාලේදි දවසක් අපි බහිරව කන්දට ගියවෙලාවක, බහිරව කන්දෙ ඉදන් මහනුවර නගරය දිහා බලනකොට දැක්ක ටිකක අමුතු ගොඩනැගිල්ලක් ගැන මම තාත්තගෙන් අහුව මට මතකයි. එදා තාත්තා ඒ ගොඩනැගිල්ල පෙන්නලා මට කිව්වේ. " ඒ තමයි පුතේ බෝගම්බර බන්ධනාගාරය " කියලා. ඒ ප්‍රශ්නෙ මම විතරක් නෙවේ, බහිරව කන්දට යන ඕනම කෙනෙකුට අහන්න හිතෙන ප්‍රශ්න කියලයි මට හිතෙන්නේ. ඒ තරමට බෝගම්බර බන්ධනාගාරය කැපී පේනවා

පාසල් යන කාලේ උදේ හවස වැලිකඩ බන්ධනාගාරය පහුකරගෙන යද්දිත් බන්ධනාගාර ජීවිත මොන වගේද කියලා ටිකක් හොයලා බලන්න හිතුනත් ඒකට අවස්ථාවක් ලැබුනේ නෑ. බන්ධනාගාර භූමියට යම් වෙනසක් දෙන්න එහි බිත්තිවල චිත්‍ර අඳිමින්, මල් පැල හිටවමින් ‍රැඳවියන් වැඩකරන ආකාරය සමහරක් දවස් වලට මම ටිකක් ඕනෑ කමින් බැලුවා. පිටත ඔවුන් මවන චමත්කාරය ඇතුලතත්, ඔවුන්ගේ ජීවිත වලත් නැතිබව ඔවුන්ගේ මුහුණු සාක්කි දරන බව නම් බැලු බැල්මටම පෙනුනා.

ඒ නිසාම මම හුඟක් ආසාවෙන් තමයි මේ පොත කියවන්න පටන් ගත්තේ. සිපිරි ගෙවල් වල ජීවිත ගැන පොතේ තියන දේවල් හරිම පුදුම සහගතයි.ඒ නිසා පොත ගැන පුංචි හෝඩුවාවක් මගේ බ්ලොග් යාළුවන්ටත් දෙන්න ඕනේ කියලා හිතලා තමයි මේ සටහන බ්ලොග් පි‍ටු අතරට එක්කලේ.

හැකියාවක් තියනව නම්
පොත හොයාගෙන කියවන්න.

ම්... පි‍ටු තියෙන්නේ 154 යි.

" හාපෝ....  ලොකු පොත් කියවන්න බෑ කියලා වැඩේ අතහැරලා දාන්න නම් බෑ හරිද ... එච්චරම ලොකු පි‍ටු ගානකුත් නෙවේයිනේ.  

ලස්සන චිත්‍ර ටිකකුත් තියනව අන්තිමට. ඒ නිසා කියවන්න උත්සාහයක් ගන්න.

26 comments:

  1. ඒක ලොකු පොතක් නෙවෙයි තුශානි පැයකින් කියවන්න පුළුවනි,හිරගෙයක් ගැන නොදන්න කෙනෙකුට යථාර්ථය දැනගන්නට හොඳයි,ඔහුම ඇඳපු පින්තූරත් තියෙනව

    ReplyDelete
    Replies
    1. හැලපතුමත් මේ පොත කියවලා තියෙනවා කියලා අහන්න ලැබීමත් සතුටුයි.. හැබැයි හැලපතුමා තරම් ඉක්මනින් නම් පොත කියවන්න තුශානිට බැරි වුනා...

      දැනගෙන නොහිටිය හුඟක් දේවල් දැනගත්තා..

      Delete
  2. පොත කියවලා අපිටත් දැන ගන්න විස්තරයක් දාමු එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ම්.. පොත ගැන පුංචි විස්තරයක් නම් දාන්න පුළුවන් .. ඒත් පොත කියවන්න අවස්ථාවක් හොයා ගන්න පුළුවන්නම් තමයි හොඳ..

