Sunday, November 24, 2013

හෙට මම නැතිවෙයි. කට්ටියට කියන්න...


"බලන්නකො අනේ .. හෙට මම නැතිවෙයි. කට්ටියට කියන්න කියලා කවුද මැසේජ් එකක් එවලා"

නදීගෙ මිතුරියක් එයාගේ දුරකථනයට ආපු කෙටි පණිවිඩයක් නදීට පෙන්නන ගමන් කිව්වා.

" දන්නේ නැති නබ්බර් එකක්ද ? " දුරකථනය අතට ගන්න ගමන් නදී අහුවා.

"ඔව්.. මම සේව් කරගෙන තියෙන නම්බර් එකක් නම් නෙවෙයි"

හදිස්සියෙම ලැබුනු නාදුනන කෙටි පණිවිඩය ගැන කලබල වෙච්ච නදීගේ යාළුවා, ඔ‍ෆිස් එකේ දහසකුත් වැඩ අස්සේ නදීව හොයාගෙන ආවා.

" ගනන් ගන්න එපා වෙන කෙනෙක්ට යවපු එකක් වැරදිලා ඇවිත් වෙන්න ඇති. " යාළුවව අස්වසමින් නදී කිව්වත් යාළුවනම් ඒ වෙනකොටත් කෙටි පණිවිඩය ගැන බර කල්පනාවක හිටියේ.

කොහොමින් කොහොමහරි රාජකාරි ගොඩකට යටවෙලා හිටිය මේ දෙන්නට ටික වෙලාවකින් කෙටි පණිවිඩය ගැන හොය හොය ඉන්න එක අමතක වෙලා ගියා.

එදා දවසත් සුපුරුදු විදියටම ගෙවිලා ගිහින් ඊලග දවස උදා වුනා.

" අද නිපුණි ශෝට් ලීව්ද ?මීටින් එකකුත් ශෙඩුල් කරලා තියෙනවා 9.00 ට.  "

නදීගේ තවත් යාළුවෙක් නිපුණි ගැන නදීගෙන් අහද්දි  තමයි නදීට නිපුණි තාමත් ඔ‍ෆිස් ඇවිත් නෑ කියලා දැන ගන්න ලැබුනේ.

හවසට ඔ‍ෆිස් ඉවරවෙලා නදීයි නිපුණියි බස් එකේ ගියත්, නිපුණි උදේ ආවේ නදී එක්ක බස් එකේ නෙවෙයි. ඒ නිසා දවල් කෑම වෙලාවෙයි, හවස බස් එකේදියි හැර නදීට නිපුණිව හම්බවුනේ, නදීගේ සීට් එක ගාවට නිපුණි අවොත් හරි, නදී නිපුණිගේ  සීට් එක ගාවට ගියොත් හරි විතරයි. 

නදී ඉක්මනින්ම නිපුණිට දුරකතන ඇමතුමක් ගත්තත් නිපුණිගේ ෆෝන් එක වැඩ කලේ නෑ.

" කරදරයක් වත්ද දන්නේ නෑ. " නදීට එකපාරටම ඊයේ ආපු කෙටි පණිවිඩයත් මතක් වුනා.

ලොකු දෙයක් නෙවෙයි නම් කවදාවත් මීටින් එකක තියෙන දවසක නෑවිත් ඉන්නේ නෑ. හිතට එන එක එක දේවල ගැන හිත හිත නදී කොරිඩෝව දිගේ පිලිගැනීමේ නිළධාරී කවුන්ටය අසලට එනකොට හතිදාගෙන කලබලෙන ඔ‍ෆිස් එකේ ගේට්‍ටුවෙන් ඇතුළු වෙන නිපුණිව දැක්කා.

" බලන්නකෝ අනේ අද අපේ ඔ‍ෆිස් ස්ටාෆ් වෑන් එක නෑනේ. ඒ මනුස්සයා ගමේ ගිහින් , හෙට මම නෑ කට්ටියට කියන්න කියලා වෑන් එකේ යන හැමෝටම මැසේජ් දාලා තියෙන්නේ එයා..

උදේ වෑන් එක පරක්කු නිසා මම බස් එකේ එනකොට අපේ වෑන් එකේ එන තව එක්කෙනෙක් හම්බවෙලා කිව්වේ..  ගමේ ගියහම සිග්නල් නැතිවෙන නිසා ඊයේ යන්න කලින් තමයි කට්ටියට මැසේජ් කරලා තියෙන්නේ.අනිත් හේතුව, කෝල් කරල කිව්වොත් වෑන් එක නැති එකට කට්ටියගෙන එක එක දෝෂාරෝපන නේ. ඒ නිසා ෂේප් එකේ මැසේජ් එකක එවලලු.

 වෑන් එක පාරක්කු නිසා එහෙට මෙහෙට කෝල් අරගෙන මගේ ෆෝන් එකෙත් බැටරි ලෝ වෙලා. මටමයි අනේ ඔක්කොම වෙන්නේ, කිය කිය වෑන් කාරයට හොඳටෝම දෙහි කප .. අයියෝ අද 9.00 ට මීටිනුත් එක්ක  කියලා ආපු වේගෙට වඩා වැවැඩි වේගෙකින් නිපුණි ඔ‍ෆිස් එකට ඇතුළුවුනා.

හොඳ වෙලාවට නිපුණිට 9.00 ට කලින් එන්න පුලුවන් වුනා. එහෙම නැතුව මීටිමට එන්න බැරුව නිපුණිට පරක්කු වුනා නම්. " හෙට හවසට මම නැතිවෙයි එකට රිප්ලයි එකක් විදිහට , මෙහෙම ගියොත් මාසේ අන්තිමට වෑන් එකට සල්ලි හම්බෙන්නෙත් නැතිවෙයි කියලා අනිවාර්යයෙන්ම නිපුණි රිප්ලයි කරයි කියලා හිත හිත හිනා වෙලා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන හිටිය නදීත් ආපහු සීට් එකට ගියා.

22 comments:

  1. බැනුම් අහන්න සිද්ධ වෙනවා නම් මැසේජ් එකකින් දන්වලා ඉන්න එක තමා ඇගට ගුණ එත් ඉතින් ඩ්‍රයිවර්ට තිබුනා නම දාලා මැසේජ් කරන්න ,,, ඔහොම නමක් නැති පණිවිඩ ලැබුනම කලබල වෙලා වෙන ලෙඩ වැටෙන්නත් තියෙන ඉඩ කඩ වැඩි නොවෑ

    ReplyDelete
    Replies
    1. ඔව්.. බනියි වගේ නම් මැසේජ් එකක් දාන එක හොඳයි .. එතකොට බනින එක ඇහෙන්නේ නෑ නේ.. හැබැයි මැසේජ් එක හරියට දාන්න ඕනේ..

      Delete
  2. හෙහ්, ඔහොම මැසේජ් එවුවම ඉතින් කවුද දන්නේ කාරනාව ගැන..

    ReplyDelete
  3. මැසේජ් එකත් ටයිප් කරනකොට නමත් ටයිප් කරලා එව්වා නං ඉවර යි :D

    ReplyDelete
    Replies
    1. නම්බර් එක සේව් කරගෙන ඇති කියලා හිතාගෙනනේ ඔය එහෙම එවන්නේ.

      Delete
  4. ඇයි අපේ සමහරු මැසේජ් එවන්නේ
    "මේ මගේ අළුත් නම්බර් එක. සේව් කරගන්න." කියලා. මැසේජ් එකට යටින් නමක්වත් නෑ.. කවුරු කියලා සේව් කරගන්නද ඉතින්... :O

    ReplyDelete
    Replies
    1. මේ වැඩේ මටත් වෙලා තියනවා.

      Delete
  5. මමත් කෝල් කරනවට වඩා කැමති මැසේජ් යවන්න. කෝල් කලාම කරදර වැඩී.
    ඒත් ඉතිං විස්තර හරියට දාලා එපෑ මැසේජ් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ... මැසේජ් කරනව නම් විස්තර ඇතුව මැසේජ් එක යවන්න ඕනේ...

      Delete
  6. මචං මේ මගේ අලුත් නම්බර් එක සේව් කරගනිං,අප්පොච්චියේ ඔහොම මැසේජ් මටත් එනව නමක් නැතුව,
    මේ කතාවෙ නිපුණි කියල කිව්වේ තුශානිටද

    ReplyDelete
    Replies
    1. අනේ නෑ. හැලපතුමා... කතාව කියෙව්වේ නිපුණි තුශානි කියලා හිතාගෙනද ?

      Delete
  7. ඔය වෑන් එකේ ගියේ ඔක්කොම කෙල්ලෝ වෙන්නැති..

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම හිතුවේ ? ගෑණු ළමයින්ට කෝල් කරන්න කට්ටිය බය නිසාද ?

      Delete
  8. මේ නගාලගෙ ඔපීසියෙ සිදුවීමක්ද...දිගටම ඒ ගැන ලියන්නකො ඔය ඔපීසියෙ සැට් එක අපිට අදුන්වාදෙන ගමන්....

    ReplyDelete
    Replies
    1. ම්... ඔපීසියේ කතා නම් ගොඩයි... පුළුවන් විදිහට ඉස්සරහදි ලියන්නම්කෝ....

      Delete
  9. මේක සිරාම සීන් එකක්ද තුශානි..නිපුණි පව් අෆ්ෆා.අපි හිටියනම් ඔහොම වෙන්නෙ නැහැ..හිකිස්

    ReplyDelete
    Replies
    1. සිද්ධිය නම් ඇත්තම සිද්ධියක් ....
      හැබැයි නිපුණි, තුශානි කියලා හිතන්න ඔට්ටුනෑ හරිද....

      Delete
  10. බාගෙට නෙව මැසේජ් එක එවලා තීන්නේ...හපුයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ..හරිම ඇබැද්දියක් වුනේ..

      Delete
  11. මම මේ බ්ලොග් එකට ආවා.. මාව පිලිගන්න..(හික්ස්)
    Message send !

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාවත් තුශානි සාදරෙන් පිලිගත්තා ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...