      මොකද, පොතේ තියෙන ඔක්කොම විස්තර ලිව්වොත් කතෘතුමා මාවත් සිපිරි ගෙදර යවයිද දන්නේ නෑනේ...

      Delete
  3. අර කිව්වත් වගේ පොත කියෝලා විස්තරේකුයි පිට කවරේ පින්තූරු කෑල්ලකුයි දාමු ද ?
    අර ෆොටෝ එක දැක්කහම කවුද බෝයි එකේ ජුන්ඩයියයි සිමයියයි මොටයියයි බණ්ඩයියයි මතක් උනා :)

    ReplyDelete
    Replies
    1. ඉඩක් ලැබුනු ගමන්ම තව විස්තර ටිකකුයි, පිට කවරේ පින්තූරෙකුයි දාන්නම්කෝ....

      මං වගේම ඔයත් හොඳ " කවුද බෝයි " රසිකයෙක් එහෙනම්..

      Delete
    2. කවුද බෝයි විතරක් නෙමේ.. සූර පප්පා, ගලිවර්ගේ සුවිසැරිය, දොස්තර හොඳ හිත, කූඹිච්චි වගේ ඒවත් බලලා තියෙනවා. මතක් කරන්න ආස නැද්ද ඒ අතීතය ??

      Delete
    3. ඔව්.. ඒ අතීතය හරිම රසවත්..

      Delete
  4. කවදාවත් යන්න හිතන්නවත් හොද නැති තැනක්..මමත් මේ බයෙන් ඉන්නෙ..මොකද පොඩි කේස් එකකට මටත් උසාවි යන්න වෙලා..පොස්ට් එකක් දාන්න හිතාගෙන ඉන්නෙ ඒ ගැනම..

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔව්.. කවදාවත් යන්න හිතන්නවත් හොද නැති තැනක්... ඉක්මනටම ඒ ගැන පෝස්ට් එකක් දාමු හොඳේ..

      Delete
    2. දවසක් දෙකක් හිටිය කියන්නෙ බ්ලොග් පෝස්ටුවක් දෙකක් ගොඩදාගත්ත හැකි. :-)

      Delete
  5. කියවන්න බලන්නම් කෝ. ස්තුති යි මග පෙන්නුවට.

    ReplyDelete
    Replies
    1. කියවන්නම ඕනේ පොතක් දිලිනි.. පොත හොයාගන්න පුංචි උත්සාහයක් ගන්නකො..

      Delete
  6. දරුවා පොතක්ගැන කියනකොට පොතේ නම කතුවරයා සහ ප්‍රකාශකයා දක්වන්න පොඩි සයිස් සමරියක් එක්කම දානවනම් හොදයි.. ඒ වගේම පොඩි පහේ පිංතූරයකුත් එකතු වුනානම් පංකාදු පහයි..

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න.. ඒ ගැන එච්චර මම හිතුවෙ නෑ.. ඉක්මනටම වැඩේ සම්පූර්ණ කරනවා ..

      මග පෙන්නුවට ගොඩක් ස්තූතියි..

      Delete
  7. හොයා ගන්න උත්සහ කරන්නම්. ඒත් හැමෝටම හොයා ගන්න බැරි වෙයිනෙ. ඒ නිසා ඔයා කියවලා වැදගත් තැන් ටිකක් දාන්න පුලුවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඉක්මනින්ම ඒ වැඩේ කන්න බලාපොරොත්තු වෙනවා. චුට්ටක් කල් ඕනේ හොඳේ..

      Delete
  8. මිනීමැරුම් නඩුවක සැකකාරයෙකු වෙච්ච මගේ මිත්තරයෙක් බලන්න මම දවස් කීපයක් ගල් පල්ලි බඩ ගෑවා...ඒ ජීවිත ගැන නම් කියලා වැඩක් නෑ...ජරාව කන නිලධාරීන් ඔක්කොටම වඩා හපන්...

    ReplyDelete
    Replies
    1. හිර ගෙදර ජීවිත ගැන බොහොම අපූරුවට පොතේ විස්තර වෙනවා ...

      අමනාප වෙන්න එපා මෙහෙම කියනවට , මරු සිරා ගැන කියවද්දි නම් සිරා අයියවත් මතක් වුනා.

      කොහොමහරි පොත හොයාගෙන කියවන්න උත්සාහයක් ගන්න ...

      Delete
    2. මගේ යාලුවො කවුරුවත් ඔය නමෙන් මාව අමතන්නෙ නැ...ඔය මම බ්ලොග් ලියන්න අටවගත්ත නමක්..මගේ වාසගම ඊට සම්බන්ධයි..

      Delete
  9. තුශානි.....චාල්ස් දයානන්ද නම්වූ ඒ චරිතය ගැන මට ඇත්තේ නිර්ව්‍යාජ මිනිසෙකු පිළිබඳ යම්කිසි මතක සටහන්ය. චාල්ස් දයානන්ද චරිතය මෙසේ හෝ ඉස්මතු කිරීම ගැන මම ඔබට කෘතඥ වෙමි. චිත්‍ර ශිල්පියෙක්, අධ්‍යාපනඥයෙකුට වඩා මම ඔහුව දකින්නේ ඉතාමත් සුන්දර මනුස්සයෙක් ලෙසය. එවන් මිනිසුන් දුලභ ලෝකයට , ඔබ ඔහු මතක් කරදීම පමනක්ම එවැන්නවුන්ට කරන ගෞරවයකි. දුක දන්නේ දුක වලඳපු එකා විතරය. තුශානි....ලිවීම තුලින් විවෘත වෙන්න. ඔබට අනාගතයක් ඇත.

    ReplyDelete
    Replies
    1. චාල්ස් දයානන්ද නම් වූ අපූරු මිනිසා මාත් ඒ පොතෙන් හඳුනගත්තා..

      හුඟක් හිතට දැනුන පොතක් නිසාවෙන්මයි ඒ ගැන අනිත් අයටත් කියන්න ඕනේ කියලා හිතුවේ.

      දිරි ගැන්වුවට බොහොමත්ම ස්තූතියි....

      Delete
  10. මාත් මේ පැත්තට ගෑටුවා හා හා පුරා කියලා.....අනේ පොත කියවන්න නම් ආසයි ඒත් ඉතින් කොමැයි හොයා ගන්නේ මෙහේ ලංකාවේ පුස්තකාලය මට ඇලජික් නොවැ...කමක් නෑ ලංකාවෙන් ගෙන්න ගන්න උත්සහයක් කරන්නම්.....ස්තූති හොඩුවාවට

    ReplyDelete
    Replies
    1. ශානුව හඳුනගන්න ලැබීම ගැන හරි සතුටුයි... ඉතින් තුශානිගේ බ්ලොග් එකට ශානුව බොහොම ආදරයෙන් පිලිගන්නවා...

      පොත ගෙන්නගන්න පුංචි උත්සාහයක් ගන්න පුලුවන් නම් හොඳයි.. මම කියවපු පොත් අතරින් හුඟක් හිත ගිය පොතක් හින්දයි තොරතුරු ලිව්වේ..

      Delete
  11. සිපිරි ගෙවල්..................ඔය ගැන වැඩසටහනක් බැලුවා ඊයේ පෙරේදා ටී වී එකේ ..

    පොත නම් කියවලා නෑ...

    ReplyDelete
    Replies
    1. පොත හොයා ගන්නත් උත්සාහයක් ගන්න. පුංචි විස්තරේකුත් ඊලඟ පෝස්ට් එකේ තියෙනාවා. ගිහින් බලන්නකෝ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...